World English Academy - Salli Sorry සල්ලි සොරි
දෙමවුපියෝ තමන්ගේ දරුවන්ට උගන්වන්න ඕනෑම කැපකිරීමක් කරන්න සුදානම් බව අපි කවුරුත් දන්නවා. බොහෝවිට මධ්‍යම පාන්තික සහ අඩු ආදායම් ලාභී දුප්පත් දෙමවුපියන් තම දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් කරන සටන ලොව අන් කිසිවකට දෙවෙනි නොවේ. එදා වේල යන්තමින් පිරිමසා ගෙන දරුවන්ට උගන්වන්නේ ඔවුනට පැහැබර අනාගතයක් ලබාදෙන්නයි. අපි විඳින දුක අපේ දරුවෝ විඳින්න ඕන නෑ. ඒක තමයි මේ අසරණ දෙමව්පියන්ගේ එකම පැතුම.අවාසනාවකට අපේ රටේ පාසල් අධ්‍යාපනය අද දවස වන විට බොහෝ දුරට පිරිහී ගිහින්. දරුවෙකුට හොඳ පාසලක් ලබා ගන්නවා කියන එක හතරවෙනි ඊළාම් යුද්ධයක් කිව්වොත් හරි. පාසල්වල උගන්වන දෙය ඇත්තෙන්ම ප්‍රමාණවත් නෑ වගේම ගුණාත්මකවත් අඩුයි. ඒ නිසා දෙමවුපියෝ තම දරුවන්ට පුද්ගලික අංශයේ අධ්‍යාපනයක් ලබාදෙන්න උත්සුක වෙනවා. මෙය ඉතාම තරඟකාරී දෙයක්. පුද්ගලික අධ්‍යාපන ආයතන අතර හොඳ ආයතන වගේම නරක ආයතනත් තියෙනවා.
World English Academy කියන්නේ මේවා අතර තිබෙන ඉතාම පහත් ගනයේ හොර ගුහාවක් බව සාක්ෂි සහිතව දැනගන්න ලැබුණා. දෙමවුපියන්ට වගේම දරුවන්ට දහසකුත් පොරොන්දු ලබාදෙමින් ඔවුන්ගෙන් මුදල් ලබාගන්නා මොවුන් ඊට සරිලන නිසි අධ්‍යාපනයක් ලබා දෙන්නේ නැහැ. ඔවුන්ගේ ඊනියා ප්‍රවීණ ආචාර මඩුල්ලේ බොහෝ දෙනෙකු අඩුම වශයෙන් උසස් පෙළ හෝ සමත් වුවන් නොවන බව දැකගත හැකියි. ගොඩනැගිලි තුල කිසිදු පහසුකමක් නැහැ. නිට්ටඹුවේ ප්‍රධාන කාර්යාලයට ගියාම ආයතන හිමියා දෙමවුපියන්ට මුහුණ නොදී හැංගෙනවා. අන්තිමට දරුවන්ට අධ්‍යාපනයත් නෑ, දෙමවුපියන්ගේ මුදලුත් නෑ. මෙහි තිබෙන පුදුම සහගත දේ තමයි මේ ඉංග්‍රීසි අධ්‍යාපන ජාවාරමට එරෙහිව කිසිදු වගකිවයුතු ආයතනයක් ක්‍රියාමාර්ග නොගැනීම. මේ පොස්ටුව කියවන එලකිරියන්ගෙන් ඉල්ලන්නේ ඔබ මේ සම්බන්ධයෙන් යම් බලපෑමක් කිරීමට හැකි කෙනෙක් නම් මේ අහිංසක දරුවන් සහ දෙමවුපියන් වෙනුවෙන් ඉදිරිපත්වෙලා යම් නීතිමය ප්‍රවේශයක් ලබාදෙන්න. බෝම පිං වැඩක්.

Last edited: