Wi-Fi වල කාලෙ ඉවරයි. මෙන්න LI-Fi ඇවිල්ලා !!

sajithgk

Member
Aug 27, 2011
79
73
0
Dallas, Texas
Wi-Fi වල කාලෙ ඉවරයි. මෙන්න LI-Fi ඇවිල්ලා !!

මේ ක්‍රමය තාම Testing. මේක අති සාර්තක වෙලා තියෙනවා.
LI-Fi වලදිත් Wi-Fi වල වෙන දේමයි වෙන්නේ. ඒත් තාක්ශනයයි ගන්න පුලුවන් වේගයයි ගොඩක් වැඩී.

LI-Fi වැඩ කරන්න ඕන වෙන්නේ පහල රූපයේ තියෙනවා වගේ LED බල්බ් එකක් විතරයි. පුදුමයි නේද?
මේකත් ගෙදර එලිය කරන්න පාවිචි කරන LED බල්බ් එකක් ම තමයි. ඒත් මේ බල්බ් එකට පොඩී මයික්‍රෝ චිපයක් (Micro Chip ) හයි කරල හියෙන්නේ. ඒක නිසා මේ බල්බ් එක හරියටම ඔයාල ගොඩ දෙනෙක් Internet එන්න පාවිචි කරන රවුටර් එකක් විදිහට වැඩ කරනවා.
මේ අලුත් තාක්ශනය හදුන්වන නමට තමයි LI-Fi ( LI-Fi - light fidelity) කියලා කියන්නේ.
මේක වැඩ කරන්නේ මූලික වශනයෙන් බයිනරි ක්‍රමයක් පාවිච්චි කරලා. දැන් ඔයාලට එන ප්‍රශ්ණය තමයි බයිනරි කියන්නේ මොකක්ද කියලා.

බයිනරි කියන්නේ 1 සහ 0 විතරක් තියෙන පරිගනක භාශාවක්. අපි උදාහරනයක් ගමු.
බල්බ් එක පත්තුවෙන කොට ඒකෙන් 1 කියලා කියනවා. බල්බ් එක නිවුනම 0 කියල කියනවා. මේ ක්‍රමයට ඕනම දෙයක් ගැන තොරතුරක් දක්වන්න පුලුවන්. Numbers පෙන්වන හැටි ගැන පහල පින්තූරෙන් ඔයාලට පොඩී අවබෝදයක් ගන්න පුලුවන් වෙයි.
මේ ක්‍රමේදී අන්තර්ජාලයට සම්බන්දය දෙන කේබල් එකකුයි විදුලි බලය ලබාඩෙන කේබල් එකකුයි විශේශ උපකරනයකට ( Transceiver ) සම්බන්ද කරනවා. ඒකෙන් එලියට එන්නේ විදුලිය සමග දත්තද ඇති කේබලයක්. LED බල්බ් එක මේකට හයි කරනවා. ඒකෙන් එලියට එන්නේ දත්තත් එක්ක ආලෝකය යි.
මේ ආලෝකය විශේශ සන්වේදක උපකරනයකට වැටෙන්න සලස්වනවා.
එතැනින් සම්ප්‍රේශනය වෙන දත්ත, Wireless ඩොන්ගලයක් හරහා හෝ ජන්ගම උපකරනයක් නම් ( Tab, Smart Phone වගේ එවා ) මගින් කියවා ගන්න පුලුවන්. ඒක නිසා එලිය වැටෙන ඕනම තැනකදී අන්තර්ජාලයට සම්බන්ද වෙන්න පුලුවන් ලොවක් හදන්න Li-Fi තාක්ශනයට පුලුවන් කියලා දැන් ඔයාලට පැහෙදිලි ඇති.
ල්බ් එක නිවෙන පත්තුවෙන වේගය අනුව මේකෙන් ලබාගන්නා පුලුවන් වේගය තීරනය වෙනවා කියලා දැන් ඔයාලට පැහැදිලි ඇති.දැනට පාව්චි කරන සාමන්‍ය LED බල්බයක් වුවද තප්පරයෙන් දශ ලක්ශයෙන් පන්ගුවක් දක්වා අඩු කරන්න පුලුවන්. ඒකෙන් උපදින වේගය 10Gbps විතර වෙනවලු. මේ වේගයෙන් Full HD Movie එකක් Download කරගන්න යන්නේ විනාඩි බාගයක් විතරයි.
සාමාන්‍ය LED බල්බයකින් මේ ආකාරයට තොරතුරු හුවමාරු කරන්නට එහි පරිපතයේ වෙනසක් කල යුතුය. ඒ සදහා දැනට තිබෙන පරිපතයටම කුඩා ඉලෙක්ට්‍රොනික උපාන්ගයක් සවි කර එය දත්ත විමෝචනය කරන්නක් බවට පරිවර්තනය කර වන්නට පුලුවන්. ඒ බල්බය කුමන හෝ සාමන්‍ය හෝල්ඩරයකට සම්බන්ද කර එයින් නික්මෙන ආලෝකය හදුනා ගත හැකී රිසීවරයකට සම්බන්ද කරයි.. අපි හිතමු ඒක ප්‍රොජෙක්ටරයකට සම්බන්ද කලා කියලා. ප්‍රොජෙක්ටරයෙන් බල්බය තුලින් එන තොරතුරු පෙන්වනවා. දැනට මේ ක්‍රමයෙන් ලබාගෙන ඇති උපරිම වේගය 500Mbps විතර වෙනවලු. මේක 10Gbps දක්වා වර්දනය කරන්න පුලුවන්.

වීඩියෝ එකකුත් සෙට් උනා.. පොඩ්ඩක් බලපන්


 

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,366
    6,784
    113
    හෙල බිමේ
    ඔකේ වාසිය ලයිට් එලිය මගින් සීමා වන ප්‍රදේශයට විතරයි. Wi fi වගේ බිත්තියේ එහා පැත්තේ ඉඳන් අල්ලන්න බැ. ඒක හොඳ ආරක්ෂාවක්.
     

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    thama devices support karanne ne ne ban oya technology ekata
    onna hoda brand ekakin ekak hari awoth oya technology eka use karanna gani
     

    madboyxxx

    Well-known member
  • Feb 22, 2010
    485
    418
    63
    Kandy

    LiFi is 4 years old. Wake up! (TFS ;))

    giphy.gif