🔥පරිගණකයේ පරිනාම🔥

SL MULTIMEDIA TUTORIAL

Well-known member
  • Jul 27, 2020
    1,639
    6,950
    113
    United States
    🔥පරිගණකයේ පරිනාම🔥

    සියවස් ගනනාවකට ඉහතදී සිට මිනිසුන් ගණනය කිරීමේ ක්‍රමවේද පිළිබඳව මහත් උනන්දුවෙන් අධ්‍යනය කළේය. අතීතයේ සිටම මිනිසුන් සිදු කල අත්හදා බැලීම්හි ප්‍රතිපලයක් ලෙස අද වන විට මේ තත්වය දක්වා ලෝකය දියුණු වී තිබේ.
    ඉතාමත් සෙමින් මුල කල දියුණු වූ පරිගණකය 19 වෙනි සියවසෙන් පසුව ඉමහත් දිය්නුවක් ලබා ගත් බව පෙනේ..
    පරිගණකයේ පරිනාමය ප්‍රධාන ලෙස පහත පරිදි කාලවකවානු 4කට බෙදා දැක්විය හැක.

    🔅පර්ව යාන්ත්‍රික යුගය= 1450ට පෙර
    🔅යාන්ත්‍රික යුගය= 1450-1840
    🔅වද්‍යුත් යාන්ත්‍රික යුගය= 1840-1940
    🔅වද්‍යුත් යුගය= 1940ට පසු

    මෙම ලිපියෙන් අද මේ දක්වා දියුණු වූ පරිගණක වලට අඩිතාලම වූ මුල් කාලීන පරිගණක කිහිපයක් පිළිබඳව සාකච්ඡා කරමු.

    ☀️ඇබකසය(abacus)

    download-1.jpg


    මුල් කාලීන මිනිසුන්ට සරල ගණනය කිරීම් වල අවශ්‍යතාවයන් පැන නැගින.ක්‍රි.පූ.3000 කාලයේදී චීන වෙළඳුන් විසින් Abacus නැතිනම් ගනකරාමු මේ සඳහා යොදා ගැනින. මුල්කාලීන යන්ත්‍ර බොහොමයක් යාන්ත්‍රික වූ අතර ඒවා මිනිස් මැදිහත්කමින් ක්‍රියාත්මක කරන ලදී.

    ☀️ආකලන යන්ත්‍රය(adding maching/pascaline)


    220px-Pascaline-CnAM_823-1-IMG_1506-black.jpg


    1642 දී බ්ලේස් පැස්කල්‍ විසින් ගණිත කර්ම පහසුවෙන් සිදු කල හැකි යන්ත්‍රයක් නිපදවීය. මෙය ආකලන යන්ත්‍රය ලෙස හැදිනිවේ. මෙමගින් එකතු කිරීම හා අඩු කිරීම පමණක් සිදු කල හැකි විය. මෙය ලොව ප්‍රථම ඝණක යන්ත්‍රය ලෙස සලකනු ලබයි.

    ☀️stepped reckoner


    102630768-03-01.jpg


    1964 දී ජර්මන් ජාතිකයෙකු වූ ගොඩ්ෆ්‍රිඩ් විල්හෙල්ම් විසින් පැස්කලයින් යන්ත්‍රය වැඩි දියුනු කර ගුන කිරීම/ බෙදීම වැනි ගනිත කර්ම සිදු කල හැකි මෙම යන්ත්‍රය නිපදවීය.

    ☀️සදුරු කාර්ඩ් පත් සංකල්පය(punch card)


    punch-card-machine.png


    ප්‍රංශ ජාතික ජෝශප් ජැකුවාඩ් විසින් රෙදි විවීමේ කාර්‍ය පහසු කර ගැනීම සදහා 1801 දී පමන මෙම සංකල්පය සොයා ගන්නා ලදී. මෙය යාන්ත්‍රික යුගයෙ පරිගනක සදහා මහත් ලෙස බලපෑවේය.

    ☀️Difference engine

    300px-Babbage_Difference_Engine.jpg


    1822 දී චාල්ස් බබේජ් විසින් "ලොව ප්‍රථම යාන්ත්‍රික පරිගණකය " සදහා අවශ්‍ය කරන අකෘතිය ඉදිරිපත් කලහ . එය difference engine නම් වේ..

    ☀️ඇනලිටිකල් යන්ත්‍රය (analytical engine)

    1T6Ul1tTOcnnuesr_2.jpg

    චාල්ස් බබේජ් විසින් 1833 දී නිර්මාණය කල ඇනලිටිකල් යන්ත්‍රය සදහා මූලික අඩිතාලම වැටුණේ සිදුරු පත් සංකල්පයයි. මෙහි විශේශත්වය වනුයේ එහි දත්ත අදානය, සකස් කිරීම, ප්‍රතිදානය යන කාර්‍යන් කිරීමට අවශ්‍ය උපාංග එහි තිබීමයි. මෙම සංකල්පය නිසා චාල්ස් බැබේජ් පරිගණකයේ පියා ලෙස හදුන්වයි. තවද මෙහි වැඩසටහන සකස් කල ඇඩා ඔගස්ටා ලව්ලේස් (Ada Augusta) මැතිනිය ලොව පලමු වැඩසටහන් ශිල්පිනිය ලෙස හදුන්වයි .

    ☀️වැකියුම් ටියුබ් (vacuum tube)

    250px-Atanasoff-Berry_Computer_at_Durhum_Center.jpg

    1906 දී ෆොරස්ට් එලෙක්ට්‍රොනික වෑල්වය සොයා ගැනීම නූතන පරිගණකය දක්වා පරිගනක පරිනාමයට මහත් පිටිවහලක් විය.

    ☀️MARK 1


    1937 දී හාර්වර්ඩ් විශ්ව විද්‍යාලයේ හෝවර්ඩ් එයිකන් චාල්ස් බැබේජ්ගේ සංකල්පය වැඩි දියුණු කරමින් MARK 1 යන්ත්‍රය නිපදවීය. මෙහි දත්ත ඇතුලු කිරීමට යතුරු ලියනයක් ද, සිදුරු පත් ද, භාවිතා කලහ. මෙය වසර 15කට වැඩි කාලයක් පරිගනක ලොව තුල භාවිතා විය.

    ☀️ENIAC(Electronic Numerical Integrator and Calculator)

    220px-ENIAC_Penn1.jpg


    1946 දී john mauchly (ජෝන් මෞක්ලි) සහ J. Presper Eckert
    විසින් නිපදවූ එනියැක් යන්ත්‍රය ලොව පලමු පොදු කාර්‍යය එලෙක්ට්‍රොනික අංකිත පරිගණකය නම් වේ.

    ☀️EDSAC (Electronic Delay Storage Automatic Computer)

    220px-EDSAC_%2819%29.jpg



    1947 දී Mourice wilkes විසින් නිපදවන ලද EDSAC යන්ත්‍රය ගබඩා කල ක්‍රමලේක යොදා ගත් මුල්ම අංකිත පරිගණකයයි. 1948 දී නිපදවන ලද EDVAC යන්ත්‍රය ද ගබඩා කල ක්‍රමලේක සංකල්පය මත නිපදවන ලදී.

    💥💥💥💥💥💥💥💥💥

    1625755323250-png.134448


    හැමෝටම සුභ දවසක්...😗 :love2:🤗