තලේබාන් ෆැන්ටසි පිළුණු වීමේ ආරම්භය

lovethebomb

Well-known member
  • Apr 18, 2015
    4,771
    9,134
    113

    ඇෆ්ගනිස්තානයේ ගිනි ගන්නට නියමිතවූ අළු යට ගිනි

    මාලන් රොෂාන්


    C9E87AF5-24CC-44BD-820C-AA59D5074514.jpeg


    1979දී නත්තල් දින සන්ධ්‍යාවේ, සෝවියට් හමුදාව ඇෆ්ගනිස්තානයට සේන්දු වූයේ, එවකට ඇෆ්ගන් කොමියුනිස්ට් ආණ්ඩුවේ නව නායක, 'බබ්රාක් කාමල්' තමන්ට ඇෆ්ගනිස්තානයට ඇතුළු වෙන ලෙස ඉල්ලීමක් කළ බව කියමිනි. මිලිටරි නායකයන් ගෙන් සමන්විත එම වාමාංශික ආණ්ඩුව, ඇෆ්ගන් ආණ්ඩුව පෙරලමින්, බලය අල්ලා ගන්නා ලද්දේ ඊට වසරකට පෙර 1978 දීය. එදින සිට අවුරුදු හතළිස් දෙකක් වන අද දින දක්වා ඇෆ්ගනිස්තානයේ යුධ ගිනි නොනිවී පැවතිනි.

    සෝවියට් හමුදාව ඇෆ්ගනිස්ථානයට පැමිණියේ, කොමියුනිස්ට් විරෝධී ඇෆ්ගන් මුස්ලිම් ගරිල්ලන් මැඩ පවත්වීමට යැයි ප්‍රකාශ කළහ. එම ගරිල්ලන් නමින් මුජහදීන්ය. ඉස්ලාමීය ශුද්ධවූ සටන්කරුවන් හෙවත් මුජහදීන්ට, ඇමරිකාව විසින් අවි ආයුධ, මුදල් ආධාර ලබා දුන්හ. ඇමෙරිකාවට අවශ්‍ය වූයේ කොමියුනිස්ට් ආණ්ඩුව පෙරළා, සෝවියට් සහයෙන් යුතු කොමියුනිස්ට් ආණ්ඩු, ප්‍රදේශයේ ආධිපත්‍යය පැතිරීම වැළැක්වීමටය. ඇමරිකානු ආණ්ඩුව මුජහදීන් සටන්කරුවන්ට උපකාර කොට සෝවියට් හමුදාව සමග සටනේ යෙදවූ බව, අද දින වන විට තවදුරටත් උපකල්පනයක් නොව පිලිගත් සත්‍යයකි.

    එවක ඇමරිකානු ජනාධිපති රොනල්ඩ් රේගන් 1983 දී මුජහදීන් ගරිල්ලන්ව ධවල මන්දිරයට කැදවා, ඔවුන්ව Freedom Fighters හෙවත් නිදහස සඳහා සටන්කරුවන් ලෙස හඳුන්වනු ලැබීය. 1986 සැප්තැම්බරයේදී ඇමරිකානු ආණ්ඩුව මුජහදීන් සටන්කරුවන්ට ගුවන් යානා බිම දමන මිසයිල සපයන ලදී. ඔවුන්ගේ සටන් හමුවේ 1989 දී, සෝවියට් හමුදාව ඇෆ්ගනිස්ථානයෙන් පරාජය වී පසුබැසීය.

    1992 වනවිට මුජහදීන් සටන්කරුවන් කාබුල් අගනුවර අල්ලා ගන්නා ලදී. නමුත් ඔවුන් අතර, බලය සම්බන්ධයෙන්වූ එකඟතාවයකට පැමිණීමට හැකි වූයේ නැත. මුජහදීන් සටන්කරුවන් කණ්ඩායම් වශයෙන් බෙදී එකිනෙකා සමඟ සටන් ඇති කර ගතහ. ඔවූන් කාබුල් අගනුවර විනාශ මුඛයට යැවූ අතර 50,000 සාමාන්‍ය ජනතාව සටන් වලට ගොදුරු වී මිය ගියහ.

    මේ අතර අද දිනය හා සම්බන්ධ වැදගත්ම සිදුවීම සිදු වන්නේ 1994ය. එනම් 'තලේබාන්' නමින් හැඳින්වෙන කණ්ඩායම දකුණු කන්දහාර් ප්‍රදේශයේ බලය අත්පත් කරගෙන, දරුණු ඉස්ලාම් නීතියට යටත්ව පලාත පාලනය කිරීමට පටන් ගැනීමයි. ඉන් වසර දෙකකට පසු 1996 දී තලේබාන් කණ්ඩායම කාබුල් නගරය අත්පත් කර ගත්හ. මුල්ලා මොහොමඩ් ඕමාර් තලේබාන් කණ්ඩායමේ නායකත්වයට පත්විය. ඔහුගේ ඉස්ලාම් මූලධර්මවාදී නායකත්වය යටතේ, කාන්තාවන්ගේ වැඩ කිරීමේ අයිතියත්, ගැහැනු ළමුන්ට වැඩි දුර ඉගෙන ගැනීමෙහි අයිතියත් අහෝසි කර දැමීය. ප්‍රසිද්ධ ස්ථානවල දඬුවම් දීම පෞරාණික ක්‍රමය නැවත ස්ථාපනය කරන ලදී. 2001දී තලේබාන්වරු ඇෆ්ගනිස්තානයේවූ බුද්ධ ප්‍රතිමා ඩයිනමයිට් දමා පුපුරුවා හැරියහ.

    ඇෆ්ගනිස්තානය හා සම්බන්ධ දෙවැනි වැදගත්ම සිදුවීම 2001 සැප්තැම්බරයේදී සිදුවෙයි. එනම් ගුවන් යානා දෙකක් නිව්යෝක් නුවර ලෝක වෙළඳ මධ්‍යස්ථාන ගොඩනැගිලි ද්විත්වය පුපුරවා හැරීමයි. ප්‍රහාරය සඳහා වගකීම පැවරුණේ අල්කයිඩා සංවිධානයටය. ඔවුන් තලේබාන් පාලනය හා සම්බන්ධ බව තහවුරු කරන ලදී. ප්‍රහාරයට වග කියනා, අල්කයිඩා නායක බින් ලාඩන් තමන් වෙත ලබාදෙන මෙන් ඇමරිකාව, තලේබාන් නායක මුල්ලා ඕමාර් ගෙන් ඉල්ලා සිටියහ. නමුත් මුල්ලා ඕමාර් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.

    එහි අතුරු ඵලයක් ලෙස 2001 දී ඇමරිකාව ඇතුළු රටවල් කීපයකින් සමන්විත හමුදාවක් ඇෆ්ගනිස්ථානයට ඇතුළු විය. මුල්ලා ඕමාර් කන්දහාර් ප්‍රදේශයෙන් පලා ගිය අතර තලේබාන් ආණ්ඩුකරණය එතැන් සිට නීත්‍යානුකූලව බිඳවැටිණි.

    ඇෆ්ගනිස්තානයෙහි වසර ගණනාවකට පසු 2004දී ජනාධිපතිවරණයක් පැවැත්විණි. 'හමීඩි කර්සායි' මහජන ඡන්දයෙන් දෙවරක් 2004 හා 2009 දී ඇෆ්ගනිස්තානයේ ජනාධිපති බවට පත්විය. 2011 වන විට අල්කයිඩා නායක බින් ලාඩ්න් මියගිය බව ඇමරිකාව ලෝකයට දැනුම් දුනි. මුල්ලා ඕමාර් 2013 දී ක්ෂය රෝගයෙන් මිය බවත් ප්‍රකාශ විය.

    ඇමරිකානු හා නේටෝ හමුදා තම ඇෆ්ගනිස්ථානු සටන අහවර කල බව 2014 දී වන විට දැනුම් දුනි. නමුත් එවක අමෙරිකානු ජනාධිපති බැරැක් ඔබාමා ප්‍රකාශ කළේ, තලේබාන් හා අල්කයිඩා සංවිධාන වලට එරෙහිව සටන්, තමන් තවදුරටත් පවත්වා ගෙන යන බවය. 2015 සිට 2018 දක්වා කාල පරාසය තුල තලේබාන් සටන්කරුවන් ඇමරිකානු හමුදාවට එරෙහිව දිනපතා ප්‍රහාර දියත් කල අතර ඔවුන් ඇෆ්ගනිස්ථානයෙන් අඩකට ආසන්න ප්‍රදේශයක තම බලය ව්‍යාප්ත කර ගනු ලබීය.

    2018 සැප්තැම්බරයේදී ඇමරිකානු හමුදා තම රටට රැගෙන එන බව ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රතිඥා දෙනු ලැබීය. මේ අතර 2019 දී වර්තමාන ඇෆ්ගන් ජනාධිපති ආශ්රෆ් ගානි බලයට පත්වේ. 2020දී ඇමරිකන් හමුදාව තම රටට කැඳවාගෙන ඒම සඳහා ගිවිසුම්, ඇමරිකාව හා තලේබාන් අතර දෝහා කටාර් වල සිදු කළහ.

    2020 සැප්තැම්බර් සිට 2021 පෙබරවාරි දක්වා තලේබාන් හා ඇෆ්ගන් ආණ්ඩුව අතරත් සමගි ආණ්ඩුවක් සඳහා කටාර් වල සාකච්ඡා පැවැත් විය. නමුත් ඒවා නිම වූයේ අසාර්ථක වීමෙනි. ඇෆ්ගන් ජනාධිපති ආශ්රෆ් ගානි, තලේබාන්වරැ හා පවතින ආණ්ඩුව අතර සමගි ආණ්ඩුවකට විරුද්ධ වුණි.

    2021 අප්‍රේල් මාසයේදී ඇමරිකානු ඉතිරි භට කණ්ඩායම තම රටට රැගෙන එන බව ජෝ බයිඩන් ප්‍රකාශ කරන ලදී.

    එතැන් සිට තලේබාන් සටන්කරුවන් ටිකෙන් ටික තම බල ප්‍රදේශය ඇෆ්ගනිස්ථානය තුළ ව්‍යාප්ත කර ගත්හ. 2021 අගෝස්තු මාසයේදී 16 වන දින කාබුල් නගරයේ බලය අවුරුදු 25කට පසු නැවත තලේබාන් සටන්කරුවන් අල්ලා ගනු ලැබීය. ඇෆ්ගන් ජනාධිපති ආශ්රෆ් ගානි ලේ හැලීමකට තමන් ඉඩ නොදෙන බව කියමින් කාබුල් නගරයෙන් පලා යයි.

    මේ මෙතෙක් සිදු වූ සිදුවීම් වල ඉතා කෙටි සාරාංශයකි.
    ---------------------

    සිදුවීම් මෙසේ වන විට අප වර්තමාන තත්වය විශ්ලේෂණය කරන්නේ කෙලෙසද? අද දිනවන විට පැන නැගී ඇති කණගාටුදායක තත්ත්වය ගැන වග කිය යුත්තේ කවුද? ඇමරිකාවද? එවක කොමියුනිස්ට් සෝවියට් පාලනයද? මුස්ලිම් මූලධර්මවාදීන් වන තලේබානුවන්ද?

    මීට වසර හැත්තෑවකට පමණ පෙර සිට එනම් 50 දශකයේ හා 60 දශකයේ ඇෆ්ගනිස්ථානයේ තිබුණේ, සාපේක්ෂ ලෙස අනෙක් මත ඉවසන යහපත් ආණ්ඩු ක්‍රමයකි. පාරම්පරික අදහස් හා නව අදහස්, විශාල විරෝධයකින් තොරව ඇෆ්ගනිස්ථානයේ ව්‍යාප්ත වෙමින් පවතිනි. එකල කාන්තාවන් සඳහා නිදහස සැලකිය යුතු ලෙස උල්ලංඝනය වී තිබුණේ නැත. කාන්තාවන් සඳහා ද්විතීය හා විශ්ව විද්‍යාල අධ්‍යාපනය පැවතිණි. මින් කාබුල් නගරය විශේෂය. කාන්තාවන් සදහා මුහුණ වැසෙන බුර්කාව අනිවාර්ය වූයේ නැත. ඇෆ්ගනිස්ථානයේ රජු, මොහොමඩ් සහීර් ෂා, බටහිරට සමීප ලිහිල් ලිබරල් පාලන තන්ත්‍රයක් ගෙන ගියේය.1960 දශකය පමණ වන විට ඇෆ්ගනිස්තානය නවීකරණ යුගයට අවතීර්ණ වී තිබිණි. ඇමරිකාවෙන් හා සෝවියට් සමූහාණ්ඩුවෙන් ඇෆ්ගනිස්ථානයේ අධිවේගී මාර්ග ඉදිකිරීම් හා ආයෝජන වෙනුවෙන් ණය ආධාර ලැබිණ.

    කණගාටුවකට මෙන් 1970 දශකයේ ආණ්ඩු අල්ලා ගැනීමේ කුමන්ත්‍රණ හා සිවිල් යුද්ධ විසින් ඇෆ්ගනිස්තානය අගාධයට ගෙන යෑමේ මුල් පියවර තබන ලදී. ඇෆ්ගනිස්තානය අගාධයට ගෙන යෑමේ වගකීමට ඇමරිකාව පමණක් නොව සෝවියට් රුසියාවත් වගකිව යුතුය. ඔවුන් අතර සිදු වූ සීතල යුද්ධයේ ගොදුරක් බවට ඇෆ්ගනිස්ථානය පත්විණි.

    ඇෆ්ගනිස්ථානයේ 90 දශකය පමණ වනවිට නැවත මූලධර්මවාදය පැන නගින්නේ ඇයි? විදේශ පාලනයක් ක්‍රියාත්මක වන රටක, එහි ස්වදේශීකයින් කැරලි ගසනා බව නොරසකි. යටත්විජිත යුගයන් වලින් නිදහස් වූ සෑම රටකම මෙම ස්වදේශිකයන්ගේ නැගිටීම දැකගත හැකි විය. නමුත් එසේ සටන් කළ ස්වදේශිකයන් හා ඇෆ්ගන් තලේබාන් සටන් කරුවන් අතර වෙනසක් ඇත. තම රටවල් නිදහස් කර ගැනීමට සටන් කළ සටන්කරුවන් මෙහෙය වූයේ ජනතාවගේ අයිතිවාසිකම් ලබා ගැනීමේ ලිබරල් අරමුණුත් පෙරදැරි කරගෙනය.

    හොඳින් නිරීක්ෂණය කරන්නෙකුට අසුවන පලවෙනි කරුණ නම් මූලධර්මවාදය වෙනුවට ඇෆ්ගනිස්තානයේ සමාජය ප්‍රගමනය දක්වා යැවීමට සමත් ලිබරල් වමක් ඇෆ්ගනිස්ථානයෙන් අතුරුදහන් වී ඇති බවයි.

    ලෝක ඉතිහාසය පුරා රටවල් වල සමාජ ප්‍රගමනය දක්වා රැගෙන ගොස් ඇත්තේ ලිබරල් වමයි. ලිබරල් වම යනු, වමට කිට්ටු මැද ආස්ථානයකි. මොවුන් ධනවාදය ප්‍රශ්න නොකරන අතර මානව අයිතීන්, වැඩකරන ජනතාවගේ අයිතීන් ආදිය ලබා ගැනීමට සටන් කරයි. මෙය රැඩිකල් වමද නොවේ. සමාජවාදී විප්ලවය සිදු කළ යුතු බව කියන්නේ රැඩිකල් වමයි. රැඩිකල් වම සමාජ ප්‍රගමනය දක්වා ගෙන ගිය උදාහරණ බොහෝ නැති බැවින් අප එය දැනට නොසලකා හරිමු. ලෝක සමාජය දක්ෂිණාංශික මතවාදවලින් ප්‍රගමනය කරා ගෙන නොගිය බවත්, අධ්‍යනය කරන්නෙකුට, මේ වන විට වැටහී තිබිය යුතුය.

    ඇෆ්ගනිස්තානයේ අභාග්‍යයට ලිබරල් වමේ අඩුව ඉස්ලාම් මූලධර්මවාදයෙන් ආවරණය වීමට පටන් ගති. තාලිබානුවන් අද දින වන විට, හයවන ශ්‍රේණියෙන් පසු කාන්තාවන්ට අධ්‍යාපනය තහනම් කරන බව දන්වා සිටියි. සිනමාව හා සංගීතය ඔවුනට තහනම්ය. අවුරුදු 15ට වැඩි ගැහැනු දරුවන් හා අවුරුදු 45ට අඩු වැන්දඹුවන් වහාම ඇෆ්ගන් සටන් කරුවන් හා විවාහ ගිවිස ගන්නා ලෙස දැනුම් දී ඇත. කාන්තාව සිය මුහුණ වැහෙන ලෙස බුර්කාව පැළඳිය යුතුය. කාන්තාව පිරිමියාගේ අවශ්‍යතා පමණක් ඉටු කරයි. මේවා උල්ලංඝනය කළහොත් ප්‍රසිද්ධියේ කස පාර දෙන බව දන්වා සිටී.

    තලේබාන් මූලධර්මවාදීන් බටහිර ලිබරල් සමාජය කෙසේදැයි දනියි. එහි කාන්තාවන් හා පිරිමින් සාපේක්ෂ ලෙස නිදහසේ ජීවත් වන බව ඔවුනට පෙනේ. සමස්තයක් ලෙස ලෝකයේ ධනවාදී ආර්ථික ක්‍රමය හොබවන සමාජය, කොතරම් ආර්ථික අසමානතාවයක් මත පදනම් වුණත්, ඔවුනට එය පෙනෙන්නේ තමන්ට වඩා පියවරක් ඉහළින් ඇති සමාජයක් ලෙසය. සත්‍ය වශයෙන්ම ඔවුනට ඇත්තේ තමන්ට ළඟාකර ගැනීමට නොහැකි ත්ත්වයක ඊර්ෂ්‍යාව, ප්‍රචණ්ඩත්වයක් දක්වා විකාශනය වීමක් දැයි අපට සැක සිතේ.

    බටහිර සමාජයේ කාන්තාවක් ඇඟ නිරාවරණය වූ ඇඳුමක් ඇඳගෙන යන විට සමාජය ඔවුන් දෙස වැරදි ලෙස නොබලන බව මූලධර්මවාදීන්ට ඒත්තු ගැන්වීමට යෑම මුළාවකි. එය මුළාවක් වන්නේ, මූලධර්මවාදීන් මේ වන විටත්, එය එසේ යැයි හොඳාකාරවම දන්නා බැවිනි. මූලධර්මවාදීන්, එම සමාජය ලබා ගැනීමට තරග කිරීම පසෙකලා ඔවුන්, යුරෝපයේ දොළොස් වැනි සියවසේ මෙන් පැවති සමාජ නීති සහිත පෞරාණික යුගයකට පසුබැස ඇත. ඔවුන්ට ළඟාකර ගත නොහැකි තත්වය හමුවේ ඔවුන් පසුබසින්නේ, ගෝලීය ආර්ථික තරගකාරීත්වයට මුහුණ දීමට නොව, මුස්ලිම් මූලධර්මවාදයටය. එය ගෝලීය ධනවාදයේ පසමිතුරුතා වලට ඔවුන්ගේ විසඳුමය.

    ඔවුන් කිසිවිටෙකත් අවසාන ප්‍රතිඵලය කෙරෙහි තම අවධානය යොමු කිරීමට උනන්දු වූයේ නැත. එනම් ඔවුන්ගේ මූලධාර්මික අදහස් මත හැදෙන අවසාන සමාජය කෙසේ වේදැයි කියා විශ්ලේෂණය කර බැලීමට ඔවුන් උනන්දු වූයේ නැත. ඔවුන්ට ගෝලීය ධනවාදය හා කරට කර වැඩ කිරීමට හැකි වේ දැයි කල්පනා කර බැලූවේ නැත. ඒ වෙනුවට ඔවුන් ඉතිහාසය පුරාම, තම අවධානය යොමු කළේ, තමන් කැමති සමාජය ලබා ගැනීමට ඇති බාධාවන් කෙරෙහිය. විටෙක ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල කර ලෝක වෙළඳ මධ්‍යස්ථානය බිඳ හෙළන්නේ කෙසේදැයි අති සූක්ෂම ලෙස කල්පනා කරයි. විටෙක විශාල ගණනක් ජනතාව මියයන ලෙස බෝම්බ පුපුරුවා හරින්නේ කෙසේදැයි අති සූක්ෂම ලෙස කල්පනා කරයි. මේ ලක්ෂණය සිංහල බෞද්ධ මූලධර්මවාදීන් ගේද දැකගත හැකිය. එක්තරා පුද්ගලයකුට අවශ්‍ය වූයේ සිරිපාදයට නගින කන්දේ ඇති මුස්ලිම් නමක් ඉවත් කිරීමටය. නමුත් මෛත්‍රිය ප්‍රධාන වන බෞද්ධ සමාජයක ජීවත්වීම ඔවුනට අවශ්‍ය නොවේ.

    ලෝකයේ සිටින්නේ මුස්ලිම් මූලධර්මවාදීන් පමණක් නොවේය. ක්‍රිස්තියානි, බෞද්ධ, යුදෙව් විරෝධී, White Supremeist ආදි මූලධර්මවාදීන් ලෝකයේ දැනටමත් ක්‍රියාත්මක වේ. මූලධර්මවාදියා ශුද්ධවූ ග්‍රන්ථයක හෝ ආගමික නිකායක ඉගැන්වීම් කෙරෙහි, දිවිහිමියෙන් විශ්වාසය තබයි. විටෙක ලෝකයේ ඇතිවන සියළු විද්‍යාත්මක ප්‍රගමනයන් තම ශුද්ධ වූ ග්‍රන්ථය හෙවත් කුරානයේ ඇති බව ඔවුන් කියා සිටියි. නැතහොත් සියල්ල බයිබලයේ මුල සිටම කියා ඇත.

    මූලධාර්මික වාදියා සමග සාකච්ඡා කිරීම බොහෝ අසීරු කාර්යයකි. ලැකෙනියානු මනෝවිශ්ලේෂණ අර්ථයෙන් ඔවුනට කියවිය හැකි වන්නේ, ඔවුන් 'Pervert' හෙවත් විපරීතයන් කියාය. මනෝවිශ්ලේෂණ අර්ථයෙන් 'විපරිතයන්' යනු සමාජයට පටහැනි ලිංගික ක්‍රියාවන් ප්‍රසිද්ධියේ කරන්නන් නොව, විපරීතයන් යනු 'මහා අනෙකාගේ දැනුම' තමන් හොඳාකාරවම දන්නා යැයි කියන්නාටය.

    continued...
     
    Last edited:

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,771
    9,134
    113
    උදාහරණයකින් පැහැදිලි කළහොත්, ඔවුන් මහා අනෙකෙකු වන 'දෙවියන්ගේ කැමැත්ත' කුමක්දැයි හරියටම දනී. දෙවියන් කැමති දේ මෙය වේ යැයි ඔවුන් අනුමානයෙන් විශ්වාස නොකරන අතර දෙවියන් කැමති කුමක්දැයි ඔවුන් සැකයකින් තොරව දනී. මෙම ලක්ෂණය විපරීත ලක්ෂණයක් යැයි මනෝවිශ්ලේෂණය පැහැදිලි කරයි.

    කාන්තාවක් බුර්කාව නොපැළඳුවොත් ඇයට දිය යුතු දඬුවම ඔවුන් ගෙනෙන්නේ, එය ඔවුන්ගේ දඬුවමක් කියා නොව, එය දෙවියන්ගේ දඬුවම කියාය. සොරකමක් කළ තැනැත්තෙකුගේ අත කපන්නේත් එය දෙවියන්ගේ දඬුවම කියාය. එනම් දෙවියන්ගේ දැනුමට තමන්ට Direct Access ඇති බව ඔවුන් පිළිගනී.

    මොවුන් සමග සාකච්ඡා කර, ඔවුන් අපගේ මතයට නම්මවා ගන්නට අපහසු වන්නේ, අපගේ අදහසට ඔවුන් එකඟ වුවහොත්, ඔවුන් දන්නවා යැයි කියන දෙවියන්ගේ හෝ බයිබලයේ හෝ වෙනත් ආගමික ග්‍රන්ථයක පරම දැනුමකින් ඔවුන් ඈත්වී, පරිපූර්ණ නොවන, අපට ඇති දැනුමකට ඔවුනට එකඟවීමට වන නිසාය. එසේ වුවහොත් ඔවුන් පිටුපාන්නේ දෙවියන්ගේ දැනුමටය.

    මූලධාර්මික සමාජයක් පිළිබඳ වූ ෆැන්ටසිය විසින්, මූලධර්මවාදියා ඒ සඳහා තවදුරටත් වැඩ කිරීම සඳහා පොළඹවයි. ඔවුන් නොනවත්වා වැඩ කළේ එම ෆැන්ටසිය ලබාගැනීමටය. දැන් වී ඇත්තේ ෆැන්ටසිය යථාවක් බවට පත්වීමයි. එනම් ඔවුන් ඇෆ්ගනිස්ථානය අල්ලාගෙන ඇත. ෆැන්ටසිය යථාවක් බවට පත්වීමට නමක් ඇත. එයට ඉංග්‍රීසියෙන් කියන්නේ Nightmare කියාය. එනම් ෆැන්ටසිය ලබා ගැනීමට ඉඩ නොදුන් බාධාව ඉවත් වීමෙන් ෆැන්ටසියත්, බාධාවත්, ආශාවත් යන තුනම නැති වී යයි.

    (මෙය තේරුම් ගැනීමට ප්‍රසිද්ධ කතාවක් කියනවා නම්, ගෝඨාභය වෙනුවට සජිත් ජනාධිපති වූවා යැයි සිතා ගැනීමයි. එසේ වූවා නම්, ගෝඨාභය කෙරෙහි මිනිස්සු සියයට සියයක විශ්වාසය තවදුරටත් තබා ගන්නවා ඇත.)

    ඇමරිකාව, ලෝක සාමය තම ආර්ථික වාසිය උදෙසා බරපතළ ලෙස උල්ලංඝනය කර ඇති බව මේ වනවිට නොරහසකි. එලෙසින්ම ඇමරිකාව හා රුසියාව, ඇෆ්ගනිස්තානයේ වර්තමාන තත්ත්වය සඳහා සෘජුව වගකිව යුතු වුණත්, ඇමෙරිකාවට, රුසියාවට, හෝ සෙසු ලෝකයට පමණක් චෝදනා එල්ල කර ප්‍රශ්නය අපට අමතක කිරීමට අපට නොහැකිය. එසේ වගකීම අනෙකෙක් වෙත පැවරීමෙන්, අද දින සිදු වී ඇති සමාජ අගතිය කෙරෙහි වූ වගකීමෙන්, තලේබාන් මූලධර්මවාදියා අප නිදහස් කළා වෙයි. එසේ කිරීමට ඔවුන් අහිංසක නැත.

    තලේබානුවන් ඝාතනය කර ඇත්තේ ඇමරිකානු සොල්දාදුවන් 2000 ආසන්න ප්‍රමාණයක් බව සත්‍යයකි. නමුත් ඔවුන් ඇෆ්ගන් වැසියන් ලක්ෂයකට වැඩි ප්‍රමාණයක්ද ඝාතනයට ලක් කර ඇති බැව්ත් අමතක කළ යුතු නැත. තලේබානුවන්, තම රටෙහි සමාජ ප්‍රගතිය ඉදිරියේදී හෝ ලබා ගනීද යන සැක සහිත ප්‍රශ්නයට පිළිතුර එතැන ඇත.

    ලෝකයේ රටවල් ඇෆ්ගන් ප්‍රශ්නයට මැදිහත් විය යුතුද, නැද්ද යනුවෙන් අද දින තීරණය කිරීම ඉතා අසීරු කාර්යයකි. විදේශ හමුදාවන් ඇෆ්ගනිස්තානයේ රැඳී සිටි කාලය තුළ, අඑ යටලු අඟුරු මෙන් තලේබාන් සටන්කාමීන්, සිය ඉස්ලාම් මූලධාර්මික දේශයක් සඳහා වූ ආශාවත්, ෆැන්ටසියක් යටපත් කරගෙන සිටියහ. එක සටන්කරුවකු මියගිය පසු, ඔහුගේ සපත්තු දෙක පය ලා ගැනීමට තවත් සටන් කරුවෙකු සැදී පැහැදී සිටිනා බව, නිව්යෝක් ටයිම්ස් පුවත් පතට තලේබාන් මූලධාර්මවාදීන් මේ ලඟදි ප්‍රකාශ කරන ලදී. එම නිසා බටහිර යුධ ශක්තිය යොදවා හදිසියේ ඇෆ්ගනිස්තානය හොඳ තත්වයකට ගෙන ඒම, ප්‍රශ්නය තවත් කාලයකට පමා කිරීම වැනිය. හමුදාවන් ඉවත් වූ පසු, අළු යට වූ අඟුරු ගිනිදැල්, නැවත මතු වෙන්නක් මෙන් සටන් කරුවන් නැවත එලි බහී.

    තම ෆැන්ටසිය තහවුරු කරගත් ඔවුන් අසාර්ථක වෙනතෙක් අප ඉවසීම එක විසඳුමකි. නමුත් ඔවුන් අසාර්ථක වී මහජන උද්ඝෝෂණ ඇතිවන දිනය ළඟාවන්නේ හරියටම කවදා දැයි අප දන්නේ නැත. ඒ වන තෙක් ගෙවන වන්දිය ගෙවන්නේ මානව හිමිකම් අහිමිවන අසරණ ජනතාවය. දුක් විඳින්නේ තම මූලික අයිතීන් අහිමි වූ කාන්තාවන්ය.

    සත්‍ය වශයෙන්ම කළ යුත්තේ කුමක්දැයි තීරණය කරන්නට අපට හදිසි විය නොහැක්කේ මෙය සංකීර්ණ ගැටළුවක් වන නිසාය. ප්‍රශ්නය විසඳීමට මීට වඩා හොඳ විසඳුම් තිබෙනවා දැයි අප දන්නේ නැත...
     

    The Chairman

    Well-known member
  • Jan 24, 2012
    2,362
    3,754
    113
    70
    Baiyanta උනත් දැන් ඔය සෙතේම තමා
    දෙයක් කියලා පැහැදිලි කරන්න බෑ

    අන්තිමට තලේබාන් තමා හොදටම කරේ 👀
     
    • Haha
    Reactions: EnIgma001

    hansanax

    Well-known member
  • Dec 7, 2007
    485
    537
    93
    ඇමරිකන් හමුදාව අවුරුදු 20 විතර ලංකාවට බෝම්බ අතඇරිය නම් උබල අපි හැමෝමත් අද වෙද්දි "බෞද්ධ සිංහල මූලධර්මවාදී" එහෙම නැත්නම් වෙන මොකක් හෝ ජාතියක අන්තවාදීන්
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,771
    9,134
    113
    ඇයි මුජයිදීන්ල ඇමරිකාවට ගහන්න ඕනි කියලා තීරණය කරන්නේ
    නෛසර්ගික බටහිර විරෝධය මතු වීම. ඒක හැමදාම තිබුන උන්ගෙ සංස්කෘතික කෑල්ලක් නේ. මධ්‍යකාලීන යුගයෙ තිබුන ශ්‍රේෂ්ඨත්වය කරා ආපහු යායුතුය කියල මුස්ලිම් ලෝකය සංවිධානාත්මකව ජාතිකවාදී ව්‍යාපාර වලට හැරුන කාලෙ තමයි ඔය.
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,771
    9,134
    113
    ඇමරිකන් හමුදාව අවුරුදු 20 විතර ලංකාවට බෝම්බ අතඇරිය නම් උබල අපි හැමෝමත් අද වෙද්දි "බෞද්ධ සිංහල මූලධර්මවාදී" එහෙම නැත්නම් වෙන මොකක් හෝ ජාතියක අන්තවාදීන්
    ඔව්. මේක ඇත්ත. තග දැමීමම උත්ප්‍රේරකයක්.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,381
    100,271
    113
    ඕව තේරෙන්න නන් මෙහෙත් ඔහොම වෙන්න ඕනි. ඔය කාලකණ්ණින්ට සප් එකක් දෙන උන් ඉන්නව ටිකක් පස්සට ගිහින් බැලුවොත් පාස්කු ප්‍රහාරය වෙනුවෙන් යුතුකම ඉටුකරමු වගේ පෝස්ටුත් උන්ගෙ වෝල් වල හොයාගන්න පුලුවන්. මොන ජාතියෙ තණකොළ කණ උන්ද කියල තමා හිතාගන්න බැරි.
     
    • Haha
    Reactions: Honda.putha

    hansanax

    Well-known member
  • Dec 7, 2007
    485
    537
    93
    ඔව්. මේක ඇත්ත. තග දැමීමම උත්ප්‍රේරකයක්.
    අයිඩියොලොජි වල එල්ලිලා වාද කරන එක හෙන ගොන් බ්‍රෝ
    ඊට යටින් තියන භෞතික යතාර්තය වෙනස් වෙනකොට ඔය මොන මූලධර්ම වාදයත් වෙනස් වෙනව

    අවුරුදු 20 ක් තමන්ගෙ රටට ආක්‍රමණික හමුදාවක් ඇවිල්ල බෝම්බ දාද්දි ඒ මිනිස්සුට ලිබරල් වෙන්න කියල අපි ලංකාවෙ ඉඳල කියන එකේ පදනම මොකද්ද
    හෙනම ගොන් තර්ක බන් මෙව්ව
    ------ Post added on Aug 17, 2021 at 1:25 PM
     
    • Like
    Reactions: castellain

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,381
    100,271
    113
    ඇමරිකන් හමුදාව අවුරුදු 20 විතර ලංකාවට බෝම්බ අතඇරිය නම් උබල අපි හැමෝමත් අද වෙද්දි "බෞද්ධ සිංහල මූලධර්මවාදී" එහෙම නැත්නම් වෙන මොකක් හෝ ජාතියක අන්තවාදීන්
    ඇමරිකාව මේ කරපු වැඩේට කොහොමත් හොදම එකෙන් කයි. උන් තමා සෑහෙන සපෝට් එකක් දීල තියෙන්නෙ තලේබාන් උන්ට මේ වගේ ලෙවල් එකකට එන්න. අහින්සක මිනිස්සුන්ගෙ ඔළුවලට බෝම්බ අත අරිද්දිම උන් තලේබාන්ලට 100ක් විතර එකතු කරල ඉවරයි.

    බෞද්ධ උන්ව මැනිපියුලේට් කරන්න අමාර්‍යි ජිහාඩ් වගේ දේකට. ඔච්චර වාත වෙන මියන්මාර් ප්‍රශ්න වල උනත් මේ තම්බි ලෙවල් එකේ අන්තවාදී බෞද්ධ සෙට් එකක් හදාගන්න බැරි උනානෙ.
     
    • Like
    Reactions: Didy

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,771
    9,134
    113
    ඇමරිකාව මේ කරපු වැඩේට කොහොමත් හොදම එකෙන් කයි. උන් තමා සෑහෙන සපෝට් එකක් දීල තියෙන්නෙ තලේබාන් උන්ට මේ වගේ ලෙවල් එකකට එන්න. අහින්සක මිනිස්සුන්ගෙ ඔළුවලට බෝම්බ අත අරිද්දිම උන් තලේබාන්ලට 100ක් විතර එකතු කරල ඉවරයි.

    බෞද්ධ උන්ව මැනිපියුලේට් කරන්න අමාර්‍යි ජිහාඩ් වගේ දේකට. ඔච්චර වාත වෙන මියන්මාර් ප්‍රශ්න වල උනත් මේ තම්බි ලෙවල් එකේ අන්තවාදී බෞද්ධ සෙට් එකක් හදාගන්න බැරි උනානෙ.
    මාත් හිතන්නෑ ජිහාද් එකකට අපි යයි කියල. ඉන්දියානු අර්ධද්වීපයේ මිනිස්සුන්ගෙ තියෙන සාපේක්ෂ නන්-වයලන්ට් ගතියට ස්තූතිවන්ත වෙමු. ඒ කාලෙ ක්ලැසික් සුදු ඉතිහාසඥයො ඉන්දු-නිම්න ශිෂ්ඨාචාර වලින් හැදුන සමාජ හැඳින්නුවෙම "feminine cultures” කියලනෙ. මේ ටර්ම් එක PC නැති නිසා දැන් පාවිච්චි වෙන්නෙ නෑ ඒත් ඒක ඇත්තටම ප්‍රශංසාවක් විදිහටයි අපි ගන්න ඕනෙ.

    මැදපෙරදිග අවුල මොහොතකට මුස්ලිම් ලෝකයෙ සහ ඇමරිකාවෙ මාචො පිරිමි ඊගො වලට ඌනනය කරන්නත් පුලුවන්. තකට තක ඒ අතින්.

    අපි එහෙම නොවෙයි කියල ලොකුවටම කියන්නත් බෑ නේද. මට නම් ඒ ලඟට යන සිංහල බෞද්ධ තලේබාන් (හෙලේබාන්?) ගති පෙන්නුව අපි යම් කාලයකට කලින්. රිස්ක් ගන්න බෑ. නිරන්තරයෙන් ක්‍රිටිකල් වීම වැදගත් වෙන්නෙ ඒ නිසා.
     
    Last edited:
    • Like
    Reactions: Didy and KandyMalli

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,771
    9,134
    113

    අවුරුදු 20 ක් තමන්ගෙ රටට ආක්‍රමණික හමුදාවක් ඇවිල්ල බෝම්බ දාද්දි ඒ මිනිස්සුට ලිබරල් වෙන්න කියල අපි ලංකාවෙ ඉඳල කියන එකේ පදනම මොකද්ද
    හෙනම ගොන් තර්ක බන් මෙව්ව
    ------ Post added on Aug 17, 2021 at 1:25 PM

    එහෙම කියලනම් නෑ කොතනවත්

    ???
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,381
    100,271
    113
    මාත් හිතන්නෑ ජිහාද් එකකට අපි යයි කියල. ඒ ඉන්දියානු අර්ධද්වීපයේ මිනිස්සුන්ගෙ තියෙන නන්-වයලන්ට් ගති නිස, ඒ කාලෙ ක්ලැසික් සුදු ඉතිහාසඥයො ඉන්දු-නිම්න ශිෂ්ඨාචාර වලින් හැදුන සමාජ හැඳින්නුවෙම "feminine cultures” කියලනෙ. මේ ටර්ම් එක PC නැති නිසා දැන් පාවිච්චි වෙන්නෙ නෑ ඒත් ඒක ඇත්තටම ප්‍රශංසාවක් විදිහටයි අපි ගන්න ඕනෙ.

    අපි එහෙම නොවෙයි කියල ලොකුවටම කියන්නත් බෑ නේද. රිස්ක් ගන්න බෑ. නිරන්තරයෙන් ක්‍රිටිකල් වීම වැදගත් වෙන්නෙ ඒ නිසා.
    ලන්කාවෙ තිබ්බ යුද්ධ ගත්තොත් මෙහෙ අය යුද්ධ කරල තියෙන විදි එහෙම ගොඩක් රලුයි කියන්නත් පුළුවන් විශේෂයෙන් පෘ තුගීසින්ට එහෙම යුද්ධවලද සලකපු විදිය. ඒව ඔක්කොම සිද්ද වෙන්නෙ රටට තර්ජනයක් ආව වෙලාවට විතරයි. ගිහින් උන්ගෙ රටේ තැන් තැන් වල බෝම්බ තියන්න වගේ දේකට මිනිස්සු වෙනස් කරගන්න අමාර්‍ය් අපේ තියෙන සන්කෘතික කාරණා එක්ක.
    හැබැයි හරි නිලේ ඇල්ලුවොත් සුද්දට උනත් රටේ පාලනය ගන්න පුළුවන්. මෙහෙ මිනිස්සුන්ට ලේ බැදීම් වලට වඩා දැනෙන දේවල් තමා දළදා වහන්සෙ ශ්‍රී මහා බෝධිය, රුවන්වැලි සෑය වගේ කාරණා. ඕව යූස් කරල මේ මිනිස්සු රවට්ටන්ත් ලේසියි ඕනිම වර්ගේ එකෙක්ට.

    අවුරුදු 20 ක් තමන්ගෙ රටට ආක්‍රමණික හමුදාවක් ඇවිල්ල බෝම්බ දාද්දි ඒ මිනිස්සුට ලිබරල් වෙන්න කියල අපි ලංකාවෙ ඉඳල කියන එකේ පදනම මොකද්ද
    හෙනම ගොන් තර්ක බන් මෙව්ව
    ------ Post added on Aug 17, 2021 at 1:25 PM
    තලේබාන් කියන්නෙත් එහෙම හමුදාවක්ම තමා නේද මුල ඉදලම සිද්ධි ටික ගන කල්පනා කරල බැලුවොත්.
    ------ Post added on Aug 17, 2021 at 1:44 PM
     
    • Like
    Reactions: KandyMalli

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    මම හිතන විදිහට ඇමෙරිකාවේ උපාය මාර්ගය දැනටත් ඉෂ්ට කරගෙන ඉවරයි. මේක පෙන විදිහට ඇමෙරිකාවේ පරාජයක් වගේ උනාට මූලික අරමුණ ඔය ලිබරල් කියාගත්ත ආයුධ වෙළෙන්දන්ගේ මඩිය තර කරගන්න එක. ඒක උන් හොඳට කරගෙන තියෙන්නේ. කාලෙකදී යුද්දෙ මාකට් කරලා කාලෙකදී සාමය මාකට් කරනවා. ඒකට හරියන එකෙක්ව ජනාධිපතියෙක් විදිහට ඔබා ගන්නවා. ඇමෙරිකන් හමුදාවේ පහළ මට්ටමේ උන් කටු කෑවට යුද්ධ මෙහෙයවන සහ supply කරන උන් සුපිරියට ගොඩ ගිහින් ඉන්නේ තාලිබාන්, මුජහිදීන්, අල් කයිඩා පිහිටෙන්…. උන්ගේ අරමුණ සම්පුර්ණයි.
    උන් ආයුධ දීල ලොකු කරපු සංවිධානෙ රටේ ඉතුරු කරලා ඩීල් දාල ගිහින් ඊළඟට පටන් ගනියි චීනෙට පහර ගහන්න තාලිබාන් එක්ක වැඩ කරනවා කියලා…
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,227
    1
    101,065
    113
    34
    Kalutara
    ලංකාව අල්ලගන්න ආවොත්හ් කොහොමද මේ වෙලාවේ. යුද්ධ කරන්න සල්ලිත් නෑනේ. නිකන්ම දීල ත පිහදගන්න වෙන්නේ.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,381
    100,271
    113
    ලංකාව අල්ලගන්න ආවොත්හ් කොහොමද මේ වෙලාවේ. යුද්ධ කරන්න සල්ලිත් නෑනේ. නිකන්ම දීල ත පිහදගන්න වෙන්නේ.
    උන්ට එච්චර නටන්න ඕනි නෑ ලෝන් ඇප්ලයි කරන්න කියල ගූගල් ෆෝර්ම් එකක් හැදුව නන් ඇති.

    @lovethebomb උබ හිතන විදියට පැනල යන ගොඩේ ගෑණු, ළමයි අඩු ඇයි.
    ------ Post added on Aug 17, 2021 at 1:58 PM
     
    Last edited:
    • Haha
    Reactions: Heshan Daminda

    hansanax

    Well-known member
  • Dec 7, 2007
    485
    537
    93
    එහෙම කියලනම් නෑ කොතනවත්

    ???
    "ලෝක ඉතිහාසය පුරා රටවල් වල සමාජ ප්‍රගමනය දක්වා රැගෙන ගොස් ඇත්තේ ලිබරල් වමයි. ලිබරල් වම යනු, වමට කිට්ටු මැද ආස්ථානයකි. මොවුන් ධනවාදය ප්‍රශ්න නොකරන අතර මානව අයිතීන්, වැඩකරන ජනතාවගේ අයිතීන් ආදිය ලබා ගැනීමට සටන් කරයි. මෙය රැඩිකල් වමද නොවේ. සමාජවාදී විප්ලවය සිදු කළ යුතු බව කියන්නේ රැඩිකල් වමයි. රැඩිකල් වම සමාජ ප්‍රගමනය දක්වා ගෙන ගිය උදාහරණ බොහෝ නැති බැවින් අප එය දැනට නොසලකා හරිමු. ලෝක සමාජය දක්ෂිණාංශික මතවාදවලින් ප්‍රගමනය කරා ගෙන නොගිය බවත්, අධ්‍යනය කරන්නෙකුට, මේ වන විට වැටහී තිබිය යුතුය.

    ඇෆ්ගනිස්තානයේ අභාග්‍යයට ලිබරල් වමේ අඩුව ඉස්ලාම් මූලධර්මවාදයෙන් ආවරණය වීමට පටන් ගති. තාලිබානුවන් අද දින වන විට, හයවන ශ්‍රේණියෙන් පසු කාන්තාවන්ට අධ්‍යාපනය තහනම් කරන බව දන්වා සිටියි. සිනමාව හා සංගීතය ඔවුනට තහනම්ය. අවුරුදු 15ට වැඩි ගැහැනු දරුවන් හා අවුරුදු 45ට අඩු වැන්දඹුවන් වහාම ඇෆ්ගන් සටන් කරුවන් හා විවාහ ගිවිස ගන්නා ලෙස දැනුම් දී ඇත. කාන්තාව සිය මුහුණ වැහෙන ලෙස බුර්කාව පැළඳිය යුතුය. කාන්තාව පිරිමියාගේ අවශ්‍යතා පමණක් ඉටු කරයි. මේවා උල්ලංඝනය කළහොත් ප්‍රසිද්ධියේ කස පාර දෙන බව දන්වා සිටී."

    Maybe I have read more into it than the author intended. 🤷‍♂️
     
    • Like
    Reactions: NRTG

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ඇමරිකාව මේ කරපු වැඩේට කොහොමත් හොදම එකෙන් කයි. උන් තමා සෑහෙන සපෝට් එකක් දීල තියෙන්නෙ තලේබාන් උන්ට මේ වගේ ලෙවල් එකකට එන්න. අහින්සක මිනිස්සුන්ගෙ ඔළුවලට බෝම්බ අත අරිද්දිම උන් තලේබාන්ලට 100ක් විතර එකතු කරල ඉවරයි.

    බෞද්ධ උන්ව මැනිපියුලේට් කරන්න අමාර්‍යි ජිහාඩ් වගේ දේකට. ඔච්චර වාත වෙන මියන්මාර් ප්‍රශ්න වල උනත් මේ තම්බි ලෙවල් එකේ අන්තවාදී බෞද්ධ සෙට් එකක් හදාගන්න බැරි උනානෙ.

    උන්ට ඉතින් අව්ලක් නැනේ .. උන්ට මොකද ඇෆ්ගන් වලට කෙල උනාට ... උන් ගැහුවේ 9/11 එකේ case එකටනේ ... අනිත් ඒවා නිකන් ඉතින් උන් වැඩිපුර කරන්න හදනව වගේ ඒවානේ power project කරගන්න ... ඒවා ඔක්කොම අතරල දැම්මත් .. උන්ගේ රට ඇතුලට එන්නේ නැතුව defend කරගන්න පුලුවන් නං උන්ට අව්ලක් වෙන් නැනේ