2018 වසරේ පැවැත්වීමට නියමිත 18 වැනි පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල හම්බන්තොටදී පැවැත්වීම සඳහා ශ්‍රී ලංකාවෙන් ඉදිරිපත් කරනු ලබන ලන්සු පොතත් රැගෙන විශේෂ නියෝජිත කණ්ඩායමක් මෙම මස මලයාසියාවේ ක්වාලාලම්පූර් අගනුවරට යාමට සුදානම් වේ.
පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල පැවැත්වීම සඳහා ශ්‍රී ලංකාවෙන් හම්බන්තොට නගරයත් ඕස්ට්‍රේලියාවෙන් ගොල්කොස්ට් නගරයද ඉදිරිපත් කිරීමට නියමිතයි.පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල් 71 න් වැඩිපුර ජන්ද ලබාගන්නා රටේ ක්‍රීඩා උළෙල පැවැත්වීමට නියමිතයි.
පොදු රාජ්‍ය මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරීගේ නිර්දේශය මත ජන්ද විමසුමට ඉදිරිපත්වීම සඳහා සුදුසුද යනවග නිර්දේශ කරනු ලබයි.ප්‍රධාන විධායක නිලධාරී හුපර් මහතා පසුගියදා ශ්‍රීලංකාවට පැමිණි අතර ඔහුට මුහුණ දීමට සිදු වුයේ අපුරු සිදුවිම්කටයි.
එනම් ලංකාවේ ඔලිම්පික් කමිටුවේ බලකිරීම මත හම්බන්තොට සංචාරය කිරීමටත් පෙර මාධ්‍යය සාකච්චාවක් පවත්වා හම්බන්තොට නගරය පිලිබඳ කීමට ඔහුට සිදුවී තිබිණි.
මාධ්‍යයවේදින් සඳහා ආරාධනාකොට තිබුනේද ඔලිම්පික් කමිටුවට අතිශය හිතවත් මාධ්‍යවේදීන්ටය.
මේවන විට පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සඳහා සැලසුම් කිරීමට ගිය වියදම් මෙසේය
මුලික ලන්සු තැබීමේ ලියකියවිලි වලට - ලක්ෂ 1500
ක්‍රීඩා උත්සවයේ සැලසුම සඳහා බ්‍රිතාන්‍යයේ බෝල්පොටින්ගර් ආයතනයට - ලක්ෂ 4000
රටවල් 71 න් බහුතරයකගේ කැමැත්ත ලබාගැනීම සඳහා එම රටවල් 71 ට විශේෂ ධුත මෙහෙවරයක් යාමට නියමිතය.එයට වෙනකොට ඇති මුදල ලක්ෂ ගණනකි.
හම්බන්තොට නගරයේ පවතිවමට ඇති සුදුසුකම් ලෙස දක්වා ඇත්තේ
හම්බන්තොට වරාය
ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාව
ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාපිටි
ඉදි කිරීමට නියමිත හම්බන්තොට ගුවන්තොටුපල වැනි දැය.
ඔස්ට්‍රේලියාව 2018 වසරේ ක්‍රීඩා උළෙල පැවත්වීමට කටයුතු යෙදුවේ 2010 දිල්ලියේ පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලලෙන් පසුවය.
ඔවුන්ගේ ප්‍රචාරණ කටයුතු මදකට නැවත ඇත්තේ ඔවුන්ට මුහුණ දෙන්න සිදු වූ ස්වභාවික විපත් හේතුවෙනි.
කෙසේනමුත් නිල නොවන ආරංචි මාර්ග සඳහන් කරන්නේ ඔස්ට්‍රේලියාව සඳහා දැනටමත් රටවල් 42 ක් කැමැත්ත පලකොට ඇති බවයි.
මේ වනවිට හම්බන්තොට ප්‍රදේශයේ ඉඩම් අක්කර 2000 ක් පමණ විදේශීය සමාගම් කීපයක් වෙත පවරාදීමට රජය කටයුතු කරමින් සිටි.ඉදිකිරීමට යෝජිත ක්‍රීඩා ගම්මානයේ අවශ්‍ය කාමර 4000 කින් යුත් හෝටල් සංකීර්ණය ඉදිකිරිම මෙහි පළමු පියවරයි.
එම ඉඩම්හි ශක්‍යතා වාර්තා ලොව ප්රමුඛ සමාගම් වන මැරියට්/හයට්/ෂන්ග්‍රීල්ලා ඉදිරිපත් කිරීමට නියමිතය.
පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල පැවැත්වෙන රට පිලිබඳ අවසාන තීරණය දැනුම් දෙනුලබන්නේ 2011 11 වන මස 11 වනදාය.
source








..

