WHO ඵකෙන් Rapid Antigen Test kits ලක්ෂයක් ලංකාවට

dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ කට්ටල ලක්ෂයක්

    1604901123-rapid-antigen-test-kits_L.jpg



    කොවිඩ් ආසාදිතයින් ඉක්මනින් හඳුනාගැනීම සඳහා භාවිත කළ හැකි "ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ කට්ටල" ලක්ෂයක් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මෙරටට පරිත්‍යාග කර ඇතැයි ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

    එම කට්ටල තොගය සෞඛ්‍ය අමාත්‍යාංශයේ, වෛද්‍ය සැපයුම් අංශය වෙත යොමුකර ඇතැයි ද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

    එම කට්ටල තොගය නිල වශයෙන් ලබා දීමේ උත්සවය අද සවස ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිතවරයෙකුගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.
    Rapid Antigen Test යනු, කොරෝනා වෛරසය හඳුනා ගැනීමේ නවතම ක්‍රමවේදයකි.

    දෙරණ
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    නොමිලේ ලැබුණු ආධාර අගය කොට සලකන්න ඕනා. හැබැයි දැන් දිලිත් බබාගේ ගොඩයි මේ ගොඩයි එකක් වෙලා කලින් මුකුත්ම ලංකාවට අවේ නෑ වෙයි ද දන්නේ නැහැ