වෙසක් එකත් ලඟයි නෙ. නරකද වෙසක් කූඩු ටිකක් හැදුවොත්??
හදන්න දන්නෙ නෑ කියල නම් කියන්න එපා! මේක බලලා ඉගෙන ගන්න..
අටපට්ටම:
අවශ්‍ය ද්‍රව්‍ය:
ක්‍රමය:
බට ගහ අරන් කියතෙන් අඟල් අටක විතර කෑලි 4ක් විතර කපා ගන්න. 4ම එක උස ගන්න.
ඊලඟට පිහිය පාවිච්චි කරලා බට කෑල්ලක් 6ට පලා ගන්න. බට කෑලි 4 ම පලන්න හොඳේ.
දැන් බට පතුරු 24ක් තියෙන්න ඕන.
දැන් ආයෙ පිහිය අරන් අර ඔක්කොම පතුරු වල දෙකෙලවර පොඩ්ඩක් flat කර ගන්න. නැත්තම් ගැට ගහන කොට අමාරුයි. කපන කොට පතුරෙ පිට පැත්ත නෙවි, අනිත් පැත්තෙන් සුමට කරන්න. වැඩිය රළු නැති පැත්ත.
ඔක්කොම සුද්ද කර ගත්තට පස්සෙ පතුරු 4 ගානෙ ගොඩවල් 6කට වෙන් කර ගන්න. ඒ හතරක් අරන් සමචතුරස්‍රයක් හදා ගන්න, කොන් දෙකක් අංශක 90ට තියලා කම්බි වලින් ගැට ගහන්න, තේරෙනවනෙ? ගැට ගහන කොට මතක ඇතුව අඬුවෙන් තද කරන්න (කම්බියෙ කෙලවර දෙක අල්ලලා අඹරන්න)
ඒ විදියට අර ගොඩවල් 6 න් ම කොටු 6ක් හදා ගන්න. පොතේ හැටියට කොටු 6 එක සමාන ව එන්න ඕනෙ.
දැන් කොටු දෙකක් අරන් ඒවයෙ මුළු 2ක් එකට තියලා ගැට ගහන්න. චුට්ටක අමරු වැඩක් තමා. වැඩිය ගැටේ තද කරන්න එපා. පොඩි කෝනයක් හිටින්න කරන්න. ඒ විදියට එක කොටුවක කොන් 4ට කොටු 4ක් ගැට ගහන්න.
දළ වශයෙන් මේ වගේ:
ඒත් පොඩි ආනතියක් තියෙන්න ඕනෙ උඩ අතට (2D නෙවි 3D වෙන්නොනෙ). අටපට්ටමක් හිතේ මවා ගන්නකො එතකොට තේරෙයි.
ඊ ලඟට ඉතුරු කොටුව අරන් මේ පහළ රූපෙ රතු පාට කරලා තියෙන කොන් හතරට කොටුවෙ කොන් හතර ගැට ගහන්න:
කලින් කොටු පහ එකට ගැට ගහනකොට ගොඩක් තද කලා නම් මේක ටිකක් අමාරු වෙයි. පරිස්සමෙන් කරන්න එක පතුරක් වත් නැවෙන් නැති වෙන්න.
මෙච්චර වෙලා හරියට කලා නම් දැන් අටපට්ටමක් වගේ එකක් ඔයාගෙ අතේ තියෙන්න ඕනෙ.
තව ගැටගහන්න ඕන කොන් 4 ක් තියෙනවා, බැලුවම පේනව නෙ? ඒ හතර ත් ගැට ගහන්න, හොඳට තද කරලා. කලින් ටිකක් බුරුලට තියපු ගැටත් තද කරන්න.
දැන් සැකිල්ල ඉවරයි! සව් කොල ටිකක් අරන් කැමති විදියට අලෝ ගන්න
තරුව: http://www.elakiri.com/forum/showthread.php?p=10082197#post10082197

- වේලන ලද බට ගහක් (කඩේකින් ගන්න)
- කියතක්/ කියත් පටියක්
- පිහියක්
- ගැට ගැසීමට කම්බි (නූල් කරදරයි. ඔට්ටපාලු තියෙනවනම් ඊටත් ලේසියි!
) - කුඩා අඬුවක් (කම්බි තද කර ගැනීමට)
ක්‍රමය:
බට ගහ අරන් කියතෙන් අඟල් අටක විතර කෑලි 4ක් විතර කපා ගන්න. 4ම එක උස ගන්න.
ඊලඟට පිහිය පාවිච්චි කරලා බට කෑල්ලක් 6ට පලා ගන්න. බට කෑලි 4 ම පලන්න හොඳේ.
දැන් බට පතුරු 24ක් තියෙන්න ඕන.
දැන් ආයෙ පිහිය අරන් අර ඔක්කොම පතුරු වල දෙකෙලවර පොඩ්ඩක් flat කර ගන්න. නැත්තම් ගැට ගහන කොට අමාරුයි. කපන කොට පතුරෙ පිට පැත්ත නෙවි, අනිත් පැත්තෙන් සුමට කරන්න. වැඩිය රළු නැති පැත්ත.
ඔක්කොම සුද්ද කර ගත්තට පස්සෙ පතුරු 4 ගානෙ ගොඩවල් 6කට වෙන් කර ගන්න. ඒ හතරක් අරන් සමචතුරස්‍රයක් හදා ගන්න, කොන් දෙකක් අංශක 90ට තියලා කම්බි වලින් ගැට ගහන්න, තේරෙනවනෙ? ගැට ගහන කොට මතක ඇතුව අඬුවෙන් තද කරන්න (කම්බියෙ කෙලවර දෙක අල්ලලා අඹරන්න)
ඒ විදියට අර ගොඩවල් 6 න් ම කොටු 6ක් හදා ගන්න. පොතේ හැටියට කොටු 6 එක සමාන ව එන්න ඕනෙ.
දැන් කොටු දෙකක් අරන් ඒවයෙ මුළු 2ක් එකට තියලා ගැට ගහන්න. චුට්ටක අමරු වැඩක් තමා. වැඩිය ගැටේ තද කරන්න එපා. පොඩි කෝනයක් හිටින්න කරන්න. ඒ විදියට එක කොටුවක කොන් 4ට කොටු 4ක් ගැට ගහන්න.
දළ වශයෙන් මේ වගේ:
ඒත් පොඩි ආනතියක් තියෙන්න ඕනෙ උඩ අතට (2D නෙවි 3D වෙන්නොනෙ). අටපට්ටමක් හිතේ මවා ගන්නකො එතකොට තේරෙයි.
ඊ ලඟට ඉතුරු කොටුව අරන් මේ පහළ රූපෙ රතු පාට කරලා තියෙන කොන් හතරට කොටුවෙ කොන් හතර ගැට ගහන්න:
කලින් කොටු පහ එකට ගැට ගහනකොට ගොඩක් තද කලා නම් මේක ටිකක් අමාරු වෙයි. පරිස්සමෙන් කරන්න එක පතුරක් වත් නැවෙන් නැති වෙන්න.
මෙච්චර වෙලා හරියට කලා නම් දැන් අටපට්ටමක් වගේ එකක් ඔයාගෙ අතේ තියෙන්න ඕනෙ.
තව ගැටගහන්න ඕන කොන් 4 ක් තියෙනවා, බැලුවම පේනව නෙ? ඒ හතර ත් ගැට ගහන්න, හොඳට තද කරලා. කලින් ටිකක් බුරුලට තියපු ගැටත් තද කරන්න.
දැන් සැකිල්ල ඉවරයි! සව් කොල ටිකක් අරන් කැමති විදියට අලෝ ගන්න

තරුව: http://www.elakiri.com/forum/showthread.php?p=10082197#post10082197
Last edited:
gud one