හිත හොද තම්බියෙක්.

Moon In The Sky

Well-known member
  • Jan 23, 2026
    332
    440
    63

    "මම අද උදේ 9.15 ට ගැටබේ හංදියෙන් PickMe එකක් දැම්මා ගන්නෝරුව පෙට්රල් සෙඩ් එක ලගම තියන CSO Office එකට යන්න, මට යන්න තිබුන වෙලාව පහුවෙලා තිබුන නිසා මම ඉක්මනින්ම සල්ලි දිල බැහැලා ගියා.

    වැඩේ ඉවරවෙලා එලියට ඇවිත් බලද්දි phone එක නැ මට ක්ෂනිකවම මතක් උනා PickMe සිට් එක උඩ තිබ්බා කියල කෝකටත් office එක ඇතුලෙ බලලා එතන මම අදුරන දුවක් ඉන්නව එයා ට කිව්වා මගෙ නම්බර් එකට call එකක් ගන්න කියලා phone එක ring වෙනවා.

    මම කතාව කියන්න කලින්ම කියනව "සර් මම phone එක අරගෙන සර් බැහැපු තැනට එන ගමන් ලග ඉන්නෙ කියල".
    ඇත්තටම අතේ තියන බඩුත් උස්සන් දුවන හොරු ඉන්න අද කාලේ මේවගේ සුපිරි කොල්ලොත් ඉන්නවා කියන එකට හොද ආදර්ශයක්.

    ඒ වෙලාවෙ මගේ ලග තිබුනවිදියට සුලු මුදලක් දෙන්න හැදුවත් එය ප්‍රතික්ෂේප කල ඔහු, "සර් නුවර පැත්තට යනවනම් මම ගැටබේ හංදියෙන් දාන්නම් කියනව"මම ඔහුත් සමග පැමින නැවතත් මුදල් දිමට යාමේදි හයර් එක වත් ගන්න කිවද එයද ප්‍රතික්ෂේප කරනවා.

    ඇත්තෙන්ම මුදල් පසුපසම හබා යන උසස් යයි සිතාසිටිනා බොහෝ මිනිසුන් ඇති අද සමාඡයේ ඔබ වගේ යහපත් ගති ගුනවලින් සපිරි මිසුන්ද ඇති බවට හොදම උදාහරනයක්
    💪🏼


    Irshad Mohammad එකෙන්ම රෙස්පෙක්ට් කෙල්ලො!
    ❤️‍🩹
    🙏


    649341314_898227906539802_5735068058435196295_n.jpg