``මහා කසිප්පු සමුළුව``

``මහා කසිප්පු සමුළුව``

සමස්ථ ලංකා නීතිවිරෝධි කසිප්පු පෙරන්නන්ගේ ඒකාබද්ධ වෘත්තිය සංගමයේ
මහා කසිප්පු සමුළුව :D:D:D:D

සමස්ථ ලංකා නීතිවිරෝධි කසිප්පු පෙරන්නන්ගේ ඒකාබද්ධ වෘත්තිය සංගමයේ 1 වැනි වාර්ශික මහා සමුළුව, 1965 අගෝස්තු 15 වැනි ඉරිදා මධ්‍යම රාත්‍රියේ 12.30 ට කොළඹ, කනත්තේ සුසාන භුමියේදී පැවැත්වේ.:yes:;)සංගමයේ ආරාධනය පරිදි විශේෂ කල්ලතොනියකින් වැල්වැටිතුරෙයි හොර වරායට ගොඩබට බලුකිස්තානයේ කසිප්පු චක්‍රවර්ති, ශ්‍රීමත් අගුවක් පාසා මහතා මුලසුන හොබවනු ඇත.:D:rofl::P

න්‍යාය පත්‍රය
1. සමුළුව ඇරබිමේ හූව :rofl:
2. වාර්තාව ලිවිම
3. අය වැය ලේඛනය පිළිස්සීම :baffled:
4. අලුත් ව්‍යවස්ථාවන් උල්ලංගනය කිරිම
5. නව නිලධාරීන් තේරීම (හොර චන්ද මාර්ගයෙන්):D
6. යෝජනා (මංගල යෝජනා තහනම්):sorry:
7. ජයපානය (කසිප්පු පමණයි) :shocked::shocked::cool:

සැ : යු:
මෙම මහා සම්මේලනයට දහ තුන් දෙනෙකුගෙන් පමණ යුත් ඇති විශාල මහා ජනකායක් බලාපොරොත්තු වන බැවින්, මෙයට සහභාගී වීමට පැමිණෙන සියලුම සාමාජික මහතුන්, ප්‍රවේශ පත්‍ර නොමැතිව නොමිලේ ධුම්රියෙන් සහ බසයෙන් ගමන් කිරීමේ වගකීම තම තමන් විසින්ම උසුලනු ලැබීමට වග බලා ගත යුතුය.:D එමෙන්ම, මෙහිධි කෙරෙන ජය පානයේදී තමන් පානය කිරීමට කැමති කසිප්පු වර්ගය කුමක් දැයි මා වෙත මෙම රැස්වීමෙන් පසු වහාම දන්වා සිටිය යුතුය.:yes::shocked::shocked::shocked:

යෝජනා
සංගමයේ ගරු සභාපති විසින් ඉදිරිපත් කිරීමට *:angry::angry::angry:
1. කසිප්පු කර්මාන්තය ජාතික කර්මාන්තයක් බවට පත් කරනු වස්, රජයේ සුරා ඒකාධිකාරය නැති කර,පෞද්ගලික කසිප්පු නිෂ්පාදකයාට අත දීමටත්,සුළු කර්මාන්තයක් හා ගෘහ කර්මාන්තයක් වශයෙන් මෙම ජාතික කර්මාන්තය නගා සිටුවීමටත් රජයේ සහයෝගය ඉල්ලා සිටීම.:P

2. රජයේ සේවකයන්ට දී තිබෙන අයිතිවාසිකම් සියල්ල අපේ කසිප්පු සහෝදරයන්ටද අවශ්‍යව ඇත.:angry::yes::rolleyes:එමෙන්ම,පඩි වැඩි වීම, සතියට දින අටක නිවාඩු ,ලෙඩ නිවාඩු, ප්‍රසුත නිවාඩු, හොරෙන් දුම්රිය දෙවැනි පන්තියේ යෑම්-ඊම් දෙකට පමණක් බලපත්‍ර, වයිධ්‍ය ආධාර, විශ්‍රාම වැටුප් හා පාරිතෝෂික ආදී මෙකි නොකී හැම දෙයක්ම බලෙන් හෝ ඉල්ලා සිටීම.:baffled:

3. ලංකා විශ්ව විද්‍යාලයන්හි කසිප්පු ශාස්ත්‍රය පිළිගත් විෂයක් බවට පත් කිරීම. විනේතෘ පදවියට අපේම මිනිහෙක් දැමීම.:rofl::rofl:

4. අංග සම්පුර්ණ රසායනාගාරයක් සදහා ගොඩනැගිල්ලක් ලබා ගැනීම. උපකරණ අවශ්‍ය නැත.;)

5. ගල් ඔය ඉක්ෂුපාක වහාම තහනම් කර ඒ වෙනුවට බෝතල් වලට අපේ බිම වර්ග යෙදීම.:growl::lol:

6. පහත සදහන් අපේ නිෂ්පාදනයන් ලියාපදිංචි කර ,
ඒවා පිටරට කැවීමට අවසර ලබා ගැනීම:-
"සුදිය, දෙහි සුදිය, ඩඩ්ලිගේ සුදිය, සිමෙන්ති සුදිය, කිමෝනා සුදිය, මිනි සුදිය, එම්බාම් සුදිය, ස්ප්රිතාල සුදිය,ටොප්, ස්ග ටොප්, බ්‍රාහ්මණ ටොප්, තාපසයා, හිටපන් මචං,ගහපන් මචං,අපි යන්නං මචං, අවරෝජන්,සුක්කුතන්නි, සිනි කරිඤ්ඤං , අල හොද්ද, දිය රෙද්ද, සුදා, බින්නයි, කාබයිට්, ගල්බමුණා, ගුණ්ඩුව, හරිසුර්, මිකාඩෝ, ගල් බඩු ,පොත්ගුල, කැල්ටැක්ස්, අබ්බගාතයා, අත කොටා, අමරගනන්, එක දෙක,හබරලකොල, රත්නපුරා, කොකාකෝලා, පිච්චුවා, උපකෘත සුදිය, බකස්, වදකහ සුදිය, අලුත් ශතේ සහ ශත හවුල." :lol::lol::lol::lol::lol:

8. අපේ දරුවන්ට උප්පත්තියේ සිට වුර්තිය අයිතිවාසිකම් ලබා ගැනීම.:nerd::shocked:

9. අපේ නියෝජිතයන් එක්සත් ජාතීන්ගේ සංගමයේ ස්ථිර නියෝජිත පදවියට පත් කර ගැනීම.:shocked:

10. පසුගිය මැතිවරණ කාලයේදී දේශපාලන කටයුතු වල යෙදුනු කසිප්පු නිෂ්පාදකයන්ගෙන් පලිගැනීම් වස් ඔවුන් දුෂ්කර පළාත් වලට මාරු කර යැවීම වහාම නතර කරන මෙන් රජයෙන් ඉල්ලා සිටීම.:angry::angry::angry::angry::angry:

නිමි.

(චන්ද්‍ර අනගිරත්න මහතාගේ නරලොව හොල්මන් පොතෙන් උපුටා ගන්නා ලද්දකි.:yes::yes::yes:)

 
ගල් ඔය ඉක්ෂුපාක:baffled::baffled:
මේ මොනාද

මම දන්නේ නැතෝ....:rolleyes::sorry::sorry:

මරුසිරා;20489494 said:
සෑහෙන්න පරණ රැස්වීමක් නේ .රිදී ජුබිලිය බොරැල්ලේ කනත්තේ පවත්වන්න ඇත්තේ

:yes::yes::yes::yes:

ඕල්ඩ් ඉස් ගෝල්ඩ් බ්‍රෝ :cool::angry:
 

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,911
    2
    54,592
    113
    ඔය Caltex කියන ජාතිය වාහනවලට දාන කසිප්පු ජාතියක් ද :oo:
     
    • Like
    Reactions: Geshi95

    Similar threads