හෝමෝ ලූසොනෙන්සිස් (Homo luzonensis)

reuse

Well-known member
  • May 10, 2009
    852
    2,776
    93
    Kita ku
    www.youtube.com
    69C3E6D3-DCA5-4F55-81E9-93ECDE8488EB.png

    විරාමයක් ගත් කාලය අතරතුර ප්‍රාග් ඉතිහාසයට සබැඳි ක්ෂේත්‍ර ගනනාවක නව සොයාගැනීම් රාශියක් සිදුවුනා.මානව පරිණාමීක වෘක්ෂයේ නව මානව විශේෂයක් පිලිපීනයෙන් සොයාගනු ලැබුවා. පිලිපීන ජාතික ආචාර්ය ආර්මාන්දසැල්වදොර් මිහාරේස් ප්‍රමුඛ විද්‍යාඥ කණ්ඩායම තමයි මේ සොයාගැනීම කරන්නෙ.
    265B3791-BE14-4925-B57A-7D463A1ECFF4.png

    උතුරු පිලිපීනයට අයත් ලූසෝන් දූපතේ පිහිටි කලාවො නැමැති ගුහාවෙන් තමයි මේ නව මානව විශේෂයට අයත් සාධකනිරාවරණය වෙන්නෙ. ලූසෝන් දූපතෙන් සොයාගත් මානවයා අර්ථයෙන් Homo luzonensis (හෝමෝ ලූසෝනෙන්සිස්)විශේෂ නාමය ලබාදී තිබෙනවා.
    ලූසොනෙන්සිස් කියන්නෙ මේ සියවස තුල සොයාගනු ලැබු හෝමෝ ගනයට අයත් සිව්වන මානව විශේෂය. පිලිවෙලින් ගත්තොත්
    2004 වර්ශයේදි ඉන්දුනිසියාවෙ ෆ්ලෝරන්ස් දූපතෙන් හමුව Homo floresiensis ,
    2010 දි නම් කරනු ලබන ඩෙනිසෝවන්මානවයා, 2013 දී රයිසින්ග් ස්ටාර් ගුහා සංකීර්ණයෙන් සොයාගනු ලබන Homo naledi යන මානව ත්‍රිත්වයට පසුව සොයාගනුලබන විශේෂ වන්නෙ ලූසොනෙන්සිස්.

    වසර 50000 - 67000 අතර කාලයකට කාලනීර්නය වන මේ නව මානව විශේෂය ප්‍රමාණයෙන් ඉතා කුඩා විශේෂයක්.අඩි 3 පමණ උසට වැඩුනු මේ විශේෂය ඉන්දුනිසියාවේ ෆ්ලෝරස් දූපතෙන් සොයාගත් ෆ්ලොරෙසියෙන්සිස් (floresiensis)මානවයාගෙ ප්‍රමාණයට සමානකම් දරනවා නමුත් ලැබී ඇති ෆොසිල සාධක මත ව්‍යූහීය වෙනස්කම් රාශියක් දැරීම හේතුවෙන් නවවිශේෂයක් ලෙස නම් කර තිබෙනවා. මේ වෙනස්කම් අතර ප්‍රධාන සාධකයක් වන්නෙ ෆ්ලොරෙසියෙන්සිස් මානව විශේෂට වඩානූතන ලක්ෂණ දැරීම. ෆ්ලොරෙසියෙන්සිස් මානවයන් පිලිබඳව තිබෙන ප්‍රසිද්ධ මතය තමයි ඔවුන් පරිණාමය වන්නෙ හෝමෝඉරෙක්ටස් විශේෂයෙන් බව, නමුත් මේ නව මානව විශේෂය ඉරෙක්ටස් ලක්ෂණ වලට වඩා හොමෝ සේපියන් ලක්ෂණ දරන බවතමයි සඳහන් වෙන්නෙ. දන්තමය සාධක මෙහිදි ඉතාමත් වැදගත්.

    හෝමෝ ඉරෙක්ටස් හෝ හෝමෝ සේපියන් මානව වර්ගයාගෙන් පරිණාමය වූ විශේෂයක්ද නැතිනම් අප්‍රිකාවෙන් පිටවු වෙනත්හොමිනිඩ් විශේෂයකින් පරිණාමය වූ විශේෂයක්ද යන්න තවම කිව නොහැකියි. ඒ සඳහා ඉදිරියේදි සිදුකරනු ලබන පර්යේෂණඉතාමත් වැදගත්. කෙසේ නමුත් ඉරෙක්ටස් හෝ සේපියන් විශේෂ දෙකෙන් එකකින් පරිණාමය වු මානවයෙකුනම් මේ නව විශේෂinsular dwarfism/island dwarfism තත්වය පත්වු මානව විශේෂයක්. Insular dwarfism/island dwarfism කියන්නෙයම් විශේෂයක් සංක්‍රමණයේදි දූපතකට කොටු වීමකට ලක්වුනොත් කාලයත් සමඟ දූපත් පරිසරයට හා සම්පත් උපයෝගීතාවන්සඳහා ක්‍රම ක්‍රමයෙන් කුරු බවට පත්වීම.

    කෙසේ නමුත් ගිණිකොණදිග ආසියාව තුල නව මානව විශේෂ මතුවීම තුලින් ඉතාමත් ආකර්ශනීය මානව පරිණාමික කතාන්දරයක්ඒ ප්‍රදේශයයන් තුල ගොඩනැගෙමින් පවතිනවා. භෞතික මානව විද්‍යාව තුල අවධානය ඉදිරියේදි ගිණිකොණදිග ආසියාව තුලටවැඩියෙන් කේන්ද්‍රගත වීමට නියමිතයි. අප්‍රිකාවෙන් පිට වු විවිධ හෝමෝ විශේෂ ආසියාව පුරා පැතිර ගිය ආකාරයත් ඔවුන්ගෙන්ඇතැමුන් කුඩා දූපත් තුල සිරවී මහද්වීප තුල ඔවුන්ගෙ වර්ගයා අත්කරගනිමින් සිටින පරිණාමික වෙනස්කම් වලින් අපගමනය වුවෙනස්කම් දූපත් තුල ඔවුන් අත්කරගත් ආකාරය පිලිබඳව එළඹෙන දශක කිහිපය තුල ඉතා ප්‍රබල පර්යේෂණ මාතෘකා බවටපත්වනු ඇත.

    (ඡායාරූප සහ ප්‍රතිනිර්මාණය අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)
    #DOE

    Copied
     
    Last edited: