මිනිසා උපතේ පටන් මරණය දක්වාම දේශපාලනය හා ඈඳුනු දිවියක් ගතකරන්නෙක්. මිනිසා ස්වභාවයෙන්ම දේශපාලන සත්ත්වයෙක් බව ඇරිස්ටෝටල් කිව්වේ ඒ නිසා. නමුත් මේ ලියන්නේ දේශපාලනය ගැන නම් නෙවෙයි. දේශපාලනයෙන් උපන් උපහාස කලාව ගැන.
මේ දේශපාලන උපහාස කලාව වර්තමානය වෙනකොට තනි වචනයක සිට, කියමන්, දෙබස්, පින්තූර, වීඩියෝ වැනි වූ විවිධ නිර්මාණ පරාසයන් කරා විහිදී පැතිරී තිබෙනවා. මේ සඳහා ප්‍රධාන ම වේදිකාව බවට පත්වෙලා තියෙන්නේ සමාජ මාධ්‍යයන්. පුද්ගලයෙක්ට තනිවම වුවත් පහසුවෙන් ගිණුමක් නිර්මාණය කරගෙන තම අදහස් ඉදිරිපත් කිරීමට ඇති පහසුව නිසා බොහෝ දෙනෙක්ගේ කලාත්මක දක්ෂතා කලඑළි දැක්වීමට මේ "ෆේස්බුක්" ඇතුළු සමාජ මාධ්‍ය විසින් ධනාත්මක බලපෑමක් සිදුකරනවා. ඇත්තටම දේශපාලන උපහාසයට ඇති නිදහස තුළින් නිරූපණය වෙන්නේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය වගේම දේශපාලනයට ඇති නිදහස.
දේශපාලන උපහාසයේදී විහිළු සහගතම කාරණයක් තමයි දැඩි පක්ෂග්‍රාහී දේශපාලන මත දරන්නන් විසින් දැඩි කෝපයෙන් ඒ නිර්මාණවලට ප්‍රතිචාර දැක්වීම. බොහෝවිට අදාළ දේශපාලඥයන් තමාට එල්ල කළ ඒ උපහාසය දුටුවා නම් සිනහවකින් බැහැර කරනු ඇති. නමුත් ඔවුන්ගේ ඇතැම් අනුගාමිකයන් කෝපයෙන් පුපුරමින් එවන් නිර්මාණවලට දක්වන විරෝධය තුළින් නිරූපණය වන්නේ ඔවුනොවුන්ගේම බුද්ධි මට්ටම් සහ රසවින්දන නොහැකියාවන් පමණයි. ඒසේම එවන් වහල් මානසිකත්වයෙන් යුතු වූවන්ට ඡන්ද අයිතිය හිමිව පවතින බවත් අමතක කළ නොහැකි කාරණයක්. මොකද කියනවා නම්, මහජනයාගේ කැමැත්තෙන් හෙවත් ඡන්දයෙන් පත්වන නායකයන් විසින් මහජනයාට සෙත සලසනු ඇති. නමුත් වහලුන්ගේ ඡන්දයෙන් පත්වන පාලකයෙක්ට එවන් උවමනාවක් ඇතැයි සිතිය නොහැකියි. ඒ නිසා ඔබ අවට සිටින වහලුන් වහල්භාවයෙන් මුදවාගැනීම දේශයටම කරන යහපතක්... දේශපාලන උපහාස කලාව තුළින් හාස්‍ය රසය ගෙන ඒමට අමතරව විචාරශීලී බුද්ධිය අවදි කිරීමට කළ උත්සාහයන් ද ඇතැම් නිර්මාණ තුළ සියුම්ව දැකිය හැකියි. එය කලාකරුවාගේ කුසලතාව මත රැඳී පවතින්නක්.
මේ දේශපාලන උපහාස නිර්මාණ රසවිඳීමට නම් උපහාසය හා අපහාසය අතර වෙනස ගැන පැහැදිලි අවබෝධයක් තිබිය යුතුයි. උපහාසය යනු අපහාසය නොවන්නා සේම උපහාසයේ වෙස් ගන්වා ඉදිරිපත් කරන අපහාසාත්මක වෛරී ප්‍රකාශ ද ඕනෑ තරම්. අපහාසයේ දී අපහාසය ලබන්නා කෝපයටත් ලැජ්ජාවටත් අපහසුතාවටත් පත්කිරීමයි අරමුණ. නමුත් නිර්මාණශීලී උපහාසයේදී හාස්‍යමය රසයක් සමඟ සියුම් පණිවිඩයක් ද සමාජයට ලබාදීමට සමත්. මෙතනදී දේශපාලන උපහාස නිර්මාණකරුවා නිදහස් මතධාරියෙක් නොවුනහොත් එවැන්නෙකු අතින් බිහිවන්නේ පක්ෂග්‍රාහී අපහාසයක් පමණයි.
උපහාසය ද අපහාසයක් සේ සලකා කෝපයට පත් වන්නෝ සිටිය හැකියි. නමුත් පරිණත දේශපාලඥයෙක් නම් කිසිවිටකත් උපහාසය නිසා කෝපයට පත් නොවන්නෙක් වනු ඇති, උපහාසය මනාව හඳුනන්නෙක් වනු ඇති. එසේම කුමන දේශපාලනය මතයක් දරන්නෙකු වුවත් ඊට වහල් වූවෙක් නොවේ නම්, ඔබටත් ඒ උපහාස කලාව රසවිඳීමට පුළුවන්කම ලැබී ඇති.
විශේෂයෙන් මෙවන් කාලයක සිනහවෙන් සිටීම ඔබේ සෞඛ්‍යයටත් වටීවි.