නිවසේ පරිගණකය ක්‍රියාත්මක කරවීමට විදූලියට සම්බන්ධ කරන්නට යාමේ අනාරක්ෂිත ලෙස එය සිදූ කරන්නට යාමෙන් මාදම්ප ප්‍රදේශයේ ගිම්හාන් ෂාමින්ද නමැති 21 හැවිරිදි තරුණයෙකු පසුගියදා අවාසනාවන්ත ලෙස මියගියා
කිතුණු බැතිමතකු වූ ඔහු පසුගිය මහ සිකුරාදා දිනයේ සිය මෑණියන්ගේ අවශ්‍යතාවයකට පරිගණකය ක්‍රියාත්මක කරවන්නට උත්සාහ කර තිබෙනවා
මවට ගීතිකා අසන්නට අවශ්‍ය බව කී විට මං කොම්පියුටරෙන් දාන්නම් කියා කොම්පියුටරය තිබෙන කාමර මේසයට යාබදව තිබෙන කුස්සියට ප්ලග් වයරය ඇද එය එහි සවිකරන්නට උත්සාහ කර තිබෙනවා
මේ අවස්ථාවේ මේසයේ තිබෙන සම්බන්ධක ප්ලග් ගොනුවේ වයර් පිළිස්සෙමින් ගිනි පුපුරු නගන හඩක් ඇසුණ නිසා ඒ වෙත ගිය නිවැසියන්ට දක්නට ලැබී ඇත්තේ ප්ලග් එක ගහන්නට ගිය ෂාමින්දට විදූලි සැර වැදී ඔහු කුස්සියේ වැටී සිටින අයුරුය
ඒ අවස්ථාවේත් කොම්පියුටරය අසළින් ගිනිපුපුරු නැගුණ නිසා වහාම නිවසේ ප්‍රධාන විදූලි සැපයුම් ස්විච්චය නිවා ෂාමින්ද බේරාගන්නට නිවැසියන් උත්සාහ කර තිබෙනවා
සිහිසුන්ව සිටි ෂාමින්ද මාදම්පේ පර්යන්ත රෝහලට රැගෙන යන්නට කටයුතු කළ නමුත් ඒ වනවිටත් ඔහු මියගොස් සිටි බව වාර්තා වුණා
පරිගණක හසුරුවන්නට සමතෙකු බව කියන ෂාමින්ද මේ ආකාරයට කාලයක් තිස්සේ විදූලිය සම්බන්ධ කරගෙන එය ක්‍රියාත්මක කරතිබුණ බව වාර්තා වුණා ඔහු සුපුරුදූ ලෙස එය පණගන්නවන්නට උත්සාහ කරන විට මේ විදූලි සැර වැදූනේ පරිගණකයේ සම්බන්ධක වල තිබුණ දෝෂයක් නිසාද නැතිනම් ප්ලග් එක ගසද්දී ඔහුගේ අත විදූලියට පමණට වඩා නිරාවරණයවීම නිසාද යන්න පැහැදිලි නැත
ඔහුට විදූලිය වැදූණ ආකාරය පිළිබඳ පොලිසිය පරීක්ෂණ පවත්වනවා
source: gossiplanka