whose body රහස් පරීක්ෂක කතාවේ සිංහල පරිවර්තනය

wasu8

Member
Jun 12, 2016
17
2
0
whose body රහස් පරීක්ෂක කතාවේ සිංහල පරිවර්තනය

රහස් පරීක්ෂක කතා ලෝකය කළඹන චරිත රාශියක්ම තියෙනවා. එවන් තවත් එක් චරිතයක් තමයි පීටර් විම්සෙ. මේ චරිතයට පණපෙව්වෙ ඩොරති ලයි සේයර්ස් නම් බ්රිතාන්‍යය ලේඛිකාවයි. පීටර් විම්සෙ කියන්නෙ බ්රිතාන්‍යයෙ ප්රභූ පැළැන්තියෙ අයෙක්. නමුත් ඔහුගෙ විනෝදාංශයක් තමයි රහස් පරීක්ෂණ කටයුතුවලට සම්බන්ධ වීම. මෙම චරිතය අැතුලත්ව ඩොරති ලයි සේයර්ස් විසින් රචිත whose body නම් ග්රන්ථයේ සිංහල පරිවර්තනය කියවන්න අාසා අයට https://translationbooksinsinhala.blogspot.com/
කියන බ්ලොග් අඩවියට ගිහින් කියවන්න පුළුවන්. යාළුවො මේකට කැමති වුණොත් තවත් රහස් පරීක්ෂක කතා පොත් පරිවර්තනය කරලා https://translationbooksinsinhala.blogspot.com/
හි පළ කරන්නම්.

whose body (හදුනානොගත් මළසිරුර)

.....ඔහු හිතන්නෙ තිප්ස් හෝ අර ග්ලැඩිස් හොරොක්ස් හෝ නැත්නම් අැගේ පෙම්වතා මේක කළා කියලයි. ඉතින් අර තරුණයා ග්ලැඩිස් හොරොක්ස්ට මොනාහරි දෙයක් දෙන්න එද්දි ජනෙල් පඩිය මත යම් සළකුණක් අැති වුණාද දන්නෑනෙ. ඔහු නිරීක්ෂණය නොකළ නිසා වහලෙන් නම් ඔහුට කිසිම සළකුණක් හොයාගන්න ලැබුණෙ නැහැ.”

“නමුත් ඔහු මට කලින් වහලෙට ගියා”

“ඔව් නමුත් එ්කෙන් කියන්න බැහැ එහි කිසිම දෙයක් තිබුණෙ නැහැ කියලා. ඔහු කියන විදිහට ග්ලැඩිස් හොරොක්ස්ගේ පෙම්වතා වීදුරු සවිකරන්නෙක් නිසා ඔහු ඉනිමගක් පාවිච්චි කරනවා. ඔවුන්ට එ්වා හොදින් පාවිච්චි කරන්න පුළුවන්. එ් අනුව තරුණයා ඉනිමග දිගේ අාවා. එ් නිසයි වහලෙ මුකුත් සළකුණක් නැතිව ජනෙල් පඩියෙ විතරක් සළකුණක් අැති වුණේ. ඔහුට පොළොවෙන් කිසිම සළකුණක් හොයාගන්න බැරිවුණා. මොකද බිම ගල්අතුරලා තිබුන නිසා. එ්ත් එක්කම ඔහු හිතනවා තිප්ස් මහත්තයා ගබඩා කාමරයේ හෝ වෙනත් තැනක මළසිරුර සගවා තැබුවා කියලා. එ් නිසා ඔහු එ් ස්ථානවල හොයා බැලුවද කියලා ඔබ දැනගන්න. ඔහු එහෙම හෙව්වා නම් යම් සලකුණක් ලැබිලා තියෙන්න පුළුවන්. එහෙම දෙයක් හමුවුණේ නැත්නම් එ් කියන්නෙ එහෙම දෙයක් එහි තිබිලා නැහැ.”

“හරි මං හිතනවා ඔබ හරි කියලා” පාකර් කීවේය. ඔහු වෙෙද්‍යමය සාක්ෂි ගැන පවසන්නට විය.

“කොහොම වුණත් ඔබේ කාරණයත් මේකට සම්බන්ධ කරගත්තොත් ලෙවි සමහර විට ෆ්රේක්ව මුණගැහෙන්න සදුදා රාත්‍රියේදී ගියා වෙන්න බැරි නැද්ද?” පීටර් සාමිවරයා කියන්නට විය.

“ඔහු ගියා.” පාකර් පැවසුවේය. “බලාපොරොත්තු නොවූ අවස්ථාවක ඔහු ස්නායු විශේෂඥවරයා හමුවීමට ගිහින් තියෙනවා.”.......

https://translationbooksinsinhala.blogspot.com/
 
Last edited: