Where are the buddhists in EK I've got few questions

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    First of all no disrespect to anyone just few questions here and there :) Lets start with the first one.

    1. Do buddhist believe having a soul? If not what do you think make us or even animals alive ? some sort of enegry? Please dont throw links and ebooks at me :lol: just need a simple answer. When someone answers this I'll fire up the next question :)
     
    • Like
    Reactions: mayura12345

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    Which idiot gave me a -rep. I ask everyone a question nicely didnt even insult anyone. Cmon really are you that stupid? Cant I ask a question nicely ?
     
    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    First of all no disrespect to anyone just few questions here and there :) Lets start with the first one.

    1. Do buddhist believe having a soul? If not what do you think make us or even animals alive ? some sort of enegry? Please dont throw links and ebooks at me :lol: just need a simple answer. When someone answers this I'll fire up the next question :)

    උබ දැකල තියෙනවද ගිනි බෝල කරකවනවා පෙරහැරේ.ඒක කරකවද්දි උබට ඒක පේන්නෙ රවුමක් වගේ නේද.ඉතින් මම උබෙන් අහනවා එතන ගිනි වලල්ලක් තියෙනවද නැද්ද කියලා.උබට ඒ ප්‍රශ්නෙට එතකොට උත්තර දෙන්න පුලුවන්ද.ආත්මය කියන්නෙත් ඒ වගේ එකක් තමයි.ඒ වගේ තමයි උබ soul එකක් තියෙනවද නැද්ද කියල ඇහුව පලියට උත්තර දෙන්න බෑ ඔව් ද නැද්ද කියල.
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    උබ දැකල තියෙනවද ගිනි බෝල කරකවනවා පෙරහැරේ.ඒක කරකවද්දි උබට ඒක පේන්නෙ රවුමක් වගේ නේද.ඉතින් මම උබෙන් අහනවා එතන ගිනි වලල්ලක් තියෙනවද නැද්ද කියලා.උබට ඒ ප්‍රශ්නෙට එතකොට උත්තර දෙන්න පුලුවන්ද.ආත්මය කියන්නෙත් ඒ වගේ එකක් තමයි.ඒ වගේ තමයි උබ soul එකක් තියෙනවද නැද්ද කියල ඇහුව පලියට උත්තර දෙන්න බෑ ඔව් ද නැද්ද කියල.

    Thanks reply ekata. Dan ethakota umba kiyanne Soul ekak thiyenawada kiyala kiyanna hariyatama ba? mokada mama ahala thiyenawa athi tharam buddhistla kiyanawa Soul eka kiyala idea ekak na kiyala buddhism wala. Meka me Buddhistlawa nondi karanna ahana deyak neme mata dana ganna oni hinda ahana deyak. Kisima mada gasime aramunakin neme ahuwwe :)
     
    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    Thanks reply ekata. Dan ethakota umba kiyanne Soul ekak thiyenawada kiyala kiyanna hariyatama ba? mokada mama ahala thiyenawa athi tharam buddhistla kiyanawa Soul eka kiyala idea ekak na kiyala buddhism wala. Meka me Buddhistlawa nondi karanna ahana deyak neme mata dana ganna oni hinda ahana deyak. Kisima mada gasime aramunakin neme ahuwwe :)

    ඇත්තටම soul එක කියල දෙයක් නෑ.නමුත් අපේ තියෙන අවිද්‍යාව නිසා අපි අත්මයක් තියෙනවා කියල හිතා ගෙන කටයුතු කරනව.මම ඒකට උදාහරනයක් කියන්නම්.Films කියල අපි බලන්නෙ ඉතා වෙගයෙන් යන frames ටිකක් නේද.එත් එකේ ස්පීඩ් එක වැඩි නිසා අපේ ඇසට එක අහු වෙන්නෙ නෑ.ඉතින් මනසටත් ඒ වගෙ ස්පීඩ් එකකින් සිතුවිලි එන නිසා අපි අත්මයක් තියෙනව කියල හිතලා කටයුතු කරනව.එත් ඇත්තටම ආත්මයක් නෙ.බුද්ධ ධර්මයෙන් කියල දෙන්නෙ ඒ වගේ දෙයක්.
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    ඇත්තටම soul එක කියල දෙයක් නෑ.නමුත් අපේ තියෙන අවිද්‍යාව නිසා අපි අත්මයක් තියෙනවා කියල හිතා ගෙන කටයුතු කරනව.මම ඒකට උදාහරනයක් කියන්නම්.Films කියල අපි බලන්නෙ ඉතා වෙගයෙන් යන frames ටිකක් නේද.එත් එකේ ස්පීඩ් එක වැඩි නිසා අපේ ඇසට එක අහු වෙන්නෙ නෑ.ඉතින් මනසටත් ඒ වගෙ ස්පීඩ් එකකින් සිතුවිලි එන නිසා අපි අත්මයක් තියෙනව කියල හිතලා කටයුතු කරනව.එත් ඇත්තටම ආත්මයක් නෙ.බුද්ධ ධර්මයෙන් කියල දෙන්නෙ ඒ වගේ දෙයක්.

    Thanks again while you were typing that. I read this article.

    http://www.buddhanet.net/e-learning/reincarnation.htm

    Just wanted to point this out in that page

    What Reincarnation is Not

    Reincarnation is not a simple physical birth of a person; for instance, John being reborn as a cat in the next life. In this case John possesses an immortal soul which transforms to the form of a cat after his death. This cycle is repeated over and over again. Or if he is lucky, he will be reborn as a human being. This notion of the transmigration of the soul definitely does not exist in Buddhism.

    Whats you thought on this?
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,355
    767
    113
    After i left the stupid Islam , I spent learning Buddhism from a very knowledgable monk. He was living in isolation in the forest, most of the time meditating. The villagers who were nearby thought this monk has gained some sort of higher mental state. I am no buddhist but will reply you with my knowledge later.
     
    • Like
    Reactions: King GBN

    sorry dude I have no time to read it.If I will have time then I will real and give you an answer.The most important thing is that article does not represent buddha's teachings.So if you want to argue on this please read thripitaka and abidharmaya not such articles ok.after read those books i told you ,then If there is anything you want to question then ask anything.ok mcn.
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    sorry dude I have no time to read it.If I will have time then I will real and give you an answer.The most important thing is that article does not represent buddha's teachings.So if you want to argue on this please read thripitaka and abidharmaya not such articles ok.after read those books i told you ,then If there is anything you want to question then ask anything.ok mcn.

    No worries machan. The only thing I dont want to do is argue with anyone :lol: I dont need debates at all. Just reply when ever you get free time. Thanks for the help machan. :)
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    After i left the stupid Islam , I spent learning Buddhism from a very knowledgable monk. He was living in isolation in the forest, most of the time meditating. The villagers who were nearby thought this monk has gained some sort of higher mental state. I am no buddhist but will reply you with my knowledge later.

    Thanks buwa when ever you have free time :)
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    Meke kisisma madak gahanna epa machan hode :)
    11.gif
     
    does it really matter? I am Catholic

    ආත්මය කියන එක බොහෝවිට ක්‍රිස්තියානි ඕගොල්ලන්ගේ වචනයක්...
    බෞද්ද දර්ශනයේ තියෙන්නේ 'භවය' කියල එකක්....
    නැවත ඉපදීම...
    මැරුණම ශරීයයෙන් 'විඥානය' පිටවෙනවා. 'විඥානය' කියන්නේ 'දැනගැනීම'.
    එසැනින් ඒක තවත් තැනක හටගන්නවා.... (තවත් ගැබක් තුල)...
    එහෙම නැතුව ඒක අහසේ පාවී පාවී ගිහින් ඇගකට ඇතුල් වෙන්නේ නෑ..
    ඇසිපිය හෙලන මොහොතකටත් වඩා කලිනුයි හටගන්නේ, කොයිතරම් දුරක තියෙන ගැබක වුනත්...

    හටගන්න ගැබ තීරණය වෙන්නේ තමන්ගේ කර්මය මතයි... බොහෝ විට මැරෙන්න මොහොතකට කලින් හිතේ තිබුණු හොඳ නරක චේතනා වලට අනුව ඉපදෙන තැන වෙනස් වෙනවා..
    උදාහරණයක් ගත්තොත්, තමන්ගේ ඉඩ කඩම් යාන වාහන ගැන හිත හිත මැරුනොත් බල්ලෙක් වගේ සතෙක් වෙලා කොහෙහරි ඉපදිලා තමන්ගේ ගේ ඉඩකඩම් හොයාගෙන එනවා...
    ඇවිත් ඒවා මුර කරනවා...

    ඕගොල්ලන්ට මේවා තේරුම් කරලා දෙන්න ටික
    ක් අමාරුයි. මොකද ඕගොල්ලෝ ඕගොල්ලන්ගේ ආගම වල දේවල් වලට සාපේක්ෂව බලන නිසා ..

    උදාහරණයක් ගත්තොත්, ඕගොල්ලන්ගේ අගම් වල තියෙන මොකක්හරි දෙයක් ගැන ඕගොල්ලෝ කතා කරොත්,
    "දෙවියන් වහ*සේගේ කැමැත්ත මත තමයි මේ ඔක්කොම සිද්ද වෙන්නේ", කියන දේත් ඔලුවේ තියන් තමයි ඒවා කතා කරන්නේ..
    අනිත් අයගේ ආගමේ ගත්තොත්,
    "අල්*හ් දෙවියන්ගෙ කැමැත්ත මත තමයි මේ ඔක්කොම සිද්ද වෙන්නේ", කියන දේත් ඔලුවේ තියන් තමයි ඒගොල්ලෝ කතා කරන්නේ..

    එහෙම බලද්දී,
    බෞද්ද දර්ශනය ගැන කතා කරනකොටත් ඕගොල්ලොන්ට හිතෙන්න පුළුවන්,අපි
    බෞද්ද දර්ශනය ගැන කතා කරද්දී ,
    මේවා සිද්දවෙන්නේ "බුදු හාමුදුරුවොන්ගේ කැමැත්තට" කියල අපි හිතන් ඉන්නවයි කියල...
    එත් මේ කිසිම දෙයක් සිද්ද වෙන්නේ බුදුහාමුදුරුවන්ගේ කැමැත්තට නෙවෙයි...

    බුදුහාමුදුරුවන් අපිට උගන්වන්නේ මේවා හැමදාම ලෝකේ සිද්ද වෙවී කෙළවරක් නැතුව යන දේවල් කියල..
    නැවත ඉපදීම ගත්තොත්, අපි මැරි මැරී නැවත ඉපදි ඉපදී යනවා, එනිසා මේක කෙළවරක් නැතෙයි කියල උන්වහන්සේ හොයාගත්තා,
    එනිසා උන්වහන්සේ අපිට ඉගැන්වුවේ "ආයේ නම් ඔහොම මැරි මැරී නැවත ඉපදි ඉපදී ඉන්න එපා" කියල, ඒක සදහටම නවත්වන හැටි තමයි!

    දැන් මං එහෙම කිව්වම ඕගොල්ලෝ හිතනවා,
    "එහෙනම් සදහටම මැරෙන්නේ නැති තැනක් ගැන වෙන්නැති ඔය කියන්නේ, හරියට අපේ ස්වර්ගය වගේ, අපි දෙවියන්
    වහ*සේගේ තුරුලට ගිහින් සදා කාලිකව එහෙ සැප විඳිමින් ජීවත් වෙනවා වගේ, මේගොල්ලෝ 'බුදුන්ගේ තුරුලට' ගිහින් එහෙ සදහටම ජීවත්වෙන එකක් ගැන වෙන්නැති මේ කියනේ " කියල...
    අනිත් ආගමේ අය හිතනවා,
    "එහෙනම් සදහටම මැරෙන්නේ නැති තැනක් ගැන වෙන්නැති ඔය කියන්නේ, හරියට අපි අල්*හ් දෙවියන්ගෙ තුරුලට ගිහින් සදා කාලිකව එහෙ සැප විඳිමින් ජීවත් වෙනවා වගේ, මේගොල්ලෝ 'බුදුන්ගේ තුරුලට' ගිහින් එහෙ සදහටම ජීවත්වෙන එකක් ගැන වෙන්නැති මේ කියනේ " කියල...

    (මොකද ඔය ආගම වල තියෙන ගොඩක් කරුණු එක හා සමාන නිසා බෞද්ධ දර්ශනයේත් ඇත්තේ character එක වෙනස් කරල ඒවගේ එකක්මයි කියල හිතෙන්න පුළුවන්...)

    නැහැ! අපි බුදුන්ගේ තුරුලට යන්නේ නැහැ, බුදුන් කෙනෙක් දැන් කොහෙවත් නැහැ... කොටින්ම කියනවනම්, අර මන් කිව්වේ මැරුණ සැනින් තව තැනක වින්ඥාන උපදිනවා කියල, බුදුන්ට දැන් වින්ඥානයක්වත් නැහැ...
    මුකුත් නැහැ...
    එනිසා ආයේ ඉපදෙනෙත් නැහැ... කොහෙවත් දැන් ඉපදිලා නැහැ..

    ආයේ ඉපදෙන්නේ නැත්නම්, ඉපදිලා දුක්විඳින්න වෙන්නෙත් නැහැ..
    (පොඩ්ඩක් හිතල බලන්න)
    (අම්ම අප්පා මැරුණම අඩන්නයි, ගෑනු boot තිව්වම අඩන්නයි, computer ඒක පිච්චුනාම දුක්වෙන්නයි...
    etc .. මේ මුකුත් නැහැනේ ඉපදෙන්නේ නැතුව හිටියම....)

    එනිසා අපි කතා කරන්නේ බුදුන්ගේ තුරුලකට යන එකක් ගැන නෙවෙයි....
    අපි කතා කරන්නේ ආයේ ඉපදෙන්නේ නැතිවෙන්න මොකක්ද කරන්න ඕන කියන ඒක ගැනයි...
    (අම්ම අප්පා මැරුණම අඩන්නයි, ගනු boot තිව්වම අඩන්නයි, computer ඒක පිච්චුනාම දුක්වෙන්නයි...
    etc .. මේ මුකුත් නැහැනේ ඉපදෙන්නේ නැතුව හිටියම....
    එහෙනම් ඒක තමයි මේ දුක් කරදර වලින් මිදෙන්න තියෙන මග....)

    අන්න ඒක කරන හැටි තමයි බුදුහාමුදුරුවන් අපිට ඉගැන්වුවේ....

    කිසිම දෙයකට ආස වෙන්න එපා කියල තමයි අපිට කියල දෙන්නේ..
    ඒක හරියටම කරන හැටි තමයි බෞද්ධ දර්ශනය පුරාවටම තියෙන්නේ....
    එකේ අවසාන
    පලය තමයි, තමන් ගැන තමන්ට තියෙන ආසාව පවා නැතිවෙලා ආයේ ඉපදෙන්නේ නැති තැනටම පත්වෙන එක...
    එක තමයි බෞද්ද
    දර්ශනයේ පදනම...

    එහෙනම් අද ඉඳන් මතක තියාගන්න, බෞද්ද දර්ශනයේ පදනම (meaning ඒක) තමයි, නැවත ඉපදෙන්නේ නැතිවෙන තැනට කටයුතු කිරීම.....

    ඒවගේ
    ම,
    මේකට අපි 'බුද්ධාගම' කියන්නේ නැහැ...
    'බුදුදහම' කියනවට උනත් මම කැමති නැහැ..
    අපි කියන්නේ '
    බෞද්ද දර්ශනය' කියලයි..

    (මේක 'religion' එකක් නෙවෙයි, මේක 'philosophy' එකක් නිසා... )

    වෙනස මොකක්ද?
    වෙනස තමයි, ඕගොල්ලානේ
    ආගම් වල 'අදහනවා', 'යදිනවා', 'ඉල්ලනවා', එතකොට ඒවා 'ලැබෙනවා' කියල ඕගොල්ලෝ විස්වාස කරනවා....
    නමුත් බෞද්ද දර්ශනයේදී එහෙමෙ ඒවා නෑ, අපි බුදුන්ගෙන් මුකුත් යදින්නේ නැහැ, ඉල්ලන්නේ නැහැ,
    බුදුන් දේශනා කලේ,
    "මෙන්න ඇත්ත"
    "මෙන්න යන පාර"
    "මෙහෙම ජීවත් වුනොත් මෙහෙම වෙයි"
    "අරම හිටියොත්
    අරම වෙයි"
    "තමන්ගේ නුවනින් කල්පනා කරල බලන්න මම කිව්වේ ඇත්තද කියල"
    "මේවා කවුරු, කාව ඇදහුවත් හැමෝටම සිද්දවෙනවා"

    කියල මිසක්,

    "මගේ ආගමට බැඳෙන්න"
    "මාව අදහන්න, මම කරල දෙන්නම්"
    "මාව අදහනවානම්
    ඔබ මැරුණට පස්සේ මගේ ලඟට ගන්නවා"

    වගේ දේවල් නෙවෙයි..

    එනිසා බෞද්ද දර්ශනය කියන්නේ ආගමක් නෙවෙයි, ඉගැන්වීමක්...

    ආගමකට නම් බැඳෙන්න ඕන (ඕගොල්ලෝ බෞති*ම කරනවා වගේ)
    එත් බෞද්ද දර්ශනය ඉගෙනගන්න ඕන කෙනෙකුට පුළුවන්, මේකට 'බැඳෙනවා' කියල එකක් නැහැ..
    එනිසා තව දුරටත් තේරෙනවා නේ, බෞද්ද දර්ශනය කියන එක ආගමක් නෙවෙයි...

    බෞද්ද දර්ශනය ගැන කතා කරනකොට මේවා ඔලුවේ තියන් කතා කරන්න...
    බෞද්ද දර්ශනය තුල තියෙන්නේ ඕගොල්ලන්ට උගන්වන දේවල් වලට වඩා ගොඩක් වෙනස් දේවල්...

    එනිසා ඔය අහන්න ඉන්න ප්‍රශ්නවලට කට්ටිය උත්තර දෙනකොට මං මේ කියපු පදනමේ ඉඳන් තමයි බෞද්ද අය උත්තර දෙන්නේ....
    එනිසා ඒ අයගේ උත්තර ගලපන්න ඕනේ මං කියපු දේවල් එක්ක මිසක් ඔය ආගම්වල තියෙන ඒවත් එක්ක නෙවෙයි...
    එතකොට උත්තර තේරුම් ගන්න පහසුවෙයි....

    බුදුසරණයි...