What happened in Aluthgama?

SadSandun

Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    Do you all know what really happened in Aluthgama? Some sites say that some one has attacked a Buddhist monk in Durga town.:
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    අලුත්ගම පොලිසිය ළඟ කලබලයක්
    ඇමැතිගේ කාරයටත් ගසයි : කඩ සාප්පුත් වැසේ

    අලුත්ගම ධර්ගා නගරයේ පතිරාජවෙල කුරුඳුවත්ත විවේකාරාමය අසල දී බෞද්ධ භික්ෂූන් වහන්සේ නමකට හා ඒ හිමියන්ගේ රියදුරාට අද (12) සවස පහර දුන් බව කියන පිරිසක් අත්අඩංගුවට නොගත්තැයි මහා සංඝරත්නය හා ගැමියෝ සිය ගණනක් අලුත්ගම පොලිසිය ඉදිරිපිටට අවුත් විරෝධය පළ කරන්නට වූහ.
    ධර්ගා නගරයේ කුරුඳුවත්ත ශ්‍රී විජයාරාමයේ අයගම සමිත හිමියන් සිය රියදුරා සමග මෝටර් රථයෙන් වඩිද්දී ඉදිරියෙන් ගමන් කළ යතුරු පැදිකරුවකු පාර අවහිර වන සේ ගමන් කළ බවත්, කිහිප වරක් නළාව නාද කිරීමෙන් පසුව ඔහු ඇතුළු පිරිසක් සමිත හිමියනට හා රියදුරාට පහර දුන් බවත් පොලිසියට පැමිණිලි කර ඇත.
    පොලිසිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීම ප්‍රමාද කළැයි කියමින් අවට විහාරවල භික්ෂූන් වහන්සේලා ද, පතිරාජගොඩ, අලුත්ගම, කළුවාමෝදර, වරා පිටිය, මොර ගල්ල ,කාල්විල හා ගල්හේක ආදී ගම් වල වැසියො පොලිසිය අවට ඊයේ (12) පස්වරු හය වන විටත් කෑකෝ ගසමින් රැඳී සිටියහ.
    මෙම සිද්ධිය සැළවී එහි පැමිණි ප්‍රවාහන ඇමැති කුමාර වෙල්ගම මහතාගේ වාහනයට ද ප්‍රහාර එල්ල වී අලාභ හානි සිදු විය.
    ඇමැති රෝහිත අබේගුණවර්ධන මහතා ද පොලිසියට පැමිණ සිටියේය. කලබල වැඩිවීමත් සමඟ පොලිස් විශේෂ කාර්ය බලකාය හා පොලිස් කැරලි මර්දන කණ්ඩායම් එහි කැඳැවිණි.
    අලුත්ගම කොළඹ මාර්ගයේ එක් මංතීරුවක පමණක් වාහන ගමන් කරන බව අපේ වාර්තාකරුවෝ කියති.
    මෙම කලබලයත් සමග අලුත්ගම නගරයේ කඩ සාප්පු ද වසා දැමිණි.


    lankadeepa


    51(7).gif


    54(8).gif


    53(9).gif


    aniwa gahapu eka pitipasse hambayek athi,darga town wala mulhariye thanikara inne hambayone.athulata wenna sinhala gammana thiyenne