You Must See This!

Mal Bada

Member
Mar 13, 2010
2,104
79
0
Hope of food for the ocean of hunger...... But with handful to offer......
386101_279526682096483_201722303210255_666674_2034100317_n.jpg


බානෙන් බැඳ රජ රට පෙදසින්නේ
කෝච්චියේ හිර ගෙයි ලැග එන්නේ
පිහියේ මුවහත ගෙල සිඹ ගන්නේ
උදයෙම මේ කය නිසසල වන්නේ....

ඇගේ කිරෙන් බෝදිය දොවන්නේ
උගේ මැඩූ බත දනට පුදන්නේ
උගේම හම බෙර හඬට බදින්නේ
උන් බැදී ගැල් බැඳ පන්සල් යන්නේ........

කිරි රස දන්නෝ මවු හඳුනන්නෝ
බත් රස දන්නෝ කෙත් හඳුනන්නෝ
බුත් සහ කිරි රස දෙකම නොදන්නෝ
මිනිසත් බව ලබා කුමට උපන්නෝ.......

ලේ කිරි අයිතිය වැහුපැටියන්නේ
දම්සක්වල ගල වැදී බිදෙන්නේ
ඒ කිරි උදුරා බිවු මිනිසුන්නේ
හිත්වල ඇයි කළ ගුණ නොරැදෙන්නේ...