JDownloader~ගැන~දැනගමු

chathu_ac

Member
Nov 24, 2007
4,687
1,351
0
Sri Lanka
jdownloader11.png


මම අද කියන්න යන්නේ JDownloader එක ගැන. සමහර විට ඔබ JDownloader ගැන මිට කලින් දැනගෙන සිටියත්
එහි ඇති විශේෂ ලක්ෂණ පිලිබදව නොදැනුවත්කම නිසා භාවිතා නොකර සිටින්න ඇති.

අන්තර්ජාලයෙන් ෆයිල්ස් බාගත කිරීම සඳහා ජාවා පරිඝණක භාෂාවෙන් ගොඩනගන ලද JDownloader නම් මෘදුකාංගය
ටොරෙන්ට් ෆයිල්ස් හැර අනෙකකුත් ඕනෑම ෆයිල් එකක් බාගත කරගැනීම සඳහා භාවිතා කල හැක.

විශේෂයෙන්ම ඔබ අප හොන්දින දන්නා one-click hosting අඩවි වලින් (Rapidshare, Hotfile, Fileserve,Megaupload)
ෆයිල්ස් බාගත කිරීම සඳහා යොදාගන්න මෘදුකාංගයක් ලෙස JDownloader ජනප්‍රිය වී ඇත.


එවැනි වෙනත් මෘදුකාංග හා සසදන කල මෙහි විශේෂ ලක්ෂණ බොහොමයක් දැකිය හැක.
≂≂≂≂≂≂≂≂≂≂≂≂≂≂≂≂≂≂≂≂≂≂≂≂≂≂≂≂≂≂≂≂≂≂≂≂≂≂≂≂≂≂≂≂≂

♦ නොමිලේ ලබාගත හැකි අතර ඕනෑම මෙහෙයුම් පද්ධතියක් තුළ ක්‍රියාකරවීමට හැකිවීම

♦ එකවර ෆයිල්ස් කීපයක් බාගත කිරීම හැකියාව ( Premium Accounts නොමැතිව)

♦ අන්තර්ජාල සබඳතා කීපයක් භාවිතා කර ෆයිල්ස් බාගත කිරීම හැකියාව

♦ ඉතා පහසුවෙන් Links ඇතුළත් කරගැනීමට හැකිවීම හා එම අවස්ථාවේදීම Links සක්‍රීයව ඇතිදැයි පරීක්ෂා කරගැනීමට හැකිවීම

♦ ස්වයංව අක්ෂර කියවීමේ හැකියාව (JAntiCaptcha)

♦ ස්වයංව RAR ෆයිල්ස් හා අනෙකුත් සංයුක්ත ෆයිල්ස් දිගහැරීම

♦ මුරපද යොදනලද RAR ෆයිල්ස් හි Links ඇතුළත් කරන අවස්ථාවේදී මුරපදය ලබාදීමෙන් ස්වයංව ෆයිල්ස් දිගහැරීමට හැකිවීම හා
එසේ ලබාදෙන මුරපද මතක තබාගැනීමෙන් එම මුරපදයම යෙදෙන RAR ෆයිල් එකක් දිග හැරීමේදී ස්වයංව අදාළ මුරපදය සොයාගැනීමට හැකිවීම.

♦ Premium Accounts නොමැතිව ෆයිල්ස් කඩින් කඩ (Resume) බාගත කිරීම හැකියාව
(MedaUpload, Mediafire, DepositFiles, Letitbit, MegaShare, Uploading)

♦ Youtube මගින් Video හා MP3 ෆයිල්ස් බාගත කිරීම හැකියාව

♦ 110ක් පමණ one-click hosting අඩවි මගින් ෆයිල්ස් බාගත කිරීම හැකියාව

♦ ඉතා පහසුවෙන් Premium Accounts හැසිරවීමේ හැකියාව

♦ Premium Accounts නොමැතිව ෆයිල්ස් බාගත කිරීමීදී ෆයිල් එකක් බාගතකර අනෙක් ෆයිලය බාගත වීමට පෙර පොරොත්තු කාලයක් (waittime) ගත නොවීම. (Auto Reconnect)




JDownloader භාවිතා කිරීම සඳහා අවශ්‍ය පරිසරය Java Run Rime Environment මගින් ලබා දෙයි.


J.R. E. බාගත කිරීම සඳහා



JDownloader බාගත කිරීම සඳහා



දැන් අප මෙය ක්‍රියා කරවන අන්දම සොයා බලමු


jdinterface.png



JDownloader ස්තාථාපිත කිරීමේදී සුපුරුදු ස්ථානය (C:\Program Files) යොදා නොගන්නා ලෙස ඔවුන් නිර්දේශ කරයි.
මන්ද යත් මෙහෙයුම් පද්ධතිය ස්ථාපිත කොටසෙන් (O/S Partition) බැහැරව JDownloader ස්තාථාපිත කළහොත්
යළි මෙහෙයුම් පද්ධතිය ස්ථාපිත කළද කිසිදු බාධාවකින් තොරව JDownloader ක්‍රියාකරවීමට හැකි වීමයි.

setup2i.png




» Links ඇතුළත් කරන ආකාරය «

මේ සඳහා සරල ක්‍රම කිහිපයක් භාවිතා කල හැකි අතර 'Linkgrabber' ඊට උපකාරී වේ.

1 ක්‍රමය :
Links සියල්ලම තෝරා Linkgrabber මතට Drag කිරීම.


2 ක්‍රමය :
Links සියල්ලම තෝරා copy විධානය ලබාදීම. මේ සඳහා පහසුම ක්‍රමය වන්නේ Keyboard හි
key-ctrl.png
+
key-C.png
යන යතුරු ක්‍රියා කරවීමයි.
මේ සදහා Clipboard Monitor
djclipboardmonitor.png
සක්‍රීය කර තිබිය යුතුය.


3 ක්‍රමය :
linkgrabberpass.png


මේ ආකාරයට Links ලබා දී ඇතිවිට ඇතිවිට අදාල Link එක copy කරගන්න. එවිට අදාල මුරපදය ඇතුල් කිරීමෙන් Links සියල්ලම Linkgrabber ලබාගත හැක.

linkgrabbero.png


Linkgrabber මගින් සක්‍රීය ෆයිල්ස් හා විසංධි වී ඇති ෆයිල්ස් හදුනා ගත හැක.
RAR ෆයිල්ස් නම් අදාල මුරපදය ඇතුළත් කර 'Extract'හි ✔ ලකුණ යොදන්න.

බාගත කිරීම් ලැයිස්තුවට තෝරාගත් Links එක් කිරීමට
key-enter.png
ක්‍රියා කරවන්න.
නැත්නම් 'Continue with all/selected packages' බොත්තම ක්‍රියා කරවන්න.




» බාගත කිරීම «

ඔබ ප්‍රථම වතාවට කිසියම් File Hosting අඩවියක් මගින් බාගත කිරීම පටන් ගැන්මේදී ඒ සදහා අවසර ලබාදීමට අවශ්‍ය වේ.
jdaccept.png



ඔබට අදාල File Hosting අඩවියේ Premium Accounts අතුල කර ඇත්නම් එකවර ෆයිල්ස් කීපයක් බාගත කල හැකි අතර
Premium Accounts නොමැතිව වෙනස් File Hosting Links කීපයක් එකවර බාගත කල හැක.

උදාහරණයක් ලෙස එකවර MedaUpload, Mediafire, Letitbit හා Hotfile Links 4 මෙසේ බාගත කල හැක.

jdsimaldownwithoutpremi.png



බාගත වීම අවසානයේදී RAR ෆයිල්ස් ස්වයංව දිගහැරෙන අතර මුරපද යොදනලද RAR ෆයිල්ස් සදහා මුරපද ලබා දී ඇත්නම් ස්වයංව දිග හැරේ.
jdsuccessdownload.png


මුරපද යොදනලද RAR ෆයිල්ස් සඳහා මුරපදයක් ලබාදුන් විට JDownloader එම මුර පද මතක තබා ගන්නා අතර
එම මුරපදයම යෙදෙන RAR ෆයිල් එකක් දිග හැරීමේදී ස්වයංව අදාල මුරපදය සොයාගන්න බැවින් නැවත නැවත එකම මුරපදය ලබා දීමට අවශ්‍ය නොවේ.

jdrarpassmanager.png




» YouTube මගින් Video හා MP3 ෆයිල්ස් බාගත කිරීම «

JDownloader මගින් ඉතා පහසුවෙන් ෆයිල්ස් බාගත කල හැකි අතර මේ සදහා කල යුත්තේ අදාල YouTube ෆයිල් එකෙහි Link එක copy කිරීම පමණයි.

jdytcopy.png



එවිට Linkgrabber මගින් අදාල YouTube Video වෙහි පවතින සිලයුම Links පෙන්නුම් කරන බැවින්
අදාල Video ව MP3 ෆයිල් එකක් ලෙසත්
වෙනත් Video Formats ලෙසත්(flv,mp4,webm)
වෙනත් Video Qualities ලෙසත් (240p,360p,480p,720p,1080p) බාගත කිරීමේ හැකියාව ලැබේ.

jdytgrabber.png


ඔබට අවශ්‍ය Link එක පමණක් තොරා ගෙන බාගත කිරීම අරඹන්න.




» Premium Accounts ඇතුල් කිරීම «

Settings Tab ➪ Plugins & Add-ons ➪ Host ➪ Premium පිටුවට පැමිණ 'Add Account' බොත්තම ක්‍රියා කරවන්න.
අදාල File Hosting අඩවිය තෝරා ගිණුමෙහි නම හා මුරපදය (Login Username & Password) ඇතුලත් කරන්න.
එය ඇතුළත් කල විගස අදාල ගිණුමෙහි විස්තර පෙන්නුම් කරන අතර එමගින් වලංගු කාලය හා බාගත කල හැකි ධාරිතාවය දැනගත හැක.

premiumaccounts.png





» Reconnection ක්‍රමය මගින් පොරොත්තු කාලය (waittime) මගහරවා ගැනීම «

Premium Accounts නොමැතිව ෆයිල්ස් බාගත කිරීමීදී සමහර File Hosting අඩවියන්හි ෆයිල්ස් බාගතකර අනෙක් ෆයිලය බාගත වීමට පෙර යම් කාලයක් ගතවේ.
ගතික අන්තර්ජාල සබඳතාවක් (dynamic internet connections / most DSL connections) මගින් බාගත කරන්නේ නම්
නැවත සම්බන්ධ වී (reconnect) අලුත් IP යොමුවක් ලබාගැනීමෙන් එම පොරොත්තු කාලය මග හරවා ගත හැක.
JDownloader ස්වයංව එම කාර්ය අපහට සිදු කර දෙයි. ඒ ඒ Routers හා Modems නැවත සම්බන්ධවන ආකාරය එකිනෙකට වෙනස් වන බැවින් ඒවා සමග ක්‍රියාත්මක වීමට පහත අයුරුන් JD සකසා ගත යුතුය.

Settings Tab ➪ Modules ➪ Reconnection ➪ LiveHeader පිටුවට පැමිණ 'Create Reconnection Script' බොත්තම ක්‍රියා කරවන්න.
මෙහිදී සිදු වන්නේ Routerහෝ Modem නැවත සම්බන්ධ වීම (reconnect) පටිගත කිරීමකි. ඒ සදහා 'RawMode' සක්‍රීය කර 'Start'බොත්තම ක්‍රියා කරවන්න.

recconetion.png


එවිට ඔබගේ සුපුරුදු වෙබ් බ්‍රව්සරය මගින් Router වෙත ඇතුල් වීමට පටන් ගනී. අදාල මුරපද යොදා ඇතුල් වී නැවත සම්බන්ධ වූ සැනින් මෙම ක්‍රියාව සාර්ථකව නිම වේ.


recconetionsuccess.png


මෙසේ ස්වයංව නැවත සම්බන්ධ වීමේ ක්‍රියාව (Auto Reconnect) සිදු කිරීමට
jdrecommnet.png
සක්‍රීය කර තබන්න.



මා JDownloader 2009 වසරේ මුල සිට මේ දක්වාම භාවිතා කරන අතර වෙනත් කිසිදු one-click hosting ෆයිල්ස් බාගත කිරීමේ මෘදුකාංගයක් භාවිතා කොට නොමැත.
JDownloader පිළිබඳව ත්‍රෙඩයක් දැමීමට පැටියා විසින් කරන ලද ඉල්ලීම නිසාත් මගේ 3000 වන පොස්ට් එක නිසාත් මෙම ත්‍රෙඩය ලියන ලදී.
:D:D

Written By chathu_ac @ ElaKiri.com
All Rights Reserved © 2011
 

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :):) :):)

    මම use කරන්නේ idm එක:yes: මම දැනගෙන හිටියේ නැහැනේ
    මේ තරම දේවල මේකෙන් කරන්න පුළුවන් කියාල :shocked:
    ත්‍රෙඩ් එක දාන්න ගොඩක් මහන්සි වෙලා තියෙඅනවා ඔයා:)
    එල එල
    11.gif
    එලටම දාල තියෙනවා සුබ පැතුම් මචන් 3000 ට :)


    :):) :):)
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    nice work buddy......
    IDM එකෙන් අයින් වෙන්න හිතුනා, නියමෙට විස්තර කරලා තියෙනවා.. ඒ වගේමයි සෑහෙන හොඳට ත්‍රෙඩ් එකත් නිර්මාණය කරලා..

    පෝස්ට් 3000ට සුභපතනවා, තවත් මේ වගේ ත්‍රෙඩ් අවශ්‍යයි..
     
    • Like
    Reactions: chathu_ac
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    තෑන්ක්ස් මචං........
    මුල ඉඳලා අගටම කියෙවුවා......
    නියමෙට විස්තර කරලා තියනවා......
    මැක්සා.....:)

    3000ට සුභපැතුම් මචං......:D
     
    • Like
    Reactions: chathu_ac