Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com

    Google කියන්නෙ කවදත් අලුත් දේවල් කරන සමාගමක් කියල ඔගොල්ලො දන්නව නේ ලොව වේගවත්ම සෙවුම් යන්ත්‍රය පවා ඔවුන් සතුව තමයි තියෙන්නේ.සිය Google සෙවුම් Engine ඔවුන් දිනෙන් දින යාවත්කාලීන කරනවා අලුත් උපාංග ලොවට හදුන්වා දෙමින් පරිශීලකයින්ට සෙවුම් කටයුතු පහසු කරවීමට ඔවුන් උර දෙනවා.ඇත්තටම එය විශාල සේවාවක්.මේ සියලු සේවාවන් Free අත්විදීමේ අවස්ථාව අපිත තියෙනව නේ

    Google%20Company%20Logo.png


    මෙවර ඔවුන් ලොව අනෙකුත් සෙවුම් යන්ත්‍ර උඩු යටි කුරු කරවමින් අලුත්ම අන්තර්ජාල තොරතුරු සේවීමේ සංකල්ප කිහිපයක් ලොවට හදුනවා දී තිබෙනවා.එනම් ග්‍රහකයාගේ කටහඩ භාවිතයෙන් සෙවුම් කටයුතු කිරීම හා පින්තුරයක් භාවිතයෙන් සෙවුම් කටයුතු කිරීමයි.වෙනත් කිසිදු ආයතනයක් මෙම සෙවාව ලබා දී නොමැත(මා දන්නා තරමට)

    Search By Voice

    google-voice-search-on-your-computer1.jpg


    ඔබේ කට හඩ භාවිතයෙන් Google තුල යම් සෙවුමක් කරගැනීමට මෙයින් අවස්ථාව උදා වෙනවා.මේ සදහා අලුත්ම Chrome පිටපත පරිඝනකයේ භාවිතා කිරීම අවශ්‍යයි.එනම් ඔබේ Microphone සහ Google Web අඩවි සම්බන්දකය(Plugin) එහි අඩංගු වන නිසා

    Google-Voice-Search-for-Desktop.png


    ඔබේ මයික් එක පරිඝණකයට සම්බන්ද කල පසු මෙන්න මෙලෙස සෙවුම් කවුලුවේ අයිකනයක් දිස්වේ එය භාවිතයෙන් සෙවුම් කරගත හැකිය.මෙහිදී නිවැරදි උච්චාරණය ඉතා වැදගත් ලෙස සලකනවා

    වැඩි දුර තොරතුරු සදහා පහත වීඩියෝව බලන්න

    Search Out Loud With Voice Search



    Introducing Voice Search For Your Computer


    It's easy to search out loud. All you need is Google Chrome 11 or higher and a built-in or attached microphone. Just click the mic in the search bar and start talking.

    Download Google Chrome
    Search By Image

    පින්තූරයක් යනු වචන දහසක් නැත්නම් ඊටත් වැඩි ගනනක් ප්‍රකාශවන අයිතමයකි.එම නිසා යමක් සෙවීමට අතීතයේ සිටම Pictures භාවිතය ප්‍රචලිතව තිබුනා.දැන් අන්තර්ජාලයෙද සෙවීම් කටයුතු කිරීමට ග්ලූගල් මගින් Pictures භාවිතා කිරිමේ පහසුකම Google පරිශීලකයින්ට ලබා දී තිබේ

    සිය පරිඝණකයේ තිබෙන හෝ වෙනත් අඩවියක තිබෙන පින්තූරයක් භාවිතයෙන් යම් තොරතුරක් සොයා ගැනීමට මෙහිදී හැකි වෙනවා.එනම් පරිඝණකයේ ඇති පින්තූරය Google Search කවුලුවට ඇතුලත් කර එය භාවිතයෙන් Search කිරීමටද,වෙනත් අඩවියක නම් එම පින්තූරයේ වෙබ් ලිපිනය ඇතුලත් කර සෙවුම් කිරීමටද හැකිය

    V3d6J-AtXatqNn7CUD39g8-iBDfwypjIauIEoMH6FsIqeHFd0tZMBZaIiMku_tJ9Wpc9uj7ThQ=s400-e365-h275


    Chrome පරිශීලකයින් මෙම සේවාව භාවිතය පහසු කරවීම සදහා මෙම Extension එක භාවිතා කරන්න

    නැතිනම් මෙම Web ලිපිනයෙන්ද එම Search සිදුකර හැක


    වැඩි දුර තොරතුරු සදහා පහත වීඩියෝව බලන්න

    Search By Image



    Inside Search Event

    ________________________________________________

    සමහරවිට මේ පිළිබධ ඔබ දැනටමත් දන්නවා ඇති මේ අලුත් සේවාවන් ගැන ඔබගේ අදහස දලා යන්න අමතක කරන්න එපා.අන්ති අයගේ පහසුවට මෙන්ම දැනගැනීම සදහා එය ප්‍රයොජනවත් වෙවී.

    _________________



    _________________

    If This Repost Very Sorry!
    ©2011/MB/EK.COM