පොලිසිය අංක තහඩු නැතිව සභාවට යාම හරි

monson

Well-known member
  • May 7, 2007
    25,622
    28,607
    113
    පොලිසිය අංක තහඩු නැතිව සභාවට යාම හරි

    පොලිසිය අංක තහඩු නැතිව සභාවට යාම හරි

    තරිඳු ජයවර්ධන

    පාර්ලිමේන්තුවේදී පසුගියදා ඇතිවූ ගලඹගෑනියේදී පොලිස් කොස්තාපල්වරුන් සහ සැරයන්වරුන් නිලඇඳුම්වල අංක තහඩු ආදිය නැතිව පැමිණියේ මන්ත්‍රීවැරුන්ගේ වරප්‍රසාද ආරක්ෂා කිරීමට යැයි පොලිස් ආරංචි මාර්ග කියයි.

    පොලිසියේ ඉදිරියෙන් සිටි නිලධාරීන් අංක තහඩු සහ නම් සඳහන් තහඩුව නැතිව පැමිණීම ගැන ඇතැම් දේශපාලකයෝ චෝදනා කළහ. මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු පොලිසියේ සේවය කරන නිලධාරීන්ගෙන් සහ උසස් පොලිස් නිලධාරීන්ගෙන් කළ විමසුමක දී ඔවුන් තහවුරු කළේ මීට පෙර පොලිස් නිලධාරීන් අංක තහඩු නැතිව සභා ගැනට ගොස් ඇති බවයි.

    මේ සම්බන්ධයෙක් පැහැදිලි කළ උසස් පොලිස් නිලධාරියෙක් මෙසේ ද කීවේය.

    ‘‘පාර්ලිමේන්තුවේ සභාවට යෑමට පොලිසියට තහනම්. නමුත් කතානායකවරයාගේ විශේෂ අවසරයක් ඇත්නම් හා කතානායකවරයා කැඳවීමක් කළොත් පොලිසියට ඇතුළට යන්න පුලුවන්. මීට පෙරත් පොලිසියෙන් සභා ගැබට ගිහින් තිබෙනවා. මෛත්‍රීපාල සිරිසේන මහතා මන්ත්‍රීවරයකු ලෙස සිටිය දී පවා එක් අවස්ථාවක එවකට කතානායකවරයාගේ නියෝගය අනුව පොලිසිය සභාවට ගිහින් මන්ත්‍රීවරයා උසවාගෙන සභාවෙන් එළියට ගෙනාවා.

    මෑතක හොඳම උදාහරණය තමයි දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයාගේ සිද්ධිය. 2017 මාර්තු 08 වැනි දා කතානායකවරයා නියෝගයක් දුන්නා දිනේෂ් ගුණවර්ධන මහත්මයව සභාගැබෙන් ඉවත් කරන්න කියලා. එදා පොලිසියේ අය ගියෙත් මේ විදියටම තමයි. එදා වීඩියෝ දර්ශන සහ ඡායාරූප පරීක්ෂා කළා නම් බලාගන්න පුලුවන් පොලිසිය හිටිය විදිය.

    සාමාන්‍යයෙන් පාර්ලිමේන්තු පොලිසියට උපදෙස් පන්තිවලදිත් උපදෙස් දෙනවා මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද ආරක්ෂාවෙන විදියට වැඩ කරන්න කියලා. සභාව ඇතුළට කතානයකගේ කැඳවීමකට ගිය පසු මන්ත්‍රීවරුන් පොලිසිය සමඟ පොර බදන්න පුලුවන්. උදාහරණයක් විදියට මන්ත්‍රීවරයකු පාර්ලිමේන්තුවෙන් ඉවත් කරන ලෙස නියෝග කළොත් පොලිසිය මන්ත්‍රීවරයා අරගෙන යද්දි පොරබැදීමක් වෙන්න පුලුවන්. ඒවගේ වෙලාවට නම් සහිත තහඩු සහ අංක තහඩු මන්ත්‍රීවරුන්ගේ ඇඟේ පැටලිලා තුවාල සිදුවෙන්න පුලුවන්. ඒ නිසා තමයි සභාවට යද්දි අංක තහඩු සහ නම් සටහන් තහඩු ගලවලා යන්න කියන්නේ. මේක සාමාන්‍ය දෙයක්.‘‘

    දිනේෂ් ගුණවර්ධන මහතා සභාවෙන් එළියට දැමීමට පොලිසියෙන් පැමිණීම සහ පෙරේදා පොලිසියෙන් පැමිණීම යන අවස්ථා දෙකේ ඡායාරූප පහත දැක්වේ.


    image-01a3bf2d65.jpg

    image-a27233d2cd.jpg


    - http://www.lankadeepa.lk/latest_news/පොලිසිය-අංක-තහඩු-නැතිව-සභාවට-යාම-හරි/1-540583
     
    • Like
    Reactions: Alaya

    24X7

    Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    මටත් මේක හරිම ගැටලුවක්... police.lk හෝ වෙනයම් පිළිගන්න පුළුවන් තැනක මේක තියනවද? මොකද එහම බැලුවම police ට හොස්පිටල් , පිස්සන් කොටුවට (LOL ) එහමත් අංක තහඩු නැතුව යන්න බැ... මේක නම් ටිකක් පිළිගන්න බැ...
    පාට කන්නාඩි නැතුව Comment දානවනම් තමා හොද...
    මොකද මම දන්නා විදියට police කාරයක් පිළිගන්න නම් Reg. number එක ඕන... එහම නැත්නම් නළුවක් වෙන්නත් පුළුවන්...
     

    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    මටත් මේක හරිම ගැටලුවක්... police.lk හෝ වෙනයම් පිළිගන්න පුළුවන් තැනක මේක තියනවද? මොකද එහම බැලුවම police ට හොස්පිටල් , පිස්සන් කොටුවට (LOL ) එහමත් අංක තහඩු නැතුව යන්න බැ... මේක නම් ටිකක් පිළිගන්න බැ...
    පාට කන්නාඩි නැතුව Comment දානවනම් තමා හොද...
    මොකද මම දන්නා විදියට police කාරයක් පිළිගන්න නම් Reg. number එක ඕන... එහම නැත්නම් නළුවක් වෙන්නත් පුළුවන්...

    පාර්ලිමේන්තුවේදී ක්‍රමය වෙනස්. ඔය හැම කෙනෙක්ම ඉහල නිලධාරියෙකුගේ අධීක්ෂනය යටතේ තමයි ඇතුලට යන්නේ. අංකය / බෙල්ට් එක දෙකම නැතුව තමයි පාර්ලිමේන්තු සභාව තියෙන වෙලාවට ඇතුලට යන්නේ.
     

    24X7

    Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    පාර්ලිමේන්තුවේදී ක්‍රමය වෙනස්. ඔය හැම කෙනෙක්ම ඉහල නිලධාරියෙකුගේ අධීක්ෂනය යටතේ තමයි ඇතුලට යන්නේ. අංකය / බෙල්ට් එක දෙකම නැතුව තමයි පාර්ලිමේන්තු සභාව තියෙන වෙලාවට ඇතුලට යන්නේ.

    Thanks Macho for info...
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,375
    8,544
    113
    රූකඩ රාජ්ජේ
    PONNAYO SANWARDANA NEWS DAAPANKO APAHU

    සංවර්ධනයක් කරාද නිවුස් දාන්න ? උගේ බොරු බං ඕවා . කන්ස්ට්‍රක්ෂන් කම්පැනි වහනවද මූ කියනවා වගේ සංවර්ධනයක් රටේ වෙනවනම්? සොමියට සුකලා කරුමෙට ඉපදිච්ච එකෙක්
     
    • Like
    Reactions: KOTA NIHAL

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    සංවර්ධනයක් කරාද නිවුස් දාන්න ? උගේ බොරු බං ඕවා . කන්ස්ට්‍රක්ෂන් කම්පැනි වහනවද මූ කියනවා වගේ සංවර්ධනයක් රටේ වෙනවනම්? සොමියට සුකලා කරුමෙට ඉපදිච්ච එකෙක්

    ow muge ammgey tattagey waradi mewa
     

    Alu kurulla

    Well-known member
  • Sep 7, 2015
    466
    299
    63
    Practicley parliment ekata mehema giya eka thama hari, oya waraprasada kathandara newei, me yana police officerslage arakshawata, monawa unath mase padiyata wedakarana, daru pawul karayoni godak. Ihalin ena ana kriyathmaka kara kiyala me parliment eke aya me minissunge anka, nam mathaka thiyan gihin return denna puluwan. E hinda anka , nam nethuwa yana eka kata kese wethath policiyata hondai.