උසේ හැටියට බර ගානද? අපි බලමු...

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    උසේ හැටියට බර ගානද? අපි බලමු...

    බර ගැන මෙතරම් කලබගෑනියක් මොකටද?
    අධික බර හෟද අබාධ සදහා අවදානම් තත්වයකි.අධික රුධිර පීඩනය දුම් පානය කොලොස්ස්ටරෝල් ඉහල මට්ටමක පැවතීම
    මෙන්ම මෙයද වැදගත් අවදානම් සාධකයක් වේ.එහෙයින් මෙම අවදානම අඩු කර ගැනීම සදහා ඇති හොදම ක්‍රමය වන්නේ
    බර අඩු කර ගැනීමයි.

    බර කිරන යන්ත්‍රයක් ගැනීම අනාගත සුවතාවය සදහා හොද ආයෝජනයකි.

    t22Eq.jpg


    ඔබගේ බර ඔබට තිබිය යුතු නියම බර හෝ එයට ආසන්න නම් ඔබ,වඩාත් කාර්යෂම වනු ඇත.ශක්තිමත් බව හා ආත්ම විෂ්වාශය වැඩි
    වනු ඇත.දියවැඩියාව අධික රුධිරපීඩනය අධි කොලොස්ටරෝල් වැනි හෟදයාබාධ වලට මං සලස්වන අනියම් සාධක පහසුවෙන් පාලනය කර ගත හැකි
    වනු ඇත.

    YVznc.jpg


    සමහර උදවිය ඕනාවටත් වැඩිය ආහාර ගනිති.එහෙත් ඔවුහු තරබාරු නොවෙති.අපෙන් ඇතමුන්ට තරබාරු නොවී සිටීම සදහා
    අප කන බොන දැය පිළිබඳ මහත් අවධානයෙන් හා උනන්දුවෙන් සිටිය යුතුය.එසේ නොවුනහොත් අපේ බර වැඩි වනු ඇත.
    අප අතුරින් සමහරක් පමණක් මෙසේ වාසනාවන්ත වී ඇත්තේ කෙසේද?එක් අතකින් ඔවුන් උචිත ආහාර ගන්නවා විය හැක.
    එසේ නැතහොත් එය ඔවුන්ගේ ජානයන්ගේ ක්‍රියාකාරීත්වය විය හැක.

    5FA1R.jpg


    ඔබ තරබාරු අයෙක් නම් ඔබටද නියමිත මට්ටම දක්වා බර අඩු කොට එය පවත්වා ගත හැකිය.ඒ සදහා ශක්ති සමතුලිතතාව
    පිළිබඳව ඔබ තුල අවභෝදයක් තිබිය යුතුය.ඔබ විසින් ජීවිත කාලයක් තුල පුහුණු වී ඇති සෞඛ්‍යට අහිතකර ඇතැම් පුරුදු
    බැහැර කිරීමට ඔබට සිදුවනු ඇත.මේ සඳහා අඛන්ඩ අවධානය හා කැපවීමක් අවශ්‍යය.එහෙත් එය කල නොහැක්කක් නොවේ.

    ඔබේ උසේ හැටියට බර ගැලපේද?

    ඔබේ බර නියමිත ප්‍රමාණයට තිබේ දැයි බැලීමට ඔබ ඔබේ උසද දැනගෙන සිටිය යුතුය.උස හා බර අතර සම්බන්දතාව දක්වා
    ඇති පහත සඳහන් වගුව බලන්න.එහි පලමුවන තීරු දෙක කෙනෙකුගේ උස අඟල් වලින් හා සෙ.මී වලින් දක්වයි.ප්‍රම පෙල අංක 23-35
    දක්වා අංක යොදා ඇත.මෙම අංක හදුන්වන්නේ ශාරීරික ස්කන්ධ දර්ශකය (body mass index)හෙවත්(BMI)නමිනි.
    මෙම දර්ශකය ඔබේ බර ඔබේ උසට ගැලපෙන්නේදැයි යන්න දැනගැනීම සඳහා යොදාගත හැක.මෙම දර්ශකය සම්පාදනය කොට ඇත්තේ
    බර කිලෝග්‍රෑම් වලින් හා උසේ වර්ගය මීටර වලින් බෙදීමෙනි.

    3gqTS.jpg


    ඔබේ ස්කන්ධ දර්ශකය (BMI) 18.5ට වැඩිනම් හා 23ට අඩුනම් එය සාමාන්‍ය මට්ටමේ පවතී.ස්කන්ධ දර්ශකය සොයාගැනීම සඳහා
    ඔබ අමුතුවෙන් ගණන් බැලිය යුතු නොවේ.මෙහි පහත දක්වා ඇති වගුවෙන් ඔබට පහසුවෙන් එය සොයා ගත හැකිය.

    YsDrQ.jpg

    974LC.jpg


    ඔබේ බර කිලෝග්‍රෑම් 65ක්ද උස අඩි 5 අඟල් 3ක් නම් (සෙමි 167.5)පහත වගුවට අනූව ඔබගේ ස්කන්ධ දර්ශකය (BMI)අගය
    23ක් වේ.

    එනම් එය සාමාන්‍ය තත්වයේ පවතී.ඔබේ උස අඩි 5 අඟල් 3ක් නම් බර කිලෝග්‍රෑම් 74 ක් නම් ඔබට අදාල ස්කන්ධ දර්ශකය
    30කි.එවිට ඔබ ප්‍රමාණයට වඩා බරින් වැඩිය.ඉහත වගුවේ අඩි 5 අඟල් 3 පෙල හා 23 තීරුව බැලුවහොත් ඔබගේ බර බර කිලෝග්‍රෑම්
    57 මට්ටමේ තිබිය යුතු බව ඔබට පෙනී යනු ඇති.එබැවින් ඔබට කිලෝග්‍රෑම් 13ක බරක් අඩු කර ගැනීමට සිදුවනු ඇති.



    හොදනම් රෙපක් දීලා කමෙන්ට් එකක් දාලා යන්න ඉතින්....:):):):)
     
    Last edited:

    bandara77

    Well-known member
  • Feb 1, 2009
    2,448
    209
    83
    48
    Oman
    මටත් ..:no::no::no::baffled::baffled:


    මෙහෙමයි, ඔයලගෙ බර බලන්න kg වලින්, ඊට පස්සෙ උස බලන්න, උස m වලට හරවන්න.

    Body Mass Index=weight In Kg/(height in meters)2 මේකෙ තේරුම තමයි උස මීටර් වලින් ගන්න ඒකෙ වරගය ගන්න හරිද?

    එහෙම බැලුවාම, BMI එක 18 ත් 24 ත් අතර නම් ඔබට තිබෙන්නෙ නිරෝගි බරක්.......
    http://www.elakiri.com/forum/[URL=h...g51/7341/bmie.jpg[/IMG][/URL] Uploaded with Uploaded with ImageShack.us
     
    Last edited:
    • Like
    Reactions: miniya

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මෙහෙමයි, ඔයලගෙ බර බලන්න kg වලින්, ඊට පස්සෙ උස බලන්න, උස m වලට හරවන්න.

    Body Mass Index=weight In Kg/(height in meters)2 මේකෙ තේරුම තමයි උස මීටර් වලින් ගන්න ඒකෙ වරගය ගන්න හරිද?

    එහෙම බැලුවාම, BMI එක 18 ත් 24 ත් අතර නම් ඔබට තිබෙන්නෙ නිරෝගි බරක්.......
    :yes::yes::yes::yes::yes::yes: