WhatsApp Video calling ළඟදීම

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,494
    16,240
    113
    WhatsApp මෑතකදී voice call අංගය හඳුන්වලා දුන්නා. දැන් video calls අංගයත් හඳුන්වා දෙන්නට යන බව වාර්තා වෙනවා. Macerkopf නම් ජර්මානු Apple බ්ලොග් එකක තමයි මේ තොරතුර සඳහන් වෙලා තිබෙන්නේ. ඔවුන් සඳහන් කරන්නේ WhatsApp කණ්ඩායම මේ නවතම අංගයෙහි වැඩ කටයුතු සිදු කරමින් සිටින බවයි. තවද එම බ්ලොගය video calling අංගය දැක්වෙන අනුරූපක්ද අන්තර්ජාලයට මුදා හැර තිබෙනවා.

    WhatsAppCalling-3-970-80.jpg

    WhatsApp හි දැනට පවතින voice calling අතුරු මුහුණතට බොහෝ සෙයින් සමාන ලෙසට මෙම video calling අතුරු මුහුණත් දැක්වෙනවා. තවද එහි ඔබේ ඉදිරිපස සහ පසුපස කැමරා අතර හුවමාරු වීමට සහ මයික්‍රෆෝනය නිශ්ශබ්ද කිරීමට විකල්පයන් පවතිනවා. නමුත් මෙය තවමත් සමාගම තහවුරු කර නැහැ. කෙසේවෙතත් ඉදිරි සති වලදී මෙම නව අංගය පැමිණෙනු ඇතැයි එම බ්ලොග් සටහනෙහි වැඩි දුරටත් සඳහන් වෙනවා.