මලයි බමරයි කියන කතාව
එක එක පාට තවරාගෙන හැඩට යොදා
පෙති ටික සරසවා පිබිදී සුවඳ විදා
වෙත එන බමරෙකුට සියොළඟ සුවඳ විදා
ලැබුවෙහි සැනසුමක්? මුවරද රසය බෙදා
රසවත් කරවමින් මෙහි මුලු පරිසරය
විකසිත කුසුම වෙත වූ බිඟුනගේ පොරය
නැත අද ඒ අසිරි දැක ගැනුමෙහි වරය
මල මිලිනව තිබේ බිඟු පොර අහවරය
ළංවී වතට වත දී පා හද බැතිය
රොන් රස උරා සනහා මල් සිරිමතිය
මත් වූ බමරිඳුනි සපුරා සිත රුතිය
අත්හැර ගියෙහි? පෙන්වා සුපුරුදු ගතිය
නෙත සිත ගත සැනහූ ඒ මල් මකරන්ද
මිලිනව ගිය මලෙක නොරැදෙනුයේ මන්ද
පැනයක් නොවේ මේ බිගුනට රස වින්ද
උන් සැරිසරති වෙන කුසුමක මන බැන්ද
බමරයි මලයි මේ පවසන කතන්දරේ
දහමකි පොදුව පවතින සව් සතුන් කෙරේ
උපදින මියෙන බව සයුරෙහි නිරන්තරේ
නැවතුම කොහිද සැනසුම දෙන බවන්තරේ














එක එක පාට තවරාගෙන හැඩට යොදා
පෙති ටික සරසවා පිබිදී සුවඳ විදා
වෙත එන බමරෙකුට සියොළඟ සුවඳ විදා
ලැබුවෙහි සැනසුමක්? මුවරද රසය බෙදා
රසවත් කරවමින් මෙහි මුලු පරිසරය
විකසිත කුසුම වෙත වූ බිඟුනගේ පොරය
නැත අද ඒ අසිරි දැක ගැනුමෙහි වරය
මල මිලිනව තිබේ බිඟු පොර අහවරය
ළංවී වතට වත දී පා හද බැතිය
රොන් රස උරා සනහා මල් සිරිමතිය
මත් වූ බමරිඳුනි සපුරා සිත රුතිය
අත්හැර ගියෙහි? පෙන්වා සුපුරුදු ගතිය
නෙත සිත ගත සැනහූ ඒ මල් මකරන්ද
මිලිනව ගිය මලෙක නොරැදෙනුයේ මන්ද
පැනයක් නොවේ මේ බිගුනට රස වින්ද
උන් සැරිසරති වෙන කුසුමක මන බැන්ද
බමරයි මලයි මේ පවසන කතන්දරේ
දහමකි පොදුව පවතින සව් සතුන් කෙරේ
උපදින මියෙන බව සයුරෙහි නිරන්තරේ
නැවතුම කොහිද සැනසුම දෙන බවන්තරේ















