හම්බන්තොට

Mr Dilshan

Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    logo.jpg

    hamba.jpg

    goldcost.jpg

    Commonwealth-Games-logo-unvailed.jpg

    namal_r.jpg

    cw01.jpg

    cw04.jpg

    2018 වසරේ පැවැත්වීමට නියමිත 18 වැනි පොදු රාජ්‍ය මණ්‌ඩලයීය ක්‍රීඩා උළෙල හම්බන්තොටදී පැවැත්වීම සඳහා ශ්‍රී ලංකාවෙන් ඉදිරිපත් කරනු ලබන ලන්සු පොතත් රැගෙන විශේෂ නියෝජිත කණ්‌ඩායමක්‌ මෙම මස මලයාසියාවේ ක්‌වාලාලම්පූර් අගනුවරට යාමට සුදානම් වේ.

    පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල පැවැත්වීම සඳහා ශ්‍රී ලංකාවෙන් හම්බන්තොට නගරයත් ඕස්ට්‍රේලියාවෙන් ගොල්කොස්ට් නගරයද ඉදිරිපත් කිරීමට නියමිතයි.පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල් 71 න් වැඩිපුර ජන්ද ලබාගන්නා රටේ ක්‍රීඩා උළෙල පැවැත්වීමට නියමිතයි.

    පොදු රාජ්‍ය මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරීගේ නිර්දේශය මත ජන්ද විමසුමට ඉදිරිපත්වීම සඳහා සුදුසුද යනවග නිර්දේශ කරනු ලබයි.ප්‍රධාන විධායක නිලධාරී හුපර් මහතා පසුගියදා ශ්‍රීලංකාවට පැමිණි අතර ඔහුට මුහුණ දීමට සිදු වුයේ අපුරු සිදුවිම්කටයි.

    එනම් ලංකාවේ ඔලිම්පික් කමිටුවේ බලකිරීම මත හම්බන්තොට සංචාරය කිරීමටත් පෙර මාධ්‍යය සාකච්චාවක් පවත්වා හම්බන්තොට නගරය පිලිබඳ කීමට ඔහුට සිදුවී තිබිණි.

    මාධ්‍යයවේදින් සඳහා ආරාධනාකොට තිබුනේද ඔලිම්පික් කමිටුවට අතිශය හිතවත් මාධ්‍යවේදීන්ටය.

    මේවන විට පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සඳහා සැලසුම් කිරීමට ගිය වියදම් මෙසේය

    මුලික ලන්සු තැබීමේ ලියකියවිලි වලට - ලක්ෂ 1500
    ක්‍රීඩා උත්සවයේ සැලසුම සඳහා බ්‍රිතාන්‍යයේ බෝල්පොටින්ගර් ආයතනයට - ලක්ෂ 4000

    රටවල් 71 න් බහුතරයකගේ කැමැත්ත ලබාගැනීම සඳහා එම රටවල් 71 ට විශේෂ ධුත මෙහෙවරයක් යාමට නියමිතය.එයට වෙනකොට ඇති මුදල ලක්ෂ ගණනකි.

    හම්බන්තොට නගරයේ පවතිවමට ඇති සුදුසුකම් ලෙස දක්වා ඇත්තේ

    හම්බන්තොට වරාය
    ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව
    ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාපිටි
    ඉදි කිරීමට නියමිත හම්බන්තොට ගුවන්තොටුපල වැනි දැය.

    ඔස්ට්‍රේලියාව 2018 වසරේ ක්‍රීඩා උළෙල පැවත්වීමට කටයුතු යෙදුවේ 2010 දිල්ලියේ පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලලෙන් පසුවය.

    ඔවුන්ගේ ප්‍රචාරණ කටයුතු මදකට නැවත ඇත්තේ ඔවුන්ට මුහුණ දෙන්න සිදු වූ ස්වභාවික විපත් හේතුවෙනි.

    කෙසේනමුත් නිල නොවන ආරංචි මාර්ග සඳහන් කරන්නේ ඔස්ට්‍රේලියාව සඳහා දැනටමත් රටවල් 42 ක් කැමැත්ත පලකොට ඇති බවයි.

