කූඩු හදමු..

♥-Aurora-♥

Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    වෙසක් එකත් ලඟයි නෙ. නරකද වෙසක් කූඩු ටිකක් හැදුවොත්??
    හදන්න දන්නෙ නෑ කියල නම් කියන්න එපා! මේක බලලා ඉගෙන ගන්න..


    අටපට්ටම:


    අවශ්‍ය ද්‍රව්‍ය:
    • වේලන ලද බට ගහක් (කඩේකින් ගන්න)
    • කියතක්/ කියත් පටියක්
    • පිහියක්
    • ගැට ගැසීමට කම්බි (නූල් කරදරයි. ඔට්ටපාලු තියෙනවනම් ඊටත් ලේසියි! ;) )
    • කුඩා අඬුවක් (කම්බි තද කර ගැනීමට)

    ක්‍රමය:
    බට ගහ අරන් කියතෙන් අඟල් අටක විතර කෑලි 4ක් විතර කපා ගන්න. 4ම එක උස ගන්න.
    ඊලඟට පිහිය පාවිච්චි කරලා බට කෑල්ලක් 6ට පලා ගන්න. බට කෑලි 4 ම පලන්න හොඳේ.
    දැන් බට පතුරු 24ක් තියෙන්න ඕන.

    දැන් ආයෙ පිහිය අරන් අර ඔක්කොම පතුරු වල දෙකෙලවර පොඩ්ඩක් flat කර ගන්න. නැත්තම් ගැට ගහන කොට අමාරුයි. කපන කොට පතුරෙ පිට පැත්ත නෙවි, අනිත් පැත්තෙන් සුමට කරන්න. වැඩිය රළු නැති පැත්ත.

    ඔක්කොම සුද්ද කර ගත්තට පස්සෙ පතුරු 4 ගානෙ ගොඩවල් 6කට වෙන් කර ගන්න. ඒ හතරක් අරන් සමචතුරස්‍රයක් හදා ගන්න, කොන් දෙකක් අංශක 90ට තියලා කම්බි වලින් ගැට ගහන්න, තේරෙනවනෙ? ගැට ගහන කොට මතක ඇතුව අඬුවෙන් තද කරන්න (කම්බියෙ කෙලවර දෙක අල්ලලා අඹරන්න)

    ඒ විදියට අර ගොඩවල් 6 න් ම කොටු 6ක් හදා ගන්න. පොතේ හැටියට කොටු 6 එක සමාන ව එන්න ඕනෙ.

    දැන් කොටු දෙකක් අරන් ඒවයෙ මුළු 2ක් එකට තියලා ගැට ගහන්න. චුට්ටක අමරු වැඩක් තමා. වැඩිය ගැටේ තද කරන්න එපා. පොඩි කෝනයක් හිටින්න කරන්න. ඒ විදියට එක කොටුවක කොන් 4ට කොටු 4ක් ගැට ගහන්න.
    දළ වශයෙන් මේ වගේ:

    1-3.png


    ඒත් පොඩි ආනතියක් තියෙන්න ඕනෙ උඩ අතට (2D නෙවි 3D වෙන්නොනෙ). අටපට්ටමක් හිතේ මවා ගන්නකො එතකොට තේරෙයි.

    ඊ ලඟට ඉතුරු කොටුව අරන් මේ පහළ රූපෙ රතු පාට කරලා තියෙන කොන් හතරට කොටුවෙ කොන් හතර ගැට ගහන්න:

    2-2.png


    කලින් කොටු පහ එකට ගැට ගහනකොට ගොඩක් තද කලා නම් මේක ටිකක් අමාරු වෙයි. පරිස්සමෙන් කරන්න එක පතුරක් වත් නැවෙන් නැති වෙන්න.

    මෙච්චර වෙලා හරියට කලා නම් දැන් අටපට්ටමක් වගේ එකක් ඔයාගෙ අතේ තියෙන්න ඕනෙ.
    තව ගැටගහන්න ඕන කොන් 4 ක් තියෙනවා, බැලුවම පේනව නෙ? ඒ හතර ත් ගැට ගහන්න, හොඳට තද කරලා. කලින් ටිකක් බුරුලට තියපු ගැටත් තද කරන්න.


    දැන් සැකිල්ල ඉවරයි! සව් කොල ටිකක් අරන් කැමති විදියට අලෝ ගන්න :)


    තරුව: http://www.elakiri.com/forum/showthread.php?p=10082197#post10082197
     
    Last edited:

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    පින්සිද්දවෙච්චාවෙ, මේ කරගත්තා වූ කුසල කර්මයේ ආනුභාවයෙන් ඔබතුමිය මින් මතු ලබන ආත්මයක් ආත්මයක් පාසා අටපට්ටමක්ම වේවා‍‍..! ;)
    +
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    මෙ වගෙ ත්‍රෙඩ් එකක් කරන්න ගොඩක් හිතන්න ඕනෙ මොකද කියවන කෙනාට පැහැදිලිව කියන්න එපායැ.
    ඔයා එඅ වැඩේ නියමෙට කරලා තියනවා.
    ස්තුතියි.....:yes:
     

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    :)
    :cool:
    පින්සිද්දවෙච්චාවෙ, මේ කරගත්තා වූ කුසල කර්මයේ ආනුභාවයෙන් ඔබතුමිය මින් මතු ලබන ආත්මයක් ආත්මයක් පාසා අටපට්ටමක්ම වේවා‍‍..! ;)
    +
    අපොයි! :eek:
    :)
    :rolleyes: gud one :D

    hehe vesak ekata mokak hari karanawa tama.. habai hamadama karala iwara weddi vesak eka pahu wenawa :rofl: :lol:
    ;) මේ පාර දැන්ම පටන් ගන්න එහෙනම්!
    මෙ වගෙ ත්‍රෙඩ් එකක් කරන්න ගොඩක් හිතන්න ඕනෙ මොකද කියවන කෙනාට පැහැදිලිව කියන්න එපායැ.
    ඔයා එඅ වැඩේ නියමෙට කරලා තියනවා.
    ස්තුතියි.....:yes:
    :):) තේරෙනවද? එහෙනම් කමක් නෑ :)
    පින්තූරයක් වත් නැති නිසා බයේ හිටියෙ තේරෙන් නැති වෙයි කියලා :)
    Umba kawadada koodu wenne ???
    :shocked:
    godak watinawa thanx:)
    :cool:
     

    Hiruni 1

    Banned
    May 9, 2011
    24
    3
    0
    Home
    පින්සිද්දවෙච්චාවෙ, මේ කරගත්තා වූ කුසල කර්මයේ ආනුභාවයෙන් ඔබතුමිය මින් මතු ලබන ආත්මයක් ආත්මයක් පාසා අටපට්ටමක්ම වේවා‍‍..! ;)
    +

    :yes::yes::yes::yes::yes::yes:

    අම්මපා ඔව්... :yes::yes:;)
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    නදොකින් අටපට්ටමක්වත් හදාගන්ඩ බැරි නපුංසකයෝ ඉන්නවද මේකේ?:angry:
     

    Leo_D

    Well-known member
  • Jan 26, 2011
    2,711
    560
    113
    එල මචන් මටත් මේ කාගෙන්වත් අහගන්න බැරුව හිටියේ
    අටපට්ටම් නම් හදන්න දන්නවා :yes:
    අනිත් කූඩු වැඩිය හදන්න දන්නා නැ පුලුවන්නම් ඒවත් කියල දෙන්න
    :)
     

    nadun sampath

    Member
    Mar 28, 2009
    2,913
    20
    0
    In your Dream
    පින්සිද්දවෙච්චාවෙ, මේ කරගත්තා වූ කුසල කර්මයේ ආනුභාවයෙන් ඔබතුමිය මින් මතු ලබන ආත්මයක් ආත්මයක් පාසා අටපට්ටමක්ම වේවා‍‍..! ;)
    +

    :eek:අටපට්ටමක් නෙමෙ බන් දහ අටපට්ටමක් මෙතුමිය වෙන්න කියලා කියමු!!:lol: මම නම් පැටව් එක්ක අටපට්ටමක් හදනවා. 4to අප්ලෝඩ් කරන්නම් කො.:yes:;)
     

    PitPot

    Banned
    May 8, 2011
    55
    6
    0
    නදොකින් අටපට්ටමක්වත් හදාගන්ඩ බැරි නපුංසකයෝ ඉන්නවද මේකේ?:angry:

    ඉන්ටර්නෙට් එකේ ඉන්න ගොඩක් උන් එහෙම තමා බන්.. අඩුම ගානේ තමන්ගෙ ජීවිතේ පොඩි දෙයක් වත් තනියම විසද ගන්න බැහැ
     
    Apr 8, 2011
    569
    117
    0
    හෙළදිව
    ස්තූතියි යාළුවා.:)
    හැමකෙනෙකුටම වැදගත්වෙන වටින ත්‍රේඩ් එකක්.
    පුලුවන්නම් අනිත් කුඩු හදනහැටිත් දාන්න.

    Rep+
    …
     
    Apr 8, 2011
    569
    117
    0
    හෙළදිව
    පින්සිද්දවෙච්චාවෙ, මේ කරගත්තා වූ කුසල කර්මයේ ආනුභාවයෙන් ඔබතුමිය මින් මතු ලබන ආත්මයක් ආත්මයක් පාසා අටපට්ටමක්ම වේවා‍‍..! ;)
    +
    :shocked: