රට වෙනුවෙන් එලකිරි හඬ

May 7, 2011
5
4
0
රට වෙනුවෙන් එලකිරි හඬ

රට වෙනුවෙන් එකා මෙන් සිතා,
රට වෙනුවෙන් හඬක් නගන්න පුලුවන් අය එකතුවෙන්න අපිත් එක්ක.

රට තුල සිදුවන සියලු වංචා, දූශන, හොරකම්, අපරාද, නාස්ති, අසාධාරනකම් හෙලිකරන්න.

වගකිව යුත්තන්ට බල කරන්න
හඬ නගන්න
එන්න අපේ ‍රැලට
 

Mr Dilshan

Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    මෙන්න හොඳ වැඩක්
    හැබැයි පක්ෂ විපක්ෂ මොන මගුලේ හරි හැම එකාගෙම හොරකම් මැරකම් ජඩකම් Double Game බලුකම් සේරම දන්නා ඕන.
    මම උඹට විශේෂ සහයෝගයක් ඒ වෙනුවෙන් කරනවා.
    එත් අර windows 8 වගේ උනොත් ඌට වෙන එක අනෙක තමයි වෙන්නේ පුතෝ.
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    logo.jpg


    hamba.jpg

    goldcost.jpg

    Commonwealth-Games-logo-unvailed.jpg

    namal_r.jpg

    cw01.jpg

    cw04.jpg

    2018 වසරේ පැවැත්වීමට නියමිත 18 වැනි පොදු රාජ්‍ය මණ්‌ඩලයීය ක්‍රීඩා උළෙල හම්බන්තොටදී පැවැත්වීම සඳහා ශ්‍රී ලංකාවෙන් ඉදිරිපත් කරනු ලබන ලන්සු පොතත් රැගෙන විශේෂ නියෝජිත කණ්‌ඩායමක්‌ මෙම මස මලයාසියාවේ ක්‌වාලාලම්පූර් අගනුවරට යාමට සුදානම් වේ.

    පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල පැවැත්වීම සඳහා ශ්‍රී ලංකාවෙන් හම්බන්තොට නගරයත් ඕස්ට්‍රේලියාවෙන් ගොල්කොස්ට් නගරයද ඉදිරිපත් කිරීමට නියමිතයි.පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල් 71 න් වැඩිපුර ජන්ද ලබාගන්නා රටේ ක්‍රීඩා උළෙල පැවැත්වීමට නියමිතයි.

    පොදු රාජ්‍ය මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරීගේ නිර්දේශය මත ජන්ද විමසුමට ඉදිරිපත්වීම සඳහා සුදුසුද යනවග නිර්දේශ කරනු ලබයි.ප්‍රධාන විධායක නිලධාරී හුපර් මහතා පසුගියදා ශ්‍රීලංකාවට පැමිණි අතර ඔහුට මුහුණ දීමට සිදු වුයේ අපුරු සිදුවිම්කටයි.

    එනම් ලංකාවේ ඔලිම්පික් කමිටුවේ බලකිරීම මත හම්බන්තොට සංචාරය කිරීමටත් පෙර මාධ්‍යය සාකච්චාවක් පවත්වා හම්බන්තොට නගරය පිලිබඳ කීමට ඔහුට සිදුවී තිබිණි.

    මාධ්‍යයවේදින් සඳහා ආරාධනාකොට තිබුනේද ඔලිම්පික් කමිටුවට අතිශය හිතවත් මාධ්‍යවේදීන්ටය.

    මේවන විට පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සඳහා සැලසුම් කිරීමට ගිය වියදම් මෙසේය

    මුලික ලන්සු තැබීමේ ලියකියවිලි වලට - ලක්ෂ 1500
    ක්‍රීඩා උත්සවයේ සැලසුම සඳහා බ්‍රිතාන්‍යයේ බෝල්පොටින්ගර් ආයතනයට - ලක්ෂ 4000

    රටවල් 71 න් බහුතරයකගේ කැමැත්ත ලබාගැනීම සඳහා එම රටවල් 71 ට විශේෂ ධුත මෙහෙවරයක් යාමට නියමිතය.එයට වෙනකොට ඇති මුදල ලක්ෂ ගණනකි.

    හම්බන්තොට නගරයේ පවතිවමට ඇති සුදුසුකම් ලෙස දක්වා ඇත්තේ

    හම්බන්තොට වරාය
    ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව
    ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාපිටි
    ඉදි කිරීමට නියමිත හම්බන්තොට ගුවන්තොටුපල වැනි දැය.


    ඔස්ට්‍රේලියාව 2018 වසරේ ක්‍රීඩා උළෙල පැවත්වීමට කටයුතු යෙදුවේ 2010 දිල්ලියේ පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලලෙන් පසුවය.

    ඔවුන්ගේ ප්‍රචාරණ කටයුතු මදකට නැවත ඇත්තේ ඔවුන්ට මුහුණ දෙන්න සිදු වූ ස්වභාවික විපත් හේතුවෙනි.

    කෙසේනමුත් නිල නොවන ආරංචි මාර්ග සඳහන් කරන්නේ ඔස්ට්‍රේලියාව සඳහා දැනටමත් රටවල් 42 ක් කැමැත්ත පලකොට ඇති බවයි.

    මේ වනවිට හම්බන්තොට ප්‍රදේශයේ ඉඩම් අක්කර 2000 ක් පමණ විදේශීය සමාගම් කීපයක් වෙත පවරාදීමට රජය කටයුතු කරමින් සිටි.ඉදිකිරීමට යෝජිත ක්‍රීඩා ගම්මානයේ අවශ්‍ය කාමර 4000 කින් යුත් හෝටල් සංකීර්ණය ඉදිකිරිම මෙහි පළමු පියවරයි.

    එම ඉඩම්හි ශක්‍යතා වාර්තා ලොව ප්‍රමුඛ සමාගම් වන මැරියට්/හයට්/ෂන්ග්‍රීල්ලා ඉදිරිපත් කිරීමට නියමිතය.

    පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල පැවැත්වෙන රට පිලිබඳ අවසාන තීරණය දැනුම් දෙනුලබන්නේ 2011 11 වන මස 11 වනදාය.

    source

    http://www.elakiri.com/forum/showthread.php?p=10049549#post10049549
     
    May 7, 2011
    5
    4
    0
    මුං මෙහෙම වියදම් කරන්නෙ කාගෙ සල්ලිද? උන්ගෙ පෞද්ගලික බූදලෙන්ද?
    නෑ
    එ අපි හිඟා නොකා හිඟා කාල ගෙවන බදු සල්ලි.
    අපිම ඡන්දෙ දීලා අපේ රට විනාස කරගන්නවා.
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    සාධාරණකොටා;10060535 said:
    මුං මෙහෙම වියදම් කරන්නෙ කාගෙ සල්ලිද? උන්ගෙ පෞද්ගලික බූදලෙන්ද?:confused::confused::confused:
    නෑ
    එ අපි හිඟා නොකා හිඟා කාල ගෙවන බදු සල්ලි:growl::growl::growl:.
    අපිම ඡන්දෙ දීලා අපේ රට විනාස කරගන්නවා.:shocked::shocked::shocked::shocked:
    දැන් එතකොට අපිද චන්දෙ දුන්නේ
    :lol::lol::lol::lol::lol:
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    සාධාරණකොටා;10060585 said:
    අන්න ඒ නිසා තමයි.. fake එකෙන් ආවෙ..
    දැන් රට හදන්න සෙට් වෙන්න ඕනෙ නිර්නාමිකව.

    දැන් මෙතන අපි එකෙක් එක ඒවා දැම්මට රට හැදෙනවානම් මොනවා කරන්න බැරිද මචන්.
    මේක බලන්නේ අන්තර්ජාල පහසුකම් තියන සීමිත පිරිසක් විතරයි.
    ඉතුරු බහුතරයම බලන්නේ රුපවාහිනී ප්‍රවෘති .
    අන්න උන් target කරලා මොනවහරි කරමු.
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මේක තමයි මචං වෙන්න ඕන..අන්තර්ජාලයේ නෙමෙයි..පාරට බැහැල පක්ෂ විපක්ෂ බීදයකින් තොරව මේ හොරකම් කරන පගා ගහන හොරු රැල පන්නලයි රටේ සංවර්ධනය පටන් ගන්න ඕන..නැතුව ඕකුන්ව තියාගෙන වරායවල්,ගුවන් තොටුපොලවල්, අධිවේගී මාර්ග හදනවා කියන්නේ ඔය හොරුන්ට තවත් කන්න දේවල් දෙනව කියන එකයි.වෙන්නෙ හැම එකාම බලය ගත්තම හිතන්නේ තමන්ට වැඩක් කරගෙන තමන් ගොඩ යන්නයි. රට ගොඩ දැම්මොත් තමනුත් ගොඩ යන බව උන්ට තේරෙන්නේ නැහැ. පක්ෂ විපක්ෂ භේදයකින් තොරව හොරෙක්ව හොරෙක් විදිහට හංවඩු ගහල එලවන්න පුළුවන් කොන්ද පන තියෙන මිනිස්සු ටිකක් ඕන රටට.
     
