ජෛව විවිධත්ව ගැටළු පිළිබද ලෝකවාසීන්ගේ අවධානය යොමුකිරීමේ අරමුණින් සෑම වසරකම මැයි 22 දින ලෝක ජෛව විවිධත්ව දිනය (International Day for Biological Diversity) සමරනු ලබයි.
එක්සත් ජාතීන්ගේ පරිසරය හා සංවර්ධනය පිළිබඳ සම්මේලනය හෙවත් මිහිතල සමුළු සම්මුතිය මඟින් ජෛව විවිධත්වයට ලබා දී ඇති නිර්වචනයට අනුව, ජෛව විවිධත්වය යනු 'භෞමික සමුද්‍රික සහ අනෙකුත් පරිසර පද්ධතීන් සහ පාරිසරික සංකීර්ණ ඇතුළු සියළුම මූලාශ්‍රයන්හි අඩංගු සහ ඒවායේ කොටසක් වන ජීව වස්තූන් අතර ඇති වෙනස් වීමේ හැකියාව, එනම් ඒ ඒ ජීවී (ශාක හා සත්ත්ව) විශේෂයන් තුළ ඇති විවිධත්වය ' ලෙස හදුන්වා දී තිබේ .
තවත් ලෙසකින් කිවහොත්, ජීවීන් සතුව ඇති අපරිමිත විවිධත්වය ජෛව විවිධත්වය ලෙසින් හඳුන්වයි.නමුත් විද්‍යාත්මක ලෙස ජෛව විවිධත්වය අර්ථ දක්වන්නේ නම්, ප්‍රවේණිවල විවිධත්වය, අන්තර් සබඳතා, විශේෂවල විවිධත්වය,පරිසර පද්ධතිවල විවිධත්වය, වාසභූමි ආදී සියල්ලෙහිම පවතින්නාවූ විවිධත්වය ජෛව විවිධත්වය ලෙසද හැදින්විය හැක.
මෙවර ලෝක ජෛව විවිධත්ව දිනයේ තේමාව වන්නේ “Building a shared future for all life” යන්නයි.
INTERNATIONAL DAY FOR BIOLOGICAL DIVERSITY - 22 MAY
Last edited:
