WoW Pooja is Back To SL cinema

SLBlackKnight

Well-known member
  • Sep 17, 2010
    11,779
    13,795
    113
    Kottawa
    කුස පබාවතී සිනමාවට කැන්දාගෙන ඒම
    දැවැන්ත අභියෝගයක්‌
    මහාචාර්ය සුනිල් ආරියරත්න



    kusa1.jpg kusa2.jpg


    කුස ජාතකය පන්සිය පනස්‌ ගණනක්‌ වන ජාතක කතා අතුරින් අතිශය ජනප්‍රිය කතාවකි. ක්‍රිස්‌තුවර්ෂ 13 වන සියවසේදී කුස ජාතකය ඇසුරින් දෙවැනි පරාක්‍රමබාහු රජතුමා "කව් සිළුමිණ" මහා කාව්‍ය රචනා කළේය. ක්‍රිස්‌තුවර්ෂ 17 වන සියවසේදී අලගියවන්න මුකවෙටිතුමා "කුස ජාතක කාව්‍යය" රචනා කළේය. 1870 දී ජෝන් මර්නීනුස්‌ පවුලස්‌ පීරිස්‌ සමරසිංහ ශ්‍රීවර්ධන නමැති නාට්‍ය රචකයා "කුස නාඩගම" රචනා කළේය. 1917 දී නීතිඥ ජෝන් ද සිල්වා "කුස ජාතක දෘශ්‍ය කාව්‍යය" නම් නූර්ති නාටකය රචනා කළේය. 1952 දී මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් "පබාවතී" නමැති සංවාද නාටකය රචනා කළේය. 2008 වසරේදී තිස්‌ස අබේසේකරයන් "කුසපබා" චිත්‍රපට තිරනාටකය රචනා කළේය. 2011 දී මහාචාර්ය සුනිල් ආරියරත්නයන් "කුසපබා" සිනමාවට ගෙන ආවේය.

    සුනිල් ආරියරත්නයන් හැර කුස ජාතකය විවිධ නිර්මාණ ඔස්‌සේ අප වෙත ගෙන ආ පෙරකී නිර්මාණකරුවන් අද අප හැර ගොසිනි. වර්තමාන පරපුරත්, අනාගත පරම්පරාවත් වාසනාවන්තයෝය. ඒ මක්‌නිසාද යත් කුස පබාවතී කතා පුවත "කුස පබා" නමින් චලන චිත්‍රයක්‌ ඔස්‌සේ රිදී තිරයේ දිග හැරෙනවා දැකබලා ගන්නට හැකි වීම නිසාය. "කුස පබා" චිත්‍රපටයේ අධ්‍යක්‍ෂවරයා මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ය. තිර නාටකය සහ සංවාද ආචාර්ය තිස්‌ස අබේසේකරය. ශ්‍රී ලංකා සිනමා නිර්මාණ සංසදය ප්‍රථමවරට නිපදවන චිත්‍රපටය වන්නේද මෙයයි. සෝමරත්න දිසානායක, උදයකාන්ත වර්ණසූරිය, රේණුකා බාලසූරිය, ධම්මික සිරිවර්ධන, සුනිල් ටී. ප්‍රනාන්දු, එච්. ඩී. ප්‍රෙAමසිරි, ආරියදාස පීරිස්‌, තිස්‌ස නාගොඩවිතාන, චන්න දේශප්‍රිය, ජනිත මාරසිංහ, රසික ජිනසේන කුසපබා නිෂ්පාදක මණ්‌ඩලයේ සිටී.

    කුස ජැක්‌සන් ඇන්තනීය. පබාවතී පූජා උමාශංකර්ය. ඔක්‌කාක රජු ලෙස රවීන්ද්‍ර රන්දෙණිය, පබාවතීගේ පියා මදු රජු ලෙස සනත් ගුණතිලක, පබාවතිගේ මව මදු බිසව ලෙස කුසුම් රේණු සහ කුසගේ මව සීලවතී බිසව ලෙස වීණා ජයකොඩිද රඟති. සංගීත අධ්‍යක්‌ෂණය රෝහණ වීරසිංහ, කැමරාව චන්න දේශප්‍රියගෙනි. රවින්ද්‍ර ගුරුගේ සංස්‌කරණයෙන්ද චන්දන වික්‍රමසිංහ නර්තන අධ්‍යක්‌ෂණයෙන්ද "කුස පබාට" දායක වේ.
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,795
    113
    Kottawa
    "කුස පබා" අප වෙත ගෙන එන ප්‍රවීණ සිනමාකරුවා මහාචාර්ය සුනිල් ආරියරත්නයන් සමඟ සිනමා කලා සංග්‍රහය කළ සාකච්ඡාවක සටහන් මෙසේ පෙළ ගස්‌වමු.

    කුස පබාවතී කතා පුවත සිනමාවට නගන්න හිතුවේ ඇයි?

    මේක මම දීර්ඝ කාලයක්‌ තිස්‌සේ දැකපු හීනයක්‌. මම අතීතයේ පටන් අපේ පන්සිය පනස්‌ ජාතික පොත ඉතාම ආදරයෙන් පරිශීලනය කළා. එහි කතා අතුරින් මගේ සිත්ගත් කතා කීපයක්‌ තියෙනවා. ඉන් එකක්‌ තමයි කුස ජාතකය. පසු කාලයේදී මට අවස්‌ථාව ලැබුණා මෙය පදනම්ව රචනා වූ අපේ පැරැණි සාහිත්‍යයේ ශ්‍රේෂ්ඨතම කාව්‍ය වන "කව් සිළුමිණ" විශ්වවිද්‍යාල සිසුන්ට උගන්වන්න. එම නිසා ඒ කෙරෙහි මගේ බැඳීම තව තවත් වැඩි වුණා. අවුරුදු දහයක්‌ විතර මම "කව් සිළුමිණ" ඉගැන්වූවා. කුස පබාවතී චරිතය කෙරෙහි මා සිත තුළ දැඩි ඇල්මක්‌ ඇති වුණා.

    මේ කතා පුවත මීට කලින් කවියට, නාඩගම් හා නූර්තියට, නාට්‍යයට නඟා තිබෙනවා. ඔබ මෙය සිනමාවට නඟන්නේ ඒ කතා පුවතමද, නැතිනම් එය වර්තමානය හා ගලපමින්ද?

    නැහැ... සම්පූර්ණයෙන්ම පැරැණි කතාවමයි. මීට කලින් නාඩගමක්‌ ලෙසත්, නූර්තියක්‌ ලෙසත් ආවේ මේ පැරැණි කතාවමයි. පසුව මහාචාර්ය සරච්චන්ද්‍රයන් "පබාවතී" කියා ඉදිරිපත් කළේත් පැරණි කතාවමයි. මගේ "කුස - පබා" චිත්‍රපටයත් නූතනයට ගැලපීමක්‌ කර නොවේ ඉදිරිපත් වන්නේ...

    "කුස - පබා" තිර පිටපත තිස්‌ස අබේසේකරයන්ගේ... ඔහු එය ලියන්නේ කවර පදනමකින්ද?

    මම තිස්‌ස අබේසේකරට කලින් මේ ගැන කියා තිබුණා... මම ඉල්ලීමක්‌ කළා මේ තිර පිටපත මට ලියා දෙන්න කියලා. කුස ජාතකය ගැන ලියා තිබෙන සියලු දේ, කව් සිළුමිණ, පබාවතී, නාඩගම් පිටපත් මා සතුව තිබුණා. ඒ සියල්ල මම තිස්‌ස අබේසේකරට දුන්නා. ඒ අනුව තමයි ඔහු මේ තිර පිටපත ලියුවේ. "යටගිය දවස බරණැස්‌ නුවර බ්‍රහ්මදත්ත නම් රජකෙනෙකු වාසය කළා" කියා තමයි ජාතක කතාව පටන්ගන්නේ. ඒත් තිරනාටකය ඔහු ලියුවේ ඒ ආකාරයෙන් නොවේ. ආකෘතියත්, සන්දර්භයත් ජාතක කතාවට වඩා සිනමාත්මක ස්‌වරූපයෙන් ඉදිරිපත් කර තිබෙනවා. තිස්‌ස අබේසේකරයන් අවසන්වරට ලියූ තිර කතා දෙකක්‌ තියෙනවා. එකක්‌ "කුස - පබා" අනෙක විශ්වනාත් බුද්ධික (බුඩි) කීර්තිසේනට ලියූ "විජයබා කොල්ලය" තිරනාටකය.

    කුසපබාවතී කතා පුවතේ සුන්දරත්වය සිනමාවට නැගීම අභියෝගයක්‌ නොවේද?

    ඇත්ත... ඒක ලොකුම අභියෝගයක්‌ තමයි. ප්‍රාග් බෞද්ධ යුගයේ "දඹදිව තමයි මේ කතතාවට පසුබිම් වන්නේ. ඒ අභියෝගය තමයි අප හමුවේ තිබෙන්නේ. විසිඑක්‌වන සියවසේ ශ්‍රී ලංකා පොළොවේ සිටින අපි ප්‍රාග් බෞද්ධ යුගයේ දඹදිව නගර ඉදිකිරීමේ අභියෝගයට මුහුණ දෙන්න ඕනෑ. කලා අධ්‍යක්‌ෂවරු, වෙස්‌ ගැන්වීම් ශිල්පියෝ, ඇඳුම් නිර්මාණ ශිල්පීන්, නර්තන අධ්‍යක්‌ෂවරු, කැමරා අධ්‍යක්‌ෂවරයා ඒ අභියෝගයට මුහුණ දෙන්න සූදානම්.

    කුස - ජැක්‌සන්, පබා - පූජා ඔබ මේ චරිත සොයාගන්නේ කවර මිම්මකින්ද?

    කුස චරිතය ගැන සිතුවොත් එය නිරූපණය කරන්න මම අපේ සිනමාවේ වෙන කිසිම නළුවෙක්‌ව දකින්නෙ නැහැ ජැක්‌සන් ඇරෙන්න. ඔහු මෙතෙක්‌ ඉදිරිපත් කර තිබෙන චරිත විශිෂ්ටයි. බවදුක, ගරිල්ලා මාකටිං, අග්නිදාහය ගත්තාම ඔහුගේ විශිෂ්ට බව දකින්න පුළුවන්. "ගරිල්ලා මාර්කටිං" කරද්දී මට මතකයි ජයන්ත චන්ද්‍රසිරි ප්‍රකාශ කළා ජැක්‌සන් ඇන්තනි ශ්‍රී ලංකාවේ විතරක්‌ නොවේ ආසියාවේත් දක්‌ෂතම නළුවෙක්‌ වේවි කියලා. ඒ කතාව හරියට හරි... ලොකු රංග ප්‍රතිභාවක්‌ ඇති අයෙකුට මිස පිට ආටෝපය තිබෙන අයෙකුට මේ කුස චරිතය කරන්න බැහැ. තිස්‌ස අබේසේකර තිරනාටකය ලියන්න පටන් ගත් දා සිට මගේ මනසේ සිටි චරිතය තමයි පූජා. ඉන්දිය පැවැත්ම, ඉන්දියන් ගතිය විතරක්‌ නොවේ, උදයකාන්ත, චන්න, ධම්මික සිරිවර්ධන නිර්මාණය කළ ඈ රඟන චිත්‍රපට මා නැරඹුවා. ඒ විතරක්‌ නොවේ. පූජා රඟන දමිළ චිත්‍රපට සියල්ලම නැරඹුවා. ඈ විශිෂ්ට නිළියක්‌.... "නාන්කඩවුල" (මමයි දෙවියෝ) නමැති දමිළ චිත්‍රපටය දිගු කලක්‌ මරදාන "සිනෙසිටි" සිනමා ශාලාවේ ප්‍රදර්ශනය කළා. ටී. අර්ජුන, ලූෂන් බුලත්සිංහල, තිස්‌ස නාගොඩවිතාන සහ මම මේ චිත්‍රපටය නැරඹුවා. අපි පුදුම වුණා. පූජාගේ රඟපෑම් ගැන. එම නිසා අපට ඇය පබාවතී චරිතයට යොදා ගැනීමේ අවශ්‍යතාව දැනුණා.

    "සුවඳ දැනුණා ජීවිතේ" තම අවසන් චිත්‍රපට රංගනය බවයි පූජා මාධ්‍යයට ප්‍රකාශ කර තිබුණේ... ඇගේ ඒ අදහස වෙනස්‌ කළේ කොහොමද?

    එහි ගෞරවය හිමිවිය යුත්තේ ධම්මික සිරිවර්ධනට. අපි ධම්මික ඔස්‌සේම අපේ චිත්‍රපටයේ යෝජනාව පූජාට යොමු කළා. පූජාගේ අම්මා කලක පටන් කැමැත්තෙන් හිටියා මේ චරිතය පූජා රඟපානවාට. ඒ ඇය සිංහල බෞද්ධ කාන්තාවක්‌. ඒත් පූජාගේ පියා දැඩි ස්‌ථාවරයක හිටියා යළි පූජා රඟපාන්නේ නැහැ කියලා. නමුත් සන්ධ්‍යා පූජාගේ මව තම සැමියා සමඟ පැයකට වඩා තර්ක විතර්ක කරලා, ධම්මිකත් පූජාගේ පියා සමඟ සාකච්ඡා කරලා අවසරය ලබාගත්තා.

    කුසපබා - නිෂ්පාදකවරු වැඩිම චිත්‍රපටය බවට ඉතිහාසගත වෙනවා කිව්වොත් හරිද?

    ඔව්... ප්‍රථම වතාවට මෙතරම් නිෂ්පාදකවරු පිරිසක්‌ දායක වීම. මෙය ඓතිහාසික කතාවක්‌ වගේම ඉතිහාසගත වන චිත්‍රපටයක්‌ වේවි. සිනමාවේ කීර්තිමත්, ජාත්‍යන්තර සම්මාන ලැබූ සහ බොක්‌ස්‌ ඔµsස්‌ වාර්තා තැබූ අධ්‍යක්‌ෂවරු නිෂ්පාදකවරු ශ්‍රී ලංකා සිනමා නිර්මාණ සංසදය සමඟ එක්‌ව කුසපබා නිෂ්පාදනයට දායක වෙනවා. ඒ අය මා කෙරෙහි තබා තිබෙන විශ්වාසය මගේ හිස මත තිබෙන ලොකු බරක්‌. ඒ විශ්වාසය පළුදුවන්න ඉඩ නොදී මේ අභියෝගය මම සාර්ථක ලෙස ජයගන්නවා. සිංහල සිනමාවට වසර හැට පහයි. මේ ඉතිහාසය තුළ පළමුවරට තමයි මෙවන් නිෂ්පාදනයක්‌ එන්නේ. ඊළඟ වසරේදී මේ සිනමා නිර්මාණ සංසදය වෙනත් අධ්‍යක්‌ෂවරයකුට වරමත් උදාකර දේවි. එය හොඳ ප්‍රවණතාවක්‌.

    "කුස - පබා" මේ වසරේදී තිරගත වේවිද?

    ඔව්... රේ‚ය නිෂ්පාදිකාව රේණුකා බාලසූරියත්, විධායක නිෂ්පාදක සෝමරත්න දිසානායකත් ඇතුළු නිෂ්පාදක මඩුල්ලේ තීරණය තමයි "කුස - පබා" මේ වසර තුළ ප්‍රදර්ශනය කිරීම.
     
    Last edited: