මෙයට මේවා කියල දෙන්න හදල වැඩක් නෑ සහෝ. Kasp හිතන් ඉන්නේ එය අර අනික් හැමෝම ආගම් වාදියෝ කියල. නමුත් එය තමයි මෙතන අනික් හැම ආගමම පහත කියල හිතන් ඉන්න ආගම්වාදිය. ඒ සහෝදරී හිතන හැටි මම නම් මේ thread එකෙන් දැනගත්ත.

http://www.elakiri.com/forum/showthread.php?t=1105195&page=43
එයාල ඔය කියන තරම් සාධාරණ මිනිස්සු නම් ඉතින් බුද්ධාගමේ වෙන දේවල් ගැන හොයන්නේ නැතුව තමන්ගේ ආගමේ දෙයක් හොයාගෙන ඉන්න පුළුවන් නේ. එත් මෙය කරන්නේ ජාතක කථාවෙයි පන්සලෙයි තියෙනවා කියල එය හිතන දේවල් අල්ලාගෙන දඟලන එක. මෙයාල වගේ කට්ටිය තමයි අර බස් එකේ යනකොට බලෙන් බයිබල් පාඩම් දෙන්න එන්නේ. අනික මෙයා හිතන් ඉන්නේ සුද්දෝ අවේ නැත්තන් අපි තාම වැද්දෝ කියල. එය බුද්ධාගමේ තියෙන ඒවා ගැන ඔච්චර හෙව්වට ලංකාවේ ඉතිහාසේ කියවල නෑ. මොකුත් බලලත් නෑ. නැත්තන් අපිට තිබ්බ ගෘහ නිර්මාණ ශිල්පෙ, වැව් හදපු තාක්ශනේ ගැන දන්නවනේ. (මට නම් සුදු ජාතිකයෝ එක්ක මේ මේ රට ආක්‍රමණය කල එක ගැන කිසිම අමුතු තරහක් නෑ. ඒක ඉතිහාසේ සිද්ධ වුන වැරද්දක්. දැන් ඒක අල්ලාගෙන කෑගහල වැඩක් නෑ. එත් මෙයාට නම් ඒක තමයි ඉතිහාසේ වුන ලොකුම දේ. එයාල අපේ අත දරුවෝ මරල ආගම පතුරවන්න හදපු හැටි මේ වගේ අයට මතක නෑ. )
හැමෝම තමන්ගේ දෙයක් බලාගෙන අනුන්ගේ ඒවා ඇත ඇරලා හිටිය නම් මොකුත් වෙන්නේ නෑ නේ. Kasp ගෙයි අර එයා බනින අන්තවාදින්ගෙයි කිසිම වෙනසක් නෑ. මොකද අන්තවාදිය බෞද්ධ උනත්, කතෝලික උනත්, මුස්ලිම් උනත් එකයි, කාටවත් හොඳක් වෙන්නේ නෑ.
තව එකක්. මේක බෞද්ධ රටක් කියනවට මෙයා දඟලනවා, එහෙනම් දැන් වතිකානුවට ගිහින් ඒක කතෝලික රාජ්‍යයක් නෙවෙයි කියල කියමුද? සවුදියට ගිහින් ඒක මුස්ලිම් නෙවෙයි කියමුද? සාමාන්‍යයෙන් රටක් හඳුන්වන්නේ බහුතර මිනිස්සු කොට්ටාශය හැටියට. එහෙම කිව්වා කියල ඔයාලට කවුරුවත් ආගම අදහන්න එපා කිව්වේ නෑ නේ. ඔයාල තමයි බලෙන් අපිට ආගම කියල දෙන්න ඇවිත් අපේ නිදහස නැති කරන්නේ. මට එකක් කියන්න. අපේ පවුලකට වෙන ආගමක කෙනෙක් කසාද බැන්දොත් ආගම මාරු කරන්න කියන්නේ නෑ. එත් කතෝලික අය එහෙම කරන්න කියනවා නේ. ඇයි ඒ? ඒක නිදහසද? (දැන් නෑ කියන්න එපා. මේක මම පෞද්ගලිකව දන්නා සිද්ධියක්.)
