අතීතයේ සිටම නොයෙකුත් හාස්කම්, නොයෙකුත් අත්භූත බල, විවිධ හැකියාවන් තිබෙන බවට පුරාජේරු පවසන්නන් බොහෝය. නමුත් ඔවුන්ගේ සත්‍යතාවන් සොයා බලන විට එවැනි බලයන් ඔවුනට තිබේද යන්න සනාථ කළ හැකි කිසිවක් නොමැත. ඔවුන් පෙන්වන ඇතැම් අත්භූත හැකියාවන් ලෙස සලකන දේවල් පවා විද්‍යාත්මකව බලන විට එහි අත්භූත බවක් නොමැත. ඒවායේ තිබෙන්නේද විද්‍යාත්මක න්‍යායක් පමණි.
දකුණුලක අගනගරයට ආසන්න නගරයක පිටිසර ගමක් වූ මෙහි ජීවත් වන තරුණ, මැදිවිය හා මහළු යන සියලු දෙනාම තම ජීවිකාව සරිකර ගැනීම සඳහා නගරය වෙත ඇදී යන්නට වූහ.
තරුණ කොළු ගැටවුන් සහ ළමිස්සියන්ද රැකියාවන් සොයා නගරය වෙත ගියහ. මෙම ගම්මානයෙහි කිසිදු අයුරකින් හොරකමක්, ආරවුලක් හෝ වෙනත් කිසියම් අද්භූත සිද්ධියක් වාර්තා නොවූ අතර, ඉතාම සාමකාමී ජීවන පරිසරයක් විය. මෙසේ කාලය ඉක්මවද්දී අමුතුම සිදුවීමක් මෙම ගමින් වාර්තා විය. මෙම සිදුවීමත් සමඟම ගමෙහි තිබුණු සාමකාමී බව හා සුන්දර නිසංසල බව අතුරුදහන් වෙන්නට වැඩි කලක් ගත නොවුණි.
ගමෙහි ජීවත් වූ ළමිස්සියන් හට මුහුණපෑමට සිදුවූ මෙම සිදුවීමට මුලින්ම මුහුණපෑවේ විසිදෙහැවිරිදි තරුණියකි. ඉන්පසු ක්‍රම ක්‍රමයෙන් අවිවාහක තරුණියන් වෙත මෙම සිදුවීම හඹා ආහ. විසිදෙහැවිරිදි වූ ඇය වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම ඉතාමත් රූමත් තරුණියක් වූවාය. ඇයගේ රූපශ්‍රීය නිසාම මුහුණපාන්නට සිදුවූ එම සිද්ධිය අමනුෂ්‍ය බලපෑමක් එනම් කළු කුමාර අවතාරය නිසා සිදුවූවක් බවට ගම පුරා පැතිර යන්නට විය. නමුත් මෙය අවිවාහක තරුණියන්ට පමණක් සිදුවන්නක් බව හැඟී ගියේ රූපයෙන් එතරම් ප්‍රසන්න නොවූ තරුණියන් හටද මෙම සිදුවීමට මුහුණපාන්නට සිදුවීම නිසාත් විවාහක කාන්තාවන් හට මෙම සිදුවීමට මුහුණපෑමට සිදු නොවූ නිසාත්ය. කෙසේ හෝ මෙය අමනුෂ්‍ය බලපෑමක් නොවන බවත් වෙනත් ක්‍රියාවලියක් බවත් අනාවරණය වූ කරුණු මත සනාථ විය.
විසිදෙහැවිරිදි වූ රූමත් එම තරුණිය රැකියාව කළේ නගරයේ එක්තරා ආයතනයකය. දිනපතා සේවය නිමවී ඇය තම නිවසට පැමිණෙන්නේ රාත්‍රී 8 ත් 9 ත් අතරතුරය. නමුත් මෙදින ඇය නිවසට පැමිණෙන විට වෙනදා මෙන් එක්තරා පාළු ස්ථානයක් පසු කිරීමට සිදුවූ අතර එය තුංමංසන්ධියක් විය.
මංසල යනු මංසන්ධිය යන තේරුම ගෙනදේ. දෙමංසල, තුන්මංසල, සිව්මංසල ආදී වශයෙනි. තනි මංසලක් යනු කල්පිතයකි. තනි මංසලක අතරමන් විය නොහැක. මක්නිසාද යත් යායුතු ඉදිරියට හෝ අපසු හැරී පමණක් වීමයි. මේ මහා රාත්‍රියේ සිදුවන්නේ කුමක්ද? කවරෙකු හෝ දැන සිටියේ නැත.
මේ මංසල අසළ මිනිස් බිල්ල ඩැහැගන්නට යක්ෂ, ප්‍රේත, භූත, අවතාරය දෑස් දල්වාගෙන බලා සිටියේය. ඒ තම ලිංගය ද පෙනෙන නොපෙනෙන ආකාරයට යක්ෂ භූත ඇඳුමෙන්, නැතිනම් උපන් ගමන් ඇඳුම පිටින්මය. එනම් අමු හෙළුවැල්ලෙන්ය. දෙසවන පිටට නැමී නෙත් දෙක ද උල්වෙමින් මුඛය ඇද වී ඇති මහා කළු යක්ෂයා බියකරුය. දත් මුඛයෙන් පිටට විසිර ගොස් ඇත. මහ කළුවරේ ගස් අස්සෙන් ගොදුරු සොයා මේ යක්ෂයා මේ තුන් මංසලෙහි රාත්‍රියේ බලා සිටියේය.
වීථි පහන් කණු වලින් පෙදෙසම ආලෝකමත්ව තිබුණි. මද අඳුර වැටෙන ස්ථානයක කළු පැහැති යමක් සෙළවෙන සෙයක් ඇයට දක්නට ලැබුණි. එය එතරම්ම නොතැකූ ඇය කිසිඳු බියක් ඇයගේ සිතෙහි ඇති කරගත්තේ නැත. නමුත් පියවර තබමින් ඇවිද යන ඇයට යාන්තමින් පෙනුනේ කළු පැහැති එම දෙය චංචල වෙමින් තමන් පසුපස ඇදී එන සෙයකි. හිත මදක් චංචල විය. ඇය සිත දැඩි කරගෙන හැරී බැලුවාය. දක්නට ලැබුණේ මිනිස් ස්වරූපයකින් යුතු කාලවර්ණ නිරුවත් කෙනෙකි. ඇගේ හදවත වේගයෙන් ගැහෙන්නට විය. දෙවියනි මේ කවුරුන්ද? ඇයට සිතාගැනීමටවත් නොහැකිය. ඇය වහා වහා පය ඉක්මන් කළාය. නැත. මේ නම් මනුෂ්‍යයෙකු විය නොහැකිය. ඉතා කාලවර්ණ රූපයක්. මිනිසෙක්ද යකෙක්ද යන්න සිත සිතා සිටීමට කාලයක් නැත. මුළු ශරීරයම දහදියෙන් තෙත්වී ඇත. ඇය පය ඉක්මන් කර ඇවිද යනවිට එම යක්ෂයා ඇය පසුපස ආවේ නැත. ඇය නිවසට පැමිණි පසු රාත්‍රියේ ඇයට උණ ගැනුණි.
පන්දම් විලක්කු ආලෝකය මැද දුම්මල සුවඳින් සුවඳවත් වූ මේ තොයිල් ගෙදර අඳුරු රැය තව තවත් බියපත් කළාය. යක්ෂ හොල්මන් අවතාර පෙරේතයින් සඳහා සැකසුණු අඩුම කුඩුම දොළ පිදේනී නම් අගනේය. මහා තටු වල හා කුඩා පිදේනි තටුවල දැකිය හැකිය. දිග පළල එක ලෙසින් ගැබ හදා එයට කඩසාලේ බත් උයා මාළු විසි පහක් තනා දිය ගොඩ මස් වෙරි පහ, පුළුටු පහ, රන්, තඹ, ලෝකඩ, පරමල් 7 වර්ගය. පැණි ගොටු, කැවුම් ආදිය පුද වශයෙන් තබා තටුව කළු රෙද්දකින් වසා කුණු පොල් බෑයකට තෙල් දමා පහනක් දල්වා වංගෙඩිය මත තබා නිවසේ අය තටුවට අත තබා යක් ඇදුරා නැතහොත් යකදුරා විසින් කියන මන්තර අනුව කැපකර නිවසින් භූමියෙන් පිටතට ගොස් තටුව තබා, අවසානයේ ප්‍රේතයන්ට පින් දී කොතලයකින් පැන් ගෙන ඉසිමින් නොදන්නා නොතේරෙන භාෂාවකින් යක් ඇදුරා මන්ත්‍ර කියමින් යක්ෂ ප්‍රේතයා එළවන්නට විය.
ගමේ වැඩිහිටියෝ පැවසුවේ ඇය කළුකුමාර අවතාරය දැක ඇති බවය. ඇය කළුකුමාරයාගේ දෘෂ්ටියට හසුවී ඇති බව කට්ටඬි මහතා ද පවසා සිටියේය. දින කීපයක් ගත වුවද ඇය රැකියාවට ගියේ නැත. සම්පූර්ණයෙන් සුවය ලැබුවද ඇය ඉන්පසු තනිපංගලමේ නිවසට පැමිණියේ නැත. නිවසේ කෙනෙකු තුංමංහන්දිය පසුකර ඇති බස් නැවතුමේ සිටියේය. ඇය ඉන්පසු එම දර්ශනය දුටුවේ නැත.
නමුත් මේ ආකාරයෙන්ම තවත් විසිහැවිරිදි තරුණියක්ද මෙම සිදුවීමට මුහුණපෑවේ එම තුංමංහන්දියේදීමය. ඇයද දැක තිබුණේ පෙර කී තරුණිය දැක තිබූ අයුරින්මය. සෙළවෙන කළු පැහැති දෙය මිනිස් ස්වරූපයකට සමාන බවත් කාළ වර්ණයෙන් හෙබි නිරුවත් පිරිමි අයෙකු සේ දිස් වූ බවත් අනාවරණය විය. මෙලෙස විසිපස් හැවිරිදි තරුණියක්ද මෙම සිදුවීමට මුහුණ පෑවාය. ඇය පවසන ආකාරයටද තමන් ඉදිරියේ පෙනී සිටි මෙම යක්ෂයා මිනිස් ස්වරූපයකට සමානය. ඉතා අශෝබන අන්දමින් තමන් ඉදිරියේ හැසිරුණු යක්ෂයා පසුකර දුවයන විට ඔහු ඇය පසුපස හඹා ආවේ නැත.
මෙසේ තරුණියන් කීප දෙනෙකුටම මෙම තත්ත්වයට මුහුණපෑමට සිදුවූ අතර, එහි ප්‍රතිඵලය වූයේ කට්ටඬි මහතාව වරින් වර ගෙන්වා ශාන්තිකර්ම කර තරුණියන්ගේ බිය පහ කිරීමය. ඉන්පසු කිහිප දිනක් යනතුරු ඔවුන් නිවසින් පිටතට ගියේ නැත. නමුත් රැකියාවන්වල යෙදෙන බැවින් කිහිප දිනක් ඇවෑමෙන් ඔවුන් සුපුරුදු පරිදි රැකියාවන් සඳහා පිටත් වුණි. ඇවිදින කාළ වර්ණ රූපයෙන් හෙබි මොහු යක්ෂයෙක්ද අවතාරයක්ද මිනිසෙක්ද යන්න කිසිවකුටවත් සිතාගැනීමට නොහැකි වූ අතර, සියල්ලන්ගේම මතය වූයේ කළුකුමාර අවතාරය බවය. එක් එක් තරුණියන්ට දැකගැනීමට සිදුවූ මෙම කාළවර්ණයෙන් යුත් අවතාරය විටෙක අශෝබන ආකාරයකින් හැසිරෙනවා දක්නට ලැබුණි.
