සිහින ගැන ඔබ දන්නවාද?

Its_My_Fake

Member
May 1, 2011
1,595
185
0
සිහින ලෝකයක
සිහින ගැන ඔබ දන්නවාද?

ඔබ දකින හීනවල තේරුම ඔබ දන්නවාද?

0812-sleep-myths_0.jpg


sleeping.jpg



සිහින වල තේරුම් ගැන දැනගෙන සිටීම ඉතා වැදගත්ය.
අප බොහෝ විට සිහින දකිනවා. මේ අතරේ දවල් සිහින දකින අයත් සිටිනවා. ඇත්තම කිව්වොත් නින්දේදී සිහිනයක් නොදැකපු කෙනෙක් ‍නැති තරම්. බොහෝ දෙනෙකු පවසන්නේ නින්දේදී දකින සිහින තමාගේ සිතේ හෝ යටිහිතේ තිබෙන දේවල් බවයි. එහිද සත්‍යයක් නැතුවාම නොවේ. උදාහරණයක් ලෙස අප යම් විභායක් ගැන බොහෝ සේ සිතමින් සිටියහොත් සිහිනෙන් අපට විභාගය ගැන යම් යම් සිද්ධීන් පෙනිය හැක.

එහෙත් සිහිනෙන් පෙනෙන සෑම දේම අප සිත තුළ ඇති සිතුවිලිම නොවේ. අප දකින සිහින යම් යම් දේවල පෙර නිමිති විය හැකිය. මහා මායා දේවියද සිදුහත් කුමරු පිළිසිද ගැනීම සිහිනයක් මගින් දැක තිබුණි. එහෙත් ඇය කෙලින්ම එය දුටුවේ නැත. ඇය සිහිනෙන් දුටුවේ සුදු ඇත් පැටවෙක් ඇගේ කුස තුල‍ට ඇතුල්වන බවකි. ඒ වගේම අප දකින සමහර සිහින වලටද විවිධ තේරුම් ඇත. එහෙත් අප ඒවා දන්නේ නැත. සමහර සිහින මගින් අපට ඇතිවීමට තිබෙන නපුරක් පිළීබදව පෙන්වයි. අප එම සිහිනයේ තේරුම ගැන දැන සිටියහොත් අපට ඒ පිළිබදව අවධානයෙන් සිට එයින් මිදිය හැක. මෙහි මම කීමට යන්නේ ඉතා පැරණි පොතක ආධාරයෙන් උපුටා ගන්නා ලද යම් යම් සිහිනවල තේරුම් පිළිබදවය.

1. ඔබ සිහිනෙන් යකුන් දුටුවහොත් ඔබට ලෙඩ, විපත්, යම් අභාග්‍ය සම්පන්න දේ වලට මුහුණ පෑමට සිදුවිය හැකිය.

2. ඔබ සිහිනයෙන් යතුරක් දුටුවහොත් ඔබට වස්තුව ප්‍රීතිය ලැබීමේ අවස්ථාවක් උදා වේ.

3. ඔබ සිහිනෙන් යමයා දුටුවහොත් ශාරීරක පීඩා, හදිසි විපත් මෙන්ම සමරහ විට මරණයන්ද සිදුවිය හැකිය.

4. ඔබ අලංකාර යහනාවක නිදනු දුටුවහොත් ඔබට සැප වස්තුව හිමි වේ.

5. ඔබ සිහිනයෙන් ඔරු පාරු ආදයේ යාත්‍රා කරනු දුටුවහොත් ඔබට වසුතු, ලාභ, ජය ප්‍රීතය හිමි‍ වේ.

6. ඔබ රජකු සමග යුද්ධ කරනු දුටුවහොත් වස්තුව, සැප, ප්‍රීතිය ලැබේ. යුද්ධයකදී සතුරන්ගෙන් පැන දුවනු දුටුවහොත් ඔබේ අදහස් ඉටු වී ප්‍රීතිය ලැබේ.

7. ඔබ යුද්ධයකින් දිනුව බව දුටුවහොත් ඔබට ධන ලාභ, සතුට ලැබෙයි.

8. ඔබ රජකු සමග සම අසුනක හිදීම සිහිනෙන් දුටුවහොත් වස්තුව, සැපසම්පත් හා ප්‍රීතිය ලැබේ.

9. ඔබ සිහිනෙන් රජවරු දුටුවේනම් තනතුරු ගරු බුහුමන් ලැබීමේ වරම් හිමි වේ.

10. ඔබ සිහිනෙන් රතු මල් දුටුවහොත් ඔබට උෂ්ණ රෝග වලට ගොදුරු වීමට ඉඩ ඇත.

11. ඔබ සිහිනෙන් රතු පාට වස්ත්‍ර ඇදි අය දුටුවහොත් දුක්, ශෝක ඇති වේ.

12. ඔබ රැවුල දික්ව වැඩී ඇතිබට සිහිනෙන් දුටුවහොත් වෙළදාමේ ජය හා වර්ධනයක් ඇති වේ.

13. ඔබ සිහිනෙන් රහස් අවයව දුටුවහොත් චිත්ත පීඩා, ශාරීරික පීඩා, අලාභ හානි ඇතවේ.

14. බුද්ධ ප්‍රතිමා සිහිනයෙන් දුටු කල රෝගාබාධ ආධියෙන් සුවය ලැබේ.

15. ඔබ සිහිනයෙන් රිදී දුටුවහොත් සතුට හා ධන ලාභ ලැබේ.

16. ඔබ රථයක නැග යනු දුටුවහොත් වෙළදාම් වලින් පාඩු, ධන හානි මෙන්ම ස්ත්‍රී විරොධයන්ද එල්ල‍ වේ.

17. රිලවුන දුටුව‍හොත් ලෙඩ රෝග ඇතිවීම මෙන්ම උසස් අයගේ කෝපයටද පත් වේ.

18. ඔබ සිහිනෙන් ළමුන් දුටුවහොත් ධනලාභ ඇතිවේ.

19. ඔබ සිහිනෙන් බිළිදු උපතක් දුටුවහොත් මහා භාර්යාවක් ලැබේ.

20. ලාම්පුවක් දැල්වීම හෝ බිම වැටීම දුටුවහොත් අසනීපයක් හෝ මරණයක් සිදුවිය හැකිය.

21. ඔබ සිහිනෙන් ලෙඩකු පස්සෙන් යනු දුටුවහොත් අසනීපයක් හෝ මරණයක් සිදුවිය හැක.


උපුටා ගැනීමකි


පරන ලිපි කිහිපයක්

කිරිමැටි ‍කන්න ඔච්චරටම ආසද?
http://www.elakiri.com/forum/showthread.php?t=1124169

කෙල්ලොද කොල්ලොද වඩාත් ශක්තිමත්...ඔබ දන්නවාද?
http://www.elakiri.com/forum/showthread.php?t=1123339

ඔබේ ලිපි පිලිබද දැන්වීමක් විස්තරාත්මක ලෙස ඇතුලත් කරන්න
http://www.elakiri.com/forum/showthread.php?t=1124114
 
  • Like
Reactions: nirman.1995

hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
ස්තූතියි..........
හැබැයි මට එච්චර විශ්වාසයක් නැහැ මේවා ගැන.........
 

Its_My_Fake

Member
May 1, 2011
1,595
185
0
සිහින ලෝකයක
ස්තූතියි..........
හැබැයි මට එච්චර විශ්වාසයක් නැහැ මේවා ගැන.........

උපු‍ටා ගැනීමක් හින්දා තහවුරු කරන්න සාක්ෂිත් නෑ....... ඒ හින්දා ඔයාට මමත් එකගයි දැන ගැනීම උදෙසා ප්‍රකාශ කල දෙයක්.....
 

hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
උපු‍ටා ගැනීමක් හින්දා තහවුරු කරන්න සාක්ෂිත් නෑ....... ඒ හින්දා ඔයාට මමත් එකගයි දැන ගැනීම උදෙසා ප්‍රකාශ කල දෙයක්.....

නැහැ මම අදහස් කලේ මේවාගේ මුකුත්ම සත්‍යයක් නැහැ කියලා නෙමේ...........
මගේ විශ්වාසයක් නැහැ කියලා..............
සමහර විට මම වැරදියි වෙන්නත් පුළුවං................
 

silentsahan

Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    උපු‍ටා ගැනීමක් හින්දා තහවුරු කරන්න සාක්ෂිත් නෑ....... ඒ හින්දා ඔයාට මමත් එකගයි දැන ගැනීම උදෙසා ප්‍රකාශ කල දෙයක්.....
    Code:
    http://forum.freeeducation365.com/thread-138.html