>>>> බොන්සායි <<<<

sanddun

Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    >>>> බොන්සායි <<<<

    bonsai-6.jpg







    බොන්සායි වනාහී කලාත්මක රුක්රෝපණ ක්‍රමවේදයකි.කුඩා බන්දේසි ආකාරයේ හෝ ගැඹුරු බඳුන් තුළ අලංකාරය සඳහා රෝපණය කරනු ලබන කුරු පැල හෝ පඳුරු බොන්සයි නිර්මාණයන් වේ. එහි විශේෂත්වය වනුයේ ඒ සඳහා යොදාගනු ලබන විශේෂ බඳුනක සිටුවනු ලබන පැළයක අතු රිකිළි, කඳ, සහ මුල් කිසියම් කාලයක් මුලුල්ලේ කප්පාදු කිරීම, නැවීම හෝ බැඳීම වැනි බාහිර වෙනස්කම් ඉතා සූක්‍ෂම ලෙස සිදුකිරීම තුළින් අවශ්‍ය ස්වරූපයට කෘතිම ලෙස ගසක් සකස් කිරීමයි .සකසා අවසන් වූ බොන්සයි පැලයක් ඉතා විශාල සහ වයස්ගත ගසක කුඩා අනුරුවක ස්වරූපයක් ගනී. ගසෙහි හැඩය හා ප්‍ර‍මාණය මනාව සුසංයෝගීවූ පෙනුමක් ලබා දීම මෙම නිර්මාණයෙහි වැදගත් අංගයකි. ආසන්න වශයෙන් 12, 13 සියවස් තුළ චීනයෙහි ඇරඹි මෙම රුක් රෝපණ කලාව ජපානය තුළ ප්‍ර‍ප‍්චලිත වූ අතර එහිදී වඩාත් වර්ධනය විය. ජපන් බසින් මෙම බොන්සායි යන්න සරලව ‘‘බඳුන් තුළ සිදුකරන වගාව’’ ලෙස පරිවර්තනය කළ හැක.




    බටහිර ලෝකය තුල බොන්සායි ව්‍යාප්තවීම




    ජපානයේ නිර්මාණය වූ බොන්සායි ආකෘතීන් විවිධ ප‍්‍රදර්ශනයන්හිදී විදේශික අවධානයට ලක්විනි. පැරිස් සහ වියානා නුවර පැවැත්වූ ලෝක මට්ටමේ ප‍්‍රදර්ශන තුලදී එලි දැක්වූ බොන්සායි නිර්මාණ විශාල වශයෙන් බටහිර ලෝකයේ අවධානය දිනගත් අතර එය ලොව පුරා මෙම කලාව ව්‍යාප්ත කිරීමට හේතු විය. බොන්සයි සඳහා වූ ඉල්ලුම වර්ධනය වීමත් සමග වාණිජ මට්ටමින් බොන්සයි නිර්මාණය කිරීමට ජපන් ජාතිකයින් යොමුව ඇත. ජපාන අභාසය සහිතව අපරදිග තුල මෙම කළාව ප‍්‍රචලිත වූ නමුදු මුල් අවධියේදී බටහිර ලෝකය තුල මෙම කළාවට එරෙහිවද කථිකාවත් ගොඩනැගුණි. බොන්සයි නිර්මාණයෙදී ස්වාභාවික පැලයක වර්ධනය සීමා කරවීමට සිදුකරනු ලබන වෙනස්කම් කෲර අන්දමේ කි‍්‍රයාවන් ලෙස හැඳින්වීමට බටහිර ජාතීන් යොමු වීම ඊට හේතු විය. එසේවූවද 1935 න් පසු මෙම මතය වෙනස් විය. දෙවන ලෝක යුද්ධයෙන් පසු ජපානයේ සිට පෙරලා පැමිණි සොල්දාදුවන් බොන්සයි නිර්මාණ තමන් සමග රැගෙන ආ බවද එම ශාක ඉක්මණින් විනාශ වී ගියද බටහිර ලෝකය තුල බොන්සයි කළාව සඳහා වූ උනන්දුව වර්ධනය කිරීමට එසේ රැගෙන ආ බොන්සයි නිර්මාණ හේතුවූ බවද වාර්තා වෙයි.



    කිසියම් සෘතුවකට හෝ කාලයකට සීමා නොවී වසර මුළුල්ලේම පවතින ඕනෑම පඳුරු හෝ ශාක වීශේෂයන් බොන්සයි නිර්මාණය සඳහා යොදගත හැකිවේ. එසේම කිසියම් බඳුනකට සීමකර වැවීමේ හැකියාවද මුල් සහ කඳන් කප්පාදු කිරීමෙන් පසුවද බාධාවකින් තොරව වැඞීමේ හැකියාව සහිත ශාකයන් මේ සඳහා යෝග්‍යවේ. එසේවූවද සිහින් තුඩු වැනි පත‍්‍ර සහිත පයින් වර්ගයේ ශාක හා කුඩා පත‍්‍ර සහිත ශාක වර්ග මෙම නිර්මාණයන් සඳහා බහුලව භාවිතා වනුයේ මෙම කළාවට අවේනික කුඩා බවෙහි ලක්‍ෂණ එවන් ශාක පත‍්‍ර තුල පවතින බැවිනි. බොනසයි නිර්මාණයක කුරු ස්වරූපය සකසා ගනුයේ එය වැඞීමට අවශ්‍ය සාධක ක‍්‍රමානුකූලව පාලනය කිරීම තුළිනි. එසේම ශාකය අවශ්‍ය ස්වරූපයට සකස් කරීම සඳහා එම හැඩය පවත්වා ගැනීමට අවශ්‍ය අතු හැර අනෙකුත් අතු ක‍්‍රමානුකූලව කප්පාදු කරනු ලබයි. ගසේ මුල්ද හැකිතාක් කුඩා බදුනක ප‍්‍රමාණයට සීමා කරනු ලබන අතරල ඒ සඳහා ගසේ මුල් පද්ධතිය සියුම් ලෙස මට්ටම් කිරීම හෝ එහි වර්ධනයේ ප‍්‍රමාණයට උචිත බඳුන් තුල සිටුවීම තුලින් පාලනය කරනු ලබයි. බොන්සායි වගාව සඳහා විශේෂ නඩත්තු කිරීම අවශ්‍යවන අතරල එය සියුම් කළ යුතුවේ. කල්ගත වීමත් සමග එහි හැඩය වෙනස් නොවීමට එය කප්පාදු කිරීම හා මට්ටම් කිරීම කළ යුතුවේ.





    බොන්සායි වගාවේ වැදගත් අංග





    ජල සම්පාදනය



    නියමිත අන්දමින් පාලනය කළ ජල පරිමාවක් දවසේ නිශ්චිත වේලාවකදී ලබා දීම කළ යුතුය. දිනකට හෝ දෙකකට වරක් පසෙහි හා වාතාශ‍්‍රයෙහි තෙතමනය සළකා බලමින් ජල සැපයීම කළයුතු අතර ගසකට සපයන ජල ප‍්‍රමාණය එක් ගසකින් තවත් ගසකට වෙනස් විය හැකිය.


    පොහොර යෙදීම



    පොහොර යෙදීමද ගසින් ගසට වෙනස් වේ. මල් හටගන්නා ශාකයකට වඩා පත‍්‍ර සහිත ශාකයක පොහොර අවශ්‍යතාවය වෙනස් වේ. එය නිසි පාලනයකින් යුතුව සැපයිය යුතුවේ.



    බඳුන් ගත කිරීම



    බොන්සයි පැල එහි මුල් පද්ධතිය නිසි ලෙස සැකසෙන තෙක් වරින් වර එක් බඳුනකින් තවත් බඳුනකට මාරු කිරීම කළ යුතු වේ. කුඩා බඳනකට සීමා වූ මූල පද්ධතියක් තිබීම වැදගත් වූවද එය ගසෙහි වර්ධනයට හා ගසෙහි ප‍්‍රමාණයට අනුකූල විය යුතුය. එසේම බඳන එම මූල පද්ධතියට ප‍්‍රමාණවත් විය යුතුය.



    කප්පාදු කිරීම, මට්ටම් කිරීම හා ගස හැඩ කිරීම



    බොන්සායි ගසක් කුඩා ස්වරූපයෙන් පවත්වා ගැනීමට කප්පාදු කිරීම හා මට්ටම් කිරීම වැදගත් වෙයි. ඒ සඳහා ගස සැකසීමට අවශ්‍ය හැඩයට අනුකූල නොවන කොටස් ක‍්‍රමානුකූලව කපා ඉවත් කිරීම සිදු කෙරේ. ගසේ ආරක්‍ෂාව පිණිස සියළුම කොටස් එකවර ඉවත් නොකරනු ලබයි. එසේම අවශ්‍ය හැඩයට අතු සකස් කිරීම සඳහා කම්බි මගින් අතු නවා බැඳීම කරනු ලබයි.

    බොන්සායි වගා කිරීම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය


    උපකරණ

    බොන්සායි වගා කිරිම හා ගස සකස් කිරිම සඳහා විවිධ උපකරණ භාවිත කරනු ලබයි. ගස් අතු, මුල් හා කඳන් කප්පාදු කිරීම සඳහා විවිධ පුමාණයේ කතුරු හා කියත් වර්ග ද, කොළ කප්පාදු කිරී‍මේ උපකරණ ද, මුල් හැඩ නිරීමේ උපකරණ ද, අතු සහ මුල් හැඩ ගැන්වීමේදී ඒවා නවා තැබීහ හා බැඳීම සඳහා නටු වර්ග හා කම්බි ද උපයෝගී කර ගනු ලබයි. තවද නම්බි කැපිමේ උපකරණ, කුඩා මුල්ලු හා රේක්ක ආදී උපකරණ ද හාවිතා කරනු ලබයි.

    img55469108.jpg


    6616.jpg



    m1-m13.jpg

    පස් සහ පොහොර


    බොන්සායි සඳහා යොදා ගන්නා පස, විවිධ පාංශු කොටස් කිහිපයක එකතුවකි.රළු වැලි,බොරළු,පිළිස්සුණු මැටි කැබලි දිරාපත් වූ ශාක කොටස් ආදී ඓන්ද්‍රීය කොටස්හි සංයෝජනයක් වු මෙම මිශ්‍රණය තුළින් මුල් පද්ධතිය දරා සිටීමට හැකි ශක්තිමත් පදනමමක් සකසනු ලබයි.



    බඳුන්

    බොන්සායි නිර්මාණයක් සකස් කිරීම සඳහා විශේෂිත බඳුන් යොදා ගනු ලබයි.පැළයෙහි වර්ධනයෙහි විවිධ අවස්ථාවන් හිදී උචිත ආකාරයේ බඳුනක සිටුවිය යුතුවේ.පැළයක මුල් අවස්ථාවේදී එය පුහුණු කිරීම සඳහා කුඩා බඳුන් යොදා ගන්නා අතර ක්‍රම ක්‍රමයෙන් එහි ප්‍රමාණයන් වෙනස් කෙරේ.සම්ප්‍රදායික බොන්සායි බඳුන් වීදුරු වලින් නිර්මාණය වූ ඒවා වුවද වත්මන විවිධ අමුද්‍රව්‍යගෙන් සාදන ලද බඳුන් උපයෝගී කර ගනී.සම්පූර්ණ බොන්සායි නිර්මාණයක් එහි හැඩය, ප්‍රමාණය,ස්වරූපය,වර්ණයට උචිත වන බඳුනක තැන්පත් කිරීම එහි අලංකාරය වැඩිකිරීමට හේතු වේ.


    manypots.jpg




    How-To-Find-Inexpensive-Bonsai-Pots.jpg



    61670383.jpg


    - පහතින් තිබෙන්නේ මනරම් බොන්සායි නිර්මාණයන් කිහිපයක්

     
    Last edited:

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808

    dwarf-pomegranate-bonsai1.jpg


    Bonsai_tree_by_NarcoGrafico.jpg


    Bonsai-7.jpg


    1921455.jpg


    Ficus-Microcarpa-Bonsai-FF-RS-.jpg


    2075bonsai.jpg



    408948777_7df427513a.jpg


    Caring-For-Bonsai-Trees.jpg


    2899256404_0fcba2b925.jpg


    bonsai-3.jpg


    bonsai-tree.jpg



    08-06-06-bonsai-04.jpg



    junip1.jpg


    ලංකාවේ බොන්සායි පිළිබද විස්තර ලබාගන්න පුළුවන් තැන් සොයද්දී
    තමයි මට මේවා මුණ ගැසුනේ
    මේවා ඇත්තටම ක්‍රියාත්මක වෙන ඒවාද කියලනම් මට සහතික වෙන්න බැහැ


    Bonsai Club of Sri Lanka
    Activities Promote the Art of Growing Tropical Bonsai in Sri Lanka by conducting workshops and biennial exhibitions.
    Address 129, Ananda Rajakaruna Mawatha, Colombo 10, Sri Lanka Telephone No. 011-2696789 E-Mail [email protected] President Mrs. Lourdes William



    Sri Lanka Bonsai Association

    tivities Monthly meetings for members with demonstrations and
    presentations on Bonsai
    Periodic workshops for members and general public on selected topics on Bonsai.
    Annual Public Exhibition of member's plants Address No.64, Horton Place, Colombo 7 Telephone No 11-2695481 /0777-344410 E Mail [email protected] President Ms. Shanti Fernando
    ඉතින් ඔය ගොල්ලන්ගේ දැනුමට සුළුවෙන් හෝ යම් දෙයක් එකතු උනානම් එකයි මගේ සතුට

    ඔයගොල්ලන්ගේ අදහසුත් කියල යන්න අමතක කරන්න එපා
    :D:D


     
    Last edited:

    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,652
    1,908
    113
    Here and there
    මිල ගනන් පිළිබඳවත් හොයලා කියන්න.. ඉස්සර ඉඳන් ආසාවක් තියෙනවා බොන්සායි ගසක් අරගන්න


    :yes::yes::yes:
    මාත් පොඩිකාලේ ඉඳලා හෙනම අසාවෙන් හිටියේ බොන්සායි පාරක් දාන්න...
    ගෙදර තියෙන ගස් කපල හිටවල පොඩියට try කළා ඒත් වැඩේ upsetගියා...
    සිරාවට මිල ගනන් පිළිබඳවත් හොයලා කියන්න..
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    මිල ගනන් පිළිබඳවත් හොයලා කියන්න.. ඉස්සර ඉඳන් ආසාවක් තියෙනවා බොන්සායි ගසක් අරගන්න

    :yes::yes::yes:
    මාත් පොඩිකාලේ ඉඳලා හෙනම අසාවෙන් හිටියේ බොන්සායි පාරක් දාන්න...
    ගෙදර තියෙන ගස් කපල හිටවල පොඩියට try කළා ඒත් වැඩේ upsetගියා...
    සිරාවට මිල ගනන් පිළිබඳවත් හොයලා කියන්න..

    බලමු පොඩ්ඩක් හොයල :):)
     
    • Like
    Reactions: ransing