ගෙම්බෙක්ව පෑගුණා.. සසර දුක නව කතාව..

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,764
    1
    60,485
    113
    Mother Earth
    ඊයෙ රෑ මට ගෙම්බෙක්ව පෑගුණා. මැරුනෙ නැති වුණාට කකුල් කැඩුණා. ඒත් ඉතින් ඌ මැරුණා හා සමානයි. කතාව මේකයි. නින්දට යන ගමනුත් මතක් වුනේ මේක. නින්දට පෙර හැමදාම අතේ පාරක් ගහන මම ඊයෙ රෑ අතේ පාරක් ගහන්න හැදුවත් හිත එක අරමුණකට ආවෙ නෑ. මේකයි..මට හිතුනෙ..
    රෑ 9:00ට විතර ඇති. හොඳටම වැස්ස. කොම්පියුටරේ දාන් ෆිල්ම් එකක් බලන අතරෙ හුජ්ජ බරයි නිදි මතයි දෙකම ආවා. ඉතින් නිදි මත වැඩි නිසා කොම්පියුටරේ ෂට් ඩවුන් කරලා මම චූ කරන්න ගියා. පිටිපස්සෙ ඉස්තෝප්පුව කෑල්ලෙ ලයිට් එක දාන් එළියෙ ටොයිලට් එකට තමයි යන්න ගියේ.(වහල යටින් ටොයිලට් එක පැත්තට නොතෙමී යන්න පුළුවන්.) ඉස්තෝප්පුව කෑල්ලෙ ලයිට් එක දැම්මා ළයිට් එක ගැහෙන්න ගත්තා(ඒත් කවදාවත් එහෙම ලයිට් එක ගැහෙන්න අරන් නෑ.). ලයිට් එක CFL එකක්. ටිකක් පරණයි. ඉතින් ලයිට් ඩිම් වෙන නිසා හරියට එළිය වැටෙන්නෙ නෑ. බාගෙට කරුවල/එළිය තියෙද්දි මම ටොයිලට් එක පැත්තට ගියා. පාපිස්ස උඩ ගෙම්බෙක් ඉඳලා කකුලට පෑගුණා. හිතට හරිම දුකයි.

    මම රෑ නිදා ගන්න කලින් කල්පනා කරේ මේකයි. ඌගෙ "කරුමය" ගැළපුන හැටි පුදුමයි.
    1. ඌට ගේ ඇතුලට එන්න හේතුව ඒ වෙලාවෙ වැස්ස නිසා. එහෙම ඇවිත් පාපිස්ස උඩටම එන්න හේතුව..
    2. ලයිට් එක ගැහෙන්න හේතුව.. (ලයිට් එක ගැහුණෙ නැති වුණා නම් මට ඌව පේන්න තිබ්බා)
    3. මට ඒ වෙලාවෙම නිදි මත/චූ බර ආවෙ නැත්තම් ඌ සමහර විට වෙන තැනකට යා ගන්න තිබ්බා.
    4. ගේ ඇතුලෙ බාත්රූම් එකට නොයා මට එළියෙ ටොයිලට් එකට යන්නම හිතුණා.
    5. මගේ පියවර තැබීමේ දුර සීමාවට හරියටම ගැළපෙන පෑගෙන ස්ථානයකම ඌ හිටියා.

    මේ පොඩි දේ ගැන මට ඊ්යෙ රෑ තදින්ම හිතුණා. සියළුම අවස්ථා සසම්භාවීව(randomly) ගැළපීමෙන් ඌට මරණය උදා වුණා. පුදුමයි මචන්. අපි නොහිතන දේවල් කොච්චර ඇතිද ? ඔයාලට හිතෙන දේ කියන් යන්න...


    තව ටිකකින් මම "LAXAPANA" LED බල්බ් එකක් ගේන්න යනවා. ආයෙ නම් ගෙම්බො තියා කූබියෙක්වත් පෑගෙන්නෙ නැති වෙයි. අනික කල් පැවැත්මත් හොඳයි අවුරුදු දෙකක වගකීමකුත් දෙනවා.
    ------ Post added on Mar 16, 2021 at 11:20 AM
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,869
    113
    Fantasy
    තව ටිකකින් මම "LAXAPANA" LED බල්බ් එකක් ගේන්න යනවා. ආයෙ නම් ගෙම්බො තියා කූබියෙක්වත් පෑගෙන්නෙ නැති වෙයි. අනික කල් පැවැත්මත් හොඳයි අවුරුදු දෙකක වගකීමකුත් දෙනවා.
    මෙය laxapana led දැන්වීමක් බව සලකන්න.
    පේනවා නේද අපේ හදවතටම තට්ටු කරලා කරපු මාකටින් පාර.
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මට එකපාරක් තක්කාලි ගෙඩියක් පෑගුනා කලුවරේදි, එක කකුලකට පෑගුනම ජිරිස් ගාලා අනිත් කකුල නෑවිලා ගියා තක්කාලි ඉස්මෙන්

    ලයිට් එක දාලා බැලුවම ගෙම්බෙක්, බඩවැලුත් එලියට පැනලා උගෙ.
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,923
    1
    12,229
    113
    අදාළ නෑ නේ
    උගේ කර්මේ තමා බන්
    මගේ අතිනුත් දොරට අහුවෙලා හූනො මැරිල තියනව සමහර වෙලාවට
    දකිනකොට ඌට වෙන්න ඕන දේ වෙලා ඉවරයි. මොනව කරන්නද ඉතින් :-(:-(:-(
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,109
    1
    100,799
    113
    34
    Kalutara
    උගේ කර්මේ තමා බන්
    මගේ අතිනුත් දොරට අහුවෙලා හූනො මැරිල තියනව සමහර වෙලාවට
    දකිනකොට ඌට වෙන්න ඕන දේ වෙලා ඉවරයි. මොනව කරන්නද ඉතින් :-(:-(:-(
    ජනෙල් වල දාරේ ඕන තරම් හූනු ඇට සැකිලි තියෙනවා අපේ ගෙදර. 😣
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,821
    3,852
    113
    Delaware
    ඉතින් බන් ඔය වගේ කොච්චර සිද්දි වෙනවා ඇත්ද ඔහොම වෙන් නැතුව මිස් වෙන. අපි ඒවා ගැන කතා කරන් නැ නේ. ඔහොම දෙයක් උනොත් විතරයි අපි ඒ ගැන හිතන්නේ. වාහන ඇක්සිඩන්ට් එකක් ගැන හිතුවහම්ත් ඔය වගේනේ කොච්චර ඒවා මිස් වෙනවා ඇත්ද එක එක හේතු හින්දා.
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,468
    4,468
    113
    මට දෙපාරක් සර්පයෝ මරන්න සිද්ධ උනා. එකෙක්නම් එළියේ හිටියේ අනිත් එකා ගේ ඇතුලේ හිටියේ. දැන් අවුරුදු ගානක් වෙනවා මට තාම මතක් වෙනව ඒ සර්පයෝ ඩෙන්න මැරෙද්දි උන්ගේ මූණු තිබ්බ විදිහ. මට මර දුකක් දැනෙනවා ඒක මතක් වෙද්දි. මහා පවක් කලා වගේ ගතියක්. මට බය මැරෙන්න යන වෙලාවට චුති සිත විදිහටත් ඕක මතක් වෙයිද කියලා.