රැව්ලට හිමිකම් කියන්නේ මුස්ලිම්වරුන්ද.?
ලෝකය මැවු දෙවිදුන් එහි විශිෂ්ට වූ දේ නිර්මාණය කළේය. එයින් ග්රහ වස්තු, ජලය, වාතය යනාදී වශයෙන් හැදින් විය හැකිය. ජීවින් ජීවත් වන පෘථවියේ එක් එක් ආකාරයට විවිධ වූ හැඩයකින් නොයෙකුත් ජීවීන් ජිවත් වෙයි. එම ජීවීන් තමන්ටම ආවේනික ආහාර ක්රම, වාසස්ථාන තොරාගෙන සිටී. මෙයින් විශේෂ වන්නේ වන සතුන්ය. පිරිමි සතා, ගැහැණු සතා යනුවෙන්ද සතුන් දෙකට බෙදේ. මෙහි වැදගත් වන්නේ පිරිමි සතා එක් හැඩයකින් ද ගැහැණු සතා තවත් හැඩයකින් යුක්ත වීමය. මෙය ලෝක නියමයයි. මෙය අපට වෙනස් කළ නොහැක. මේ ආකරයෙන් බලන විට ලෝකයේ සෑම පිරිමි සතෙකුටම විශේෂ ලක්ෂණයක් තිබේ. එයින් එකක් වන්නේ මිනිසාගේ රැව්ලයි.
අද සමාජයේ ඇතැම් පිරිස් රැව්ල විවේචනය කරන තත්ත්වයක් උදාවී තිබෙන බව අප දන්නෙමු. රැව්ල තිබෙන පුද්ගලයන්ව වපර ඇසින් බලන සිරිතක් ද දකින්නට තිබේ.
නවීන ලෝකයේ මිනිසා දියුණුවේ හිණිපෙත්තටම ගියද ඇතැම් විට මිනිසා දියුණුවෙන්නේ තමන්වම තමන් විනාශ කර ගැනීමටදෝ යි සැකයක් පවති. ඊට හේතුව වනුයේ අපගේ පාරම්පරික සිරිත් විරිත් අමතක කරමින් සංස්කෘතිය අමතක කරමින් මේ ලබන්නාවු දියුණුව කුමකට දැයි අපට සිතන්නට සිදුවීමය.
මිනිසාගේ ස්වරූපය දෙස හොදින් බලන විට ගැහැණියට සහ පිරීමියාට නොයෙකුත් වෙනස්කම් තිබේ. ඉන් එකකි අපට දායාදයක් වශයෙන් ලැබී තිබෙන පිරිමියාගේ රැව්ල. සුද්දා ලංකාවට පැමිණෙන්ට ප්රථම, රැව්ල අප රටේ සංස්කෘතියක්ව පැවතිබව කිසිකෙනෙකුට ප්රතික්ෂේප කළ නොහැක.
විලාසිතාව යනුවෙන් සුද්දන් අපට හදුන්වා දුන්නු දෙයින් එකකි රැව්ල ඉවත් කිරීම. ඇතැම් විට රැව්ල ඉවත් කිරීම හේතුවෙන් ගැහැණියට හා පිරිමීයාට වෙනසක් පෙනෙන්නට ද නොමැත. ශෝචනීය තත්ත්වය වනුයේ ඇතැම් පිරිස් සිතාගෙන සිටින්නේ රැව්ල අයත් වන්නේ මුස්ලීම්වරුන්ට පමණක් කියාය. 
මෙලොව බිහි වූ සෑම දෙයක්ම යුගලයන් වශයෙන් තිබෙන බව අල්ලාහ් දෙවිදුන් අල් කුර්ආනයේ පවසයි.
ඔබ සිතීම පිණිස , සෑම වස්තුවක්ම යුගලයන් වශයෙන් අප උත්පාදනය කර ඇත්තෙමු.
(අල් කුර්ආන් 52:49)
එබැවින් අප අවබෝධ කළ යුතු කරුණ නම් රැව්ල යනු මිනිසා නමැති සත්වායාගේ පිරිමි සතා හදුනා ගැනීමට වු සළකුණකි.
මෙය අවමානයක් හෝ අවතක්සේරු කිරීමට වූ කරුණක් නොවේ. ගැහැණු සතා හදුනා ගැනීමට ද යම් යම් ලක්ෂණ නිෂ්පාදකයා විසින් ලබා දී තිබේ. මැවීමේ ප්රතිඵලයක් ලෙස සිටින මිනිසා ලෝක නියමය වෙනස් කරන්නට උත්සහ දරන්නේ නම් අල්ලාහ් එය අල් කුර්ආනය මගින් මෙසේ පවසියි.
ඇත්තෙන්ම අල්ලාහ් (දෙවිදුන්) මිනිසුන්හට සුළුතරමින් හෝ අපරාධයක් නොකරන්නේය. නුමත් මිනිසුන් (දරුණු අපරාධ කර) තමන්ටම තමන් අපරාධ කර ගත්තෝය.
(අල් කුර්ආන් 10:44)
රැව්ලට හිමිකම් කියන්නේ මුස්ලිම්රුන් පමණක් ද?
ලෝකය මැවු දෙවිදුන් එහි විශිෂ්ට වූ දේ නිර්මාණය කළේය. එයින් ග්රහ වස්තු, ජලය, වාතය යනාදී වශයෙන් හැදින් විය හැකිය. ජීවින් ජීවත් වන පෘථවියේ එක් එක් ආකාරයට විවිධ වූ හැඩයකින් නොයෙකුත් ජීවීන් ජිවත් වෙයි. එම ජීවීන් තමන්ටම ආවේනික ආහාර ක්රම, වාසස්ථාන තොරාගෙන සිටී. මෙයින් විශේෂ වන්නේ වන සතුන්ය. පිරිමි සතා, ගැහැණු සතා යනුවෙන්ද සතුන් දෙකට බෙදේ. මෙහි වැදගත් වන්නේ පිරිමි සතා එක් හැඩයකින් ද ගැහැණු සතා තවත් හැඩයකින් යුක්ත වීමය. මෙය ලෝක නියමයයි. මෙය අපට වෙනස් කළ නොහැක. මේ ආකරයෙන් බලන විට ලෝකයේ සෑම පිරිමි සතෙකුටම විශේෂ ලක්ෂණයක් තිබේ. එයින් එකක් වන්නේ මිනිසාගේ රැව්ලයි.

අද සමාජයේ ඇතැම් පිරිස් රැව්ල විවේචනය කරන තත්ත්වයක් උදාවී තිබෙන බව අප දන්නෙමු. රැව්ල තිබෙන පුද්ගලයන්ව වපර ඇසින් බලන සිරිතක් ද දකින්නට තිබේ.
නවීන ලෝකයේ මිනිසා දියුණුවේ හිණිපෙත්තටම ගියද ඇතැම් විට මිනිසා දියුණුවෙන්නේ තමන්වම තමන් විනාශ කර ගැනීමටදෝ යි සැකයක් පවති. ඊට හේතුව වනුයේ අපගේ පාරම්පරික සිරිත් විරිත් අමතක කරමින් සංස්කෘතිය අමතක කරමින් මේ ලබන්නාවු දියුණුව කුමකට දැයි අපට සිතන්නට සිදුවීමය. මිනිසාගේ ස්වරූපය දෙස හොදින් බලන විට ගැහැණියට සහ පිරීමියාට නොයෙකුත් වෙනස්කම් තිබේ. ඉන් එකකි අපට දායාදයක් වශයෙන් ලැබී තිබෙන පිරිමියාගේ රැව්ල. සුද්දා ලංකාවට පැමිණෙන්ට ප්රථම, රැව්ල අප රටේ සංස්කෘතියක්ව පැවතිබව කිසිකෙනෙකුට ප්රතික්ෂේප කළ නොහැක.
විලාසිතාව යනුවෙන් සුද්දන් අපට හදුන්වා දුන්නු දෙයින් එකකි රැව්ල ඉවත් කිරීම. ඇතැම් විට රැව්ල ඉවත් කිරීම හේතුවෙන් ගැහැණියට හා පිරිමීයාට වෙනසක් පෙනෙන්නට ද නොමැත. ශෝචනීය තත්ත්වය වනුයේ ඇතැම් පිරිස් සිතාගෙන සිටින්නේ රැව්ල අයත් වන්නේ මුස්ලීම්වරුන්ට පමණක් කියාය. 
ඔබ සිතීම පිණිස , සෑම වස්තුවක්ම යුගලයන් වශයෙන් අප උත්පාදනය කර ඇත්තෙමු.
(අල් කුර්ආන් 52:49)
එබැවින් අප අවබෝධ කළ යුතු කරුණ නම් රැව්ල යනු මිනිසා නමැති සත්වායාගේ පිරිමි සතා හදුනා ගැනීමට වු සළකුණකි.
මෙය අවමානයක් හෝ අවතක්සේරු කිරීමට වූ කරුණක් නොවේ. ගැහැණු සතා හදුනා ගැනීමට ද යම් යම් ලක්ෂණ නිෂ්පාදකයා විසින් ලබා දී තිබේ. මැවීමේ ප්රතිඵලයක් ලෙස සිටින මිනිසා ලෝක නියමය වෙනස් කරන්නට උත්සහ දරන්නේ නම් අල්ලාහ් එය අල් කුර්ආනය මගින් මෙසේ පවසියි. ඇත්තෙන්ම අල්ලාහ් (දෙවිදුන්) මිනිසුන්හට සුළුතරමින් හෝ අපරාධයක් නොකරන්නේය. නුමත් මිනිසුන් (දරුණු අපරාධ කර) තමන්ටම තමන් අපරාධ කර ගත්තෝය.
(අල් කුර්ආන් 10:44)