by
nadimal
by
THILINArox87412
මේ හැම ලෝගෝ එකක්ම විශිෂ්ට නිර්මාණයන්

අපිට ගොඩක් අමාරු උණා මෙතනින් එකක් select කරගන්න. මේක select කලේ මගේ තනි කැමැත්තට නොවන බව අනිවරෙන් කියන්න ඕනේ. ElaKiri staff members ලා කීපදෙනෙක් සමග සාකච්ච කරලා තමයි අන්තිම නිගමනයට ආවේ.
එක එක අය එක එක logos තමයි මුලදී තේරුවේ. කොහොමහරි අවසානවශයෙන් වැඩි දෙනාගේ එකඟත්වය මත තීරණය උන logo එක තමයි Rovin හදපු පහල තියෙන ලෝගෝ එක
මේකෙත් යම් යම් වැරදි නැතුවමත් නෙමෙයි. විශේෂ හේතු කියනවනම් මේකේ තියෙන දේවල් තමයි
1. මේ logo එකේ තියෙන colors. එව්වා නියම ආකාරයට match වෙලා තියෙනවා.
2. සහ අපේ Theme එක Highlight වෙනවා හොඳට.
නමුත් මේකේ තියෙන පොඩි එක වැරැද්දක් තමයි තිස්ස රජතුමාගේ පැත්තේ E අකුරට පොඩ්ඩක් යට වෙලා තියෙන එක. නමුත් එක එච්චරම අව්ලක් පෙන්නේ නෑ.

(සමහර අන්ධ භක්තික අය නම් ඉතින් මේකේ O අකුර වෙනුවට ධර්මචක්‍රය පාවිච්චි කරලා තියෙන එකට විරුද්ද වෙයි.. නමුත් අපිට නම් එක එච්චර ගානක් නැහැ.. මොකද අපේ අරමුණ එකට අපහාස කිරීම නොවන නිසා

)
හරි.. දැන් ඉතින් අනික් අය තරහා වෙයිද?

මම හිතන්නේ නැහැ.. හැමෝම ගොඩක් මහන්සි වෙලා තිබුන. නමුත් මේ සියල්ලන්ගෙන්ම එක් logo එකක් විතරයි අපිට පාවිච්චි කරන්න පුළුවන් වෙන්නෙත්. ඒත් අපි මේ අනික් අය හදපු හැම ලෝගෝ එකක්ම සුරක්ෂිතව තියාගන්නවා අපි ඉදිරියේදී ඒ logos භාවිත කරන අවස්ථාවල් වලදී එව්වා පාවිච්චි කරන්න හිතාගෙන ඉන්නේ

......
අපි කතා කරන්නම් දැන් අනික් අයගේ logo ගැන ටිකකුත් මොකද ඒ එයාලගේ නිර්මාණ ශක්තිය වැඩ් දියුණු කරගන්න උදව්වක් වෙයි කියලා අපි හිතනවා.

එතකොට එයාලට තවත් මීට වඩා විශිෂ්ට නිර්මාණ කරන්න හැකියාව ලැබේවී.
Kumara456's Logo:
Selection staff එකේ ගොඩක් අය කැමති වෙච්ච තවත් හොඳ නිර්මාණයක් තමයි මේකත්. Color Matching, Theme දෙකම නියමෙට Highlight වෙලා තියෙනවා. ලොකුම අඩුව මෙයා මේක හදද්දී size එක පොඩි කරාම දෙපැත්තේ තියෙන අඹ පොකුරු දෙක ගොඩාක් Highlight වෙනවා අනෙක් contents වලට වඩා. අපිට හිතෙන විදියට එක වෙන්න ඇත්තේ එක එයා ලොකුවට හදලා තියෙන නිසා එක පොඩි කරාම එක හරියට නොපෙනෙන්න ඇතියි කියල. ඒත් විශිෂ්ට නිර්මාණයක්

Keep it up මචන්.
coolsoul_k's Logo:
මේකත් ගොඩක් හොඳ නිර්මාණයක්. මේකත් Theme එක හොඳට Highlight වෙලා තියෙනවා, සහ
ElaKiri.com කියන එකට වැඩි හානියක් නොවන අන්දමට වග බලාගෙන තියෙනවා. එක ගොඩක් හොඳයි. එයාගේ idea එක ගොඩක් හොඳයි. තිස්ස රජතුමා හා ධර්මචක්‍රය ලස්සනට පාවිච්චි කරලා තියෙනවා. නමුත් බෝකොලෙන් පොඩි වෙනසක් වෙලා තියෙනවා එක ටිකක් නොගැලපෙන විදියට තියෙනවා කියල හිතෙනවා. සහ එයට භාවිත කරලා තියෙන vector නිර්මාණය නිසා අනික් හැම දේටම වඩා බෝකොලේ highlight වෙනවා එනිසා එයට යට වෙලා තියෙන අකුර වෙනස් වෙලා අඳුරගන්න බැරි තත්වයට පොඩ්ඩක් පත්වෙලා තියෙඅව.
පොඩි අව්ලක් තියෙනවා තව. ඒ මුවාට භාවිත කරලා තියෙන vector නිර්මාණය හෝ පින්තුරයේ background එක කපා ඉවත් කිරීමේදී මිට වඩා පොඩ්ඩක් සැලකිලිමත් විය යුතුයි. මොකද අපි මේ දේ පාවිච්චි කරන්න යන්නේ Logo එකක් සඳහා නිසා එවැනි cuts නිසා පොඩ්ඩක් ලෝගෝ එකේ ගුණාත්මකභාවය ගොඩක් අඩු වෙනවා. එනිසා බොහෝ විට ඒ දේ කරද්දී 100%ක් ම නිවැරදිව තිබ්බනං තමයි ගොඩක් හොඳ. (මේ වැරදි වැරදි කිව්වට තරහ වෙන්න නම් එපා.. තරහට නෙමෙයි කියන්නේ

එතකොට ඔයාලට හොඳ නිර්මාණ කරන්න පුළුවන් වෙන නිසාමයි.)

ඒත් ඔයාගේ Idea එක ගොඩක් හොඳ නිසා වැඩි දියුණු කරගත්තොත් ගොඩ තමා

Keep it up මචෝ
diu's Logo:
අලුතින් අපේ පවුලට එකතු උන සාමාජිකක්. welcome to EK family bro

ගොඩක් හොඳ නිර්මාණයක් කරලා තියෙනවා මචන් Rules හරියට කියවල තේරුම අරගෙන කරලා තියෙන නිර්මාණයක්

නමුත් පොඩි වැරදි ටිකක් තියෙනවා. මම හිතනවා කිව්වට තරහ වෙන එකක් නෑ කියල.

පොඩ්ඩක් Theme එක Highlight වෙනවා මදි ඒ වගේම Color matching පොඩ්ඩක් අවුල්. ගොඩක් ම එක බලපාල තියෙන්නේ
O අකුරට සහ
K අකුරට භාවිත කරලා තියෙන Vectors වල Colors සහ ලෝගෝ එකේ ප්‍රධාන වෙනසක් වෙලා තියෙනවා. අපි සාමාන්‍යයෙන් capital
K අකුර ටයිප් කරන නිසා එක අපේ අනන්‍යතාවයක් විදිහටයි තියෙන්නේ. (සමහර විට ඔයා අලුත් කෙනෙක් නිසා එක නොදන්නවා ඇති.) දිගටම හොඳ නිර්මාණයන් කරන්න සුභ පතනවා

Gud luck & Keep Posting මචෝ.
nadimal's Logo:
staff තවත් ගොඩක් කැමති උන විශිෂ්ට නිර්මාණයක්. ලස්සන vector නිර්මාණයන් භාවිත කරලා ගොඩක් මහන්සි වෙලා තියෙනවා. color matching සහ theme එක හොඳට highlight වෙලා තියෙනවා. වැරදි නම් ගොඩක් අඩුයි ඒත් මේ දේවල් කිව්වා කියල මොකුත් හිතන්න එපා හොඳේ
O අකුර පොඩ්ඩක් දෙපැත්තට balance වෙලා තියෙනවා මදි සහ, Mask භාවිතාවේදී පොඩ්ඩක් C අකුර අව්ලක් ගිහින් තියෙනවා ලෝගෝ එකක් නිසා ඒ වැරදි ටිකක් බලපානවා වැඩයි. මොකද එතකොට පොඩි පොඩි අවුල් පෙනුනහම (edges වල අවුල්) ටිකක් කේස්. ඉතා හොඳ නිර්මාණයක් මචෝ.. Keep It up
THILINArox87412's Logo:
තවත් අලුතින් එකතු උන සාමාජිකයෙක්

welcome to ElaKiri family bro
Rules ගොඩක් හොඳට කියවල තේරුම අරං කරලා තියෙනවා. හොඳ නිර්මාණයක් කියල අගයන්න බය නැතිව පුළුවන්

ඒත් ඔන්න හැම එකකම වගේ මේකෙත් පොඩි පොඩි අව්ල් කීපයක් තියෙනව තරහ නැතිව ඔන්න අහගන්නකෝ
a අකුරට භාවිත කරලා තියෙන නෙලුම් මල නිසා ලෝගෝ එකේ ලොකු වෙනසක් වෙලා තියෙනවා, color matching ටිකක් අව්ල් වෙලා තියෙනවා. background එක
ElaKiri කියන එකට වඩා ගොඩක් Highlight වෙනවා.
ඒ ඇරුනම ගොඩක් හොඳයි මචන් keep it up
තරහ වෙන්න එපා මේ කට්ටිය. අපි මේ හැම එකක්ම තියාගෙන ඉන්නේ ඉදිරියේදී භාවිත කරන්න අනිවාරෙන්ම ඔන්න ආයෙත් කිව්වා
මං හිතුව හරි.. අපේ එළකිරියේ ඉන්නේ පට්ට Graphics වැඩ කාරයොනේ

ඉස්සරහට මේ වගේ වැඩ දිගටම කරමු Keep in touch guyz

Gud Luck & Thanks a lot අපිට හොඳ / නරක කිව්වා හැම දෙනාටම