    May 7, 2011
    5
    4
    0
    දැන් මෙතන අපි එකෙක් එක ඒවා දැම්මට රට හැදෙනවානම් මොනවා කරන්න බැරිද මචන්.
    මේක බලන්නේ අන්තර්ජාල පහසුකම් තියන සීමිත පිරිසක් විතරයි.
    ඉතුරු බහුතරයම බලන්නේ රුපවාහිනී ප්‍රවෘති .
    අන්න උන් target කරලා මොනවහරි කරමු.

    අපි කරමු මෙහෙම දෙයක්...
    මේ thread එක හොඳට යන වෙලාවට

    නෙත් fm බැලුම් ගලට දැන්නුවනම් හරි..
    උනුත් අපිත් එක්ක සෙට් වෙයි.
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    සාධාරණකොටා;10060763 said:
    අපි කරමු මෙහෙම දෙයක්...
    මේ thread එක හොඳට යන වෙලාවට

    නෙත් fm බැලුම් ගලට දැන්නුවනම් හරි..
    උනුත් අපිත් එක්ක සෙට් වෙයි.

    උඹටත් ටිකක් අමුතු ideas තියනවා.
    එත් ඕව හරියයිද මන්ද
    බලමු බලමු
    ඉතින් උඹ හිතනවද උන් මේන් කියල අපට sponsor කරයි කියල
    උන් කැමති නැතුව ඇති උන්ගේ බලපත්‍රය cancel කරගන්න
     
    Last edited:
    May 7, 2011
    5
    4
    0
    උඹටත් ටිකක් අමුතු ideas තියනවා.
    එත් ඕව හරියයිද මන්ද
    බලමු බලමු
    ඉතින් උඹ හිතනවද උන් මේන් කියල අපට sponsor කරයි කියල
    උන් කැමති නැතුව ඇති උන්ගේ බලපත්‍රය cancel කරගන්න

    හරියනකම් බලං හිටියොත්නම් හරියන එකක් නෑ..
    හුගක් එවුන් මේ thread එකට බැනලා මුකුත්

    දාගන්න බැරුව නලියනව ඇති.

    අපි මොනා හරි විගඩමක් කරල
    ලොකු තැන් වලට අඟවන්න ඕනේ හැම එකාම
    දෙන දේ කාලා වෙන දේ බලන් ඉන්න
    පඟර නැටි නෙවේ කියල
     
    May 7, 2011
    5
    4
    0
    එහෙම බය වෙනවනම් ඉතින් fm වලින් වැඩක් නැහැ. ජනසන්නිවේදනයේ පරමාර්ථය තමයි ජනතාව වෙනුවෙන් කතා කිරීම.
    මට ඒක කිව්වෙත් නෙත් fm එකේ ලොක්කෙක්
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    සාධාරණකොටා;10060835 said:
    හරියනකම් බලං හිටියොත්නම් හරියන එකක් නෑ..
    හුගක් එවුන් මේ thread එකට බැනලා මුකුත්

    දාගන්න බැරුව නලියනව ඇති.

    අපි මොනා හරි විගඩමක් කරල
    ලොකු තැන් වලට අඟවන්න ඕනේ හැම එකාම
    දෙන දේ කාලා වෙන දේ බලන් ඉන්න
    පඟර නැටි නෙවේ කියල

    මචන් උඹ ඔය සිරවටමද කියන්නේ :confused::confused::confused::confused:
     
    May 7, 2011
    5
    4
    0
    මචන් උඹ ඔය සිරවටමද කියන්නේ :confused::confused::confused::confused:

    ඔව් මචං.

    රාජ පු‍ටුවට ආපු හැමෝම හිතුව රට තමන්ගේ බූදලෙ කියල.

    ඒත් මේ රට අපේ.

    උඹ දන්නවද? ජපනා korea වලට බෝම්බ දැම්ම. රට විනාස කලා. පස්සෙ korea මිනිස්සු එකතු වෙලා තමන් ගාව තිබ්බ රත්තරන් ඔක්කොම එක තැනකට එකතු කලා. හැම මිනිහම රත්තරන් දුන්නා. තමන් ගාව තියෙන සේරම රත්තරන්. එ රත්තරන් ඔක්කොම එකතු කරල රත්තරන් biscuits හදලා ලෝකෙට විකුනල ඒ සල්ලි වලින් රට හැදුවලු.
    අද korea වෙ තත්ත්වෙ පේනවා නේද?
    ඒක තමයි එකමුතු කම කියන්නෙ

    මාව විශ්වාස නැත්තම් ටිකක් හොයල බලපන්කො..

    අපේ රටේ එවුන් ඒ වගේ දෙයක් කරන්නෙ කවදද?