🎞️🎥 ක්‍රිස්ටෝපර් නෝලාන්ගේ මීළග සිනමාපටයත් සමග කරළියට එන නවතම "IMAX සිනමා කැමරාව" (IMAX Next-Gen 65mm Film Camera) 🎥🎞️

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,946
    152,879
    113
    WZz0rO7.jpg

    "ක්‍රිස්ටෝපර් නෝලාන්" සහ "IMAX" යන නාමයන් එකිනෙකට වෙන් කළ නොහැකි නොබිදුණු සබදතාවක් බවට මේ වන විට පත්ව ඇති බව නොරහසකි. "IMAX සිනමා කැමරාව" (IMAX 65mm Film Camera) වාණිජ සිනමාව වෙත හදුන්වා දීම "ක්‍රිස්ටෝපර් නෝලාන්" විසින් අධ්‍යක්ෂණය කළ "The Dark Knight (2008)" සිනමාපටය ඔස්සේ සිදු වූ අතර "Inception (2010)" සිනමාපටය හැරුණු විට එතැන් පටන් මේ දක්වා ක්‍රිස්ටෝපර් නෝලාන් විසින් නිර්මාණය කළ සෑම සිනමාපටයකම රූපගත කිරීම් සදහා "MSM 9802" මොඩලයේ "IMAX සිනමා කැමරාවන්" යොදාගැනීම සිදු කෙරිණි. කෙසේ වෙතත් මෙම "IMAX සිනමා කැමරාවන්" ක්‍රියාත්මක වීමේදී ඉතා අධික ශබ්දයක් නිකුත් වීමත්, වෙනත් ඩිජිටල් සිනමා කැමරාවන්ට සාපේක්ෂ්ව ඉතා අධික බරකින් ද යුක්ත වීමත් හේතුවෙන් ඇතැම් දර්ශන රූපගත කිරීම සදහා "Panavision Panaflex System 65", Panavision Panaflex Gold II 35mm Camera, ARRIFLEX 235 Camera, සහ "Beaumont Vista Vision Camera" වැනි කැමරාවන් සහ 'ADR' ක්‍රමවේදය යොදා ගන්නා ලදී.

    IMAX 65mm Film Camera ("MSM 9802" මොඩලය)

    Imax-silmmaking-in-depth.003.jpeg

    MGR-04818-MSG.jpg

    "IMAX සිනමා කැමරාවක්" (IMAX 65mm Film Camera) ක්‍රියාත්මක වීමේදී නැගෙන අධික ශබ්දයට නිදසුන් ("No Time to Die" , "The Hunger Games: Catching Fire" සහ "Nope' යන සිනමාපටවල රූපගත කිරීම්වලින් උපුටා ගත් දර්ශන කීපයකි)

    "Panavision Panaflex System 65" ගනයේ සිනමා කැමරාවක්

    The-Lenses-Behind-Oppenheimer-Modified-Panavision-and-an-IMAX-Snorkel-Lens.003.jpeg

    මෙලෙස අධික බරකින් යුක්ත වීම හේතුවෙන් 'Handheld" (උරහිස මත තබාගෙන කැමරාව ක්‍රියාකරවීම) ආකාරයෙන් රූපගත කිරීම් සිදු කිරීම කළ නොහැකි කාර්යයක් ලෙස පැවති මතය "ක්‍රිස්ටෝපර් නෝලාන්ගේ" "Interstellar (2014)" සිනමාපටයේ කැමරා අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කළ "Hoyte van Hoytema" විසින් වෙනස් කරනු ලැබුවේ එම සිනමාපටයේ ඇතුළත් වූ ජවනිකාවන් රැසක් "IMAX සිනමා කැමරාවන්" යොදාගනිමින් "Handheld" ආකාරයෙන් රූපගත කිරීමට සමත් වීමත් සමගයි. එතැන් පටන් "ක්‍රිස්ටෝපර් නෝලාන්" විසින් අධ්‍යක්ෂණය කළ සිනමාපටවල ඇතුළත් වූ ජවනිකාවන් රාශියක් "IMAX සිනමා කැමරාවන්" යොදාගනිමින් "Handheld" ආකාරයෙන් රූපගත කිරීම ඔහු විසින් සිදු කරන ලදී. නමුත් "IMAX සිනමා කැමරාවෙන් නිකුත් වන අධික ශබ්දයට මෙතෙක් කල් නිසි පිළියමක් නොතිබූ හෙයින් දෙබස් විශාල ප්‍රමාණයක් සහිත ජවනිකා රූපගත කිරීම සදහා මූලික වශයෙන්ම යොදා ගැනුනේ මා ඉහත සදහන් කළ "Panavision System 65" සහ "Panavision Panaflex Gold II 35mm Camera" යන සිනමා කැමරාවන් ද්විත්වයයි.

    කැමරා අධ්‍යක්ෂ "Hoyte van Hoytema" විසින් "IMAX සිනමා කැමරාවන්" Handheld ආකාරයෙන් යොදාගනිමින් රූපගත කිරීම් සිදු කළ අයුරු (IMAX "MSM 9802" මොඩලයේ කැමරාවක් රාත්තල් 42 ත් 100 ත් අතර බරකින් යුක්ත වේ)

    Cine_Oppenheimer_021_2.jpg

    Interstellar (2014)​

    DSsnivUXUAIddJx.jpg

    TENET (2020)

    zc6hpycblj9a1.png

    Oppeheimer (2023)​

    this-mans-poor-spine-v0-ck0vp5ykef3b1.png

    "IMAX සිනමා කැමරාවෙහි" මෙම අධික ශබ්දය සහ බර අවම කිරීමේ අරමුණින්, "ක්‍රිස්ටෝපර් නෝලාන්" ඇතුළු තවත් සිනමාකරුවන් කිහිපදෙනෙකුගේ ඉල්ලීම් මත 'IMAX' සමාගම විසින් නව "IMAX සිනමා කැමරාවක්" වැඩිදියුණු කිරීමේ කටයුත්තකට මීට වසර කිහිපයකට පෙර මුල පිරීම සිදු කරන ලදී. එම කර්තව්‍යය අවසන් කරමින් මේ නව පරම්පරාවේ "IMAX සිනමා කැමරාවේ" මූලාකෘතියක් (Prototype) 'IMAX' සමාගම විසින් මීට මාස කිහිපයකට පෙර එළි දැක්වීම සිදු කරන ලදී. මේ නව "IMAX සිනමා කැමරාවේ" බාහිර සැකිල්ල හා ආවරණය "honeycomb sandwich panels" ආකාරයෙන් "කාබන් ෆයිබර්" (Carbon fiber alloys) සහ "ටයිටේනියම්" (Titanium) භාවිතා කරමින් නිර්මාණය කොට තිබේ. මෙම සුවිශේෂී ආවරණයෙන් කැමරාව ක්‍රියාත්මක වන විට ඉන් නිකුත් වන ශබ්දය පිටතට යෑම වළක්වා ලීම සිදු කරනු ලබන අතර මෙම අමුද්‍රව්‍යයන් ප්‍රහාරක ජෙට් යානා සහ "ෆෝර්මියුලා 1" ධාවන රථයන් නිර්මාණය කිරීම සදහා ද යොදා ගන්න හෙයින් එම අමුද්‍රව්‍ය මගින් කැමරාවේ බර ද සැලකිය යුතු මට්ටමකින් අඩු කර තිබේ. මීට අමතරව වැඩිදියුණු කරන ලද නව සිනමා කාචයන්ගෙන් (Optics), රැහැන් රහිත සම්බන්ධතාවයන්ගෙන් (Wireless connectivity), සහ අඟල් 5 ක වර්ණ සංදර්ශකයකින් ද (Five-inch color display) මෙම නව "IMAX සිනමා කැමරාව" සමන්විතව පවතී.

    නවතම "IMAX සිනමා කැමරාවේ" මූලාකෘතිය

    new-imax-65mm-camera-v0-v9svkq0jynlc1.jpg

    new-imax-65mm-camera-v0-v239xq0jynlc1.jpg

    new-imax-65mm-camera-v0-0y2igs0jynlc1.jpg

    Will-Nolan-Use-Nex-Gen-IMAX-Film-Cameras-for-his-Next-Project.005.webp

    මේ වන විට ක්‍රිස්ටෝපර් නෝලාන්ගේ මීළග සිනමාපටය තිරගත කිරීමට නියමිතව ඇති දිනය පිළිබදව නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ඇති අතර එය 2026 වසරේ ජූලි මස 17 වන දින සිට "Universal' ස්ටූඩියෝව මගින් ලොව පුරා තිරගත කිරීමට සැලසුම් කොට තිබේ. හොලිවුඩයේ ප්‍රවීණ රංගන ශිල්පියෙක් වන "Matt Damon" මෙහි ප්‍රධාන චරිතයට පණ පෙවීමට සූදානමින් සිටින බවට දැනට ලැබී ඇති තොරතුරු අනුව ප්‍රකාශ වන අතර සිනමාපටයේ රූපගත කිරීම් කටයුතු 2025 වසරේ මුල් භාගයේදී ආරම්භ වන ඇති බවටයි අනුමාන කරනු ලබන්නේ. කෙසේ වෙතත් මෙම සිනමාපටයේ රූපගත කිරීම් සදහා මෙම නව "IMAX සිනමා කැමරාව" ක්‍රිස්ටෝපර් නෝලාන් විසින් යොදාගනී ද, නැද්ද යන වග පිළිබදව තොරතුරු මෙතෙක් හෙළි වී නැත. එසේ යොදාගැනීම සිදු කළ හොත් මෙම නව කැමරාවේ පවතින අවම ශබ්දය හේතුවෙන් සිනමාපටයේ දෙබස් වැඩි ප්‍රමාණයක් අඩංගු ජවනිකා රූපගත කිරීමේ හැකියාව ද මෙමගින් ඔහුට හිමි වනු ඇත. එහෙයින් බොහෝවිට ක්‍රිස්ටෝපර් නෝලාන්ගේ මීළග සිනමාපටය සම්පූර්ණයෙන්ම පාහේ "IMAX සිනමා කැමරාවන්" භාවිතා කරමින් රූපගත කළ ඉතිහාසයේ පළමු සිනමාපටය බවට පත් වීමට ද මෙමගින් අවකාශය උදා වී තිබේ.

    "IMAX සිනමා කැමරාවන්" සහ IMAX තාක්ෂණය පිළිබදව මා විසින් මීට ඉහතදී ලියා පළ කළ ලිපි

    📽🎬🎥 IMAX තාක්ෂණය හා එහි ඉතිහාසය 🎥🎬📽

    ✍️🎬 ලිපිය සැකසුම: @Stimulus mind 🎥✍️

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,758
    11,111

    මුට කැමරාවක් දැක්කම නගිනවා වගේ
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,520
    17,529
    113
    Auckland
    සද්දෙ නම් ලොකු අවුලක් නෑ බන් බයික් එකක් ඩීසල් වාහනයක් පැදපු එකෙක්ට නම්. ඊටත් ගෑනියෙක් ආශ්‍රය කරල තියෙ නම් කොහොමත් ඕකෙ සද්දෙ ඉවසගන්න අමාරු නෑ
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,946
    152,879
    113
    සද්දෙ නම් ලොකු අවුලක් නෑ බන් බයික් එකක් ඩීසල් වාහනයක් පැදපු එකෙක්ට නම්. ඊටත් ගෑනියෙක් ආශ්‍රය කරල තියෙ නම් කොහොමත් ඕකෙ සද්දෙ ඉවසගන්න අමාරු නෑ
    ෆිල්ම් එකේ Sound crew එක නම් කියන්නෙ ඔයිට වඩා හාත්පසින්ම වෙනස් කතාවක්ලු. 🥴
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,946
    152,879
    113
    මේ අලුත් IMAX කැමරා එක නෝලාන්ගෙ අලුත් ෆිල්ම් එකේදී යූස් කරනවා කියලා ඔන්න IMAX corporation එකේ CEO Officially confirm කරලා තියෙනවා. :yes: :)

    “I’m pleased to share that Chris will be utilizing new Imax technology in the making of the film — never-before-used equipment that our teams have been developing through this past year,” Gelfond revealed on a call with analysts and investors shortly after the quarterly numbers were unveiled.

    - Imax CEO "Richard Gelfond" -

    https://variety.com/2024/film/news/deadpool-and-wolverine-lift-imax-quarterly-earnings-revenue-falls-without-oppenheimer-1236195411/
     
    Similar threads