රජය සහ පෞද්ගිලක අංශය විසින් තරඟකාරී ලෙස වී මිලදී ගැනීම හේතුවෙන් අද වන විට වී මිල අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් තිබෙන බව වාර්තා වේ.
පවතින මිල ගණන් අනුව තමන්ට රජය නිකුත් කළ සහතික මිලට සහල් අලෙවි කිරීමට නොහැකි බව කුඩා මෝල් හිමියන් පවසයි.
රජය වී කිලෝවක් සඳහා රුපියල් 50 ක සහතික මිලක් නියම කළ ද එම මිල අභිබවා යමින් පෞද්ගලික අංශය වී කිලෝවක් රුපියල් 55 - 60 ත් අතර මිලකට නාඩු සහ සම්බා මිලදී ගනු ලබයි.
එවැනි පසුබිමක රජයද වී සඳහා පැනවූ සහතික මිල අතහැර තරඟකාරී ලෙස වී මිලදී ගැනීමට තීරණය කළේය.
මේ අතර, ජාතික ගොවිජන එකමුතුව මාධ්‍ය හමුවකදී සඳහන් කළේ රජය සහ පුද්ගලික අංශය අතර ඇතිවී ඇති වී ඇති වී මිලදී ගැනීමේ තරඟය නිසා සහල් මිල පාලනය කළ නොහැකි බවය.