සයුරි...

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පුංචි කාලෙ ඉදලා...
    නිතර සෙල්ලම් කරලා..
    කෝම් පිට්ටු හදලා...
    කන්නෙ සෙල්ලම් තේත් බීලා..
    සෙල්ලම් කාලේ
    අඩු උනිද බාලේ....
    එක්ක ගොස් රාලේ..
    දැම්ම විට ඉස්කෝලේ....
    පාසල ඇරීලා..
    යනවිට ගෙදර බලලා...
    හිටිය මග රැකලා
    විහිලු කෙරුවේ ඇත ඉදලා...
    ශිෂ්‍යත්වෙ කියලා...
    බරක් මට පටවලා..
    පොත් ගොඩක් ගහලා...
    යට කලා මගෙ හීන බිදලා...
    ඒකත් පාස් වෙලා...
    ලකුණුත් ගොඩක් ලබලා...
    සාදෙකුත් දමලා..
    පිටත් කෙරුවා ටවුම බලලා...
    ගමේ වෙල් එළියේ...
    දුව පැන්න හරියේ...
    සුවද එ මිහිරියේ...
    තාම මතකයි ප්රානෙ වැනියේ...
    ඔයා යනවද අහලා....
    අනේ මට පාළුයි කියලා...
    දවසක් අඩලා....
    හිටියා දුක් වී මාව ඉඹලා....
    ඉපදුන දා පටන්...
    බහ තේරෙනකං...
    මා ලගින් හිටි එවන්..
    මිතුරි හඩ දැක රිදේ දෙසවන්...
    කාලය ගෙවීලා...
    අපි තරුණ වීලා....
    උ පෙල කොරාලා...
    ගමට ආවා ඉන්න කියලා...
    ප්රතිථල එනකං...
    මොකක් හරි කරපං...
    උඹලට මතකනං ...
    සයුරි ඉන්නේ කොහෙද කියපං....
    කූඩුවෙන් මිදිලා....
    යනවා ඈ බලලා...
    දහසක් සිතුම් පිරිලා...
    පෙනේ අමුතුම ලොවක් මැවිලා....
    පොඩි කාලේ ඉදලා....
    කරපුව මතක් වීලා....
    ලැජ්ජා හිතිලා...
    ඈත් හොරැහින් බලයි හිතිලා...
    ගුරු පාරට හැරිලා...
    යනකොට ඈත බලලා...
    රුවක් නෙතු ගැටිලා...
    බලුවා විමසිල්ලෙන්ම ඉදලා...
    බෑගයක් එල්ලන්...
    පොඩි එකෙක් අත දරන්...
    විඩාබර මුහුනින් ..
    සයුරි එනවා බොරළු පාරෙන්...
    දෑසම බොද වුනා....
    සියල්ල වැටහුනා....
    සිහින විසිරුනා...
    මගේ සිත අද හඩා වැටුනා.......

     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    සිරා බං.... පට්ටම පට්ට... rep දෙන්න බැහැලු සහෝ.... sorry වෙන්න ඕනි
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    goda...k lassanai bro:):). aththamai:yes::yes:


    Thanks a lot Bro.. :yes::yes::yes:
    11.gif