ගන්න අපේ දේ…

bekam7

Banned
Oct 7, 2010
411
41
0
ghbuddhadasa.com
www.ghbuddhadasa.com
eat-right-03.jpg


දේශීය ආහාර සංස්කෘතියක් ඇතිකිරීමේ අරමුණෙන් විකල්ප දේශපාලනයක අවශ්‍යතාවය ප‍්‍රබලව පවතින බවත් එසේ නොවුණොත් එය රටේත් මහජනතාවගේත් සෞඛ්‍යයට එතරම් හිතකර නොවන බවත් ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි. සම්ප‍්‍රදායික දේශපාලනය තුළ හැමවිටම කතාවෙන්නේ විදේශ රටවලින් ආනයනය කෙරෙන බඩු මිල පහත හෙළීම යන සටන් පාඨය ගැන පමණක් බවත් දේශීය නිෂ්පාදන ඉහළ නංවමින් දේශීය ආහාර සංස්කෘතියක් ඇතිකිරීම සදහා විකල්ප දේශපාලන වැඩපිළිවෙලක් අත්‍යවශ්‍ය බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි. විමල් වීරවංශ අමාත්‍යවරයා මේ බව ප‍්‍රකාශ කළේ සහල් පිටි ආහාර ඇතුඵ දේශීය ආහාර ප‍්‍රචලිත කිරීමේ අරමුණෙන් දීපව්‍යාප්තව ස්ථාපනය කෙරෙන ඊට රයිට් (eat rite) ආපන ශාලාවල ප‍්‍රථම ආපන ශාලාව බත්තරමුල්ල පැලවත්තේදී විවෘත කළ අවස්ථාවට සහභාගී වෙමිනි.

”විදේශ රටවලින් ආනයනය කරන බඩු මිල පහත හෙළන්න කියලා විරෝධතා දක්වන විරුද්ධ පක්ෂයේ ඇතැම් දේශපාලන පක්ෂ දේශීය ආහාර සංස්කෘතියක් ගැන කතාකරන්නවත් කැමති නැහැ. පාන් පිටි මිල ඉහළ ගිය අවස්ථාවලදී ඇතැම් ආණ්ඩු පෙරඵණා. ඇතැම් ආණ්ඩු බලයට පත්වුණේ පාන් රාත්තල අඩුවට ලබාදෙනවා කියලයි. ඇතැම් බහුජාතික කිරිපිටි සමාගම් පවා ආණ්ඩුබලය ලබාගැනීම සදහා ඇතැම් දේශපාලන පක්ෂවලට තීරණාත්මක සාධක බවට පත්වෙනවා. පාසල් දරුවන්ගෙන් 10% කට පමණ දියවැඩියාව පවතින බවට තොරතුරු වාර්තා වෙනවා. රටේ අනාගතය බාරගැනීමට සිටින දරු පරපුර මෙසේ රෝගී විය යුතු නැහැ.. එම දරුපරපුර නීරෝගීවීම සදහා දේශීය ආහාර සංස්කෘතියක් අත්‍යවශ්‍ය වී තිබෙනවා” යනුවෙන්ද අමාත්‍යවරයා ප‍්‍රකාශ කළේය.

තවදුරටත් කරුණු දැක්වූ විමල් වීරවංශ අමාත්‍යවරයා කියා සිටියේ පාන්පිටි පාරිභෝජනයෙන් මිදීමට නොහැකි වුවොත් පාන්පිටි ආයුධයක් ලෙස භාවිතා කිරීමට ඇතැම් විදෙස් බලවේගවලට හැකියාව පවතින බවයි. ඇතැම් රටවල්වලට එරෙහිව ආහාර ආයුධයක් ලෙස භාවිතා කළ අවස්ථා තිබෙන බවත් ඉන් මිදීමට ශ‍්‍රී ලංකාව දැන් සිටම ක‍්‍රියාකිරීමේ වැදගත්කමද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. මිනිස් පාරිභෝජනයට අමතරව බලශක්තිය සදහා ආහාර යොදාගැනීමත් කාලගුණික විපර්යාස හේතුවෙනුත් ලෝකයේ ආහාර අර්බුදයක් ඇතිවූ බව පෙන්වාදුන් අමාත්‍යවරයා කියා සිටියේ මේ නිසා හැම රටක්ම ආහාරවල ෙසෙවරීභාවය පිළිබ`දව වැඩි අවධානයක් යොමුකර තිබෙන බවයි. එම නිසා ශ‍්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාව ගැන කතා කරන විට දේශීය ආහාර සංස්කෘතියක් කඩිනමින් ඇතිකිරීමේ වැදගත්කමද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. ශ‍්‍රී ලංකාවේ ඈත අතීතයේ සිටම සෞඛ්‍යයට හිතකර සමබර දේශීය ආහාර සංස්කෘතියක් තිබුණු බව වැඩිදුරටත් අදහස් දැක්වමින් පෙන්වාදුන් අමාත්‍යවරයා කියා සිටියේ එම ආහාර සංස්කෘතියට යළිත් කඩිනමින් යොමුවීම ඉතා කාලෝචිත බවයි.

මෙම අවස්ථාවට එක් වූ මව්බිම ලංකා පදනමේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා කියා සිටියේ ජනාවාස සංවර්ධනයේදී ආහාර සංස්කෘතිය වෙනස් කළ යුතු බව විමල් වීරවංශ අමාත්‍යවරයා පිළිගැනීම ඉතා වැදගත් බවයි. වසරකට විදේශ රටවල ආහාර ආනයනය කිරීම සදහා රුපියල් මිලියන හතළිස් දහසක් පමණ වැයකර ලෙඩ රෝග හදාගැනීමේ පුරුද්දෙන් වහාම ඉවත්විය යුතු බවද වසන්ත බණ්ඩාර මහතා පෙන්වා දුන්නේය.

සහල්පිටි සමග දේශීය ආහාර ප‍්‍රචලිත කිරීමේ ආපන ශාලා ඊට රයිට් (eat rite) නමින් අද සිට දිවයින පුරා ස්ථාපනය කෙරේ. ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ සංකල්පයකට අනුව ක‍්‍රියාත්මක වන මෙම වැඩසටහන සදහා මව්බිම ලංකා පදනමේ සහයෝගය හිමිවෙයි. මෙම ඊට් රයිට් ආපන ශාලා වල ආහාර සැපයීමේ කටයුතු සිදුකරනු ලබන්නේ දේශීය ආහාර ප‍්‍රචලිත කිරීම වෙනුවෙන් අතිගරු ජනාධිපතිතුමා අතින් සූර්ය සිංහ ස්වර්ණ හස්ත සම්මානයෙන් පිදුම් ලැබූ සුසිකෝ බේකර්ස් අධිපති විමල් රූපසිංහ මහතාය.

දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ සභාපති සාහිත්‍යශූරි ගුණදාස අමරසේකර, මවුබිම ලංකා පදනමේ සභාපති ආරියශීල වික‍්‍රමනායක, නීතීඥ ඩග්ලස් සිරිවර්ධන යන මහත්වරුන් ඇතුඵ විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

eat-right-02.jpg
 

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,493
    22,155
    113
    Gotland
    owa dan kalama epa wela ban.
    haal piti dan nam penna ba.

    onema deyak onawata wada hoda na.. methana okkoma sinhala.. ekai awla