රෝද තුනේ ආදරය...

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    උදේ පාන්දර අවදි වෙලා....
    දුම් අල්ලාලා මල් තියලා.....
    ඇන්ජින් තෙල් හුලනුත් බලලා...
    දැම්මා පාරට රූං කියලා....

    කික් එක ඇදලා ස්ටාට් කලා...
    බීට් එකට දැන් ටියුන් කලා...
    රිසව් එකෙන් දැං යං කියලා..
    මගින් ගහනවා තෙල් බලලා...

    එකසිය පනහක තෙල් දාලා....
    ටූටී හතලිහකම දාලා......
    රිසව් එකෙන් ඔන් එක දාලා...
    පාගලා යනවා පාක් බලලා...

    ඊයෙත් උදයේ ඈ සමගින්...
    මුල්ම හයර් එක ගිය සතුටින්...
    දවසම මට වාසනාවකින්..
    පිබිදුනු හැටි පෙනුනා හීනෙන්...

    අදත් ඈව මුන ගැසේවිදෝ...
    ඇය මට අද අත දමාවිදෝ...
    වෙන කොල්ලෙක් ඇය උස්සයිදෝ...
    අනේ මටම හුලං යයිදෝ.....

    හෙමීට සෙට් එක ඔන් කරලා...
    මොඩියුලේටරේ ප්ලග් කරලා...
    පෙන් එක ඒකට සෙට් කරලා ...
    පුන්සිරි සොයිසා සිං කරලා...

    සුභා කියා මා ඔබ අමතන්නද..
    ස්වර්ණමාලි ලෙස ඔබ අමතන්නද..
    තේරෙන් නෑ මට කථා කරන්නද
    නැත්තං පෙර මෙන් නිහඩව ඉන්නද...

    රන්වෙන සින්දුව ලස්සන තාලෙට...
    මුමුණනවා ඇය හෙමින් ඇසෙයි මට...
    දිමුතු දසන් පෙන්වා හෙමි හෙමිහිට...
    ගයයි ගීතයක් ආදර තාලෙට.....

    ටික දුරයිනෙ ඈ මේකෙන් යන්නේ...
    හන්දියෙ සිට බස් එකෙනුයි යන්නේ...
    කවදද ඔබ මට අවසර දෙන්නේ...
    ඔපිසිය ගාවින් ගොස් බස්සන්නේ....

    වෙන අයගෙන් පනහක් ගත්තත් මම...
    තිහයි ඔබෙන් ගන්නේ තාම මම....
    සුදෝ ඔයා ගෙන් ‍අරං සල්ලි මම...
    වාවන් නෑ‍ හිත මගේ නොවේ මම...

    සල්ලි එපා කී විටදි ඉවතලා...
    යන්න ගියොත් ඔබ මාව පසෙකලා...
    හදවත බිදිලා හිත සුන් වීලා...
    ඒකයි සල්ලි ගත්තෙ ශෂිකලා...

    අදත් ඔයා දැං මෙතනිං බැහැලා...
    සල්ලි දික් කරයි සුරතින් පුදලා..
    ගම්දෝ ගම්දෝ මගෙ හිත ඇදිලා..
    පපුවම රත්වෙයි දෑස තෙත් වෙලා...

    රථයෙන් බැහැලා ඔබ යන විටදී...
    ඔබගේ සුවදයි රථයෙම පිබිදී...
    ඈතින් ඈතට පියමැන යද්දී...
    හැරිලා බලයිදෝ ආයේ සිතදී...
    9.gif


    හරි හැටි රස්සාවක් නැති හින්දා...
    මුදලක් හරියට අත නැති හින්දා...
    තුන්සකරිය එක මං පදවන හින්දා..
    ඔබ මට අකමැති වෙයිදෝ මන්දා...






     

    supzter

    Member
    Nov 20, 2010
    1,136
    481
    0
    ආව්, ලස්සන කවියක්.....ගොඩක් හැඟීම්බරයි....ඒත් ඉතින් මගෙ පස්සෙන් එහෙම එකෙක් ආවොත් කනේ පාරක් තමයි කන්න වෙන්නෙ.....
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    ආව්, ලස්සන කවියක්.....ගොඩක් හැඟීම්බරයි....ඒත් ඉතින් මගෙ පස්සෙන් එහෙම එකෙක් ආවොත් කනේ පාරක් තමයි කන්න වෙන්නෙ.....

    Puh..... Meyaagee ganan........!! :P :frown:
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    මචන් ඕකට ගැලුමට කෑලි කීයක් විතර වැටෙනවද.. මොකද මටත් ගන්න..
    ps නයිස් වන්
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    ආව්, ලස්සන කවියක්.....ගොඩක් හැඟීම්බරයි....ඒත් ඉතින් මගෙ පස්සෙන් එහෙම එකෙක් ආවොත් කනේ පාරක් තමයි කන්න වෙන්නෙ.....
    ඇයි රත්තරන් ඔච්චර ගණන්.. ;) ;)
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔක්කෝටම ගොඩාක් ස්තූතියි මේක කියෙව්වාට....
    ඔයාලාගේ අදහස් වලින් තමයි මම තව තවත් අළුත් දේවල් කරන්න පෙළඹෙන්නේ...
    ස්තූතියි
     
    • Like
    Reactions: supzter