    මේ වනවිට හම්බන්තොට ප්‍රදේශයේ ඉඩම් අක්කර 2000 ක් පමණ විදේශීය සමාගම් කීපයක් වෙත පවරාදීමට රජය කටයුතු කරමින් සිටි.ඉදිකිරීමට යෝජිත ක්‍රීඩා ගම්මානයේ අවශ්‍ය කාමර 4000 කින් යුත් හෝටල් සංකීර්ණය ඉදිකිරිම මෙහි පළමු පියවරයි.

    එම ඉඩම්හි ශක්‍යතා වාර්තා ලොව ප්‍රමුඛ සමාගම් වන මැරියට්/හයට්/ෂන්ග්‍රීල්ලා ඉදිරිපත් කිරීමට නියමිතය.

    පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල පැවැත්වෙන රට පිලිබඳ අවසාන තීරණය දැනුම් දෙනුලබන්නේ 2011 11 වන මස 11 වනදාය.

    source
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    කවුද බන් අපි තුන්වන ලෝකයේ රටක් කියන්නේ
    :growl::growl::growl::growl:
    :lol::lol::lol::lol::lol::lol:
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    කාටද ආඩම්බර?? :P;)

    සකල ශ්‍රී ලංකාවාසී දේශප්‍රේමී දේශමාමක දේශහිතෙෂී බුද්ධිමත් ජනතාවටනේ

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    හම්බන්තොට නගරයේ පවතිවමට ඇති සුදුසුකම් ලෙස දක්වා ඇත්තේ

    හම්බන්තොට වරාය
    ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව
    ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාපිටි
    ඉදි කිරීමට නියමිත හම්බන්තොට ගුවන්තොටුපල වැනි දැය.
    වරායේ පිහිනුම් තරඟ , සම්මන්ත්‍රණ ශාලාවෙත් මේස පුටු එහාට මෙහාට කොරල table tennis වත් ගහන්න බැරිය , ගුවන් තොටුපොලෙත් ධාවන පථය ගත්තම මීටර් 100 , 200, දුවන්න බැරියැ ..:lol:

    ඔය ඔක්කොටම වඩා..කොහොමද කෑම:shocked:..මීයක්‌ කඩන්නේ අත ලෙවකන්න නෙමෙයි නෙ:sorry:

    අනේ මුන්ටත් ඉර හඳ පායනවනේ:frown:..රන් ගොජෝ තෝ ඔය කන්නේ අපේ සල්ලි බල්ලෝ :growl:
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    වරායේ පිහිනුම් තරඟ , සම්මන්ත්‍රණ ශාලාවෙත් මේස පුටු එහාට මෙහාට කොරල table tennis වත් ගහන්න බැරිය , ගුවන් තොටුපොලෙත් ධාවන පථය ගත්තම මීටර් 100 , 200, දුවන්න බැරියැ ..:lol:

    ඔය ඔක්කොටම වඩා..කොහොමද කෑම:shocked:..මීයක්‌ කඩන්නේ අත ලෙවකන්න නෙමෙයි නෙ:sorry:

    අනේ මුන්ටත් ඉර හඳ පායනවනේ:frown:..රන් ගොජෝ තෝ ඔය කන්නේ අපේ සල්ලි බල්ලෝ :growl:

    :sorry::sorry::sorry::frown::frown::frown::growl::growl::growl::yes::yes::yes:
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    වරායේ පිහිනුම් තරඟ , සම්මන්ත්‍රණ ශාලාවෙත් මේස පුටු එහාට මෙහාට කොරල table tennis වත් ගහන්න බැරිය , ගුවන් තොටුපොලෙත් ධාවන පථය ගත්තම මීටර් 100 , 200, දුවන්න බැරියැ ..:lol:

    ඔය ඔක්කොටම වඩා..කොහොමද කෑම:shocked:..මීයක්‌ කඩන්නේ අත ලෙවකන්න නෙමෙයි නෙ:sorry:
    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    අත යටින් ගේමක් දීල හරි ලොක්කා ඕක හම්බන්තොටට ගනීවි. දැනටමත් අල්ලස් එක්ස්පර්ට්ලා යවල ඇති රටරටවල් වලට :lol:
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    අත යටින් ගේමක් දීල හරි ලොක්කා ඕක හම්බන්තොටට ගනීවි. දැනටමත් අල්ලස් එක්ස්පර්ට්ලා යවල ඇති රටරටවල් වලට :lol:

    :lol::lol::lol: