Buffy the Vampire Slayer, Gossip Girl සහ 'Harriet the Spy' වැනි ටෙලි සහ සිනමා නිර්මාණවලට රංගන දායකත්වය ලබාදුන් ප්‍රකට හොලිවුඩ් රංගන ශිල්පිණියක වූ "Michelle Trachtenberg" අද දිනයේදී හදිසියේම දිවි ගමනින් සමු ගත්තා මිය යන විට 39 හැවිරිදි වියෙහි පසුවුණු "Michelle Trachtenberg" මීට කලකට ඉහතදී අක්මා බද්ධයකට ද මුහුණ දී තිබෙනවා. ඇමරිකාවේ නිවි යෝර්ක් නගරයේ පිහිටි නිවසේදී "Michelle Trachtenberg" මියගොස් සිටිය දී සොයාගෙන ඇත්තේ ඇගේ මව විසිනුයි. ඇය මුහුණ දුන් අක්මා බද්ධය හේතුවෙන් හටගත් සංකූලතාවයක් මෙම හදිසි මරණයට හේතු වී ඇති බවට මේ වන විට සැක කරනවා.
"Buffy the Vampire Slayer" හි "Dawn Summers" ලෙස
"Gossip Girl" හි "Georgina Sparks" ලෙස
"Harriet the Spy (1996)" හි "Harriet M. Welsch" ලෙස
Last edited:
