ඔබ නිතරම ආතතියෙන් පෙළෙනවද

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,850
    11,543
    113
    Colombo
    🙄ඔබ නිතරම ආතතියෙන් පෙළෙනවද?

    ආතතිය කියන්නේ මොලයේ සෞඛ්‍යයට ප්‍රධාන වශයෙන් බලපෑම් ඇති කරන නැත්නම් සංකූලතා ඇති කරන්න පුළුවන් තත්ත්වයක් ...

    කුඩා ආතතිකාරී තත්වයන්ගේ සිට නිධන්ගත ආතති වඩා හොඳින් කළමනාකරණය කරන්න උපදෙස් 5ක් තියෙනවා කියලත් ස්නායු වෛද්යවරු කියනවා.
    එහෙනම් අපි ආතතිය අඩු කරන්න ඕන කොහොමද කියලා බලමුද..?

    දිගටම තියෙන ආතතිය හදවතට, මොළයට, හැමදේකටම නරකයි. ඒක නිසාම හොඳ ආතති කළමනාකරණ ක්‍රම හඳුනාගෙන ඒවා අනුගමනය කරන එක වැදගත්. ආතතියෙන් කොටිසොල් වගේ හෝමෝන නිකුත් කරන එක වැඩිවෙනවා... ඒ කෝටිසෝල් වැඩිවෙන එක.
    එහෙම එක දිගටම වෙද්දි මතකය, ඉගෙනීම, තීරණ ගැනීම වගේ දේවල් වලට බාධා වෙන්න පුළුවන්.

    නිදන්ගත ආතතිය නිසා ආබාධ ඇති කරන අතර ස්නායු ස්නායු ක්‍රියාකාරිත්වයටද බාධා කරයි. මේ නිසා කාංසාව (anxiety), මානසික අව පීඩනය (depression) , වගේම ඇල්සයිමර් Alzheimer වගේ රෝගවලට ගොදුරු වෙන්න පුළුවන්.

    ඒ වගේම මොළයේ තීරණ ගැනීම සහ චිත්තවේග පාලනය වලට බලපාන කොටස් වල ක්‍රියාකරිත්වය අඩුවෙන්න පුළුවන්.

    ඒ නිසා ආතතිය පාලනය කර නොගත්තොත් දිගුකාලීනව බලපෑම් ඇති වෙනවා.

    ඉතින් මෙම ආතතිය පාලනය කරන්න පුළුවන් ක්‍රම 5ක් ගැන අපි විමසා බලමු:

    1. පළවෙනි එක තමා සිහිකල්පනාව පවත්වා ගැනීම සහ භාවනා කිරීම.
    හැමදාම දවසට මිනිත්තු 10-15 වත් නිවැරදිව භාවනා කරන්න
    මේකෙන් කෝටිසෝල් (cortisol) මට්ටම අඩු වෙනවා. මනසේ සංසුන් බව වැඩිවෙනවා. සතිමත්බව පුහුණු කිරීමෙන් මානසිකව ඔරොත්තු දීමේ හැකියාව වැඩිකරනවා. අවධානය තියුණු වෙනවා.

    2. ව්‍යායාම කිරීම.

    ශාරීරික ව්‍යායාම කියන්නේ හොඳින්ම ආතතිය අඩු කරන ක්‍රියාකාරකමක්. ඇවිදින එක, යෝග අභ්‍යාස හෝ ජිම් යන එක, මානසික අව පීඩනය සහ කාන්සාව අඩු කරනවා.

    ඒ වගේම මොළයේ හිතකර රසායනිකයක් වන එන්ඩෝෆින් මට්ටමත් වැඩිවෙනවා.

    3. තුන්වෙනි එක. හොඳ නින්දක්……………..
    නිතරම එකම වේලාවට නිදාගන්න. ඒ වගේම සන්සුන් නිදන කාමරයක් හදාගන්න. මතක තියාගන්න අපිට හොඳට නින්ද යනවා නම් ආතතිය අඩුවෙනවා.

    4. අපි හොඳට කන්න ඕනා ඒ කියන්නෙ අපිට සමබර පෝෂණයක් ඕනා.

    පලතුරු, එළවළු, Omega-3 තියෙන ආහාර (මිදි, කොළ මාළු වගේ) දේවල් වැඩිපුර කන්න.
    කැෆේන්, සීනි, වගේ දේවල් තියෙන කඩ කෑම අඩු කරන්න.

    5. අන්තිම ක්‍රමය තමා... සමාජ සම්බන්ධතා හොඳින් පවත්වා ගැනීම.

    නිතරම මිතුරන් එක්ක කතා කරන්න. පවුලේ අය සමඟ කාලය ගත කරන්න.
    හොඳ සමාජ සහයෝගය සහ සම්බන්ධතා ආතතියේ බලපෑම්වලින් අපිව ආරක්ෂා කරනවා.

    අවශ්‍ය නම් වෛද්‍යවරයකු හෝ මනෝ උපදේශක වරයෙක් හමු වී කතා කරන්න. ලැජ්ජා වෙන්න දෙයක් නෙමේ, එකෙන් අපිට මානසික සහනයක් වගේම විවිධ ගැටලු වලට මුහුණ දීමට ඕන කරන ධෛර්යය වැඩි කරනවා..
    හැමෝටම අභියෝග, ප්‍රශ්න තියෙනවා. ඒවාට මුහුණ දෙන්න ආතතිය දුරු කිරීමට ක්‍රමානුකූලව පුරුදු වෙමු....

    වෛද්‍ය ශෂික ධනංජය 🕊 Pigeons and Eagles Life Coaching Platform 🦅

    #stressrelief #pigeonsandeagleslifecoaching #motivation #motivationalspeaker #motivationalquotes
     
    meknick29

    Well-known member
  • Feb 5, 2012
    2,682
    893
    113
    Friends Hello GIF by AOK Niedersachsen
     
    • Like
    Reactions: NRTG

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,867
    1
    60,760
    113
    Mother Earth
    මානසික ආතතියට හොඳ solution එකක් තමයි ශුක්‍ර මෝචනය කිරීම. මම ගිහිල්ලා අතේ පාරක් ගහල එන්නම්. 🤷‍♂️
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    1. පළවෙනි එක තමා සිහිකල්පනාව පවත්වා ගැනීම සහ භාවනා කිරීම.
    හැමදාම දවසට මිනිත්තු 10-15 වත් නිවැරදිව භාවනා කරන්න
    මේකෙන් කෝටිසෝල් (cortisol) මට්ටම අඩු වෙනවා. මනසේ සංසුන් බව වැඩිවෙනවා. සතිමත්බව පුහුණු කිරීමෙන් මානසිකව ඔරොත්තු දීමේ හැකියාව වැඩිකරනවා. අවධානය තියුණු වෙනවා.

    2. ව්‍යායාම කිරීම.

    ශාරීරික ව්‍යායාම කියන්නේ හොඳින්ම ආතතිය අඩු කරන ක්‍රියාකාරකමක්. ඇවිදින එක, යෝග අභ්‍යාස හෝ ජිම් යන එක, මානසික අව පීඩනය සහ කාන්සාව අඩු කරනවා.

    ඒ වගේම මොළයේ හිතකර රසායනිකයක් වන එන්ඩෝෆින් මට්ටමත් වැඩිවෙනවා.

    3. තුන්වෙනි එක. හොඳ නින්දක්……………..
    නිතරම එකම වේලාවට නිදාගන්න. ඒ වගේම සන්සුන් නිදන කාමරයක් හදාගන්න. මතක තියාගන්න අපිට හොඳට නින්ද යනවා නම් ආතතිය අඩුවෙනවා.

    4. අපි හොඳට කන්න ඕනා ඒ කියන්නෙ අපිට සමබර පෝෂණයක් ඕනා.

    පලතුරු, එළවළු, Omega-3 තියෙන ආහාර (මිදි, කොළ මාළු වගේ) දේවල් වැඩිපුර කන්න.
    කැෆේන්, සීනි, වගේ දේවල් තියෙන කඩ කෑම අඩු කරන්න.

    5. අන්තිම ක්‍රමය තමා... සමාජ සම්බන්ධතා හොඳින් පවත්වා ගැනීම.

    නිතරම මිතුරන් එක්ක කතා කරන්න. පවුලේ අය සමඟ කාලය ගත කරන්න.
    හොඳ සමාජ සහයෝගය සහ සම්බන්ධතා ආතතියේ බලපෑම්වලින් අපිව ආරක්ෂා කරනවා.

    අවශ්‍ය නම් වෛද්‍යවරයකු හෝ මනෝ උපදේශක වරයෙක් හමු වී කතා කරන්න. ලැජ්ජා වෙන්න දෙයක් නෙමේ, එකෙන් අපිට මානසික සහනයක් වගේම විවිධ ගැටලු වලට මුහුණ දීමට ඕන කරන ධෛර්යය වැඩි කරනවා..
    හැමෝටම අභියෝග, ප්‍රශ්න තියෙනවා. ඒවාට මුහුණ දෙන්න ආතතිය දුරු කිරීමට ක්‍රමානුකූලව පුරුදු වෙමු....

    ඔය ඔක්කොම කරලත් Generalized Anxiety Disorder, Depression තියෙනවා. 🥀

    ඔය මොනා කරත් හරියන්නැහැ බන්. පොඩි කාලේ හැදුන වටපිටාවත් එක්ක, මුහුන දීපු අත්දැකීම් එක්ක තමයි පස්සේ කාලෙක ඔය disorders එන්නේ. Poison Tree එකක් වගේ තමයි. පොඩි කාලේ පැල කරපු බීජ වලින් ලොකු වෙද්දි ගහ ලියලලා එනවා.
     
    • Like
    Reactions: NRTG