කෙනෙකුට තමන්ගේ ජීවිතය නැවත ගොඩනගා ගන්න

chathura414

Well-known member
  • Jan 2, 2014
    6,216
    8,212
    113
    M-Town
    FB_IMG_1591116388192.jpg


    වම්පස ඡායාරූපය...

    ඔව් ඒ ඉන්නේ මම දිළිඳු කමේ අන්තයට වැටී හිටපු කාලේ... හොදටම වැහැරිලා, එතකොට මගේ ඇඟේ මුළු බර රත්තල් 93යි... මට ඉන්න ගෙයක් දොරක් තිබුණේ නෑ.... ජීවත් උනේ මාර්ගවල කඩ පිළවල්වල තැනින් තැන... ජීවත් උනේ හෙටක් ගැන හිතන්නේ නැතුව, කාත් කවුරුවත් නැතුව තනිවම... ජීවිතය, සමාජය ගැන නිතරම බයෙන්, සැකෙන් සහ ශරීර වේදනාවන්ගෙන් හෙම්බත් වෙමින් මට කාළය ගත කරන්න උනා... නිතරම හිටියේ මෙත් සහ හෙරෝයින් කියන මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා... කොයි මොහොතක හෝ පැමිණෙන මරණය වෙනුවෙන් මම නිතරම සූදානම් වෙලා හිටියා... ඒ වෙනකොට මට බැක්ටීරියාවකින් ආසාදනය වන 'එන්ඩොකාර්ඩයිටිස්' නම් රෝග තත්වයද උත්සන්නවී, එය මගේ හදවත දක්වා පැතිරී ගොස් හදවතේ සිදුරක් පවා ඇතිවී තිබුණා... මේ හැම දෙයක්ම නිසා ජීවිතය ගැන තිබූ ආසාවන් අතහැර මම ටිකෙන් ටික මරණයට ලංවෙමින් හිටියා. මේ පින්තූරය ගත්තේ මගේ මව විසින්. ඇය මා ගැන ආරංචි වී මාව මේ ජීවිතයෙන් බේරාගෙන යාමට පැමිණි දින මෙය ඇය විසින් ගනු ලැබුවා...

    දකුණු පස ඡයාරූපය...

    මේ පින්තූරය ගත්තේ මම, ඒ අද රෑ... පින්තූරය ලස්සනට ගන්න ඕනි කියලා පින්තූරය එක එක අතට ගන්න Angles ගැන වැඩිය හිතන්නේ නැතුව ඔහේ ගත්තා... මේ පින්තූරෙන් මම කොච්චර සතුටෙන් ඉන්නවද කියලා ඔයාලට පෙන්නන්න ඕනකම විතරයි මට තිබුණේ... මාස 9කින් පස්සේ ලබාගත්ත පිරිසිදු ජීවිතයක්... මම මගේ ජීවිතේ බේරගන්න මාස ගණනාවක් රෝහලේ දැඩි සත්කාර ඒකකයේ සෑහෙන සටනක් දුන්නා... මට කරපු හෘද සැත්කම් කීපයකින්ම මම මගේ ජීවිතය බේරා ගත්තා... මගේ ඇඟේ තිබුණු බරට වඩා තවත් අමතර රාත්තල් 40ක් මම වැඩිකර ගත්තා... ජීවත්වෙන්න තැනක් ගෙයක් දොරක් දැන් මට තියෙනවා... මගේ ජීවිතේ මට නැවත ගොඩනගා ගන්න මගේ පවුලේ අය මට ගොඩාක් උදව් කරනවා. මගේ පුසෝ දෙන්නා මාව ආදරෙන් බලාගන්නවා...

    මගේ කලින් පින්තූරයත් මම පළකලේ ඒකේ වැදගත් කමක් තිබුණ නිසා... මගේ ජීවිතයේ අතීත කතාව ඔබට වැදගත් වේවි කියලා හිතපු නිසා... කෙනෙකුට තමන්ගේ ජීවිතය නැවත ගොඩනගා ගන්න පුළුවන්... ඒක හරියට කරගන්න පුළුවන් නම් ඔබ වඩාත් වාසනාවන්තයි... ඒක ඔබට කරන්න පුළුවන්... ඒක ඔබට ගොඩාක් ප්‍රයෝජනවත් වගේම ඔබගේ ජීවිතයටත් එය ගොඩාක් වැදගත් දෙයක්...
    Amber Hoffman - ඇම්බර් හෝෆ්මන්...

    - ධම්ම්ක සමරතුංග -