Where are the buddhists in EK I've got few questions

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK

    ආත්මය කියන එක බොහෝවිට ක්‍රිස්තියානි ඕගොල්ලන්ගේ වචනයක්...
    බෞද්ද දර්ශනයේ තියෙන්නේ 'භවය' කියල එකක්....
    නැවත ඉපදීම...
    මැරුණම ශරීයයෙන් 'විඥානය' පිටවෙනවා. 'විඥානය' කියන්නේ 'දැනගැනීම'.
    එසැනින් ඒක තවත් තැනක හටගන්නවා.... (තවත් ගැබක් තුල)...
    එහෙම නැතුව ඒක අහසේ පාවී පාවී ගිහින් ඇගකට ඇතුල් වෙන්නේ නෑ..
    ඇසිපිය හෙලන මොහොතකටත් වඩා කලිනුයි හටගන්නේ, කොයිතරම් දුරක තියෙන ගැබක වුනත්...

    හටගන්න ගැබ තීරණය වෙන්නේ තමන්ගේ කර්මය මතයි... බොහෝ විට මැරෙන්න මොහොතකට කලින් හිතේ තිබුණු හොඳ නරක චේතනා වලට අනුව ඉපදෙන තැන වෙනස් වෙනවා..
    උදාහරණයක් ගත්තොත්, තමන්ගේ ඉඩ කඩම් යාන වාහන ගැන හිත හිත මැරුනොත් බල්ලෙක් වගේ සතෙක් වෙලා කොහෙහරි ඉපදිලා තමන්ගේ ගේ ඉඩකඩම් හොයාගෙන එනවා...
    ඇවිත් ඒවා මුර කරනවා...

    ඕගොල්ලන්ට මේවා තේරුම් කරලා දෙන්න ටික
    ක් අමාරුයි. මොකද ඕගොල්ලෝ ඕගොල්ලන්ගේ ආගම වල දේවල් වලට සාපේක්ෂව බලන නිසා ..

    උදාහරණයක් ගත්තොත්, ඕගොල්ලන්ගේ අගම් වල තියෙන මොකක්හරි දෙයක් ගැන ඕගොල්ලෝ කතා කරොත්,
    "දෙවියන් වහ*සේගේ කැමැත්ත මත තමයි මේ ඔක්කොම සිද්ද වෙන්නේ", කියන දේත් ඔලුවේ තියන් තමයි ඒවා කතා කරන්නේ..
    අනිත් අයගේ ආගමේ ගත්තොත්,
    "අල්*හ් දෙවියන්ගෙ කැමැත්ත මත තමයි මේ ඔක්කොම සිද්ද වෙන්නේ", කියන දේත් ඔලුවේ තියන් තමයි ඒගොල්ලෝ කතා කරන්නේ..

    එහෙම බලද්දී,
    බෞද්ද දර්ශනය ගැන කතා කරනකොටත් ඕගොල්ලොන්ට හිතෙන්න පුළුවන්,අපි
    බෞද්ද දර්ශනය ගැන කතා කරද්දී ,
    මේවා සිද්දවෙන්නේ "බුදු හාමුදුරුවොන්ගේ කැමැත්තට" කියල අපි හිතන් ඉන්නවයි කියල...
    එත් මේ කිසිම දෙයක් සිද්ද වෙන්නේ බුදුහාමුදුරුවන්ගේ කැමැත්තට නෙවෙයි...

    බුදුහාමුදුරුවන් අපිට උගන්වන්නේ මේවා හැමදාම ලෝකේ සිද්ද වෙවී කෙළවරක් නැතුව යන දේවල් කියල..
    නැවත ඉපදීම ගත්තොත්, අපි මැරි මැරී නැවත ඉපදි ඉපදී යනවා, එනිසා මේක කෙළවරක් නැතෙයි කියල උන්වහන්සේ හොයාගත්තා,
    එනිසා උන්වහන්සේ අපිට ඉගැන්වුවේ "ආයේ නම් ඔහොම මැරි මැරී නැවත ඉපදි ඉපදී ඉන්න එපා" කියල, ඒක සදහටම නවත්වන හැටි තමයි!

    දැන් මං එහෙම කිව්වම ඕගොල්ලෝ හිතනවා,
    "එහෙනම් සදහටම මැරෙන්නේ නැති තැනක් ගැන වෙන්නැති ඔය කියන්නේ, හරියට අපේ ස්වර්ගය වගේ, අපි දෙවියන්
    වහ*සේගේ තුරුලට ගිහින් සදා කාලිකව එහෙ සැප විඳිමින් ජීවත් වෙනවා වගේ, මේගොල්ලෝ 'බුදුන්ගේ තුරුලට' ගිහින් එහෙ සදහටම ජීවත්වෙන එකක් ගැන වෙන්නැති මේ කියනේ " කියල...
    අනිත් ආගමේ අය හිතනවා,
    "එහෙනම් සදහටම මැරෙන්නේ නැති තැනක් ගැන වෙන්නැති ඔය කියන්නේ, හරියට අපි අල්*හ් දෙවියන්ගෙ තුරුලට ගිහින් සදා කාලිකව එහෙ සැප විඳිමින් ජීවත් වෙනවා වගේ, මේගොල්ලෝ 'බුදුන්ගේ තුරුලට' ගිහින් එහෙ සදහටම ජීවත්වෙන එකක් ගැන වෙන්නැති මේ කියනේ " කියල...

    (මොකද ඔය ආගම වල තියෙන ගොඩක් කරුණු එක හා සමාන නිසා බෞද්ධ දර්ශනයේත් ඇත්තේ character එක වෙනස් කරල ඒවගේ එකක්මයි කියල හිතෙන්න පුළුවන්...)

    නැහැ! අපි බුදුන්ගේ තුරුලට යන්නේ නැහැ, බුදුන් කෙනෙක් දැන් කොහෙවත් නැහැ... කොටින්ම කියනවනම්, අර මන් කිව්වේ මැරුණ සැනින් තව තැනක වින්ඥාන උපදිනවා කියල, බුදුන්ට දැන් වින්ඥානයක්වත් නැහැ...
    මුකුත් නැහැ...
    එනිසා ආයේ ඉපදෙනෙත් නැහැ... කොහෙවත් දැන් ඉපදිලා නැහැ..

    ආයේ ඉපදෙන්නේ නැත්නම්, ඉපදිලා දුක්විඳින්න වෙන්නෙත් නැහැ..
    (පොඩ්ඩක් හිතල බලන්න)
    (අම්ම අප්පා මැරුණම අඩන්නයි, ගෑනු boot තිව්වම අඩන්නයි, computer ඒක පිච්චුනාම දුක්වෙන්නයි...
    etc .. මේ මුකුත් නැහැනේ ඉපදෙන්නේ නැතුව හිටියම....)

    එනිසා අපි කතා කරන්නේ බුදුන්ගේ තුරුලකට යන එකක් ගැන නෙවෙයි....
    අපි කතා කරන්නේ ආයේ ඉපදෙන්නේ නැතිවෙන්න මොකක්ද කරන්න ඕන කියන ඒක ගැනයි...
    (අම්ම අප්පා මැරුණම අඩන්නයි, ගනු boot තිව්වම අඩන්නයි, computer ඒක පිච්චුනාම දුක්වෙන්නයි...
    etc .. මේ මුකුත් නැහැනේ ඉපදෙන්නේ නැතුව හිටියම....
    එහෙනම් ඒක තමයි මේ දුක් කරදර වලින් මිදෙන්න තියෙන මග....)

    අන්න ඒක කරන හැටි තමයි බුදුහාමුදුරුවන් අපිට ඉගැන්වුවේ....

    කිසිම දෙයකට ආස වෙන්න එපා කියල තමයි අපිට කියල දෙන්නේ..
    ඒක හරියටම කරන හැටි තමයි බෞද්ධ දර්ශනය පුරාවටම තියෙන්නේ....
    එකේ අවසාන
    පලය තමයි, තමන් ගැන තමන්ට තියෙන ආසාව පවා නැතිවෙලා ආයේ ඉපදෙන්නේ නැති තැනටම පත්වෙන එක...
    එක තමයි බෞද්ද
    දර්ශනයේ පදනම...

    එහෙනම් අද ඉඳන් මතක තියාගන්න, බෞද්ද දර්ශනයේ පදනම (meaning ඒක) තමයි, නැවත ඉපදෙන්නේ නැතිවෙන තැනට කටයුතු කිරීම.....

    ඒවගේ
    ම,
    මේකට අපි 'බුද්ධාගම' කියන්නේ නැහැ...
    'බුදුදහම' කියනවට උනත් මම කැමති නැහැ..
    අපි කියන්නේ '
    බෞද්ද දර්ශනය' කියලයි..

    (මේක 'religion' එකක් නෙවෙයි, මේක 'philosophy' එකක් නිසා... )

    වෙනස මොකක්ද?
    වෙනස තමයි, ඕගොල්ලානේ
    ආගම් වල 'අදහනවා', 'යදිනවා', 'ඉල්ලනවා', එතකොට ඒවා 'ලැබෙනවා' කියල ඕගොල්ලෝ විස්වාස කරනවා....
    නමුත් බෞද්ද දර්ශනයේදී එහෙමෙ ඒවා නෑ, අපි බුදුන්ගෙන් මුකුත් යදින්නේ නැහැ, ඉල්ලන්නේ නැහැ,
    බුදුන් දේශනා කලේ,
    "මෙන්න ඇත්ත"
    "මෙන්න යන පාර"
    "මෙහෙම ජීවත් වුනොත් මෙහෙම වෙයි"
    "අරම හිටියොත්
    අරම වෙයි"
    "තමන්ගේ නුවනින් කල්පනා කරල බලන්න මම කිව්වේ ඇත්තද කියල"
    "මේවා කවුරු, කාව ඇදහුවත් හැමෝටම සිද්දවෙනවා"

    කියල මිසක්,

    "මගේ ආගමට බැඳෙන්න"
    "මාව අදහන්න, මම කරල දෙන්නම්"
    "මාව අදහනවානම්
    ඔබ මැරුණට පස්සේ මගේ ලඟට ගන්නවා"

    වගේ දේවල් නෙවෙයි..

    එනිසා බෞද්ද දර්ශනය කියන්නේ ආගමක් නෙවෙයි, ඉගැන්වීමක්...

    ආගමකට නම් බැඳෙන්න ඕන (ඕගොල්ලෝ බෞති*ම කරනවා වගේ)
    එත් බෞද්ද දර්ශනය ඉගෙනගන්න ඕන කෙනෙකුට පුළුවන්, මේකට 'බැඳෙනවා' කියල එකක් නැහැ..
    එනිසා තව දුරටත් තේරෙනවා නේ, බෞද්ද දර්ශනය කියන එක ආගමක් නෙවෙයි...

    බෞද්ද දර්ශනය ගැන කතා කරනකොට මේවා ඔලුවේ තියන් කතා කරන්න...
    බෞද්ද දර්ශනය තුල තියෙන්නේ ඕගොල්ලන්ට උගන්වන දේවල් වලට වඩා ගොඩක් වෙනස් දේවල්...

    එනිසා ඔය අහන්න ඉන්න ප්‍රශ්නවලට කට්ටිය උත්තර දෙනකොට මං මේ කියපු පදනමේ ඉඳන් තමයි බෞද්ද අය උත්තර දෙන්නේ....
    එනිසා ඒ අයගේ උත්තර ගලපන්න ඕනේ මං කියපු දේවල් එක්ක මිසක් ඔය ආගම්වල තියෙන ඒවත් එක්ක නෙවෙයි...
    එතකොට උත්තර තේරුම් ගන්න පහසුවෙයි....

    බුදුසරණයි...

    Mulinma machan reply ekata thanks :) dewani eka umba oya lokuwata I AM A CATHOLIC kiyana eka quote kale ai? mama eka kiwwe ekek ahapu hinda anika mama ape agame dewal harida nadda kiyala hoyala balanna neme prashne ahuwwe. Mama ahala baluwe Buddhist ayage mathaya mokakda kiyala hoyala balanna misak Sirajaya wage agam wlata nondi danna neme :P

    Again thanks machan reply ekata really appriciate it. Budusaranai machan
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK

    ආත්මය කියන එක බොහෝවිට ක්‍රිස්තියානි ඕගොල්ලන්ගේ වචනයක්...
    බෞද්ද දර්ශනයේ තියෙන්නේ 'භවය' කියල එකක්....
    නැවත ඉපදීම...
    මැරුණම ශරීයයෙන් 'විඥානය' පිටවෙනවා. 'විඥානය' කියන්නේ 'දැනගැනීම'.
    එසැනින් ඒක තවත් තැනක හටගන්නවා.... (තවත් ගැබක් තුල)...
    එහෙම නැතුව ඒක අහසේ පාවී පාවී ගිහින් ඇගකට ඇතුල් වෙන්නේ නෑ..
    ඇසිපිය හෙලන මොහොතකටත් වඩා කලිනුයි හටගන්නේ, කොයිතරම් දුරක තියෙන ගැබක වුනත්...

    Machan විඥානය kiyala kiwwe ekthara akarayak shakthiyak da? Energy ekak neda?
     
    umba oya lokuwata I AM A CATHOLIC kiyana eka quote kale ai?

    cathilic කියන එක quote කරේ, මං catholic කෙනෙක්ට බුදුදහම ගැන සරලව උත්තර දෙන බව පෙන්නන්නයි...
    බෞද්ද කෙනෙක් බුදුදහම ගැන උත්තර දෙද්දී, catholic කෙනෙක් නිසා ඒවා නොතේරෙන්න පුළුවන්නේ,
    එනිසා බෞද්ද කෙනෙක් උත්තර දෙන්නේ බෞද්ද දර්ශනයේ
    මොන පදනම යටතේද කියල යම් දැනුමක් දෙන්නයි එක quote කරලා උත්තර දුන්නේ....

    mama ape agame dewal harida nadda kiyala hoyala balanna neme prashne ahuwwe.

    මං දන්නවා එක...
    cathilic ආගමේ පදනම මත ඉඳන් බුදුදහමේ පදනම තේරුම් ගන්න බැරි නිසයි ඒගැන පොඩි සන්සන්දනයක් කලේ....
    පොඩි intraduction එකක් දුන්නේ කියල තේරෙන්නේ නැද්ද.....
    what ever .....
     
    Machan විඥානය kiyala kiwwe ekthara akarayak shakthiyak da? Energy ekak neda?

    'ශක්තිය' කියන එක scientific වචනයක්..
    බුදුදහම දේශනා කරේ මීට අවුරුදු 2600 කට කලින්..
    ඒකාලේ මිනිස්සුන්ට 'ශක්තිය' ගැන අවබෝදයක් නැහැ.
    එනිසා මේක ශක්තිය කියන කුලකයට විඥානය අයත් වෙනවද කියල අපිට බලන්නත් බැරිවෙයි, මොකද ඒක පැහැදිලිව දේශනා කරලා තියනවද කියල බලන්න ඕන..
    මම ත්‍රිපිටකය කියවල නැහැ... එකේ තියනවද දන්නේ නැහැ...

    එත් බෞද්ද කෙනෙකුටනම් මේක ශක්තියක් ද නැද්ද කියන එකනම් ගැටළුවක් නෙවෙයි...
    මොකද අපිට ඒවා අවශ්‍ය නැහැ අපේ ගමනට..
    උදාහරණයක් ගත්තොත්,
    අපි හිතමු බුදුදහමේ ත්‍රිපිටකය තුල කොහෙහරි වාක්‍යයක් තියනවා කියල "විඥානය යනු හඳුනාගැනීමයි, හඳුනාගැනීමෙන් ඇතිවෙන සැප සිතුවිලි වලට ඇලෙන්න එපා ..." කියල..
    එතකොට අපිට එතැනදී වැදගත් වෙන්නේ විඥානය ශක්තියක් ද? නැද්ද? කියන ඒක නෙවෙයි,
    අපිට වැදගත් වෙන්නේ "සැප සිතුවිලි වලට ඇලෙන්න එපා" කියන කොටසයි...

    මොකද, බුදුදහමේ හැටියට මැරි මැරී නැවත නැවත ඉපදෙන්නේ ඔය කියපු 'ඇලීම' නිසයි...
    ඉතින් බෞද්ද කෙනාට වැදගත් වෙන්නේ 'ඇලීම' නැතිකරන්නේ කොහොමද කියන ඒක විතරමමයි...
    මොකද විඥානය කියන ඒක ශක්තියක් වුනත්, වෙන මොකක්හරි වුනත්, ඒක දැනගත්ත කියල ඒක 'ඇලීම' නවත්වන්න අපිට බලපාන්නේ නැතිනිසා....
    අනික හොයන්න ගත්තත් කෙළවරක් නැහැ, ඒක ශක්තියක් නම්, ඊළඟට, ඒක කොහොමද ඇතිවුනේ, කවුද ඇතිකළේ, මොකටද ඇතිකළේ, ශක්තියක්නම් මොනවද ශක්ති ප්‍රබේද, එතකොට ඒ ශක්ති ප්‍රබේද ඇතිවුනාද? ඇති කලාද?.. ඇතිකලානම් ඇතිකළේ කවුද.. ඇති වුනානම් ඇතිවුනේ කොහොමද.... කවද්ද ඇතිවුනේ? කොහෙදිද ඇතිවුනේ?... etc .....
    ඉතින් මේ කෙටි ජීවිතයේදී 'ඇලීම' නැතිකරන්න උත්සහ ගන්න බෞද්ද කෙනා, ඕව කොච්චර හෙව්වත් වැඩක් නැහැ අවසානයේදී එයා ට මැරෙන්න කලින් 'ඇලීම' නතර කරගන්න බැරි වුනානම් එයා ආයේ පාරක් උපදින නිසා....
    එනිසා බුදුන් දේශනාකළේ අපිට වැදගත් වෙනදේ නොහොත් 'ඇලීම' නවත්වන්න වැදගත් වෙන දේවල් විතරයි....

    විඥානය ගැන මං දැනට දන්නේ මෙච්චරයි....,

    *මැරෙන කොට,
    1)ආයුෂ අවසන් වෙනවා.
    2)ශරීරයේ උණුසුම ශරීරයෙන් බැහැරවෙනවා.
    3)ශරීරයෙන් 'විඥානය' බැහැරවෙනවා...

    * 'විඥානය' කියන්නේ 'දැනගැනීම',
    උදාහරණක් ගත්තොත්,
    ඇස + රුපය + විඥානය = විඳීම

    රුපයක් තියනවා... + ඇසින් ඒක දකිනවා.... + විඥානයෙන් ඒක හඳුනා ගන්නවා... = සිතුවිලි පහල වෙනවා.... එනිසා සිතුවිලි වලින් විඳීමක් ඇතිවෙනවා....
    (දුක් විඳීම්, සැප විඳීම්, දුක් සැප රහිත විඳීම්)

    රුපය වෙනුවට ගැනුකෙනෙක් ගමු,

    ගැනුකෙනෙක් ඉන්නවා... (රුපය)
    අපි එයාව දකිනවා (ඇසින් දැකීම)
    එයා ගැනුකෙනෙක් කියල අපි හඳුනා ගන්නවා.. (විඥානයෙන්)
    ඒ ගනු කෙනා ලස්සනයි නම්, "ලස්සනයි" කියල සිතුවිලි පහල වෙනවා.. කැත නම් "කැතයි" කියල සිතුවිලි පහල වෙනවා... (සිතුවිලි පහළවීම)
    ඇය ඇඳුමක් ඇද ඇද ඉන්නව
    දැක්කනම් කාම සැප සිතුවිලි විඳීමක් ඇතිවෙන්න පුළුවන්.. ඇය අසුචි කරනවා දැක්කනම් පිළිකුල් සිතුවිලි විඳීමක් ඇතිවෙන්න පුළුවන්... ඇය සාමාන්‍ය විදියට ඇවිද ඇවිද ඉන්නවා දැක්කනම් දුක් සැප රහිත විඳීමක් ඇතිවෙන්න පුළුවන්....

    එතකොට අපිට පේනවා 'විඥානය' කියන්නේ 'දැනගැනීම'

    ඇස + රුපය + විඥානය = (දුක් විඳීම්, සැප විඳීම්, දුක් සැප රහිත විඳීම්)
    කන + ශබ්දය + විඥානය = (දුක් විඳීම්, සැප විඳීම්, දුක් සැප රහිත විඳීම්)
    නාසය + ගන්දය (ගඳ/සුවඳ) + විඥානය = (දුක් විඳීම්, සැප විඳීම්, දුක් සැප රහිත විඳීම්)
    දිව + රසය (රස/තිත්ත) + විඥානය = (දුක් විඳීම්, සැප විඳීම්, දුක් සැප රහිත විඳීම්)
    ශරීරය + ස්පර්ශය + විඥානය = (දුක් විඳීම්, සැප විඳීම්, දුක් සැප රහිත විඳීම්)

    මේ විදීම් වලට ආසවෙන්න එපා, ඇලෙන්න එපා කියලයි අපිට උගන්වන්නේ....

    විඥානය ගැන දීපු මේ උත්තරේ ප්‍රමාණවත් නැතිවෙයි සමහර විට....
    එත් මම දන්නේ, බණ වලින් ඇහුනු දේවල් ටිකක් විතරයි තවම...

    • Like
    Reactions: U-tag and dilshan87

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    cathilic කියන එක quote කරේ, මං catholic කෙනෙක්ට බුදුදහම ගැන සරලව උත්තර දෙන බව පෙන්නන්නයි...
    බෞද්ද කෙනෙක් බුදුදහම ගැන උත්තර දෙද්දී, catholic කෙනෙක් නිසා ඒවා නොතේරෙන්න පුළුවන්නේ,
    එනිසා බෞද්ද කෙනෙක් උත්තර දෙන්නේ බෞද්ද දර්ශනයේ
    මොන පදනම යටතේද කියල යම් දැනුමක් දෙන්නයි එක quote කරලා උත්තර දුන්නේ....

    මං දන්නවා එක...
    cathilic ආගමේ පදනම මත ඉඳන් බුදුදහමේ පදනම තේරුම් ගන්න බැරි නිසයි ඒගැන පොඩි සන්සන්දනයක් කලේ....
    පොඩි intraduction එකක් දුන්නේ කියල තේරෙන්නේ නැද්ද.....
    what ever .....

    Hari hari machan mata therenawa awulak na :)
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    'ශක්තිය' කියන එක scientific වචනයක්..
    බුදුදහම දේශනා කරේ මීට අවුරුදු 2600 කට කලින්..
    ඒකාලේ මිනිස්සුන්ට 'ශක්තිය' ගැන අවබෝදයක් නැහැ.
    එනිසා මේක ශක්තිය කියන කුලකයට විඥානය අයත් වෙනවද කියල අපිට බලන්නත් බැරිවෙයි, මොකද ඒක පැහැදිලිව දේශනා කරලා තියනවද කියල බලන්න ඕන..
    මම ත්‍රිපිටකය කියවල නැහැ... එකේ තියනවද දන්නේ නැහැ...

    Thanks lokka danne nathi samahara dewal wagayak umba kiyapu eken igena gatta :) mama danna samahara buddhist lagen ahuwata hariyatama kiya ganna bari una. Ethakota balapuwama me විඥානය kiyana eka thama anthimeta ithuru wenne api marunath. eka wena thanakata gihilla wena kenek hatiyata upadinawa. Podi prashnayak ethakota api hithamuko mama mala kiyala harida mage විඥානය mage body eken pita wela yanawa haridaa? dan oka oya kiwwa wage wena Garbayakata gihilla ipadenawa mata kalin karapu dewal mathak wena chance ekak thiyenawa da?
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    me ape pissu koluwek meke link eka daala thiyanawa dakala baluwe...

    aththatama awanka uwamanaawakin me mathrukawata unandu wena ayata serama dewal (a-Z) danaganna puluwan weyi mama dan karana thread eka baluwoth. kisima kenekuta aaye prashna ithuruwena ekak naa mata therena widiyata. habayi sahena kalpanaa karanna puluwan hakiyaawak nam one mayi!!(baadhaka godakuth thiyanawa pana pana yanna.)

    hamoma uwamanaawen balala, me jeewithayenma serama 'katha' iwarayak karala daaganna!!!

    http://www.elakiri.com/forum/showthread.php?t=1107254
     
    Oyatath thank you wewa hoda karunu tikak thiyenawa e thread eketh :yes:
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    Oyatath thank you wewa hoda karunu tikak thiyenawa e thread eketh :yes:

    karunu tikak neweyi... ehempitinma liyanawa!!! mula balala serama theeranaya karanna epa!!! baadhaka maga harala digatama balan enna!!! awanka uwamanaawakin, nuwanin kalpanaa kara kara aawoth, anthimata oyaala danneth nathuwa oyala me 'sasara kathandaren' nidahaswela thiyevi!!!

    sanjuhen

    Member
    Jan 8, 2011
    50
    2
    0
    MACHAN NAOD UBA niyama kollek, ubata tiyena prasne agam walata mada gahanne nethuwa kelinma ahuwa, uba may uththarawalin terum gatthada ube prasneta answer tiyenawa kiyala ?
     
    mata kalin karapu dewal mathak wena chance ekak thiyenawa da?

    බොහෝවිට කලින් ජීවිතය මතක නැහැ....
    මතකනම් මටත් මතක් වෙන්න ඕන කලින් ජීවිතේ... මොකද මේක මගේ පලවෙනි ජීවිතේ නෙවෙයි...
    මේක මගේ කීවෙනි ජීවිතේද කියල ගණන් කරලා කියන්න බැහැ... එතරම් කාලයක් තිස්සේ මම මැරී මැරී ඉපදිලා තියනවා...

    එත් සමහර අයට තමන් කලින් ජීවිතයේ මැරිච්ච විදිය මතකයි....

    (මං discovery channel එකේ පවා ඉස්සර දැකල තියනවා program එකක....
    පිට රට සුදු ජාතිකයන් ගේ අත් දැකීම්... එගොල්ලොන්ට් මතකයි ඒගොල්ලෝ මැරිච්ච විදිය...
    බොහෝවිට පිටරට සුදු ජාතික අය catholic වුනත්, එගොල්ලොනටත් ඒක වෙලා තියනවා...
    ඒ discovery channel program එකේ ලංකාවේ ගැණු ළමයෙකුත් හිටිය වතුරට වැටිලා මැරිච්ච... එයා අන්තිමට හොයාගෙන යනවා කලින් ඉපදිලා හිටපු ගෙදරට, ගිහින් එතන තිබුණු photo එක පෙන්නලා කියනවා "මේ මම" කියල... එයා එතන ඔප්පු කරනවා ඒ එයාමයි කියල.. ඒක ඔප්පු වෙච්ච නිසා වෙන්න ඇති ඒ ගෙදර අම්මල එතන අඩනවත් පෙන්න්නුවද කොහේද....)

    ඒවගේම ලංකාවේ ඉන්න මනෝවෛද්‍ය හරිස්චන්ද්‍ර මහත්මයාගෙන් ඇහුවනම්,
    මෝහනය කරලා කලින් ජීවිත ගැන ගත්ත විස්තර අනන්තවත් කියාවි...

    (ඕනෙතරම් tv එකේ ඒ වගේ විස්තර ගැන කථා කරලා තියනවා)
    unledpge.png

    Sigmund Freud
    වගේ ලෝකයේ ඇති දක්ෂ මනෝවෛද්‍යවරු පවා, නැවත ඉපදීම ගැන කියල තියනවා....

    මතකය නැති වුනත් 'පුරුදු' කියල ජාතියක් එනවා.....
    'සංසාර පුරුදු' කියල තමයි කියන්නේ....

    උදාහරණ ගත්තොත් සමහර ළමයි පොඩි කාලෙදිම බුදු පිළිමයක් දැක්ක තැන වඳිනවා..

    සමහර පොඩිලමයි bed sheet එක අරගෙන සිවුරක් වගේ පොරවාගෙන ඇවිදිනවා...... (කවුරුවත් කියලදීල නෙවෙයි..)
    සමහර පොඩිලමයි පොඩිකාලේ ඉඳන්ම දරුණුයි "ගහපියව් මරපියව්" කියා කියා සෙල්ලම කරන්නේ...
    ඒගොල්ලෝ කලින් ජීවිත වල හාමුදුරුවරු , මැරයෝ, වගේ අය වෙලා ඉඳපු අය වෙන්න පුළුවන්...

    unusual අතිදක්ෂ ළමයි ඉන්නවා.......

    "She was 23 months old when this was done in August 2007 in her parents small one bedroom apartment"
     
    Last edited:

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    MACHAN NAOD UBA niyama kollek, ubata tiyena prasne agam walata mada gahanne nethuwa kelinma ahuwa, uba may uththarawalin terum gatthada ube prasneta answer tiyenawa kiyala ?

    Ow machan godak dewa igena gatta Sira kollo dennek uttara dunna point ekata :) anna echcharai ona methana kage agama hari kiyana eken mata wadak na :yes: mata poddak dana ganna ona una me dewal gana ekai ahuwwe machan :yes:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    බොහෝවිට කලින් ජීවිතය මතක නැහැ....
    මතකනම් මටත් මතක් වෙන්න ඕන කලින් ජීවිතේ... මොකද මේක මගේ පලවෙනි ජීවිතේ නෙවෙයි...
    මේක මගේ කීවෙනි ජීවිතේද කියල ගණන් කරලා කියන්න බැහැ... එතරම් කාලයක් තිස්සේ මම මැරී මැරී ඉපදිලා තියනවා...

    thank you very much machan umbe kale waya karala meka type kalata godak watinawa. Ela kollek :)
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    karunu tikak neweyi... ehempitinma liyanawa!!! mula balala serama theeranaya karanna epa!!! baadhaka maga harala digatama balan enna!!! awanka uwamanaawakin, nuwanin kalpanaa kara kara aawoth, anthimata oyaala danneth nathuwa oyala me 'sasara kathandaren' nidahaswela thiyevi!!!

    Aniwa mama umba daapu thread ekath balanawa machan :) thanks umbala okkotama :)
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    බොහෝවිට කලින් ජීවිතය මතක නැහැ....
    මතකනම් මටත් මතක් වෙන්න ඕන කලින් ජීවිතේ... මොකද මේක මගේ පලවෙනි ජීවිතේ නෙවෙයි...
    මේක මගේ කීවෙනි ජීවිතේද කියල ගණන් කරලා කියන්න බැහැ... එතරම් කාලයක් තිස්සේ මම මැරී මැරී ඉපදිලා තියනවා...

    එත් සමහර අයට තමන් කලින් ජීවිතයේ මැරිච්ච විදිය මතකයි....

    (මං discovery channel එකේ පවා ඉස්සර දැකල තියනවා program එකක....
    පිට රට සුදු ජාතිකයන් ගේ අත් දැකීම්... එගොල්ලොන්ට් මතකයි ඒගොල්ලෝ මැරිච්ච විදිය...
    බොහෝවිට පිටරට සුදු ජාතික අය catholic වුනත්, එගොල්ලොනටත් ඒක වෙලා තියනවා...
    ඒ discovery channel program එකේ ලංකාවේ ගැණු ළමයෙකුත් හිටිය වතුරට වැටිලා මැරිච්ච... එයා අන්තිමට හොයාගෙන යනවා කලින් ඉපදිලා හිටපු ගෙදරට, ගිහින් එතන තිබුණු photo එක පෙන්නලා කියනවා "මේ මම" කියල... එයා එතන ඔප්පු කරනවා ඒ එයාමයි කියල.. ඒක ඔප්පු වෙච්ච නිසා වෙන්න ඇති ඒ ගෙදර අම්මල එතන අඩනවත් පෙන්න්නුවද කොහේද....)

    Rite machan ethakota umba kiyana hatiyata saha umba igena thiyena hatiyata samahara wita kalin jeewithayedi una dewal mathaka thiyenna puluwan. Mamath machan TV programms dakala thiyenawa umba kiwwa ewa wage SL walath pitaratath dekema. Very interesting subject ekak machan thawa poddak kiyawala balanna ona me gana. :yes:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,795
    12,696
    113
    Mahanuwara
    Oh amathaka una machan kohen wageda ganna lesi Online order karnne nathuwa potha nan patta wage :)

    මගෙ ජිවිතයට කියවලා තියන හොඳම පොත කිව්වොත් වැරදි නැ යාලුවා,ගන්න එක තමා වැඩේ යාලුවා දැනට ඉන්නෙ UK නෙද,ඔන්ලයින් ම තමා ඔර්ඩර් කරන්න වෙන්නෙ,නැත්තන් සමහර විට ඔක ඔහෙනුත් හොයාගන්න පුලුවන් වෙයි,UK Buddhist Center වල ඇති ඔක ප්‍රසිද්ධ පොතක්