ඒක තමයි මෙතන මාකටින් ට්‍රික් එක. මතු පිටින් බලන කෙනෙකුට ගැඹුරු බවක්, ගෞරවාර්ථයක් පේන විදිහට ටැග්ලයින් එකක් හදලා තිබීම.බුද්ධ කියන වචනය අතිශය ගෞරවාර්ථයෙන් භෞතික වස්තු හා සම්බන්ධව සිංහලයේ භාවිතා වෙනවා...
පරණ ගද්‍ය කාව්‍ය කියවපු අයට ඕන තරම් ඒ විදියට සාහිත්‍යයම අවස්තාවන්වලට යොදාගත් අවස්තා තියෙනවා...
යම්කිසි වචනයකට වෙනත් රසයක් දෙන්න බුද්ධ කියන වචනය පරණ සාහිත්‍යයේ යොදාගන්න ඇති. අදත් තියෙනවනේ
බුදු ෆිට් එක
බුදු ගේමක් දුන්නා
හක්කේ බුදු රැස් කියලා
මන් කියන්න හැදුවේ උඩින් දාපු වචනවලට වඩා අමුතු ගැඹුරක්වත් ගෞරවාර්ථයක්වත් කලාත්මක බවක්වත් අර ටැග්ලයින් එකේ නැහැ කියන එක. ඉස්සර සාහිත්‍යයේ නම් කලාත්මකබවක් වත් තියෙන්න ඇති. ඔබතුමා උදාහරණ ටිකක්වත් දැම්මනම් බලාගන්න තිබුනා.
