ආත්මය කියන එක බොහෝවිට ක්රිස්තියානි ඕගොල්ලන්ගේ වචනයක්...
බෞද්ද දර්ශනයේ තියෙන්නේ 'භවය' කියල එකක්....
නැවත ඉපදීම...
මැරුණම ශරීයයෙන් 'විඥානය' පිටවෙනවා. 'විඥානය' කියන්නේ 'දැනගැනීම'.
එසැනින් ඒක තවත් තැනක හටගන්නවා.... (තවත් ගැබක් තුල)...
එහෙම නැතුව ඒක අහසේ පාවී පාවී ගිහින් ඇගකට ඇතුල් වෙන්නේ නෑ..
ඇසිපිය හෙලන මොහොතකටත් වඩා කලිනුයි හටගන්නේ, කොයිතරම් දුරක තියෙන ගැබක වුනත්...
හටගන්න ගැබ තීරණය වෙන්නේ තමන්ගේ කර්මය මතයි... බොහෝ විට මැරෙන්න මොහොතකට කලින් හිතේ තිබුණු හොඳ නරක චේතනා වලට අනුව ඉපදෙන තැන වෙනස් වෙනවා..
උදාහරණයක් ගත්තොත්, තමන්ගේ ඉඩ කඩම් යාන වාහන ගැන හිත හිත මැරුනොත් බල්ලෙක් වගේ සතෙක් වෙලා කොහෙහරි ඉපදිලා තමන්ගේ ගේ ඉඩකඩම් හොයාගෙන එනවා...
ඇවිත් ඒවා මුර කරනවා...
ඕගොල්ලන්ට මේවා තේරුම් කරලා දෙන්න ටිකක් අමාරුයි. මොකද ඕගොල්ලෝ ඕගොල්ලන්ගේ ආගම වල දේවල් වලට සාපේක්ෂව බලන නිසා ..
උදාහරණයක් ගත්තොත්, ඕගොල්ලන්ගේ අගම් වල තියෙන මොකක්හරි දෙයක් ගැන ඕගොල්ලෝ කතා කරොත්,
"දෙවියන් වහ*සේගේ කැමැත්ත මත තමයි මේ ඔක්කොම සිද්ද වෙන්නේ", කියන දේත් ඔලුවේ තියන් තමයි ඒවා කතා කරන්නේ..
අනිත් අයගේ ආගමේ ගත්තොත්,
"අල්*හ් දෙවියන්ගෙ කැමැත්ත මත තමයි මේ ඔක්කොම සිද්ද වෙන්නේ", කියන දේත් ඔලුවේ තියන් තමයි ඒගොල්ලෝ කතා කරන්නේ..
එහෙම බලද්දී,
බෞද්ද දර්ශනය ගැන කතා කරනකොටත් ඕගොල්ලොන්ට හිතෙන්න පුළුවන්,අපි බෞද්ද දර්ශනය ගැන කතා කරද්දී ,
මේවා සිද්දවෙන්නේ "බුදු හාමුදුරුවොන්ගේ කැමැත්තට" කියල අපි හිතන් ඉන්නවයි කියල...
එත් මේ කිසිම දෙයක් සිද්ද වෙන්නේ බුදුහාමුදුරුවන්ගේ කැමැත්තට නෙවෙයි...
බුදුහාමුදුරුවන් අපිට උගන්වන්නේ මේවා හැමදාම ලෝකේ සිද්ද වෙවී කෙළවරක් නැතුව යන දේවල් කියල..
නැවත ඉපදීම ගත්තොත්, අපි මැරි මැරී නැවත ඉපදි ඉපදී යනවා, එනිසා මේක කෙළවරක් නැතෙයි කියල උන්වහන්සේ හොයාගත්තා,
එනිසා උන්වහන්සේ අපිට ඉගැන්වුවේ "ආයේ නම් ඔහොම මැරි මැරී නැවත ඉපදි ඉපදී ඉන්න එපා" කියල, ඒක සදහටම නවත්වන හැටි තමයි!
දැන් මං එහෙම කිව්වම ඕගොල්ලෝ හිතනවා,
"එහෙනම් සදහටම මැරෙන්නේ නැති තැනක් ගැන වෙන්නැති ඔය කියන්නේ, හරියට අපේ ස්වර්ගය වගේ, අපි දෙවියන් වහ*සේගේ තුරුලට ගිහින් සදා කාලිකව එහෙ සැප විඳිමින් ජීවත් වෙනවා වගේ, මේගොල්ලෝ 'බුදුන්ගේ තුරුලට' ගිහින් එහෙ සදහටම ජීවත්වෙන එකක් ගැන වෙන්නැති මේ කියනේ " කියල...
අනිත් ආගමේ අය හිතනවා,
"එහෙනම් සදහටම මැරෙන්නේ නැති තැනක් ගැන වෙන්නැති ඔය කියන්නේ, හරියට අපි අල්*හ් දෙවියන්ගෙ තුරුලට ගිහින් සදා කාලිකව එහෙ සැප විඳිමින් ජීවත් වෙනවා වගේ, මේගොල්ලෝ 'බුදුන්ගේ තුරුලට' ගිහින් එහෙ සදහටම ජීවත්වෙන එකක් ගැන වෙන්නැති මේ කියනේ " කියල...
(මොකද ඔය ආගම වල තියෙන ගොඩක් කරුණු එක හා සමාන නිසා බෞද්ධ දර්ශනයේත් ඇත්තේ character එක වෙනස් කරල ඒවගේ එකක්මයි කියල හිතෙන්න පුළුවන්...)
නැහැ! අපි බුදුන්ගේ තුරුලට යන්නේ නැහැ, බුදුන් කෙනෙක් දැන් කොහෙවත් නැහැ... කොටින්ම කියනවනම්, අර මන් කිව්වේ මැරුණ සැනින් තව තැනක වින්ඥාන උපදිනවා කියල, බුදුන්ට දැන් වින්ඥානයක්වත් නැහැ...
මුකුත් නැහැ...
එනිසා ආයේ ඉපදෙනෙත් නැහැ... කොහෙවත් දැන් ඉපදිලා නැහැ..
ආයේ ඉපදෙන්නේ නැත්නම්, ඉපදිලා දුක්විඳින්න වෙන්නෙත් නැහැ..
(පොඩ්ඩක් හිතල බලන්න)
(අම්ම අප්පා මැරුණම අඩන්නයි, ගෑනු boot තිව්වම අඩන්නයි, computer ඒක පිච්චුනාම දුක්වෙන්නයි...
etc .. මේ මුකුත් නැහැනේ ඉපදෙන්නේ නැතුව හිටියම....)
එනිසා අපි කතා කරන්නේ බුදුන්ගේ තුරුලකට යන එකක් ගැන නෙවෙයි....
අපි කතා කරන්නේ ආයේ ඉපදෙන්නේ නැතිවෙන්න මොකක්ද කරන්න ඕන කියන ඒක ගැනයි...
(අම්ම අප්පා මැරුණම අඩන්නයි, ගනු boot තිව්වම අඩන්නයි, computer ඒක පිච්චුනාම දුක්වෙන්නයි...
etc .. මේ මුකුත් නැහැනේ ඉපදෙන්නේ නැතුව හිටියම.... එහෙනම් ඒක තමයි මේ දුක් කරදර වලින් මිදෙන්න තියෙන මග....)
අන්න ඒක කරන හැටි තමයි බුදුහාමුදුරුවන් අපිට ඉගැන්වුවේ....
කිසිම දෙයකට ආස වෙන්න එපා කියල තමයි අපිට කියල දෙන්නේ..
ඒක හරියටම කරන හැටි තමයි බෞද්ධ දර්ශනය පුරාවටම තියෙන්නේ....
එකේ අවසාන පලය තමයි, තමන් ගැන තමන්ට තියෙන ආසාව පවා නැතිවෙලා ආයේ ඉපදෙන්නේ නැති තැනටම පත්වෙන එක...
එක තමයි බෞද්ද දර්ශනයේ පදනම...
එහෙනම් අද ඉඳන් මතක තියාගන්න, බෞද්ද දර්ශනයේ පදනම (meaning ඒක) තමයි, නැවත ඉපදෙන්නේ නැතිවෙන තැනට කටයුතු කිරීම.....
ඒවගේම,
මේකට අපි 'බුද්ධාගම' කියන්නේ නැහැ...
'බුදුදහම' කියනවට උනත් මම කැමති නැහැ..
අපි කියන්නේ 'බෞද්ද දර්ශනය' කියලයි..
(මේක 'religion' එකක් නෙවෙයි, මේක 'philosophy' එකක් නිසා... )
වෙනස මොකක්ද?
වෙනස තමයි, ඕගොල්ලානේ ආගම් වල 'අදහනවා', 'යදිනවා', 'ඉල්ලනවා', එතකොට ඒවා 'ලැබෙනවා' කියල ඕගොල්ලෝ විස්වාස කරනවා....
නමුත් බෞද්ද දර්ශනයේදී එහෙමෙ ඒවා නෑ, අපි බුදුන්ගෙන් මුකුත් යදින්නේ නැහැ, ඉල්ලන්නේ නැහැ,
බුදුන් දේශනා කලේ,
"මෙන්න ඇත්ත"
"මෙන්න යන පාර"
"මෙහෙම ජීවත් වුනොත් මෙහෙම වෙයි"
"අරම හිටියොත් අරම වෙයි"
"තමන්ගේ නුවනින් කල්පනා කරල බලන්න මම කිව්වේ ඇත්තද කියල"
"මේවා කවුරු, කාව ඇදහුවත් හැමෝටම සිද්දවෙනවා"
කියල මිසක්,
"මගේ ආගමට බැඳෙන්න"
"මාව අදහන්න, මම කරල දෙන්නම්"
"මාව අදහනවානම් ඔබ මැරුණට පස්සේ මගේ ලඟට ගන්නවා"
වගේ දේවල් නෙවෙයි..
එනිසා බෞද්ද දර්ශනය කියන්නේ ආගමක් නෙවෙයි, ඉගැන්වීමක්...
ආගමකට නම් බැඳෙන්න ඕන (ඕගොල්ලෝ බෞති*ම කරනවා වගේ)
එත් බෞද්ද දර්ශනය ඉගෙනගන්න ඕන කෙනෙකුට පුළුවන්, මේකට 'බැඳෙනවා' කියල එකක් නැහැ..
එනිසා තව දුරටත් තේරෙනවා නේ, බෞද්ද දර්ශනය කියන එක ආගමක් නෙවෙයි...
බෞද්ද දර්ශනය ගැන කතා කරනකොට මේවා ඔලුවේ තියන් කතා කරන්න...
බෞද්ද දර්ශනය තුල තියෙන්නේ ඕගොල්ලන්ට උගන්වන දේවල් වලට වඩා ගොඩක් වෙනස් දේවල්...
එනිසා ඔය අහන්න ඉන්න ප්රශ්නවලට කට්ටිය උත්තර දෙනකොට මං මේ කියපු පදනමේ ඉඳන් තමයි බෞද්ද අය උත්තර දෙන්නේ....
එනිසා ඒ අයගේ උත්තර ගලපන්න ඕනේ මං කියපු දේවල් එක්ක මිසක් ඔය ආගම්වල තියෙන ඒවත් එක්ක නෙවෙයි...
එතකොට උත්තර තේරුම් ගන්න පහසුවෙයි....
බුදුසරණයි...
Mulinma machan reply ekata thanks
dewani eka umba oya lokuwata I AM A CATHOLIC kiyana eka quote kale ai? mama eka kiwwe ekek ahapu hinda anika mama ape agame dewal harida nadda kiyala hoyala balanna neme prashne ahuwwe. Mama ahala baluwe Buddhist ayage mathaya mokakda kiyala hoyala balanna misak Sirajaya wage agam wlata nondi danna neme 
Again thanks machan reply ekata really appriciate it. Budusaranai machan

pal modayo