නමුත් මේ ආකාරයෙන්ම තවත් විසිහැවිරිදි තරුණියක්ද මෙම සිදුවීමට මුහුණපෑවේ එම තුංමංහන්දියේදීමය. ඇයද දැක තිබුණේ පෙර කී තරුණිය දැක තිබූ අයුරින්මය. සෙළවෙන කළු පැහැති දෙය මිනිස් ස්වරූපයකට සමාන බවත් කාළ වර්ණයෙන් හෙබි නිරුවත් පිරිමි අයෙකු සේ දිස් වූ බවත් අනාවරණය විය. මෙලෙස විසිපස් හැවිරිදි තරුණියක්ද මෙම සිදුවීමට මුහුණ පෑවාය. ඇය පවසන ආකාරයටද තමන් ඉදිරියේ පෙනී සිටි මෙම යක්ෂයා මිනිස් ස්වරූපයකට සමානය. ඉතා අශෝබන අන්දමින් තමන් ඉදිරියේ හැසිරුණු යක්ෂයා පසුකර දුවයන විට ඔහු ඇය පසුපස හඹා ආවේ නැත.
මෙසේ තරුණියන් කීප දෙනෙකුටම මෙම තත්ත්වයට මුහුණපෑමට සිදුවූ අතර, එහි ප්‍රතිඵලය වූයේ කට්ටඬි මහතාව වරින් වර ගෙන්වා ශාන්තිකර්ම කර තරුණියන්ගේ බිය පහ කිරීමය. ඉන්පසු කිහිප දිනක් යනතුරු ඔවුන් නිවසින් පිටතට ගියේ නැත. නමුත් රැකියාවන්වල යෙදෙන බැවින් කිහිප දිනක් ඇවෑමෙන් ඔවුන් සුපුරුදු පරිදි රැකියාවන් සඳහා පිටත් වුණි. ඇවිදින කාළ වර්ණ රූපයෙන් හෙබි මොහු යක්ෂයෙක්ද අවතාරයක්ද මිනිසෙක්ද යන්න කිසිවකුටවත් සිතාගැනීමට නොහැකි වූ අතර, සියල්ලන්ගේම මතය වූයේ කළුකුමාර අවතාරය බවය. එක් එක් තරුණියන්ට දැකගැනීමට සිදුවූ මෙම කාළවර්ණයෙන් යුත් අවතාරය විටෙක අශෝබන ආකාරයකින් හැසිරෙනවා දක්නට ලැබුණි.
තවත් බලා සිටියොතින් ගමේ අවිවාහක තරුණියන්ට මේ ව්‍යසනයට ගොදුරු වීමට සිදුවන බවත් එහි නිමාවක් දැකීමට නොහැකි බවත් සිතූ ගමේ වැඩිහිටි පිරිමි පිරිස කිහිප වතාවක්ම තුංමංසන්ධියේ රැක සිටි අතර, දිනක් නිරුවත් අවතාරය අල්වා ගැනීමට හැකිවිය. එසේ නම් මෙය අවතාරයක් හෝ යක්ෂයෙක් නොව, මිනිසකුය.
නිරුවතින් පැමිණ තරුණියන් බිය වැද්දූ එක්තරා කාළවර්ණ පුද්ගලයෙකි. වයස අවුරුදු තිස්පහකට ආසන්න වූ ඔහු මෙම ගමේම වෙසෙන අයෙකි. ඔහු අවුරුදු තිස්පහක් වීත් විවාහයක් කරගෙන තිබුණේ නැත. නගරයේ ස්වයං ව්‍යාපාරයක යෙදුනු ඔහු දිනපතාම පාහේ රාත්‍රී හතෙන් පසු මෙසේ තම ගමේ තුංමංහන්දියේදී නිරුවතින් සැරිසැරුවේ ගමේ අවිවාහක තරුණියන් යන එන වේලාවන් හොඳින් පරීක්‍ෂා කර බලාය. ගමේ වැඩිහිටියන් විසින් අල්වා ගත් මොහුට නැවත එසේ අශෝභන ක්‍රියාවන් සිදු නොකරන ලෙසට තදින් අවවාද කර පිටත් කර හැරුණි.
මොහුට සිටියේ තම මවත් විවාහක සහෝදරයෙකුත් පමණි. බොහෝ දිනවලදී විවාහක සහෝදරයාගේ නිවසට යෑම තම මවගේ කාර්යය වන අතර, මොහු බොහෝ දිනවල නිවසට පැමිණි පසු නිවසේ සිටිනුයේ හුදකලාවය.
මෙසේ මාසයක් පමණ ගත වූ පසු මොහුගේ මේ ක්‍රියාවලිය පෙරපරිදිම සිදුවන්නට විය. දෙනෝදහක් දෙනා යන එන මාර්ගයේ ගැහැණු ළමුන් ඉදිරියේ පෙනී සිටිමින් තම නිරුවත ප්‍රදර්ශනය කිරීම මොහුගේ පුරුද්දක් බවට පත්විය. මොහුගෙන් ගමේ තරුණියන් හට කරදරයක් සිදුවේදෝයි යන බිය තරුණියන් සිටින සෑම දෙමාපියන් හටම දැනෙන්නට පටන් ගත්තේය. මොහු කෙතරම් මෙම ක්‍රියාවලියට ඇබ්බැහි වී තිබුණේද යන්න තුංමංසන්ධියේ පමණක් නොව වෙනත් ස්ථානවලටද පැමිණ මෙසේ නිරුවතින් තරුණියන් හට පෙනී සිටිමින් ඔවුන් අපහසුතාවයන්ට පත් කරලූහ. නමුත් මොහු අල්ලා ගැනීමට මෙවර නම් ලෙහෙසි වූයේ නැත.
රැකවල්ලා සිටි ගමේ තරුණ හා වැඩිහිටි පිරිමි කෙසේ හෝ මොහු අල්ලා ගුටිබැටවලින් හොඳින් සංග්‍රහ කළෝය. පහර කෑමට ලක්වූ මොහුව ගෙන ගොස් මොහුගේ නිවැසියන්ට භාරදුන්නේ නැවත මෙවැනි දෙයක් කළහොත් නීතිය මාර්ගයෙන් දඬුවම් ලබාදීමට සිදුවන බව පවසාය. මෙයින් පසු නම් මොහු යළි එවැනි ක්‍රියා නොකරනු ඇතැයි සැවොම සිතූහ.
ඉන්පසු ගමේ සියලුදෙනා නිදහසේ හුස්ම ගත්තත් වැඩි දවසක් එසේ සිටින්නට නොහැකි වූහ. නැවත මොහුගේ ක්‍රියාවලිය සිදුවිය. මොහුගේ ක්‍රියාවලියට මුහුණදුන් පෙර කී තරුණියන් කිහිපදෙනෙක් හට නැවත එම සිදුවීමට මුහුණපෑමට වීමෙන් අසනීප වී රෝහල්ගත කිරීමට පවා සිදුවුණි. මෙවර නම් ඉවසුවා ඇති යැයි හැමෝම සිතන්නට විය. මොහුගේ අශෝභන ක්‍රියාවලියේ නිමාවක් කිසිදිනෙක දක්නට නොලැබෙන බව අවබෝධ කරගත් ගමේ පිරිස මොහු කෙසේ හෝ අල්වා පොලිසියට භාරදිය යුතු යැයි අදිටන් කරගත්හ. කීප දිනක් රැකවල්ලා සිටි පිරිසට මොහු අල්ලා ගැනීමට හැකිවිය. ඔහු පොලිසිය වෙත භාරදුන්හ. නමුත් මාසයක් පමණ ගත වන විට මොහු නිදහස් වී පැමිනුණි.
Last edited:
