"Particle accelerator" එකක් ලෙස හදුන්වන්නේ, විද්‍යුත් චුම්භක ක්ෂේත්‍රයන් යොදාගනිමින්, රික්තයක් ඔස්සේ ආරෝපිත පරමාණුක සහ උපපරමාණුක අංශු අධි වේගී (ආලෝකයේ වේගයට ආසන්න) ශක්ති කදම්භ ප්‍රවාහයන් ලෙස යම් ඉලක්කයක් වෙත යොමු කරවීමට හෝ එම එකට ගැටීමට සලස්වා ලිය හැකි විශේෂිත යන්ත්‍රයකුයි. ලෝකයේ මේ වනවිට ක්‍රියාකාරී තත්ත්වයේ පවතින විශාලතම "Particle accelerator" එක ලෙස ස්විට්සර්ලන්තයේ, ජිනීවා නගරයේ පිහිටා තිබෙන "Large Hadron Collider" (LHC) නම් "Particle accelerator" යන්ත්‍රයයි. කොහොම නමුත් පහළින් ඇතුළත් කර තිබෙන වීඩියෝවෙහි කතාවට හේතුපාදක වනුයේ සෝවියට් දේශයේ, 'Protvino' කියන නගරයේ පිහිටා තිබෙන "Institute for High Energy Physics" පර්යේෂණ ආයතනයට අයත් "U-70 (synchrotron)" නම් "Particle accelerator" යන්ත්‍රයයි.
මේ පර්යේෂණ ආයතනයේ සේවය කළ "Anatoli Petrovich Bugorski" නම් අංශු භෞතික විද්‍යාඥයා (particle physicist) මේ "Particle accelerator" යන්ත්‍රයේ තිබෙන දෝෂ සහිත උපකරණයක් පරීක්ෂා කරමින් සිටින අවස්ථාවකදී අනපේක්ෂිත ලෙස "Particle accelerator" යන්ත්‍රයේ තිබුණු ආරක්ෂිත යාන්ත්‍රණය (safety mechanisms) අඩපණ වී ඔහු "Particle accelerator" එක තුළට හිස යොමාගෙන සිටි අවස්ථාවේදී ආරෝපිත අංශු අඩංගු අධිවේගී ශක්ති කදම්භ ප්‍රවාහයක් (76 GeV proton beam) ඔහුගේ හිස හරහා ගමන් කරන්නට වෙනවා. මෙහිදී ඔහුගේ හිස පිටුපසින් ඇතුල් වුණු මේ අධ්වේගී කදම්භ ප්‍රවාහය ඔහුගේ මොළයේ "occipital lobe" සහ "temporal lobe" යන ඛණ්ඩිකාවන් හරහා ගොස් වම් මැද කණින් තමයි පිටවෙන්නෙ. ඔහු මේ අනපේක්ෂිත සිද්ධියට ඔහු මුහුණ පාන්නෙ 1978 වසරේදීයි. එය සිදුවන අවස්ථාවේදී කිසිදු වේදනාවක් නොදැනුණු බව පවසන ඔහුට එම අවස්ථාව දර්ශනය වෙලා තිබෙන්නෙ සූර්යයන් දස දහස් ගණනකින් නිකුත් වන ආකාරයේ දීප්තියක් ඔහු ඉදිරිපිට විද්‍යාමාන වුණු ආකාරයෙනුයි. වාසනාවකට මෙන් මේ සිද්ධියෙන් ඔහුගේ ජීවිතයට හානියක් සිදු නොවුණත් මේ සිද්ධියෙන් පසුව ඔහුට ශාරීරිකව මුහුණ පාන්න වුණු ආබාධ සහ රෝගී තත්ත්වයන් වගේම මේ සිද්ධියට සම්බන්ධ අනෙකුත් කාරණා ගැන සිදුකරන හොද පැහැදිලි කිරීමක් මේ වීඩියෝවෙන් බලාගන්න පුළුවන්.
"Anatoli Petrovich Bugorski" සිද්ධියට මුහුණ පෑමෙන් අනතුරුව ලබාගත් ඡායාරූපයන්
මේ සිද්ධියට මුහුණ දුන් "Anatoli Petrovich Bugorski" තවමත් ජීවතුන් අතර සිටින අතර මේ වන විට ඔහුගේ වයස අවුරුදු 81 වනවා.
ත්‍රෙඩ් එකේ ප්‍රධාන මාතෘකාවට සම්බන්ධ නොවුනට මේ වීඩියෝවෙන් කතා කරන්නෙ උක්ත සිද්ධියට සමාන, වියට්නාමයේ 'Hanoi' නගරයේ පිහිටා තිබෙන "Particle accelerator" එකකදි සිද්ධ වුණු අනතුරක් ගැනයි. මේ සිද්ධිය සිද්ධ වෙලා තියෙන්නෙ 1992 අවුරුද්දෙ නොවැම්බර් 17 වෙනිදා.
Last edited:

