Why do birds so often fly in V-formation? Mystery solved!

after

Member
Sep 5, 2009
3,692
486
0
birds-V-formation-33000lk.jpg
කුරුල්ලන් රංචු පිටින් ඉගිලීමේදී V අකුරේ හැඩයට පියෑඹීම මෙතෙක් විද්‍යාඥයන් හට සොයාගත නොහැකිවූ කරුණක්.

නමුත් එයට හේතුව පෘතුගාලයේ පර්යේෂණ කණ්ඩායමක් විසින් තහවුරුකරගත් බව පසුගියදා ස්වභාවදහම පිළිබඳ විද්‍යා සඟරාවක් හරහා හෙළිකර තිබේ.

ඒ අනුව කුරුල්ලන් රංචුවක් මේ ආකාරයට පියෑඹීමට හේතු දෙකක් දක්වා තිබේ. එකක් නම් ඔවුන් එක් නායක කුරුල්ලෙකු අනුකරනය කරමින් මෙලෙස පියඹා යෑමයි.

දෙවැන්න නම් පියෑඹීමට අවශ්‍ය 20%-30% ත් අතර ශක්තියක් එමඟින් ඉතිරිවීමයි.

යුධ ප්‍රහාරක ගුවන්යානාද රාශියක් ගමන් කිරීමේදී මේ ආකාරයට V හැඩයට ගමන් කරන අතර එමඟින් 18% ක ඉන්ධන ඉතිරියක් වන බවද පරීක්ෂණ වලින් සොයාගන තිබේ.

ඉදිරියෙන් පියඹා යන කුරුල්ලා අත් තටු පහතට ගැසීමේදී ඇතිවන වායු කැළඹුම පසුපසින් එන කුරුල්ලා එය අත් තටු ඉහලට ඔසවමින් උඩුකුරු තෙරපුමක් ලෙස ලබාගනී

පුහුණු කරන ලද Northern bald ibises කුරුල්ලන් 14 දෙනෙකුගේ තොරතුරු ලබාගත හැකි සංවේදක සවි කිරීමෙන් පසු මුදාහැර මේ බව සොයාගන තිබෙන අතර ඔවුන් ඔස්ට්‍රියාවේ සිට ඉතාලිය දක්වා පියඹා තිබේ.

ඒ අතරතුරේදී කුරුල්ලන් සිටිනා ස්ථානය, පියාඹන වේගය පමණක් නොව පියෑඹීමේදී තටු ගසන ආකාරයද සහිත දත්ත ලබාගන තිබේ.

සෑම වසරකම සැතපුම් දහස් ගනනක් පියඹා යෑයාමට කුරුල්ලන් මාර්ගය සොයාගන්නේ කෙසේද යන්න විද්‍යාඥයන් හට තිබූ අනෙක් ගැටළුවයි.

එයට පිළිතුර ලෙස සඳහන් වන්නේ සෑම කුරුල්ලෙකුගේම ඇති සෛල තුළ කෙස් ගසක පළලින් 2,000න් පංගුවක තම් කුඩා යකඩ ඇති බවත්, පෘතුවි ගුරුත්වය හා චුම්භක ක්ෂේත්‍රයේ දිශාවන් ඔවුනට එමඟින් හඳුනාගත හැකි බවත්ය.

හිස බස්නාහිරට දමා නිදා නොගත යුතු බවට ලංකාවේ පැරැන්නන්ගේ මතයක් තිබෙන්නේ රුධිරය තුල වූ හිමොග්ලෝබීන් වල ඇති යකඩ වලට පෘතුවි චුම්භක ක්ෂේත්‍රයේ ඇති යම් බලපෑමක් නිසා බවද පැවසේ.

එමෙන්ම ජ්‍යෝතිෂ්‍යයේදී ග්‍රහලෝක වල බලපෑම මිනිසාට ලැබෙන්නේද රුධිරය තුළ වූ මෙම හිමොග්ලෝබීන් වල ඇති යකඩ වලට බලපාන චුම්භක ක්ෂේත්‍රය වෙනත් ග්‍රහලෝක වල ආකර්ශනය නිසා වෙනස්වීම හේතුකොටගෙන බවද පැවසේ.





 
  • Like
Reactions: ishan1653