Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Iptv
musicking
Updated:
Today at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Sports
Womens Football Best Player & Model : Praveena Perera
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශ්‍රී ලංකා පාපන්දුවත් - නිරූපණයත් අතර දිලෙන ප්‍රවීනා

2018 ජුනි 25

"බෝලෙකට පයින් ගහ-ගහා දුවනවා දැකලා මටත් ආස හිතුනා"

"කමෝන් ප්‍රවීනා, තව ගෝල් එකක්..!"

වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගනයේ පැවති කාන්තා පුහුණු පාපන්දු තරගයක් නැරඹු අපට තරගය මුළුල්ලේම ඇසුණු නමක් වී නම් ඒ 'ප්‍රවීනා'ය .

ඉදිරි පෙළ ප්‍රහාරක ක්‍රීඩිකාවක් ලෙස තරගයේ ගෝල කීපයක්ම වාර්තා කිරීමට ඇයට හැකිවිණි.

ප්‍රවීනා මල්කි පෙරේරා, ශ්‍රී ලංකාවේ මේවන විට සිටින ජනප්‍රිය හා දක්ෂ පාපන්දු ක්‍රීඩිකාවකි.

තවමත් විසිදෙහැවිරිදි ප්‍රවීනා, ශ්‍රී ලංකා කාන්තා පාපන්දු පිල නියෝජනය කිරීමට අවස්ථාව හිමිකරගත්තේ 17 වෙනි වියේදීය.

එතැන් සිට අද දක්වා ශ්‍රී ලංකා ජාතික කාන්තා කණ්ඩායම නියෝජනය කරන ඇය ඒ වෙනුවෙන් වැඩිම ගෝල ලබාගත් ක්‍රීඩිකාවද වන්නීය.

ගැහැණු ළමයින්ට හැමදේම පුළුවන්, දරාගැනීම වගේ හැමදේම පුළුවන් නේ. ඉතින් ක්‍රීඩාවත් එහෙමයි

ප්‍රවීනා පෙරේරා, පාපන්දු ක්‍රීඩිකා

"මම පාසලේ 6 වසරේ ඉන්නකොට දැක්කා කට්ටිය බෝලෙකට පයින් ගහගහා දුවනවා. මටත් ආස හිතුනා මොකක්ද මේ කියල බලන්න. එහෙමයි මම මේ ක්‍රීඩාවට යොමුවුණේ," ප්‍රවීනා පෙරේරා බීබීසී සිංහල සේවය සමග පිළිසඳරකට එක් වෙමින් කියා සිටියාය.

ඉදිරි පෙළ ප්‍රහාරක ක්‍රීඩිකාවක් ලෙස තරගයේ ගෝල කීපයක්ම වාර්තා කිරීමට ඇයට හැකිවිණි

"ටික කාලයක් ගහලා ආයෙත් නැවැත්තුවා, හරි අමාරුයි. බොලේ වදිනවා, රිදෙනවා, ඊට පස්සේ පුහුණුකරු ගෙදර ඇවිල්ල බැනල මාව ආයෙත් ක්‍රීඩාවට යොමුකළා," ප්‍රවීනා සිය පාපන්දු ක්‍රීඩා ජීවිතයේ ආරම්භය පිළිබඳ අදහස් දැක්වූවාය.

"ගොඩක් දෙමව්පියෝ පාපන්දු වගේ දේකට ගැහැණු ළමයි කොහොමත් යොමුකරනවා අඩුයි, මගේ අම්ම වුනත් ගොඩක් අකමැතිවුණා"

"මොකද, හැමෝම හිතන්නේ පිරිමි වගේ නෙවෙයි ගැහැණු ළමයි ගෙදරටම වෙලා හැදෙන්න ඕනේ කියලා. ඒ වගේ තත්ත්වයක්නේ ලංකාවේ තියෙන්නේ, අපි එතැනින් එහාට යන්න ඕනේ," කාන්තාවක් වීම නිසා තමන්ට පාපන්දු ක්‍රීඩාවට යොමුවීමට තිබු බාධක පිළිබඳ ප්‍රවීනා අදහස් දැක්වූවාය.

"ගැහැණු ළමයින්ට හැමදේම පුළුවන්, දරාගැනීම වගේ හැමදේම පුළුවන් නේ. ඉතින් ක්‍රීඩාවත් එහෙමයි"

ශ්‍රී ලංකාවේ තරුණ ගැහැණු ළමුන් ක්‍රීඩාවට යොමුවීම තවමත් අඩු බව ඇය පෙන්වා දෙන්නීය.

"ගොඩක් දක්ෂ ගැහැණු ළමයි, හැංගිලා ඉන්නවා එන්න බයට. පාපන්දුවලට ලංකාවේ ගොඩක් ක්‍රීඩිකාවෝ අඩුයි"

"ක්‍රීඩාවට යොමුවීම අධ්‍යාපනයෙන් හෝ තමන් කැමති අනිකුත් ක්ෂේත්රවලින් ඉදිරියට යාමට බාධාවක් නොවේ"

ක්‍රීඩාවට යොමුවීම අධ්‍යාපනයෙන් හෝ තමන් කැමති අනිකුත් ක්ෂේත්රවලින් ඉදිරියට යාමට බාධාවක් නොවන බව පවසන ඇය, ක්‍රීඩාවේ යෙදෙද්දීම තමන් කැමති නිරූපණ ක්ෂේත්රයට යොමුවුණු බව කියා සිටියාය.

"ක්‍රීඩාවක් කළා කියලා අව්වේ හිටියා කියල ඒ දේවල් මගහැරෙන්නේ නැහැ"

"මම නිරූපණ ක්ෂේත්රයට ගොඩක් ආසයි, ඉතින් මේකත් එක්ක, ඒකත් කරන්න මම අඩිය තියලා බැලුවා. පුළුවන් විදිහට හොඳ දේවල් හම්බවුනාම කරනවා" ඇය නිරූපණ ශිල්පිනියක් ලෙස කටයුතු කිරීම ගැන එළෙස පැවසුවාය.

නිරූපණ ශිල්පිනියක ලෙස ඇගේ ඡායාරූප සහ ඇය රඟපෑ සංගීත වීඩියෝ දර්ශන නිතර ෆේස්බුක් සමාජ මාධ්‍යවල දක්නට ලැබේ.

"ෆේස්බුක්වලින් නංගිලා කිහිප දෙනෙක්ම අහලා තියෙනවා, අපි කොහොමද පාපන්දු ක්‍රීඩාවට යොමුවෙන්නේ කියලා," සමාජ ජාලවල ඇති සිය ජනප්‍රියත්වය කාන්තා පාපන්දු ක්‍රීඩාව ප්‍රවර්ධනයට යොදාගැනීම ප්‍රවීනාගේ අරමුණ වී තිබේ.

"මම දෙමාපියන්ගේ ඉල්ලන්නේ ඔයාලගේ දියණියන් ක්‍රීඩාවට යොමුකරන්න. ඒක කවදාවත් අහක යන්නේ නැහැ. නිරෝගී කමටත් එය බලපානවා"

පාපන්දු ක්‍රීඩාවට නොහැකිනම්, වෙනත් ඕනෑම ක්‍රීඩාවකට පාසල් මට්ටමේ සිට තම දරුවන් යොමුකරන ලෙස ඇය දෙමව්පියන්ගෙන් ඉල්ලා සිටින්නීය.

මේවන විට කාන්තා පාපන්දු ක්‍රීඩාවේ යෙදෙන ලෝකයේ රටවල් 117 ක් අතරින්, ශ්‍රී ලංකාවට හිමිව තිබෙන්නේ 103 වෙනි ස්ථානයයි. ප්‍රවිනාට අනුව ජාත්‍යන්තර තරග අඩුවීම නිසා ශ්‍රී ලංකාවට ශ්‍රේණිගත කිරීම්වලින් ඉදිරියට යාමේ අවස්ථාව අහිමිවී තිබේ.

"දැන් 2018 වසර, 2016 වසරෙන් පස්සේ අපිට ජාත්‍යන්තර තරගයක් තිබ්බේ නැහැ. මටවත් මගේ දක්ෂතා කොහොමද කියල බලාගන්න බැහැ. අනිත් ක්‍රීඩිකාවන්ටත් එහෙමයි."

මේ වසර අවසානයේ පැවැත්වීමට නියමිත දකුණු ආසියාතික ක්‍රීඩා උළෙල මීළඟට ශ්‍රී ලංකා කාන්තා පාපන්දු කණ්ඩායමට ඇති තරගාවලියයි.

ත්‍රිවිධ හමුදාව පාපන්දු ක්‍රීඩිකාවන්ට රැකියා ලබාදී ඔවුන්ට දිනපතා පුහුණුවීම් කිරීමට අවශ්‍ය පහසුකම් ලබාදීම, අද ශ්‍රී ලංකාවේ කාන්තා පාපන්දු ක්‍රීඩාව රැකගැනීමට මහඟු දායකත්වයක් බව ප්‍රවීනා මල්කි පෙරේරා පැවසුවාය.

"ආමි, නේවි, එයාර් ෆොස් නැත්නම් අද ලංකාවේ කාන්තා පාපන්දු නැහැ. ජාතික කණ්ඩායමක් පවා තියෙන්නේ ඒගොල්ලෝ හින්ද"

මේ දිනවල ලෝකයේම කතාබහට ලක්ව තිබෙන ෆිෆා ලෝක පාපන්දු කුසලාන තරගාවලිය ගැන බීබීසී සිංහල සේවය සමග අදහස් දක්වමින් ඇය සිය කතා බහ අවසන් කළාය.

"බ්‍රසීලය දිනයි කියල හිතුවේ හැබැයි, දැන් බලන කොට ස්පේන්, බෙලිජියම් වගේ රටවල් ඉදිරියෙන් ඉන්නව, අපි මේ තරග නරඹලා ගොඩක් දේවල් ඉගෙන ගන්නවා"

SOURCE : BBC Sinhala

[QUOTE="hulk24, post: 23356534, member: 312242"] [IMG]https://ichef.bbci.co.uk/news/624/cpsprodpb/158E0/production/_102188288_still0601_00009.jpg[/IMG] [SIZE="5"][B]ශ්‍රී ලංකා පාපන්දුවත් - නිරූපණයත් අතර දිලෙන ප්‍රවීනා 2018 ජුනි 25[/B][/SIZE] [SIZE="4"] "බෝලෙකට පයින් ගහ-ගහා දුවනවා දැකලා මටත් ආස හිතුනා" "කමෝන් ප්‍රවීනා, තව ගෝල් එකක්..!" වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගනයේ පැවති කාන්තා පුහුණු පාපන්දු තරගයක් නැරඹු අපට තරගය මුළුල්ලේම ඇසුණු නමක් වී නම් ඒ 'ප්‍රවීනා'ය . ඉදිරි පෙළ ප්‍රහාරක ක්‍රීඩිකාවක් ලෙස තරගයේ ගෝල කීපයක්ම වාර්තා කිරීමට ඇයට හැකිවිණි. ප්‍රවීනා මල්කි පෙරේරා, ශ්‍රී ලංකාවේ මේවන විට සිටින ජනප්‍රිය හා දක්ෂ පාපන්දු ක්‍රීඩිකාවකි. තවමත් විසිදෙහැවිරිදි ප්‍රවීනා, ශ්‍රී ලංකා කාන්තා පාපන්දු පිල නියෝජනය කිරීමට අවස්ථාව හිමිකරගත්තේ 17 වෙනි වියේදීය. එතැන් සිට අද දක්වා ශ්‍රී ලංකා ජාතික කාන්තා කණ්ඩායම නියෝජනය කරන ඇය ඒ වෙනුවෙන් වැඩිම ගෝල ලබාගත් ක්‍රීඩිකාවද වන්නීය. ගැහැණු ළමයින්ට හැමදේම පුළුවන්, දරාගැනීම වගේ හැමදේම පුළුවන් නේ. ඉතින් ක්‍රීඩාවත් එහෙමයි ප්‍රවීනා පෙරේරා, පාපන්දු ක්‍රීඩිකා "මම පාසලේ 6 වසරේ ඉන්නකොට දැක්කා කට්ටිය බෝලෙකට පයින් ගහගහා දුවනවා. මටත් ආස හිතුනා මොකක්ද මේ කියල බලන්න. එහෙමයි මම මේ ක්‍රීඩාවට යොමුවුණේ," ප්‍රවීනා පෙරේරා බීබීසී සිංහල සේවය සමග පිළිසඳරකට එක් වෙමින් කියා සිටියාය. ඉදිරි පෙළ ප්‍රහාරක ක්‍රීඩිකාවක් ලෙස තරගයේ ගෝල කීපයක්ම වාර්තා කිරීමට ඇයට හැකිවිණි "ටික කාලයක් ගහලා ආයෙත් නැවැත්තුවා, හරි අමාරුයි. බොලේ වදිනවා, රිදෙනවා, ඊට පස්සේ පුහුණුකරු ගෙදර ඇවිල්ල බැනල මාව ආයෙත් ක්‍රීඩාවට යොමුකළා," ප්‍රවීනා සිය පාපන්දු ක්‍රීඩා ජීවිතයේ ආරම්භය පිළිබඳ අදහස් දැක්වූවාය. "ගොඩක් දෙමව්පියෝ පාපන්දු වගේ දේකට ගැහැණු ළමයි කොහොමත් යොමුකරනවා අඩුයි, මගේ අම්ම වුනත් ගොඩක් අකමැතිවුණා" "මොකද, හැමෝම හිතන්නේ පිරිමි වගේ නෙවෙයි ගැහැණු ළමයි ගෙදරටම වෙලා හැදෙන්න ඕනේ කියලා. ඒ වගේ තත්ත්වයක්නේ ලංකාවේ තියෙන්නේ, අපි එතැනින් එහාට යන්න ඕනේ," කාන්තාවක් වීම නිසා තමන්ට පාපන්දු ක්‍රීඩාවට යොමුවීමට තිබු බාධක පිළිබඳ ප්‍රවීනා අදහස් දැක්වූවාය. "ගැහැණු ළමයින්ට හැමදේම පුළුවන්, දරාගැනීම වගේ හැමදේම පුළුවන් නේ. ඉතින් ක්‍රීඩාවත් එහෙමයි" ශ්‍රී ලංකාවේ තරුණ ගැහැණු ළමුන් ක්‍රීඩාවට යොමුවීම තවමත් අඩු බව ඇය පෙන්වා දෙන්නීය. "ගොඩක් දක්ෂ ගැහැණු ළමයි, හැංගිලා ඉන්නවා එන්න බයට. පාපන්දුවලට ලංකාවේ ගොඩක් ක්‍රීඩිකාවෝ අඩුයි" "ක්‍රීඩාවට යොමුවීම අධ්‍යාපනයෙන් හෝ තමන් කැමති අනිකුත් ක්ෂේත්රවලින් ඉදිරියට යාමට බාධාවක් නොවේ" ක්‍රීඩාවට යොමුවීම අධ්‍යාපනයෙන් හෝ තමන් කැමති අනිකුත් ක්ෂේත්රවලින් ඉදිරියට යාමට බාධාවක් නොවන බව පවසන ඇය, ක්‍රීඩාවේ යෙදෙද්දීම තමන් කැමති නිරූපණ ක්ෂේත්රයට යොමුවුණු බව කියා සිටියාය. "ක්‍රීඩාවක් කළා කියලා අව්වේ හිටියා කියල ඒ දේවල් මගහැරෙන්නේ නැහැ" "මම නිරූපණ ක්ෂේත්රයට ගොඩක් ආසයි, ඉතින් මේකත් එක්ක, ඒකත් කරන්න මම අඩිය තියලා බැලුවා. පුළුවන් විදිහට හොඳ දේවල් හම්බවුනාම කරනවා" ඇය නිරූපණ ශිල්පිනියක් ලෙස කටයුතු කිරීම ගැන එළෙස පැවසුවාය. [IMG]https://ichef.bbci.co.uk/news/624/cpsprodpb/A743/production/_102191824_still0601_00035.jpg[/IMG] නිරූපණ ශිල්පිනියක ලෙස ඇගේ ඡායාරූප සහ ඇය රඟපෑ සංගීත වීඩියෝ දර්ශන නිතර ෆේස්බුක් සමාජ මාධ්‍යවල දක්නට ලැබේ. "ෆේස්බුක්වලින් නංගිලා කිහිප දෙනෙක්ම අහලා තියෙනවා, අපි කොහොමද පාපන්දු ක්‍රීඩාවට යොමුවෙන්නේ කියලා," සමාජ ජාලවල ඇති සිය ජනප්‍රියත්වය කාන්තා පාපන්දු ක්‍රීඩාව ප්‍රවර්ධනයට යොදාගැනීම ප්‍රවීනාගේ අරමුණ වී තිබේ. "මම දෙමාපියන්ගේ ඉල්ලන්නේ ඔයාලගේ දියණියන් ක්‍රීඩාවට යොමුකරන්න. ඒක කවදාවත් අහක යන්නේ නැහැ. නිරෝගී කමටත් එය බලපානවා" පාපන්දු ක්‍රීඩාවට නොහැකිනම්, වෙනත් ඕනෑම ක්‍රීඩාවකට පාසල් මට්ටමේ සිට තම දරුවන් යොමුකරන ලෙස ඇය දෙමව්පියන්ගෙන් ඉල්ලා සිටින්නීය. මේවන විට කාන්තා පාපන්දු ක්‍රීඩාවේ යෙදෙන ලෝකයේ රටවල් 117 ක් අතරින්, ශ්‍රී ලංකාවට හිමිව තිබෙන්නේ 103 වෙනි ස්ථානයයි. ප්‍රවිනාට අනුව ජාත්‍යන්තර තරග අඩුවීම නිසා ශ්‍රී ලංකාවට ශ්‍රේණිගත කිරීම්වලින් ඉදිරියට යාමේ අවස්ථාව අහිමිවී තිබේ. "දැන් 2018 වසර, 2016 වසරෙන් පස්සේ අපිට ජාත්‍යන්තර තරගයක් තිබ්බේ නැහැ. මටවත් මගේ දක්ෂතා කොහොමද කියල බලාගන්න බැහැ. අනිත් ක්‍රීඩිකාවන්ටත් එහෙමයි." මේ වසර අවසානයේ පැවැත්වීමට නියමිත දකුණු ආසියාතික ක්‍රීඩා උළෙල මීළඟට ශ්‍රී ලංකා කාන්තා පාපන්දු කණ්ඩායමට ඇති තරගාවලියයි. ත්‍රිවිධ හමුදාව පාපන්දු ක්‍රීඩිකාවන්ට රැකියා ලබාදී ඔවුන්ට දිනපතා පුහුණුවීම් කිරීමට අවශ්‍ය පහසුකම් ලබාදීම, අද ශ්‍රී ලංකාවේ කාන්තා පාපන්දු ක්‍රීඩාව රැකගැනීමට මහඟු දායකත්වයක් බව ප්‍රවීනා මල්කි පෙරේරා පැවසුවාය. "ආමි, නේවි, එයාර් ෆොස් නැත්නම් අද ලංකාවේ කාන්තා පාපන්දු නැහැ. ජාතික කණ්ඩායමක් පවා තියෙන්නේ ඒගොල්ලෝ හින්ද" මේ දිනවල ලෝකයේම කතාබහට ලක්ව තිබෙන ෆිෆා ලෝක පාපන්දු කුසලාන තරගාවලිය ගැන බීබීසී සිංහල සේවය සමග අදහස් දක්වමින් ඇය සිය කතා බහ අවසන් කළාය. "බ්‍රසීලය දිනයි කියල හිතුවේ හැබැයි, දැන් බලන කොට ස්පේන්, බෙලිජියම් වගේ රටවල් ඉදිරියෙන් ඉන්නව, අපි මේ තරග නරඹලා ගොඩක් දේවල් ඉගෙන ගන්නවා"[/SIZE] [B]SOURCE : [URL="https://www.bbc.com/sinhala/sport-44599635"]BBC Sinhala[/URL][/B] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom