lankawe wedipurama business websites hadanne wordpress wage CMS use karalada? ehema nethuwada?
PSD slice karala hadana websites walata wordpress wala bawithayak nedda?
PSD slice karala hadana websites walata wordpress wala bawithayak nedda?
eka developer matha depend wenawa.
hugak low budget developments karanne , wordpress, joomla wage CMS karala. Development time eka adui. customer ge requirement eka address wenawanam adu cost ekata, they are happy.
Amuthuwenma, php or html5 walin code karanda puluwan, habai ewwa, sillara walata wikunana eka padui,
normal static content thieyana site ekak CMS ekakin haduwa kiyala, eke quality eka bahinne na.
bump
CMS එකක් මත Base වෙන එකේ වාසි කීපයක් තියෙනවා.
1) කාලය අඩුවෙන් යන්නේ.
2) Content Manage කරන එක Client ට ම කරගන්න පුලුවන්.ඩිවලොපර් පස්සෙ යන්න ඕනෙ නෑ.
3) Wordpress වගේ CMS හොඳ Coding Standards වලට කරලා තියෙන්නේ. ඒ නිසා ස්පීඩ්, SEO වගේ දේවල් හොඳයි.
මම අන්තිමට Pure html/php site එකක් හැදුවෙ 2011. ඊට පස්සෙ ඉතිං එක එක ෆ්රේම්වර්ක්, CMS උඩ තමා මේ වෙනකල්.
දැන් නම් සයිට්ස් ගොඩක්ම හදන්නේ Wordpress උඩම තමා. Application එකක් ආවොත Wordpress උඩ හදන්න පුලුවන් නම් ඒකෙන් කරනවා. නැතිනම් Codeigniter , F3 වගේ Framework එකක් උඩ කරනවා. Pure PHP නම් නොකරන තරම්.
thanks machan. rep+
me gena nodanna nisa ahanne, static content ekak thieyana website ekak wenuwen wordpress wage database ekak use wena application ekak use karaddi security risks wedi wen nedda?
ඕකට ඔව් සහ නැහැ කියන උත්තර දෙකම දෙන්න පුලුවන්. Wordpress වල Vulnerabilities තියන Plugins තියනව අට්ටි ගහල ගිණි තියන්න තරම් තොගයක්. ඒ වගේම ජනප්‍රිිය Plugin වල නොහිතන වෙලාවට Vulnerabilities එන්න පුලුවන්. හැබැයි Database driven නිසාම Security risk එකක් තියනවා කියන්න බැහැ.
සයිට් එක හරියට Update කරලා Plugin භාවිතා කරද්දි ඒවායෙ Security ගැන පොඩි Research එකක් කරලා භාවිතා කලොත් Hack වෙන්න තියන සම්භාවිතාවය ලොකු ප්‍රතිශතයකින් අඩුකරගන්න පුලුවන්. මෙච්චර කාලෙකට මම සම්බන්ධ වෙච්චි CMS Driven සයිට්ස් දෙකයි හැක් වෙලා තියෙන්නේ. එකක් Joomla Base වෙබ් අැප්ලිකේෂන් එකක්. නම දාන්නෙ නෑ මෙතන. ඒක ලංකාවෙ කට්ටිය ටිකක් දන්න කියන සයිට් එකක්. අනික මගෙ Wordpress Site එකක්. හැක් උනා කිව්වට සයිට් එක කෙලවිලා ගියෙ නෑ. ඊට කලින් හොයාගත්තා exploit කරලා කියලා.
එහෙම CMS භාවිතා කරන්න කැමති නැතිනම් Jekyll වගේ Options තියනවා. ඒවගේ තියන ගැටලුව තමා ටිකක් Command line එක්ක එහෙම ඔට්ටු වෙන්න වෙන එක.
අනික Server side script එකක් බේතකටවත් Use කරන්න බැරි එක. Blog එකකට, තනිකරම Static site එකකට වගේ නං ඉතිං හොඳ Option එකක්. හැබැයි Content Update කරද්දි Client බුල කෙලියොත් බුදු සරණයි ඉතිං.

thawa deyak gena oyage adahasa dena ganna kemathi, wordpress.org wala thiyena free theams gena.
mewage aththatama security Vulnerabilities godak thiyenawada?
mama ahala thiyena widihata wordpress.org eke free theam ekak approve wenna kalin oya wge Vulnerabilities walata check wena honda process ekak thiyenawa. ithin e free theams use karana eka risky da?
ඒක මෙහෙමයි. Web application එකක Security එක ගත්තාම ඒක කාලයත් එක්ක වෙනස් වෙනවා. ඒ කියන්නේ අපිට “මෙන්න මේක හැමදාටම Secure“ කියල කියන්න බෑ.තාක්ෂණේ වෙනස් වෙද්දි, ඒ Software එක වර්ෂන් එකෙන් වර්ෂන් එකට අප්ඩේට් වෙද්දි exploits, Vulnerabilities ඇති වෙන්න පුලුවන්. ඔය Contact form 7 වගේ පට්ට ජනප්‍රිය Plugins වලත් කාලෙන් කාලෙට Vulnerabilities ඇවිල්ලා තියනවා. Developers ලත් මනුෂ්‍යෙයා්ය කියන දේ නිසා ඕක Develop කරන Devs ලට වැරදීම්, හිතන්නෙ නැති තැන් හරහා exploits ඇති වෙන්න පුලුවන්.
ඔයා කියන එක හරි. Wordpress වල තියන Plugins සහ Themes ඒ අය යම් ඇගැයීමකට ලක්කරලා තමයි දාන්නෙ. ඒ නිසා හැක්වෙන්න තියන ඉඩකඩ අඩුයි. නමුත් තමන් දැනගන්න ඕන කාලෙන් කාලෙට තමන්ගෙ සයිට් එකේ තියන තීම්ස් , ප්ලගින්ස් ගැන අවධානෙන් ඉඳලා ඒවගෙ updates කිරීම්, Vulnerabilities patch කිරීම් එහෙම නැතිනම් විකල්ප භාවිතයන් සිදුකරන්න. හොඳ තීම් තියනවා. ගොඩක් Premium themes වල Free versions තියනවා.
හොඳ Free themes තියනවා. මේ තියෙන්නේ මම Highly recommend කරන Free Theme එකක්.
https://presscustomizr.com/
මේකෙ Paid version එකකුත් තියනවා Features වැඩි.
නමුත් වාණිජ පරමාර්ථයෙන් නම් සයිට් එක කරන්නෙ මම Recommend කරන්නේ
Custom Theme එකක් හදාගන්න එක. මොකද තමන්ගෙ Business එකේ Online Presence එක තමයි වෙබ් සයිට් එක කියන්නේ. ඒක Customers ලා තුල ඇති කරන Impression එක වැදගත්.ඒක තමන්ටම කරගන්නත් පුලුවන්. එහෙම කරන්න බැරි නම් එක්කො Premium theme එකක් ගන්න පුලුවනි. නැතිනම් Dev කෙනෙක්ව Hire කරනන පුලුවන්.
Theme එකක් හදාගන්න ඕනි නම් Theme frameworks Use කරන්නත් පුුලුවන්. Roots, Cherry , නැතිනම් Genesis වගේ.
එහෙම කරන්න මුදල් නොමැති නම් මම අර උඩ දාපු ලින්ක් එකේ තියන තීම් එක වගේ එකක් භාවිතා කරලා ඒක Customize කරලා Unique Look and Feel එකක් එන්න හදාගන්න පුලුවන්. මතක ඇතිව Mobile Responsiveness කියන දේ තීම් එකේ තියනවද කියල බලන්න ඕනි. මොකද 50% වඩා වැඩිපුර දැන් Internet එන්නේ Mobile devices වලින් නිසා.