Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
What are the different types of IP addresses?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

What is an IP address?

මේක තේරුම් ගන්න හරිම ලේසියි. හිතන්න ඔයාට යාළුවෙක්ට ලියුමක් යවන්න ඕන කියලා. ඔයා ලියුම ලිව්වා, කවරේ දැම්මා. හැබැයි ඒ කවරේ යාළුවාගේ නමයි, එයා ඉන්න ගෙදර ලිපිනයයි (Address) හරියට ලිව්වේ නැත්නම්, ඒ ලියුම කවදාවත් එයාට හම්බවෙන්නේ නෑ. තැපැල් සේවයට ඒක බෙදන්න විදියක් නෑ.

Networking වලදිත් වෙන්නේ ඒකමයි. Network එකකට සම්බන්ධ වෙන හැම computer එකකටම, හැම phone එකකටම, හැම device එකකටම අනන්‍ය වූ (Unique) අංකයක් තියෙන්න ඕන. අන්න ඒ අංකයට තමයි IP Address එකක් කියන්නේ. IP කියන්නේ Internet Protocol.

මේ IP Address එක හරියට ඔයාගේ phone number එක වගේ. කෙනෙක්ට ඔයාට කතා කරන්න නම්, එයා ඔයාගේ phone number එක දැනගෙන ඉන්න ඕන වගේම, Internet එකේ තියෙන server එකකට ඔයාගේ phone එකට website එකක් එවන්න නම්, ඒ server එක ඔයාගේ phone එකේ IP Address එක දැනගෙන ඉන්න ඕන.

සාමාන්‍යයෙන් අපි දකින IP Address එකක් ඉලක්කම් හතරේ කෑලි වලින් තමයි හැදිලා තියෙන්නේ. උදාහරණයක් විදියට 192.168.1.1 වගේ. මේ ඉලක්කම් වලින් network එකට කියනවා මේ device එක කවුද, සහ ඒක පිහිටලා තියෙන්නේ network එකේ කොතනද කියලා.

සරලවම කිව්වොත්, IP Address එකක් නැතුව කිසිම device එකකට network එකක් ඇතුළේ වැඩ කරන්න බෑ. මොකද IP Address එක නැතුව Data වලට යන්න එන්න පාරක් නෑ. ඔයා අන්තර්ජාලයට සම්බන්ධ වෙන හැම වෙලාවකම, ඔයාගේ service provider (Dialog/SLT) ඔයාට තාවකාලික IP Address එකක් ලබා දෙනවා.

හරි, අද අපි IP Address කියන්නේ මොකක්ද කියන මූලික දේ කතා කලා. හැබැයි මේ IP Address වල ප්‍රධාන වර්ග දෙකක් තියෙනවා. Private IP සහ Public IP කියලා. ගොඩක් අය මේ දෙක පටලවා ගන්නවා.

What is a Private IP Address?

කලින් අපි IP Address කියන්නේ මොකක්ද කියලා කතා කලානේ. අද අපි ඒකේ ඇතුළට බැහැලා, අපි ගෙදරදි හරි ඔෆිස් එකේදි හරි හැම වෙලේම පාවිච්චි වෙන Private IP Address ගැන කතා කරමු.

සරලවම කිව්වොත්, Private IP එකක් කියන්නේ ඔයාගේ ගෙදර හරි, ඔෆිස් එකේ හරි තියෙන Network එක (LAN) ඇතුළේ විතරක් වලංගු වෙන, ඒ ඇතුළේ තියෙන ඩිවයිස් අඳුරගන්න පාවිච්චි කරන අංකයක්.

මේක තේරුම් ගන්න ලේසිම විදිය තමයි ලොකු ඔෆිස් එකක තියෙන ටෙලිෆෝන් සිස්ටම් එක ගැන හිතන එක.

ලොකු ආයතනයක මේසයක් ගානේ ටෙලිෆෝන් තිබුණට, ඒ හැමෝටම වෙන වෙනම පිටරටින් කෝල් ගන්න පුළුවන් නම්බර්ස් නෑ. ඒ වෙනුවට එයාලට තියෙන්නේ Extension Number එකක්. උදාහරණයකට 101, 102 වගේ. ඔෆිස් එක ඇතුළේ ඉන්න මැනේජර්ට, එකවුන්ට්ස් එකේ ඉන්න කෙනාට කතා කරන්න ඕන නම්, එයා ගහන්නේ අර 102 කියන පොඩි නම්බර් එක විතරයි. අන්න ඒ Extension Number එක තමයි Network එකකදී නම් Private IP එක කියන්නේ.

මේ Private IP එකේ තියෙන විශේෂම දේ තමයි, මේක අන්තර්ජාලය (Internet) ඇතුළේ වැඩ කරන්නේ නෑ. ඔයාගේ යාළුවෙක්ට පිටරට ඉඳන් ඔයාගේ Private IP එකට (උදා: 192.168.1.5) කතා කරන්න හරි data එවන්න හරි බෑ. මොකද ඒ අංකය වලංගු ඔයාගේ ගෙදර තාප්ප වලින් ඇතුළේ විතරයි.

මේකේ තියෙන ලොකුම වාසිය තමයි, මේ අංක නැවත නැවත පාවිච්චි කරන්න පුළුවන් වීම. දැන් හිතන්න, ඔයාගේ ගෙදර Network එකේ ඔයාගේ Phone එකට තියෙන්නේ 192.168.1.5 කියන IP එක. මගේ ගෙදර Network එකේ මගේ Phone එකට තියෙන්නෙත් 192.168.1.5 වෙන්න පුළුවන්. ඒකෙන් කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නෑ. මොකද අපි ඉන්නේ වෙන වෙන Network දෙකක. හරියට වෙන වෙන ඔෆිස් දෙකක එකම 101 Extension එක තියෙනවා වගේ වැඩක්.

ඔයා කවදාහරි ඔයාගේ Phone එකේ හරි Laptop එකේ හරි settings වලට ගිහින් බැලුවොත්, ගොඩක් වෙලාවට ඔයාට දකින්න ලැබෙන්නේ 192.168... න් පටන් ගන්න, එහෙමත් නැත්නම් 10.0... න් පටන් ගන්න අංකයක්. අන්න ඒක තමයි ඔයාගේ Private IP එක.

ඊළඟට අපි බලමු, අපිව ලෝකෙට අඳුන්වලා දෙන, අන්තර්ජාලයේ පාවිච්චි කරන Public IP එක ගැන

What is a Public IP Address?

අපි සරල උදාහරණයකින් පටන් ගමු. ඔයාට කාටහරි ලියුමක් යවන්න ඕන නම්, එයාගේ නම විතරක් ලියුම් කවරේ ලිව්වට මදි. තැපැල් සේවයට ඒ ලියුම ගෙනියන්න නම්, අනිවාර්යයෙන්ම එයාගේ ගෙදර ලිපිනය (Address) ඕන වෙනවා. අන්න ඒ ලිපිනය මුළු රටේම කාටවත් නැති, එයාටම වෙන් වුණු එකක් වෙන්නත් ඕන.

අන්න ඒ වගේ දෙයක් තමයි Public IP Address එක කියන්නේ.

සරලවම කිව්වොත්, Public IP Address කියන්නේ අන්තර්ජාලය (Internet) ඇතුළේ ඔයාව හඳුනාගන්න තියෙන, මුළු ලෝකෙටම Unique වෙච්ච ලිපිනය.

කලින් අපි කතා කරපු Private IP එක (උදා: 192.168.1.1) අපිට ඕන විදියට හදාගන්න පුළුවන් වුණාට, මේ Public IP එක එහෙම හිතෙන හිතෙන විදියට දාගන්න බෑ. මේ ලිපිනය අපිට ලබා දෙන්නේ අපේ Internet Service Provider (ISP). ඒ කියන්නේ Dialog, SLT, Mobitel වගේ අය. අපි ඉන්ටර්නෙට් ගන්න සල්ලි ගෙවන්නේ මෙන්න මේ Public IP එකට කිව්වොත් හරි.

දැන් ඔයාට ප්‍රශ්නයක් එන්න පුළුවන්, "මගේ ගෙදර ෆෝන්, ලැප්ටොප් පහක් හයක් තිබ්බට, අපිට ISP එකෙන් දෙන්නේ එක Public IP එකයිනේ. එතකොට කොහොමද මේ ඔක්කොම ඒකෙන් ඉන්ටර්නෙට් යන්නේ?" කියලා.

එතනදි තමයි ඔයාගේ ගෙදර තියෙන Router එකේ එක වැඩ කරන්නේ.

ඒ කියන්නේ, ඔයාගේ phone එකෙන් www•google•com කියලා ගැහුවම, ඒ පණිවිඩේ ඔයාගේ Private IP එකෙන් Router එකට යනවා. Router එක ඒක අරගෙන, එයාගේ Public IP එක ඒකට ගහලා අන්තර්ජාලයට යවනවා. Google එකෙන් උත්තරේ එන්නේ Router එකේ Public IP එකට. ඊට පස්සේ Router එක ඒක ආයෙත් ඔයාගේ Phone එකට දෙනවා. ඒ නිසා අන්තර්ජාලයේ ඉන්න අයට කවදාවත් ඔයාගේ Phone එකේ තියෙන Private IP එක පේන්නේ නෑ. එයාලට පේන්නේ Router එකේ Public IP එක විතරයි.

මේ Public IP එකේ තියෙන වැදගත්ම දේ වගේම භයානකම දේ තමයි, මේකෙන් ඔයා ඉන්න තැන හොයාගන්න පුළුවන් වීම. හැම Public IP එකක්ම අයිති රටකට සහ ප්‍රදේශයකට. ඔයා මොකක්හරි වැරැද්දක් කළොත් පොලීසියට පුළුවන් ඒ Public IP එක කාටද අයිති කියලා ISP ගෙන් අහලා, හරියටම ඔයා ඉන්න ගෙදර හොයාගන්න. ඒ වගේම ඔයා වෙබ්සයිට් එකකට ගියාම, "ඔයා ඉන්නේ ශ්‍රී ලංකාවේ නේද?" කියලා පෙන්නන්නෙත් මේ Public IP එක නිසා.

ඉතින් සරලවම කිව්වොත්, Private IP එක ගෙදර කාමරේ නම්බර් එක නම්, Public IP එක කියන්නේ ගෙදර ලිපිනය. ඒක මුළු ලෝකෙටම පේනවා, ඒ වගේම ඒක ලෝකෙටම එකයි.

හරි, දැන් අපි IP Address වල වර්ග දෙක ගැනම දන්නවා. ඊළඟට අපි බලමු මේ IP Address හැදෙන විදි දෙක ගැන. ඒ කියන්නේ IPv4 සහ IPv6 කියන්නේ මොකක්ද කියලා.

What is a IPV4 Address?

IPv4 කියන්නේ Internet Protocol version 4. මේක තමයි දැනට ලෝකේ බහුලවම පාවිච්චි වෙන IP address වර්ගය.

ඔයා ඔයාගේ phone එකේ හරි laptop එකේ හරි IP address එක බැලුවොත්, 99%ක්ම දකින්නේ මේ IPv4 එකක්. මේක අඳුරගන්න හරිම ලේසියි. මේක හැදිලා තියෙන්නේ තිත් (dots) වලින් වෙන් කරපු ඉලක්කම් කොටස් හතරකින්.

උදාහරණයක් විදියට: 172.16.254.1

මේ හැම කොටසකම තියෙන්න පුළුවන් ඉලක්කම්, 0 ඉඳන් 255 වෙනකල් විතරයි. ඒ කියන්නේ ඔයාට කවදාවත් 192.168.1.300 වගේ IP එකක් දකින්න ලැබෙන්නේ නෑ. 255 ට වඩා වැඩි වෙන්න බෑ.

මේ IPv4 සිස්ටම් එක හැදුවේ 1980 ගණන් වල. ඒ කාලේ අන්තර්ජාලය කියන්නේ හරිම පොඩි දෙයක්. ඒක හැදුව අය හිතුවේ නෑ කවදාහරි හැම මනුස්සයෙක් අතේම computer එකක් ,smart phone එකක් තියෙයි කියලා.

IPv4 වල තියෙන ලොකුම අවුල තමයි, මේ ක්‍රමයෙන් හදන්න පුළුවන් උපරිම IP addresses ගාණ සීමා සහිත වීම. ගණන් හදලා බැලුවොත්, මේ ක්‍රමයෙන් හදන්න පුළුවන් මුළු IP addresses ගාණ බිලියන 4.3ක් (කෝටි 430ක්) විතරයි.

1980 දී කෝටි 430ක් කියන්නේ හිතාගන්නවත් බැරි ලොකු ගාණක්. ඒත් අද ලෝකේ ජනගහනය කෝටි 800ක් විතර ඉන්නවා. ඒ මදිවට එක මනුස්සයෙක් ළඟ phone එකයි, laptop එකයි, smart watch එකයි වගේ devices තුන හතරක් තියෙනවා. දැන් ගෙදර තියෙන TV එක, Fridge එක, CCTV කැමරා පවා අන්තර්ජාලයට සම්බන්ධ වෙනවා. මේ හැම එකකටම IP Address එකක් ඕන

ඉතින් ප්‍රශ්නේ තේරෙනවා නේද? බිලියන 4.3ක් IP addresses වලින් කොහොමද බිලියන ගාණක් devices වලට ලිපින දෙන්නේ?

ඇත්තම කතාව තමයි, IPv4 Addresses දැන් ඉවරයි.

ලෝකේ තියෙන අලුත් devices වලට දෙන්න අලුත් IPv4 addresses නෑ. ඒ නිසා තමයි ඉංජිනේරුවෝ එක එක ට්‍රික්ස් පාවිච්චි කරන්නේ, තියෙන ලිපින ටිකම නැවත නැවත පාවිච්චි කරන්න. අපි කලින් කතා කරපු Private IP කියන සංකල්පය ආවෙත් මේ ප්‍රශ්නේ විසඳගන්න තමයි.

හැබැයි ඒ ට්‍රික්ස් දැම්මත්, මේක දිගටම කරගෙන යන්න බෑ. අපිට අලුත් system එකක් ඕන වුණා. බිලියන 4ක් නෙවෙයි, ඉලක්කම් වලින් ලියන්නවත් බැරි තරම් ලිපින හදන්න පුළුවන් අලුත් ක්‍රමයක්.

අන්න ඒ විසඳුම තමයි IPv6.

ඉතින් සරලවම කිව්වොත්, IPv4 කියන්නේ 1980 දී හදපු, දැන් stock ඉවර වේගෙන යන පරණ system එකක්. අපි ඊළඟට බලමු මේ ප්‍රශ්නෙට විසඳුම විදියට ආපු, අනාගතයේ IP address එක වෙන IPv6 ගැන.

What is a IPV6 Address?

IPv6 කියන්නේ Internet Protocol version 6. මේක හදලම තියෙන්නේ අර IPv4 වල තිබ්බ ප්‍රශ්නේ ආයේ කවදාවත් එන්නේ නැති වෙන්න, සදාකාලික විසඳුමක් විදියට.

IPv4 වල බිලියන 4.3 යි නේ තිබුණේ. IPv6 වල ලිපින කීයක් තියෙනවද දන්නවද? ඒක ඉලක්කම් වලින් ලියන්නවත් අමාරුයි. ඒ ගාණට කියන්නේ Undecillion 340 ක් කියලා (340 න් පස්සේ බින්දු 36ක් තියෙන ගාණක්).

මේකේ තියෙන විශාලත්වය තේරුම් ගන්න පොඩි උදාහරණයක් ගමු. අපි හිතමු මේ මුළු ලෝකෙම තියෙන හැම වැලි කැටයකටම අපි IPv6 ලිපිනයක් දීගෙන දීගෙන යනවා කියලා. එහෙම මුළු ලෝකෙම වැලි කැට වලට දුන්නත්, මේ ලිපින තොගය ඉවර වෙන්නේ නෑ. අන්න ඒ තරම් විශාල ප්‍රමාණයක් මේ අලුත් සිස්ටම් එකෙන් හදන්න පුළුවන්. ඒ කියන්නේ ආයේ කවදාවත් අපිට IP Address ඉවරයි කියන ප්‍රශ්නේ එන්නේ නෑ.

මේක අඳුරගන්නත් හරිම ලේසියි. IPv4 හැදිලා තිබුණේ ඉලක්කම් වලින් විතරනේ (192.168.1.1 වගේ). ඒත් IPv6 ලිපිනයක් දැක්කම බය හිතෙනවා. ඒක ගොඩක් දිගයි. ඒ වගේම ඒකේ ඉලක්කම් විතරක් නෙවෙයි, ඉංග්‍රීසි අකුරුත් (a ඉඳන් f වෙනකල්) තියෙනවා.

උදාහරණයක් විදියට: 2001:0db8:85a3:0000:0000:8a2e:0370:7334

ඔයාට පේනවා ඇති මේකේ තිත් (.) වෙනුවට තියෙන්නේ කෝලන් ) ලකුණ. මේක සංකීර්ණ වගේ පෙනුනට, මැෂින් වලට මේක කියවන්න හරිම ලේසියි.

IPv6 වල තවත් වාසියක් තමයි ආරක්ෂාව (Security). IPv4 හදන කාලේ security ගැන ලොකුවට හිතුවේ නැති වුණාට, IPv6 හැදුවේ අන්තර්ජාල ආරක්ෂාව ගැන මුල ඉඳන්ම හිතලා. ඒ නිසා මේකේ data යනකොට IPv4 වලට වඩා ආරක්ෂිතයි.

දැන් ඔයාට ප්‍රශ්නයක් එන්න පුළුවන්, එහෙනම් ඇයි අපි තාම පරණ IPv4 පාවිච්චි කරන්නේ? කියලා.

ඒකට හේතුව තමයි, මුළු ලෝකෙම අන්තර්ජාලය අලුත් සිස්ටම් එකට මාරු කරන එක දවසින් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක හරියට ධාවනය වෙන කෝච්චියක රෝද මාරු කරනවා වගේ වැඩක්. ඒ නිසා දැනට ලෝකේ මේ සිස්ටම් දෙකම එක පාර දුවනවා (Dual Stack). ඔයාගේ phone එකේ සමහර විට IPv4 සහ IPv6 කියන ලිපින දෙකම දැනටමත් ඇති.

හරි, දැන් අපි IP Address ගැන සම්පූර්ණයෙන්ම කතා කරලා ඉවරයි.

[QUOTE="losh_92, post: 31082693, member: 572184"] [CENTER][U][SIZE=6][B]What is an IP address? [IMG]https://i.ibb.co/ycFvMZ76/584610911-122145674270722978-7815602834986851464-n.jpg[/IMG][/B][/SIZE][/U] [/CENTER] මේක තේරුම් ගන්න හරිම ලේසියි. හිතන්න ඔයාට යාළුවෙක්ට ලියුමක් යවන්න ඕන කියලා. ඔයා ලියුම ලිව්වා, කවරේ දැම්මා. හැබැයි ඒ කවරේ යාළුවාගේ නමයි, එයා ඉන්න ගෙදර ලිපිනයයි (Address) හරියට ලිව්වේ නැත්නම්, ඒ ලියුම කවදාවත් එයාට හම්බවෙන්නේ නෑ. තැපැල් සේවයට ඒක බෙදන්න විදියක් නෑ. Networking වලදිත් වෙන්නේ ඒකමයි. Network එකකට සම්බන්ධ වෙන හැම computer එකකටම, හැම phone එකකටම, හැම device එකකටම අනන්‍ය වූ (Unique) අංකයක් තියෙන්න ඕන. අන්න ඒ අංකයට තමයි IP Address එකක් කියන්නේ. IP කියන්නේ Internet Protocol. මේ IP Address එක හරියට ඔයාගේ phone number එක වගේ. කෙනෙක්ට ඔයාට කතා කරන්න නම්, එයා ඔයාගේ phone number එක දැනගෙන ඉන්න ඕන වගේම, Internet එකේ තියෙන server එකකට ඔයාගේ phone එකට website එකක් එවන්න නම්, ඒ server එක ඔයාගේ phone එකේ IP Address එක දැනගෙන ඉන්න ඕන. සාමාන්‍යයෙන් අපි දකින IP Address එකක් ඉලක්කම් හතරේ කෑලි වලින් තමයි හැදිලා තියෙන්නේ. උදාහරණයක් විදියට 192.168.1.1 වගේ. මේ ඉලක්කම් වලින් network එකට කියනවා මේ device එක කවුද, සහ ඒක පිහිටලා තියෙන්නේ network එකේ කොතනද කියලා. සරලවම කිව්වොත්, IP Address එකක් නැතුව කිසිම device එකකට network එකක් ඇතුළේ වැඩ කරන්න බෑ. මොකද IP Address එක නැතුව Data වලට යන්න එන්න පාරක් නෑ. ඔයා අන්තර්ජාලයට සම්බන්ධ වෙන හැම වෙලාවකම, ඔයාගේ service provider (Dialog/SLT) ඔයාට තාවකාලික IP Address එකක් ලබා දෙනවා. හරි, අද අපි IP Address කියන්නේ මොකක්ද කියන මූලික දේ කතා කලා. හැබැයි මේ IP Address වල ප්‍රධාන වර්ග දෙකක් තියෙනවා. Private IP සහ Public IP කියලා. ගොඩක් අය මේ දෙක පටලවා ගන්නවා. [CENTER][U][SIZE=5][B]What is a Private IP Address?[/B][/SIZE] [IMG]https://i.ibb.co/zVJ9pGk4/584776884-122145801236722978-647919303537083261-n.jpg[/IMG][/U][/CENTER] කලින් අපි IP Address කියන්නේ මොකක්ද කියලා කතා කලානේ. අද අපි ඒකේ ඇතුළට බැහැලා, අපි ගෙදරදි හරි ඔෆිස් එකේදි හරි හැම වෙලේම පාවිච්චි වෙන Private IP Address ගැන කතා කරමු. සරලවම කිව්වොත්, Private IP එකක් කියන්නේ ඔයාගේ ගෙදර හරි, ඔෆිස් එකේ හරි තියෙන Network එක (LAN) ඇතුළේ විතරක් වලංගු වෙන, ඒ ඇතුළේ තියෙන ඩිවයිස් අඳුරගන්න පාවිච්චි කරන අංකයක්. මේක තේරුම් ගන්න ලේසිම විදිය තමයි ලොකු ඔෆිස් එකක තියෙන ටෙලිෆෝන් සිස්ටම් එක ගැන හිතන එක. ලොකු ආයතනයක මේසයක් ගානේ ටෙලිෆෝන් තිබුණට, ඒ හැමෝටම වෙන වෙනම පිටරටින් කෝල් ගන්න පුළුවන් නම්බර්ස් නෑ. ඒ වෙනුවට එයාලට තියෙන්නේ Extension Number එකක්. උදාහරණයකට 101, 102 වගේ. ඔෆිස් එක ඇතුළේ ඉන්න මැනේජර්ට, එකවුන්ට්ස් එකේ ඉන්න කෙනාට කතා කරන්න ඕන නම්, එයා ගහන්නේ අර 102 කියන පොඩි නම්බර් එක විතරයි. අන්න ඒ Extension Number එක තමයි Network එකකදී නම් Private IP එක කියන්නේ. මේ Private IP එකේ තියෙන විශේෂම දේ තමයි, මේක අන්තර්ජාලය (Internet) ඇතුළේ වැඩ කරන්නේ නෑ. ඔයාගේ යාළුවෙක්ට පිටරට ඉඳන් ඔයාගේ Private IP එකට (උදා: 192.168.1.5) කතා කරන්න හරි data එවන්න හරි බෑ. මොකද ඒ අංකය වලංගු ඔයාගේ ගෙදර තාප්ප වලින් ඇතුළේ විතරයි. මේකේ තියෙන ලොකුම වාසිය තමයි, මේ අංක නැවත නැවත පාවිච්චි කරන්න පුළුවන් වීම. දැන් හිතන්න, ඔයාගේ ගෙදර Network එකේ ඔයාගේ Phone එකට තියෙන්නේ 192.168.1.5 කියන IP එක. මගේ ගෙදර Network එකේ මගේ Phone එකට තියෙන්නෙත් 192.168.1.5 වෙන්න පුළුවන්. ඒකෙන් කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නෑ. මොකද අපි ඉන්නේ වෙන වෙන Network දෙකක. හරියට වෙන වෙන ඔෆිස් දෙකක එකම 101 Extension එක තියෙනවා වගේ වැඩක්. ඔයා කවදාහරි ඔයාගේ Phone එකේ හරි Laptop එකේ හරි settings වලට ගිහින් බැලුවොත්, ගොඩක් වෙලාවට ඔයාට දකින්න ලැබෙන්නේ 192.168... න් පටන් ගන්න, එහෙමත් නැත්නම් 10.0... න් පටන් ගන්න අංකයක්. අන්න ඒක තමයි ඔයාගේ Private IP එක. ඊළඟට අපි බලමු, අපිව ලෝකෙට අඳුන්වලා දෙන, අන්තර්ජාලයේ පාවිච්චි කරන Public IP එක ගැන [CENTER][U][B][SIZE=5]What is a Public IP Address?[/SIZE][/B] [IMG]https://i.ibb.co/6cQqrQnR/585721101-122146015580722978-6141250152811156939-n.jpg[/IMG][/U][/CENTER] අපි සරල උදාහරණයකින් පටන් ගමු. ඔයාට කාටහරි ලියුමක් යවන්න ඕන නම්, එයාගේ නම විතරක් ලියුම් කවරේ ලිව්වට මදි. තැපැල් සේවයට ඒ ලියුම ගෙනියන්න නම්, අනිවාර්යයෙන්ම එයාගේ ගෙදර ලිපිනය (Address) ඕන වෙනවා. අන්න ඒ ලිපිනය මුළු රටේම කාටවත් නැති, එයාටම වෙන් වුණු එකක් වෙන්නත් ඕන. අන්න ඒ වගේ දෙයක් තමයි Public IP Address එක කියන්නේ. සරලවම කිව්වොත්, Public IP Address කියන්නේ අන්තර්ජාලය (Internet) ඇතුළේ ඔයාව හඳුනාගන්න තියෙන, මුළු ලෝකෙටම Unique වෙච්ච ලිපිනය. කලින් අපි කතා කරපු Private IP එක (උදා: 192.168.1.1) අපිට ඕන විදියට හදාගන්න පුළුවන් වුණාට, මේ Public IP එක එහෙම හිතෙන හිතෙන විදියට දාගන්න බෑ. මේ ලිපිනය අපිට ලබා දෙන්නේ අපේ Internet Service Provider (ISP). ඒ කියන්නේ Dialog, SLT, Mobitel වගේ අය. අපි ඉන්ටර්නෙට් ගන්න සල්ලි ගෙවන්නේ මෙන්න මේ Public IP එකට කිව්වොත් හරි. දැන් ඔයාට ප්‍රශ්නයක් එන්න පුළුවන්, "මගේ ගෙදර ෆෝන්, ලැප්ටොප් පහක් හයක් තිබ්බට, අපිට ISP එකෙන් දෙන්නේ එක Public IP එකයිනේ. එතකොට කොහොමද මේ ඔක්කොම ඒකෙන් ඉන්ටර්නෙට් යන්නේ?" කියලා. එතනදි තමයි ඔයාගේ ගෙදර තියෙන Router එකේ එක වැඩ කරන්නේ. ඒ කියන්නේ, ඔයාගේ phone එකෙන් www•google•com කියලා ගැහුවම, ඒ පණිවිඩේ ඔයාගේ Private IP එකෙන් Router එකට යනවා. Router එක ඒක අරගෙන, එයාගේ Public IP එක ඒකට ගහලා අන්තර්ජාලයට යවනවා. Google එකෙන් උත්තරේ එන්නේ Router එකේ Public IP එකට. ඊට පස්සේ Router එක ඒක ආයෙත් ඔයාගේ Phone එකට දෙනවා. ඒ නිසා අන්තර්ජාලයේ ඉන්න අයට කවදාවත් ඔයාගේ Phone එකේ තියෙන Private IP එක පේන්නේ නෑ. එයාලට පේන්නේ Router එකේ Public IP එක විතරයි. මේ Public IP එකේ තියෙන වැදගත්ම දේ වගේම භයානකම දේ තමයි, මේකෙන් ඔයා ඉන්න තැන හොයාගන්න පුළුවන් වීම. හැම Public IP එකක්ම අයිති රටකට සහ ප්‍රදේශයකට. ඔයා මොකක්හරි වැරැද්දක් කළොත් පොලීසියට පුළුවන් ඒ Public IP එක කාටද අයිති කියලා ISP ගෙන් අහලා, හරියටම ඔයා ඉන්න ගෙදර හොයාගන්න. ඒ වගේම ඔයා වෙබ්සයිට් එකකට ගියාම, "ඔයා ඉන්නේ ශ්‍රී ලංකාවේ නේද?" කියලා පෙන්නන්නෙත් මේ Public IP එක නිසා. ඉතින් සරලවම කිව්වොත්, Private IP එක ගෙදර කාමරේ නම්බර් එක නම්, Public IP එක කියන්නේ ගෙදර ලිපිනය. ඒක මුළු ලෝකෙටම පේනවා, ඒ වගේම ඒක ලෝකෙටම එකයි. හරි, දැන් අපි IP Address වල වර්ග දෙක ගැනම දන්නවා. ඊළඟට අපි බලමු මේ IP Address හැදෙන විදි දෙක ගැන. ඒ කියන්නේ IPv4 සහ IPv6 කියන්නේ මොකක්ද කියලා. [CENTER][U][B][SIZE=5]What is a IPV4 Address?[/SIZE][/B] [IMG]https://i.ibb.co/xSt585QF/586901138-122146101668722978-2482453062926107334-n.jpg[/IMG][/U] [/CENTER] IPv4 කියන්නේ Internet Protocol version 4. මේක තමයි දැනට ලෝකේ බහුලවම පාවිච්චි වෙන IP address වර්ගය. ඔයා ඔයාගේ phone එකේ හරි laptop එකේ හරි IP address එක බැලුවොත්, 99%ක්ම දකින්නේ මේ IPv4 එකක්. මේක අඳුරගන්න හරිම ලේසියි. මේක හැදිලා තියෙන්නේ තිත් (dots) වලින් වෙන් කරපු ඉලක්කම් කොටස් හතරකින්. උදාහරණයක් විදියට: 172.16.254.1 මේ හැම කොටසකම තියෙන්න පුළුවන් ඉලක්කම්, 0 ඉඳන් 255 වෙනකල් විතරයි. ඒ කියන්නේ ඔයාට කවදාවත් 192.168.1.300 වගේ IP එකක් දකින්න ලැබෙන්නේ නෑ. 255 ට වඩා වැඩි වෙන්න බෑ. මේ IPv4 සිස්ටම් එක හැදුවේ 1980 ගණන් වල. ඒ කාලේ අන්තර්ජාලය කියන්නේ හරිම පොඩි දෙයක්. ඒක හැදුව අය හිතුවේ නෑ කවදාහරි හැම මනුස්සයෙක් අතේම computer එකක් ,smart phone එකක් තියෙයි කියලා. IPv4 වල තියෙන ලොකුම අවුල තමයි, මේ ක්‍රමයෙන් හදන්න පුළුවන් උපරිම IP addresses ගාණ සීමා සහිත වීම. ගණන් හදලා බැලුවොත්, මේ ක්‍රමයෙන් හදන්න පුළුවන් මුළු IP addresses ගාණ බිලියන 4.3ක් (කෝටි 430ක්) විතරයි. 1980 දී කෝටි 430ක් කියන්නේ හිතාගන්නවත් බැරි ලොකු ගාණක්. ඒත් අද ලෝකේ ජනගහනය කෝටි 800ක් විතර ඉන්නවා. ඒ මදිවට එක මනුස්සයෙක් ළඟ phone එකයි, laptop එකයි, smart watch එකයි වගේ devices තුන හතරක් තියෙනවා. දැන් ගෙදර තියෙන TV එක, Fridge එක, CCTV කැමරා පවා අන්තර්ජාලයට සම්බන්ධ වෙනවා. මේ හැම එකකටම IP Address එකක් ඕන ඉතින් ප්‍රශ්නේ තේරෙනවා නේද? බිලියන 4.3ක් IP addresses වලින් කොහොමද බිලියන ගාණක් devices වලට ලිපින දෙන්නේ? ඇත්තම කතාව තමයි, IPv4 Addresses දැන් ඉවරයි. ලෝකේ තියෙන අලුත් devices වලට දෙන්න අලුත් IPv4 addresses නෑ. ඒ නිසා තමයි ඉංජිනේරුවෝ එක එක ට්‍රික්ස් පාවිච්චි කරන්නේ, තියෙන ලිපින ටිකම නැවත නැවත පාවිච්චි කරන්න. අපි කලින් කතා කරපු Private IP කියන සංකල්පය ආවෙත් මේ ප්‍රශ්නේ විසඳගන්න තමයි. හැබැයි ඒ ට්‍රික්ස් දැම්මත්, මේක දිගටම කරගෙන යන්න බෑ. අපිට අලුත් system එකක් ඕන වුණා. බිලියන 4ක් නෙවෙයි, ඉලක්කම් වලින් ලියන්නවත් බැරි තරම් ලිපින හදන්න පුළුවන් අලුත් ක්‍රමයක්. අන්න ඒ විසඳුම තමයි IPv6. ඉතින් සරලවම කිව්වොත්, IPv4 කියන්නේ 1980 දී හදපු, දැන් stock ඉවර වේගෙන යන පරණ system එකක්. අපි ඊළඟට බලමු මේ ප්‍රශ්නෙට විසඳුම විදියට ආපු, අනාගතයේ IP address එක වෙන IPv6 ගැන. [CENTER][U][SIZE=5][B]What is a IPV6 Address?[/B][/SIZE] [IMG]https://i.ibb.co/JFGZS96G/587760426-122146209122722978-6697820584779105606-n.jpg[/IMG][/U][/CENTER] IPv6 කියන්නේ Internet Protocol version 6. මේක හදලම තියෙන්නේ අර IPv4 වල තිබ්බ ප්‍රශ්නේ ආයේ කවදාවත් එන්නේ නැති වෙන්න, සදාකාලික විසඳුමක් විදියට. IPv4 වල බිලියන 4.3 යි නේ තිබුණේ. IPv6 වල ලිපින කීයක් තියෙනවද දන්නවද? ඒක ඉලක්කම් වලින් ලියන්නවත් අමාරුයි. ඒ ගාණට කියන්නේ Undecillion 340 ක් කියලා (340 න් පස්සේ බින්දු 36ක් තියෙන ගාණක්). මේකේ තියෙන විශාලත්වය තේරුම් ගන්න පොඩි උදාහරණයක් ගමු. අපි හිතමු මේ මුළු ලෝකෙම තියෙන හැම වැලි කැටයකටම අපි IPv6 ලිපිනයක් දීගෙන දීගෙන යනවා කියලා. එහෙම මුළු ලෝකෙම වැලි කැට වලට දුන්නත්, මේ ලිපින තොගය ඉවර වෙන්නේ නෑ. අන්න ඒ තරම් විශාල ප්‍රමාණයක් මේ අලුත් සිස්ටම් එකෙන් හදන්න පුළුවන්. ඒ කියන්නේ ආයේ කවදාවත් අපිට IP Address ඉවරයි කියන ප්‍රශ්නේ එන්නේ නෑ. මේක අඳුරගන්නත් හරිම ලේසියි. IPv4 හැදිලා තිබුණේ ඉලක්කම් වලින් විතරනේ (192.168.1.1 වගේ). ඒත් IPv6 ලිපිනයක් දැක්කම බය හිතෙනවා. ඒක ගොඩක් දිගයි. ඒ වගේම ඒකේ ඉලක්කම් විතරක් නෙවෙයි, ඉංග්‍රීසි අකුරුත් (a ඉඳන් f වෙනකල්) තියෙනවා. උදාහරණයක් විදියට: 2001:0db8:85a3:0000:0000:8a2e:0370:7334 ඔයාට පේනවා ඇති මේකේ තිත් (.) වෙනුවට තියෙන්නේ කෝලන් ) ලකුණ. මේක සංකීර්ණ වගේ පෙනුනට, මැෂින් වලට මේක කියවන්න හරිම ලේසියි. IPv6 වල තවත් වාසියක් තමයි ආරක්ෂාව (Security). IPv4 හදන කාලේ security ගැන ලොකුවට හිතුවේ නැති වුණාට, IPv6 හැදුවේ අන්තර්ජාල ආරක්ෂාව ගැන මුල ඉඳන්ම හිතලා. ඒ නිසා මේකේ data යනකොට IPv4 වලට වඩා ආරක්ෂිතයි. දැන් ඔයාට ප්‍රශ්නයක් එන්න පුළුවන්, එහෙනම් ඇයි අපි තාම පරණ IPv4 පාවිච්චි කරන්නේ? කියලා. ඒකට හේතුව තමයි, මුළු ලෝකෙම අන්තර්ජාලය අලුත් සිස්ටම් එකට මාරු කරන එක දවසින් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක හරියට ධාවනය වෙන කෝච්චියක රෝද මාරු කරනවා වගේ වැඩක්. ඒ නිසා දැනට ලෝකේ මේ සිස්ටම් දෙකම එක පාර දුවනවා (Dual Stack). ඔයාගේ phone එකේ සමහර විට IPv4 සහ IPv6 කියන ලිපින දෙකම දැනටමත් ඇති. හරි, දැන් අපි IP Address ගැන සම්පූර්ණයෙන්ම කතා කරලා ඉවරයි. [CENTER][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom